Ad

Ad 01

V2025

ව්‍යාපාරික

”Ceylonese Crab” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වදෙයි !

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති . එහෙයි බොහෝ විදෙස් රටවල ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති.

එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකිකයන් හට සැබෑ ශ්‍රී ලාංකේය ආහාර විඳගැනිම පහසු නොවීය. ඒ අඩුව පුරවාලමින් පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ”Ceylonese Crab” නමින් පසුගිය 2 වනදා සිංගප්පූරුවේදී විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

”Ceylonese Crab” සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ”Ceylonese Crab” සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

මුළුමනින්ම ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටවන්ගෙ හැඩගැන්වී ඇති ”Ceylonese Crab” හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනිමට පුළුවන.

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ”Ceylonese Crab” ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිබවත් ඇතිබවත්, භූමීය මායිම් බිඳ දමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට ”Ceylonese Crab”සමත්ව ඇති බවත් වාර්තා වේ.

ඖෂධ නියාම අධිකාරියට තවත් චෝදනාවක් !

කොවිඩ් ප්‍රතිසංස්කරණ එන්නත් ඇතුලු බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති තම සමාගමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දෙන්නේ නැතැයි දේශීය ඖෂධ සමාගමක් වන පන්නල නිව්ජෙන් ලංකා සමාගම චෝදනා කරයි.

රට ඩොලර් අර්බුදයකට මුහුණ පා ඇති මෙම අවස්ථාවේ දී ඖෂධ ආනයනය සදහා වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන ඖෂධ අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි අවස්ථවක් රජයට මගහැරී ඇතැයිද එම සමාගමේ සාමාන්‍යාධිකාරි රොහන්ත දිසානායක පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සීයට දෙකක් පමණක් බවද ඔහු පවසයි.

වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කරයි.

අපි 2017 වර්ෂය වෙනකොට යටිතල පහසුකම් ඇතුලු සියලු ඉදිකිරීම් අවසන් කළා. මෙහිදී අපි නිෂ්පාදන ඒකක තුනක් ඉදිකලා. සාමාන්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ සහ ජෛව සමාන නිෂ්පාදන මෙම ඒකක තුන තුල නිපදවීමට සැලසුම් කළා. ඒත් එක්කම අපි මෙම අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පරීක්ෂා කිරීම් කටයුතු සදහා අති නවීන තාක්ෂණික උපාංග වලින් යුතු පරීක්ෂණාගාර කීපයකුත් ඉදිකරලා තියෙනවා.

අපි 2017 වර්ෂයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට කිව්වා අපිට බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ සදහා අපි නියැදි සහිතව අවශ්‍ය ලිපිගොනු එම ආයතනයට බාරදුන්නා. මේ ආකාරයෙන් අපි නිෂ්පාදන කටයුතු සිදුකළානම් ඖෂධ ආනයනය සදහා වසරකට වැයවන මුදලින් රුපියල් බිලියන 5 ක් මේ රට තුල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා. ඒ සමගම අපේ නිෂ්පාදන අපනයනය කිරීම තුලින් වසර දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 50 බැගින් විදේශ විනිමයක් උපයාගැනීමට හැකියාවක් තිබුණා.

අප නිෂ්පාදනය කරන ඖෂධ ම්ළදී ගැනීම සදහා අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ගිවිසුමකට එළැඹියා නමුත් ඒ කටයුතු ක්‍රියාත්මක වුනේ නැහැ. ඒත් එක්කම ජෛව සමාන නිෂ්පාදන නිපදවීම ආරම්භ කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට කර්මාන්තශාලාවේ යම් යම් අවශ්‍යතා සපුරාගන්නා ලෙස දන්වා සිටියා. ඒ අනුව කටයුතු කරමින් අපි ඒ කටයුතු සිදුකළා. ඉන්පසු අපි අමුද්‍රව්‍ය ආනයනය කරලා අදාල ඖෂධ වල නියැදි නිෂ්පාදනය කළා. අපට ඒ සදහා රුපියල් මිලියන 500 ක් වැයවුනා. මේ ඔක්කොම පිළිකා සදහා ලබාදෙන ඖෂධ. දැන් අපි ඒ නියැදි වසර දෙකකට ආසන්නව ළග තබාගෙන ඉන්නවා. නමුත් අපට තවමත් අනුමැතිය ලැබී නැහැ. අපි ඒ නියැදි අදාල තත්ව යටතේ තබාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපිට තමා සම්පූර්ණ ජීවානුහරණ පද්ධතියක් සහිත කර්මාන්තශාලාවක් තියෙන්නේ මේ රටේ.

