පුවත්
පොලිස්පති පැන්නීමේ කුමන්ත්‍රණයක් ජනාධිපති පරාජයට පත්කරලා !
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) පියවර ගත්තේය.
පොලිස්පතිවරයා නැවත ධුරයට පත් කරනු ලැබූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ඔහු තනතුරෙන් ඉවත් කර පැයක් ගත වීමටත් මත්තෙනි.
පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහ වහා ලබා දුන්නේය.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහත් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස්ත් දිවයිනේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම බරපතළ වරදකියි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්නට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී පියවර ගෙන තිබිණි.
- Lankadeepa
ජාත්‍යන්තර වරෙන්තු මැද පුටින් චීනයට !
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව හෙට බීජීං නුවරදී ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් චීනයේ බීජීං නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .
මෙම සමුළුවට රටවල් 130ක සහ ගෝලීය සංවිධාන 30ක පමණ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවද එම වාර්තා වල සඳහන් වෙයි.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ චීන ආගමනය පිළිබඳ විශේෂ අවධානයක් විදෙස් මාධ්‍ය විසින් යොමුකර ඇති අතර ඒ යුක්රේන යුද්ධයට අදාළව ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක එය සිදුව ඇති නිසාය .
කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 123ට චීනය අයත් නොවීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා චීනය සංචාරයට බාධාවක් නොමැති බවය.
ලෙබනනයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙස තානාපති කාර්යාලය දැනුම්දී ඇත.
අදාළ තොරතුරු,
070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක
විද්‍යුත් ලිපිනය – This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ලබාදිය හැකිය.
ගාසා ගැන ශ්‍රී ලංකා - පකිස්ථාන ඒකාබද්ධ නිවේදනයක් සඳහා එකඟතාවක් !
“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුව අද (17) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණි.
ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.
පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අලි සහීර් දිවුරුම් දෙයි
හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා සෙයියාද් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (17) දිවුරුම් දුන්නේය.
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට එම පක්ෂය ගත් තීරණය නිත්‍යානුකූල බවට අධිකරණය පසුගිය දා තීන්දු කළේය.
නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.
ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මව්ලානාව පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඔක්තෝබර් 11 වැනිදා නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා අද පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
පොලිසියේ වැරදිත් 118 ට කියන්න අවස්ථාව !
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කෙටි ඇමතුම් අංකයක් ප්‍රසිද්ධ කර ඇත.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කෙටි දුරකථන අංකය 118 ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වාගන යනු ලබයි.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මීට පෙර 118 කෙටි දුරකතනය ඔස්සේ දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය, සම්බන්ධයෙන් තොරතුරු ලබා හැකියාව තිබු අතර , එම තොරතුරු වලට අමතරව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද දැනුම් දිය හැකිව තිබේ.
තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවට හෙළි කරමින් හෝ නොකිරීමෙන් ඔවුනට තොරතුරු ලබා දිමේ හැකියාව පවතියි මෙම කෙටි අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මහජනය ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
Huawei සමාගම සමග ගිවිසුම් ගතව පාසල් සඳහා වැඩක් !
ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) පැවසීය.
තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ දූත පිරිස අද (17) පෙරවරුවේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී සයිමන් ලින්ග් මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.
ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ආර්ථිකය සමගම ලාංකේය පුරවැසියන්ද ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර හුවාවි සමාගම විසින් සිදුකරන ජාත්‍යන්තර සේවාවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නවතම තාක්ෂණ ක්‍රමවේදයන් සහ උපකරණ පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැනුවත් කෙරිණි.
එසේම ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු විය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස චීනයේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව ඇතුළු ප්රමුඛ පෙළේ ව්‍යවසායක ආයතන ගණනාවක ප්‍රධානීන් සමඟද සාකච්ඡා පැවැත්වූහ.
රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගෙන් දමිළ දේශපාලනඥයින්ට පණිවිඩයක් !
ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී ප්රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් දමිළ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්ණ විසදා ගැනීම සදහා සහයෝගයෙන් කටයුතු කළයුතු බව වෙළද රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් පැවසීය.