මේ දිනවල විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සදහා ඒ අදාළ අමුද්‍රව්‍ය ගෙනල්ලා කෙළින්ම නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. අපි ඒ ගැන රජයට කියලා තියෙනවා නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. ඒ වගේම අපි රුසියාවේ සහ වියට්නාමයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් සමග තාක්ෂණය හුවමාරු කරගැනීමට ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ අනුව එම සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන රටවල් වලට අපේ නිෂ්පාදනත් අලෙවි කිරීමේ හැකියාවක් අපට තියෙනවා.

මෙම කර්මාන්තශාලාවේ ධාරිතාවයෙන් සීයට එකක් දෙකක් පමණ නිෂ්පාදනයක් කරලා අපට මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන විදේශික සේවක සංඛ්‍යාවක් බදවාගෙන තිබෙනවා. ඒත් එක්කම මෙරට තරුණ උපාධිධාරින් පිරිසක් අපි සේවය සදහා එක්කරගෙන තියෙනවා. ඔවුන්ට නිසිලෙස වැටුප් ලබාදීම සහ කර්මාන්තශාලාව නඩත්තු කරගෙනයාමට විශාල මුදලක් වැයවෙනවා. අපේ ධාරිතාවය අඩුම වශයෙන් සීයට අසූවකටවත් පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම අපට තවත් රැකියා 400 ක් පමණ ලබාදීමට හැකියාව තිබෙනවා.

01 1

03 2

04

 

SLTC වෙතින් උපාධි පාඨාමාලා 25 ක් සඳහා ශිෂ්‍යත්ව 300ක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙම ශිෂ්‍යත්ව SLTC විශ්වවිද්‍යාලය විසින් පිරිනැමෙන උපාධි පාඨමාලා 25 ක් හැදෑරීමට අපේක්ෂා කරන සුදුසුකම් සපුරන ලද සියලු සිසුන් සඳහා විවෘතය.

කුසලතාවය මත පදනම්ව ශිෂ්‍යත්ව පිරිනමන ENTECH 2.0 වැඩසටහන මේ වසරේ දී තවදුරටත් පුළුල් කිරීමට SLTC විශ්වවිද්‍යාලය කටයුතු යොදා ඇති අතර ඒ අනුව අපොස උසස් පෙළ හෝ කේම්බ්‍රිජ්/එඩෙක්සෙල් උසස් පෙළ විභාගවලට මුහුණ දී A,B,C හො S සාමාර්ථ ලබා සමත් වූ සියලුම සිසුන් හට ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමි වී ඇත. ඒ අනුව A සාමාර්ථයක් සඳහා 15%ක්, B සාමාර්ථයක් සඳහා 12%ක්, C සාමාර්ථයක් සඳහා 10%ක් සහ S සාමාර්ථයක් සඳහා 7%ක් වශයෙන් ශිෂ්‍යත්ව හිමිවන අතර සෑම ශිෂ්‍යත්වලාභියෙකුටම අවම වශයෙන් 22% ක ගාස්තු අඩු වීමක් ලැබෙනු ඇත.

ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 17 වැනිදායින් අවසන් වන අතර අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු සිසුන්ට හැකි ඉක්මනින් සිය අයදුම්පත් යොමු කරන ලෙස SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ආරාධනා කර සිටී. ශිෂ්‍යත්ව සහ අනෙකුත් ප්‍රතිලාභ මෙන්ම උපාධි පාඨමාලාවන් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අපේක්ෂකයින්ට www.sltc.sc.lk වෙබ් අඩවියට පිවිස හෝ  011  -2100500 දුරකතන අංකයට අමතා එම තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාලය විසින් සලසා ඇත.

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය විසින් 2017 වසරේ දී හඳුන්වා දෙන ලද ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය වසර ගණනාවක් පුරා කුසලතාවයෙන් පිරිපුන් සිසුන් දහස් ගණනකට පැහැබර අනාගතයකට මාවත විවර කළ විශිෂ්ට වැඩසටහනකි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ, ඉංජිනේරු, පරිඝණක සහ තොරතුරු තාක්ෂණ, විද්‍යා, තාක්ෂණ සහ සංගීත පීඨයන් විසින් පිරිනමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි පාඨාමාලාවන් 25 ක් හදාරන සිසු සිසුවියන් සඳහා ප්‍රතිලාභ සැලසීම විශේෂත්වයකි.

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් වඩාත් වේගයෙන් ඉදිරියට පැමිණි විශ්වවිද්‍යාලයක් වන අතර නව්‍යකරණය අතින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය වශයෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ විශ්වවිද්‍යාලයකි. SLTC විශ්වවිද්‍යාලය කරුණු කිහිපයක් නිසා අනෙකුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර කැපී පෙනෙන විශ්වවිද්‍යාලයක් බවට පත්ව තිබේ.

ඒ අතරින් ප්‍රමුඛතම කරුණක් වන්නේ SLTC විශ්වවිද්‍යාලය පාඨමාලාව පිරිනැමීම සඳහා ඒකාබද්ධ වී ඇති කීර්තිමත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ජාලයයි. මෙම ජාත්‍යන්තර කීර්තිමත් විශ්වවිද්‍යාල අතරට Deakin, James Cook, RMIT, Auckland, Lincoln Universities, Lancaster වැනි විශ්වවිද්‍යාල අයත් වන අතර එම විශ්වවිද්‍යාල විසින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදයන් සිය ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර තිබීම SLTC හි අධ්‍යාපන විශිෂ්ටත්වය පිළිබඳව මනා සහතිකයක් ලබාදේ.

ඊට අමතරව SLTC විශ්වවිද්‍යාලය තුළ දැකගත හැකි පර්යේෂණ හා නව්‍යකරණය කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරී අධ්‍යාපන පරිසරයද SLTC විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ කරුණකි. කීර්තිමත් ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම ඇතිව ජාත්‍යන්තර ප්‍රමිතියේ පර්යේෂණ හා නව්‍යකරණයන් හරහා පරිපූර්ණ උපාධිධාරීන් බිහි කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ජාත්‍යන්තරව ඇගයීමට පාත්‍ර වී ඇති බව මෙහිදී සඳහන් විය යුතුය.

එමෙන්ම SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සම්පූර්ණ යටිතල පහසුකම් පද්ධතියක් සහිතව සිසුන් සඳහා හොඳම විශ්වවිද්‍යාල අත්දැකීමක් ලබා දීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීමද බොහෝ සිසුන් SLTC විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට ප්‍රමුඛ වන කාරණයකි. SLTC විශ්වවිද්‍යාලයේ ප්‍රධානතම මණ්ඩපය පාදුක්ක ප්‍රදේශයේ අක්කර 34ක භූමියක් පුරා පැතිරුණු, නේවාසිකාගාර පහසුකම්, පර්යේෂණාගාර, දේශන ශාලා සහ අධ්‍යයන පහසුකම් මෙන්ම රංග පීඨ සහ ක්‍රීඩාගාරවලින් පරිපූර්ණ විශ්වවිද්‍යාල භූමියකි. කොළඹ මරදාන TRACE Expert City හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගම් මධ්‍යයේ පිහිටා ඇති SLTC කොළඹ මණ්ඩපය සුවිශේෂී වන්නේ එහිදී සිසුන් හට අධ්‍යාපනය ලැබීමට අමතරව වැඩ කරන පරිසරයක අත්දැකීම ලබමින් වෘත්තිකයෙක් වීමට සූදානම් වීමේ හැකියාව ද ලැබෙන හෙයිනි.

www.sltc.sc.lk වෙබ් අඩවියට පිවිස හෝ 011 2100500 දුරකතන අංකයට අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්වලින් බිස්නස් කරන්න බැහැ – මහ බැංකුව !

වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු  මේ බව සඳහන් කළාය.

"මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ."

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වී තිබෙන අතර ඒ් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් මහතා මෙසේ කියා සිටියේය. "ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නාර්ථයක් විය හැකියි."

මේ අතර විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක නියෝජ්‍ය අධිපතිවරිය වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සොයා බලන බවයි.

(අද දෙරණ )

කොටස් වෙළෙඳපොළේ දෙවැනි විශාලතම සමාගම බවට ටෙලිකොම් පත්වෙලා !

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, අද (27) දිනයේ දී පත්විය.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙනි. එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයයක් වේ.

මේ දක්වා මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒ අනුව තෙවැනි තැන දක්වා තල්ලු වී ඇත. LOLC සමූහයේ මූල්‍ය සමාගම් වූ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් යන සමාගම්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීමත් සමඟම, පෙර කී සමාගමේ දෙකෙහි කොටස් ද අනුපාතිකව LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් බවට පරිවර්තනය විය. මේ හේතුවෙන් වර්තමානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හිමිකම් කියන ඉහළම කොටස් ප්‍රමාණය වූ කොටස් බිලියන 33කට LOLC ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් කියනු ලබයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයද රු. බිලියන 200 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී මෙම ලැයිස්තුවේ පළමු තැන පසුවේ.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. පසුගිය සිකුරාදා (24) වන විට එම වටිනාකම රු. බිලියන 3,985.40 කි.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 13 පහත පරිදි දැක්විය හැකිය.

SLT Marcket Cap

Derana

“Hope 4 Sri Lanka” වැඩසටහන ඇරඹෙයි

තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “Hope 4 Sri Lanka” වැඩසටහන අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරණු ලබයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවසායක නවකයින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගැනීම සිදුකෙරේ.

ඒ අනුව, මේ සදහා තරුණ තරුණියන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මුඛ පරීක්ෂණ හරහා තෝරාගනු ලබන අතර, තෝරාගත් කණ්ඩායම් සදහා දින 05 ක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දීම සිදු කරයි.

වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිළිගත් උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි, තමාගේම ව්‍යාපාරයක් පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිත තරුණ තරුණියන්ට මේ සදහා ඉදිරිපත් විය හැක.

විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙළඳපොළ සොයාගැනීම හා විවිධ අවපාතයන්හි දී නොවැටි ව්‍යාපාරය පවත්වාගැනීම දක්වා තරුණ තරුණියන් දැනුමින් ශක්තිමත් කරමින් නිරන්තර නිරීක්ෂණවලට ලක්කිරීම මෙහිදී සිදුවේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීම හා මූල්‍ය අවශ්‍යතාවය ඉටුකරදීම සඳහා රාජ්‍ය බැංකු සම්බන්ධ කරදීම මෙහිදී සිදුවේ. මෙම ක්‍රියාවලියේ දී ව්‍යාපෘතියට සම්බන්ධ වන අනෙකුත් අතරමැදි පාර්ශ්වය ලෙස USAID ආයතනයට අනුබද්ධ YouLead ආයතනය ක්‍රියා කරනු ලබයි.

YouLead හි ශ්‍රී ලංකා ශාඛාව මගින් Hope 4 Sri Lanka ව්‍යාපෘතිය හා සම්බන්ධ වන ව්‍යාවසායකයින් සඳහා අවශ්‍ය පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි.

නව ව්‍යාවසායකයින් ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් 60%ක ඇපකරයක් ද YouLead ආයතනය මගින් ලබාදීමට මෙහිදී එකගතාවය පලකර ඇත.

ලාංකීය නිර්මාණශීලී තරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස නැඟීසිටීමට මඟපෙන්වීම තුලින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සහ දළ ජාතික නිෂ්පාදනයට තරුණ්‍යයේ දායකත්වය මේ හරහා ලබා ගැනීමද මෙමගින් අපේක්ෂා කරයි.