පසුගිය සමයේ ජනාතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මේ වන විට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික අර්බුදයෙන් රට මුලුමනින්ම ගොඩගැනීම සදහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව හා කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහාය දියයුතු බවත් අවධාරණය කළේය.
වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
රටේ පැවති ආර්ථික අවපාතය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. නමුත් එය තවමත් අසම්පූර්ණයි. ජනතාවගේ ජීවන බර සම්පූර්ණයෙන් අඩුව ඇති බවක් කියන්න බැහැ. එහෙත් පසුගිය ආර්ථික අර්බුදයේදී ජනතාව මුහුණ දුන් දුෂ්කරතා බොහොමයක් අඩුව තිබෙනවා. තවදුරටත් ජනතාව මුහුණ දෙන අපහසුතාවයන්ට අප තවදුරටත් පිළියම් යෙදිය යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එය අඛණ්ඩව හා කාර්යක්ෂමව සිදු කළ යුත්තක් වනවා. ඒ සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා විදියට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් අඩු කිරීම අපේ වගකීමක් වනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම බලපාන්නේ මේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවට. ඒ නිසා ජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි භාණ්ඩ මිල අඩු කළ යුතුයි. අපෙන් ඉටුවිය යුතු වැදගත්ම දේ එය බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිලට ජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට වෙළද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.
ඒ යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කළ ද වෙළෙඳුන් කිහිප දෙනෙකු විසින් තවමත් ඇතැම් භාණ්ඩවල මිල අඩු කර නැහැ. ඇතැම් නිෂ්පාදන තවමත් වැඩි මිළට අලෙවි කිරීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. එබැවින් එවැනි නිෂ්පාදන අළෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමට සහ සංහිදියාව තහවුරු කිරීමට ද අප කටයුතු කරනවා. ඒ සම්බන්ධව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු කළා. එහිදී 13 වැනි සංශෝධනය සහ ඒ ආශ්රිත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් අපේ ස්ථාවරය නම් ජනතා අපේක්ෂා ඉටුකිරීමයි.
තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රථම වරට දමිළ ජාතිකයෙකු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ප්රශ්නය අවසන් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම නම්‍යශීලීයි. ඒ නිසා ඔහු සමඟ සාකච්ඡා කර අපේ ප්‍රශ්න විසඳා ගැනීමට දෙමළ නායකයන් ඉදිරිපත් විය යුතුයි. එය ඔවුන්ගේ වගකීමක් ලෙස ගත යුතුයි. දෙමළ නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපේ ප්‍රශ්න ගැනත් අපි ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපි එම කටයුතු වේගවත් කළ යුතුයි.
අපට ලැබුණු කෙටි කාලසීමාව තුළ අප හැකි තරම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන බවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම ඉදිරියටත් මාර්ග සංවර්ධන, පාලම් ඉදිකිරීම්, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර ආශ්රිත මෙන්ම ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම් වැනි සංවර්ධන වැඩසටහන් අපි හැකිතාක් ක්‍රියාත්මක කරනවා. නැගෙනහිර පළාතේ දිගින් දිගටම සිදුවන අනවසර වැලි ගොඩදැමීම් වැළැක්වීමට ද අප පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ජනපතිවරු හමු වෙති !
ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
“එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) අතර නිල හමුව අද (17) පෙරවරුවේ බීජිං නුවරදී සිදු වූ අතර එහිදී නායකයින් මේ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කළහ.
පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ෆාම් ඔයිල් තහනම හේතුවෙන් දෙරට අතර ආනයන, අපනයන කාර්යයන් සඳහා ඇති වූ බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානය යෙමු විය.
ආසියානු රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමටත්, ඉන්දියාව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් විධිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිත බව ඉන්දිනිසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලෝක ආර්ථික සහ දේශපාලන ප්රවණතාවයන් පිළිබඳවත්, ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් ලෙස එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳවද මෙහිදී නායකයන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.
ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි (Retno Marsudi) ප්රමුඛ එරට අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය එක්ව සිටියහ.
අහක යන මිසයිලයක්වත් ලංකාවට වැටෙනකල් පිරිසක් බලාගෙන ඉන්නවා - මනුෂ
ඊශ්‍රායල,පලස්තීන යුද්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු අදාළ පාර්ශ්ව බලා සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි පිරිසක් සිටින රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ නොදමා රට ගොඩ ගන්නට නොහැකි බවද පෙන්වාදුන් අමාත්‍යවරයා එම අදහස් දක්වා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන නෑ !
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කල බව සඳහන් සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම විසින් මේ දැනුම්දීම සිදුකළ අතර, ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණ.
ඉන්ධන බෙදන්න ආයෙත් QR ගේනවද ? කංචන ප්‍රතිචාර දක්වයි !
මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත QR ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මාධ්‍ය වෙත අදහස දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය ඇති වේ යයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන වන බව ඇතැම් සමාජමාධ්‍ය තුළ සිදුකර තිබූ පළකිරීම් වලට ප්‍රතිචාර දක්වමිනි.
ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සමාජ මාධ්‍ය නියාමනය මොකටද : වජිර හෙළිකරයි !
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
සාමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කර සිටියේ "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියකු නිර්මාණය වන බවද වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.
අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේ ද පැවසීය.
ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් සන්නිවේදනය දියුණුවීමත් සමඟ එහි ප්රතිලාභ ජනතාට ලැබී තිබෙනවා. නමුත් සන්නිවේදනය පුරවැසියා නොමඟ යැවීමට මෙන්ම අපහාස කිරිමට යොදා ගැනීම අවසානාවත්ත තත්ත්වයක් බව කිවයුතුයි. ඒ නිසා මෙම සමාජ මාධ්‍ය නිර්මාණය කළ තැනැත්තන්ම මේ වන විට ඒ සඳහා නීති රීති ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා.
සමාජ ජලා නියාමනයක අවශ්‍යතාවය පිළිබඳ කතිකාතවක් ශ්‍රි ලංකාව තුළත් පවතිනවා. 1978 න් පසුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යය වෙනස් වෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහෝදර ශාන් වික්‍රමසිංහ මැතිතුමා විසින් ITN ආයතනය ආරම්භ කළා. පසුව එය රජයට පවරා ගත්තා. ඉන්පසුව 1978 න් පසු ශ්‍රී ලංකාවේ තිබු එකම ගුවන් විදුලිය වෙනුවට ගුවන් විදුලි නාලිකා රාශියක්, ඒ වගේම රූපවාහිනි නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට රජය විසින් අවස්ථාව ලබා දුන්නා. සියලු රූපවාහිනී මාධ්‍ය පාලනය වුණේ රූපවාහිනි පනතෙන් පමණයි. එය කිසිසේත්ම සාධාරණ හෝ මාධ්‍ය දියුණුවට සුදුසු තත්ත්වයක් නොවේ.
එසේ නම් ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු සන්නිවේදනය, එසේ නොමැති නම් මාධ්‍යය නිවැරදි කිරීම සඳහාත් ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහාත්, නීති රීති පද්ධතිය සකස් කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍යය අධිකාරී පනත එහි දියුණුවට ඉතාමත් වැදගත් වී තිබෙනවා
විශේෂයෙන් තරුණ පරම්පරාව අද Facebook, Twitter, Tiktok, Instagram සහ Youtube වැනි සමාජ මාධ්‍යය හරහා ලබා දෙන ඇතැම් පණිවුඩ පිළිබඳ සැලකූ විට ඔවුන් ඉතාමත් අසහනකාරී මානසිකත්වයකින් සිටින බව පෙනී යනවා. ප්‍රේම සම්බන්ධතා බැඳ වැටීම් වැනි සිදුවීම සමඟ සියදිවි හානිකර ගැනීම දක්වා එම අවාසනාවන්ත තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මේ සඳහා වන සමාජ මාධ්‍යවල බලපෑම අවම කර ගැනීම වෙනුවෙන් නීති රීති අවශ්‍ය බව යෞවන යෞවනියන් ද අද පිළිගන්නා කරුණක්.