මෙහිදි සුලු පරිමාණ ව්‍යවසායකයින් සදහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි හා Startup Sri Lanka වැඩසටහනේ ජයග්‍රහකයින් හට චෙක්පත් සහ සහතිකපත් පිරිනැමීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Pekoe Trail හි ප්‍රථම වරට කි.මී 300ක අල්ට්‍රා මැරතන් ධාවනය පැය 59 කින් නිම කිරීමට සමත් වෙයි !

දින දෙක හමාරක් තිස්සේ අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් Hyun Chang Chung විසින් පසුගිය ජනවාරි 27 වන දින Pekoe Trail හි කිලෝ මීටර් 300ක දුරක් ප්‍රදේශවාසීන්ගේත්, පවුලේ සාමාජිකයින්ගේත් මෙන්ම රසිකයින්ගේත් අත් පොලසන් නාදය මධ්‍යයේ හන්තාන, තේ කෞතුකාගාරය අසලින් අවසන් කරනු ලැබීය. දින දෙක හමාරක් තුළ නොනැවතී ධාවනයේ යෙදුණු පළමු තරඟකරුවා වීමේ සුවිශේෂී අවස්ථාවද ඒ සමඟ Hyun Chang Chung වෙත උදා විය.

සාමාන්‍යයෙන් මහනුවර සිට ඇල්ල, හපුතලේ සහ හෝටර්න් තැන්න හරහා නුවරඑළිය දක්වා දින 22 ක පාගමනක් ලෙස The Pekoe Trail සංවිධානය කර තිබූවද එය පැය 59ක් වැනි ඉතා කෙටි කලෙකදී සම්පූර්ණ කිරීමට Chang ට සමත් වීම විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් Chang පවසා සිටියේ මෙවැන්නකි. “The Pekoe Trail හි මෙම අල්ට්‍රා මැරතන් ඉසව්ව සම්පූර්ණ කළ පළමු පුද්ගලයා මම විය හැකියි. ඇත්තටම කඳු, බෑවුම් වගේම තේ වතු, ස්වභාවික රක්ෂිත වැනි විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති අතුරින් අතරින් සහ දේශීය ප්‍රජාව සමඟ සිදු කරන මෙම ධාවනය ලෝකයේ හොඳම මේ ආකාරයේ ධාවනයන් හා සමාන වන බව සඳහන් කළ හැකියි. මා ශ්‍රී ලංකාවට පැමිණි සිව් වන අවස්ථාව වන මේ මොහොතේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ආකර්ෂණය තව දුරටත් ඉහළ යාමට මෙය හේතුවක් වුණා.” හොංකොං මූලික කොටගත් බැංකු යෙදුම් සංවර්ධකයකු ලෙස කටයුතු කරන Chang මේ ආකාරයේ මැරතන් ඉසව් සඳහා වැඩි කැමැත්තක් දක්වන්නෙක් වන අතරම මේ වන විට ලොව පුරා එවන් ඉසව් 50කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට සමත්ව ඇත. 2023 වසරේ ඔහුගේ මුල්ම අභියෝගය බවට පත් වූයේ මෙම Pekoe Trail මැරතන් ඉසව්වයි.

The Pekoe Trail හි අරමුණ වන්නේ ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා සඳහන් කර සිටියේ “ Chang ශ්‍රී ලංකාවේ Pekoe Trail සමඟ එක් වීමට කටයුතු කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ඔවුගේ හැකියාවන් ඉතා විශිෂ්ටයි. බොහෝ සංචාරක ආකර්ෂණයක් හිමි කරගෙන ඇති එළිමහන් ක්‍රියාකාරකම් තව දුරටත් ඔවුන් වෙත ගෙන යාමට Chang ගේ මේ හැකියාවන් මනා පිටිවහලක් වනු ඇති අතරම සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට හොඳම කාලයද මේ සමඟ උදා වී ඇති බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක The Pekoe Trail යුරෝපා සංගමයේ යුරෝ මිලියන 5.7 ක ආයෝජනයක් වන අතරම තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණුද ඊට ඇතුළත් වේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) විසින් මෙම ව්‍යාපෘතියේ ආරම්භය වෙනුවෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 787,000ක (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 283ක්) දායකත්වයක් ලබා දී තිබීමද විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා තානාපති ගරු Denis Chaibi මහතා “පසුගිය වසරේ The Pekoe Trail දියත් කරන බව නිවේදනය කිරීමේ සිට අද වන විට අප බොහෝ දුරක් පැමිණ තිබෙනවා. විශේෂයෙන් බාධක පාපැදි ලෝලියකු වන මා, Chang වැනි ජාත්‍යන්තර මට්ටමේ ධාවන කරුවන් අතර ඒ මඟින් ඇති කරන උනන්දුව පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. එසේම වර්ධනය වෙමින් පවතින සංචාරක ප්‍රවණතාවන්ට අනුව ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහාය වීමේ අවස්ථාව මින් උදා වනවා. Chang ගේ මැරතන් ඉසව්ව තුළින් මෙම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් වන අවධානයෙන් සිටින බව සඳහන් කළ හැකියි” යනුවෙන් පවසා සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම භාරව සිටින සංචාරක සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ශෙහාන් රාමනායක මහතා සඳහන් කර සිටියේ “ප්‍රාදේශීය ප්‍රජාවන් නඟා සිටුවීමේ හා ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ආකාරයේ තිරසාර සංචාරක ව්‍යාපාරයන් සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම Pekoe Trail ව්‍යාපෘතිය පෙන්වා දිය හැකියි. එසේම විශේෂයෙන් රාත්‍රියේ කාලයේ දී ආරක්ෂිත වාසස්ථානයන්ට හා සතුන්ට සිදුවන බාධාවන් අවම කිරීම සඳහා Chang ගේ ධාවනය මනාව සැලසුම් කිරීමට අප කටයුතු කළා” යනුවෙනි.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ USAID හි සහයෝගයෙන් යුතුව Serendipity Trails යටතේ සංවර්ධනය කරනු ලබන ගමනාන්තය පදනම් කරගත් ඇවිදීමේ අවස්ථාවන් එකතුවෙහි පළමුවැන්න ලෙස The Pekoe Trail සඳහන් කළ හැකිය. සංචාරකයින් හට විවිධ භූමි ප්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර සහ ප්‍රාදේශීය ප්‍රජාවන් පිළිබඳ කෙටි හෝ බහු දින අත්දැකීම් ලැබීමේ අවස්ථාවක් ලෙස ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කර දෙන මෙහි Pekoe Trail 2023 ඉදිරි ගිම්හාන සමයේදී සංචාරකයින් වෙනුවෙන් විවෘත වනු ඇත.

ඡායාරූප විස්තරය -

PekoeTrail හි කිලෝ මීටර 300ක දුරක් අඛණ්ඩව පැය 59 කින් අවසන් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා විසින් හා අල්ට්‍රා මැරතන් ධාවන ශූර මහතා වෙත Pekoe Trail ධජය ලබා දෙමින්. ඡායාරූපයේ වම් පස ධාවන උපදේශක මිගෙල් කුනාට්, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා නියෝජිත පිරිසේ වැඩසටහන් කළමනාකාර හර්ෂණී හලංගොඩ සහ ව්‍යාපෘතිය ප්‍රවර්ධන සංචාරක සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ශෙහාන් රාමනායක යන මහත්ම මහත්මීන් වේ.

Image 01

කොරෝනා කාලේ උත්සව සංවිධානයට : මාර්ගෝපදේශ අත්පොතක් එයි ! (වීඩියෝ )

උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත්කිරීමට උත්සව කළමනාකරණ සංගමය (Event Management Association - EMA) පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා මෙම මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

ඒ කොළඹ නගරය සඳහා පනවා තිබූ COVID-19 සීමාවන් රැසක් මේ වනවිට ලිහිල් කර තිබෙන තත්ත්වයට සමගාමීවය.