ලෝකයේ රටවල් Facebook ඇතුලු අනෙකුත් තොරතුරු මාර්ග ජනතාවට හානිදායක ලෙස බලපෑම පාලනය කරමින්, ජනතාවට වඩාත් යහපත් ලෙස නිවැරදි තොරතුරු සැපයීමටත්, එමෙන්ම ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් කටයුතු කර තිබෙනවා. මෙය දියුණු වන සමාජයකට ඉතා වැදගත්ම අංශයක් බව අප මතක තබා ගත යුතුය.
එසේ නම් ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය හමුවේ අභිමානවත්ව නැගි සිටීමට නම් මාධ්‍යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත් බව කිවයුතුයි. ඔවුන්ට විකාශන සේවා බලපත්‍රයක් ලබා දීමටත්, එය අවලංගු කිරීමටත්, වැරදි තොරතුරු සැපයීම තුළ ඒ සඳහා එය නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය කරන දඬුවම් නියම කිරීමටත් පූර්ණ බලය ලබා දී තිබෙනවා. ඒ නිසා තමයි එවැනි රටවල් ලොව බලවත් ජාතින් බවට පරිවර්තනය වී තිබෙන්නේ.
ඒ වගේම දේශපාලනය පැත්තෙන් කල්පනා කර බැලුවත්, දේශපාලනය තුළ බොරු වපුරවන මෙරට සංස්කෘතිය කඩිනමින් වෙනස් විය යුතුව තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සත්‍යය වසන් කිරීම සිදුනොවීමට වගබලා ගැනීම මාධ්‍යයේ වගකීමක් වන බව අප මතක තබාගත යුතුයි.
උදාහරණයක් ලෙස එවැනි නියාමනයන් කිරීම, මාධ්‍යය ශක්තිමත් කිරීමක් මිස, මාධ්‍යය පාලනය කිරීමක් නොවන බව සියලු මාධ්‍යවේදීන් සහ සියලු පුරවැසියන් මතක තබා ගත යුතුයි. නිවැරදි තොරතුරු සැපයීම සමස්ත ජාතියටම හිතකර ක්‍රියාවලියක්. එය ශක්තිමත් කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ වී මාධ්‍ය ආයතන වලට අදහස්, යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා.
දැන් අපේ අසල්වැසි රට වන ඉන්දියාව Tiktok සමාජ මාධ්‍යය ඇතුලු තවත් ජංගම දුරකථන වැඩසටහන් 58 ක් තහනම් කර තිබෙනවා. කෙසේ හෝ බොහෝ දේශපාලඥයන් ඉන්දියාව ගැන කතා කරනවා, ජපානය ගැන කතා කරනවා, සිංගප්පූරුව ගැන කතා කරනවා, දකුණු කොරියාව ගැන කතා කරනවා, චීනය ගැන කතා කරනවා. ඔවුන් දියුණු ජාතීන් බවට පත්ව සිටින බව කියමින් උදාහරණයට ගන්නවා. හැබැයි ඒ දියුණු ජාතින් බවට පත්වුණු රටවල් වල තිබෙන නීති රීති පද්ධතිය හඳුනා ගැනීමට කිසිවෙකු උත්සාහ දරන්නෙ නැහැ. මැලේසියාව ගැනත් කියනවා. නමුත් එම රටවල් නීති රීති සම්පාදනය කරගනිමින් ලොව ඉදිරියේ බලවතුන් ලෙස නැගී සිටීමට ගෙන ඇති වැඩපිළිවෙළ ආදර්ශයට ගන්නේ නැහැ.
එහෙනම් ශ්‍රී ලාංකිකයන් ලෙස දැනට මෙරට තිබෙන මාධ්‍ය සංස්කෘතිය විධිමත් කර ගනිමින් එය දියුණු කර ගැනීම සඳහා නියමානුකූල කරගැනීම ඉතා වැදගත් වෙනවා. මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ කිරීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්‍රධානම ක්‍රියාවලියක්.
එය රටක් ලෙස අපට ලෝකය ඉදිරියෙත් ශක්තිමත්ව පෙනී සිටීමට ඉතා වැදගත් බව ප්‍රකාශ කළයුතුයි. මෙම ස්ථාපිත කරන කොමිසම තුළින් දඩුවම් ලබාදීමට හැකියාවක් නැහැ. මහේස්ත්‍රාත් අධිකරණය හෝ වෙනත් අධිකරණයකින් පමණයි දඩුවම් ලබාදිය හැක්කේ. මෙම නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියාත් බිහිවෙනවා. ජාතීන් අතර වෛරය වැපිරීමද මෙමඟින් නැතිවෙනවා. මේ නීති මඟින් ජනතාවගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු වෙනවා.
පරිවර්තනීය වෙනසකට ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදයක් - අධ්‍යාපන ඇමති
පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් තුළ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට උත්සුක වන බව ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය සිසුන් අතර ප්‍රවර්ධය කිරීමේ වැඩසටහනකට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක්වෙමිනි.
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු දැනුම හා ගණිතය යන ප්‍රධාන විෂය ධාරා යටතේ ‘ස්ටෙම්’ (STEM) අධ්‍යාපනය නමින් ලොව මුලින් ඇරඹි මේ නව අධ්‍යාපන ක්‍රමවේදය ක්රමික ව සෞන්දර්යාත්මක විෂය ද බද්ධ කර ‘ස්ටීම්’ (STEAM) නමින් සංවර්ධනය කොට භාවිතයට ගත් ලොව දියුණු රටවල් ඒ හරහා සිය දළ ජාතික අදායම ඉතා ඉහළ ප්‍රතිශතයක් කෙටිකලක් තුළ උපයා ගැනීමට ද සමත්කම් දක්වා ඇති බවත් අප මේ නව ප්රවණතා හා යාවත්කාලීන වීමට දැක්වූ ප්‍රමාදය නිසා දශක ගණනාවකින් මෙරට අධ්‍යාපනය සේ ම ආර්ථිකය ඇතුළු සමස්ත රට ම පසුගාමී වී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
පන්තිකාමරයෙන් බැහැර ව විවිධ ආයතනික පරිශ්‍ර, ස්වාභාවික පරිසරයන් හා මුසු ව විවිධ පුද්ගලයන් ඇසුරෙහි අදහස් හුවමාරු කරගනිමින් නැවුම් අද්දැකීම් හරහා ප්‍රායෝගික ව ලබන අධ්‍යාපනය, ඉහළ ඵලදායීතාවක් සහිත නවෝත්පාදන බිහි වීම කෙරෙහි සෘජු ව ම බලපාන බව ජාත්‍යන්තර සමීක්ෂණ මගින් සනාථ වී ඇති බව කී අමාත්‍යවරයා එලෙස නව සොයාගැනීම් සිදු කළ කීර්තිමත් ලාංකිකයන් වර්තාමනයේ ලෝකයට ම සේවාවක් සැපයිය හැකි නිර්මාණ බිහි කර පේටන්ට් අයිතිය ලබා ඉහළ ආදායම් උපයන ව්‍යවසායකයන් බවට ද පත් ව තිබීම අප රටට ආඩම්බර විය හැකි කරුණක් වශයෙන් ද පැවසීය.
එවැනි කීර්තිධර ලාංකික විද්වතුන්ගේ ද සහාය ඇති ව මෙම නව ස්ටීම් අධ්‍යාපන සංකල්පය ඵලදායී ලෙස පාසල් පද්ධතිය තුළ ප්රායෝගිකත්වයට නැංවීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ මූලික අඩිතාලම මේ වන විට දමා ඇතැයි ද හෙතෙම පැවසී ය.
ශ්‍රී ලංකා පිලේ නව ක්‍රිකට් නායකයා කුසල් මෙන්ඩිස්
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නව නිත්‍ය නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇත.
හිටපු නායක දසුන් ශානක ආබායක් හේතුවෙන් ඉවතට ගිය අතර, උප නායකයා ලෙස ඉන්දියාවට පැමිණි කුසල්ට මෙම අවස්ථාව ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙක් පැවැසීය.
මෙම පත්වීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් අදාල බව එම තේරීම් කමිටු සාමාජිකයා සඳහන් කළේය.
ඒ අනුව හෙට (16) පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමඟ තරගයේ සිට මෙවර ශ්‍රී ලංකාව සහභාගීවන ලෝක කුසලාන සියලු තරගවලට කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙනු ඇත. කුසල් මෙන්ඩිස් එක්දින තරග 114කදී ලකුණු 3413ක් වාර්තා කොට ඇති අතර, කඩුලු රකින්නකු ලෙස උඩ පන්දු 75ක් හා ස්ටම්ප් කිරීම් 4ක් ලබාගෙන ඇත. පිතිකරුවෙකු ලෙස අවසන් තරග පහේදී ලකුණු 395ක් ලබා සිටී.
ලෝක උරුමයන් ලෙස මෙරට නව ස්ථාන 10ක් හඳුනාගැනේ
2023 වසරේ මැයි 24 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
රට තුළ තිබෙන සියලු පුරාවිද්‍යා ස්ථාන සිතියම් ගත කිරීම හා ඒවා වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විමසීමක් කරන ලදී.
මේ වනවිට පුරාවිද්‍යා ස්මාරක 1565ක ප්‍රමාණයක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙන බව නිලධාරීහු කාරක සභාවට පැවසූහ.
මේ වන විට රට පුරා හඳුනාගෙන ලේඛන ගත කර ඇති පුරාවිද්‍යා ස්මාරක ප්‍රමාණය 5664ක් වන බවත් ඉන් 2773ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.
ගැසට් මගින් ප්‍රකාශට පත්කළ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධ කර ගනිමින් බිම් මට්ටමින් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනයට යෝජනා කිරීම සඳහා මේ වන විට ස්ථාන 10ක් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව එම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
මේ අතර ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයතුල පවතින මුහුදු පුරා වස්තු 114ක් හඳුනාගෙන ඒවායේ සියලු තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන බව නිලධාරීහු කමිටුව ඉදිරියේ කරුණු ඉදිරිපත් කළහ. ගොඩබිම තුළ ස්මාරක ලෙස පමණක් පවතින පුරා වස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හැකි වුවත් මුහුදු පුරාවස්තු ගැසට් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කාරක සභාව උපදෙස් ලබාදුන්නේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් පනත විමර්ශනය කර ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මෙහිදී රටතුළ සිදු කරන පුරාවිද්‍යා කැණීම් ප්‍රමාණයන් හා අදාළ සියලු විස්තර පිළිබඳ යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්නේදැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් කාරක සභාව ලබාදුන් නිර්දේශ මත, එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සිදු නොවන බවයි අනාවරණය වූයේ. ඒ පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව අදාළ නිලධාරීහු කමිටුව හමුවේ පැවසූහ.
අත්තනගල්ල පාරුව සංරක්ෂණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව අදහස් දැක්වූ පුරාවිද්‍යා නිලධාරීහු එම අත්තන ගල්ල පාරුව වසර දහසකට වඩා පැරණි බව පෙන්වා දුන්හ. ඒ සඳහා වන කාබන් නිර්ණයද සිදුකර ඇති බවත්, එහි ඇතැම් කොටස් නැවත ප්‍රතිසංස්කරණය සිදු කළ හැකි බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.
කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, මුදිතා ප්‍රිශාන්ති, මංජුලා දිසානායක, ප්‍රදීප් උඳුගොඩ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන අය ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
ජනපති අද චීනයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට සූදානම් වේ.
එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී එක් තීරයක් එක් මාවතක් සමුලුවට ද සහභාගී වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව චීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
ඊට අමතරව චීනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද පස්වරුවේදීත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි ය.
බස්නාහිර සහ දකුණු පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Page 122 of 440