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. එම නිසා ඉදිරියේදී යළිත් එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙන අතර, ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක විධිවිධාන නව අත්පොතෙහි සවිස්තර ලෙස දක්වා තිබේ.

උත්සව කළමනාකරණ සංගමය යනු උත්සව කළමනාකරණ සමාගම් මෙන්ම මංගල උත්සව සැලසුම්කරුවන්, උපකරණ කුලියට දෙන සමාගම් (නාද පද්ධති, ආලෝකකරණ පද්ධති, LED ආදිය), වේදිකා සහ පසුතල නිර්මාණකරුවන්, ගෘහභාණ්ඩ සහ යටිතල පහසුකම් කුලියට දෙන සමාගම්, ඩිජිටල් නිර්මාණ සමාගම්, උත්සව ශාලා, මල් සැපයුම්කරුවන්, සංගීතඥයන්, වඩු කාර්මිකයන්, උත්සව සහය සේවාවන් සපයන්නන්, විනෝදාස්වාද සේවාවන් සපයන්නන්, නර්තන කණ්ඩායම්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් නිර්මාණ ශිල්පීන්, පිරිසැකසුම්කරුවන්, කාර්මිකයන් සහ තවත් බොහෝ අංශ නියෝජනය කරන සංවිධානයකි. මෙම ක්ෂේත්‍රය සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට රු. බිලියන 30 ක පමණ දායකත්වයක් ලබාදෙයි.

“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් COVID-19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත් එවැනි තත්ත්වක් උදාවී COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩාවැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න මහතා පැවසී ය.

“බොහෝ උත්සව කළමනාකරණ සමාගම් තම යටිතල පහසුකම්, උපකරණ හා පුහුණු කටයුතු ආදිය සඳහා රු. මිලියන 10 පමණ සිට රු. මිලියන 800 ක් පමණ දක්වා සුවිශාල ආයෝජනයන් සිදුකර තිබෙනවා. ඔවුන් දැන් සිටින්නේ සේවක වැටුප් ගෙවීමට හෝ මූල්‍යමය වගකීම් පියවීමට පවා නොහැකි තත්ත්වයකයි. නිසි අත්වැලක් නොමැති වුවහොත් මේ සමාගම් බංකොලොත් වේවි. එසේ වුවහොත් ක්ෂේත්‍රයේ සෘජු රැකියා වල නියුතු 130,000 කට අධික පිරිසකට සහ වක්‍ර රැකියා වල නියුතු 600,000 කට අධික පිරිසකට මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයටත් විශාල බලපෑමක් ඇතිවෙනවා.” උත්සව කළමනාකරණ සංගමයේ උප සභාපති සජිත් කොඩිකාර මහතා පෙන්වා දුන්නේ ය.

උත්සව යනු ව්‍යාපාර වල අලෙවිකරණ හා විකුණුම් කටයුතු වල අනිවාර්ය අංගයකි. ව්‍යාපාරික උත්සව සුලබ වීම යනු යහපත් ආර්ථිකයක ලක්ෂණයක්ද වේ.

“මෙහිදී ශ්‍රී ලංකාව උත්සව පැවැත්වීම සඳහා සුදුසු ආරක්‍ෂිත රටක් ලෙස පිළිගැනීමක් දිනාගැනීමේ හැකියාවත් සැලකිල්ලට ගත යුතුයි. විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ වසංගත තත්ත්වය පාලනය කරමින්, තිරසාර ලෙස ඉදිරියට යාමට ක්‍රමයක් සොයාගතහොත් අපට උත්සව සහ වෙනත් සංචාර කටයුතු සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබාදීමට හැකියාව ලැබේවි.” උත්සව කළමනාකරණ සංගමයේ භාණ්ඩාගාරික නිශාන් වාසලතන්ත්‍රී මහතා පැවසී ය.

‘සුරක්ෂිත උත්සව තානාපතිවරුන්’ පත්කිරීම යනු උත්සව කළමනාකරණ සංගමයේ නව අත්පොතෙහි දක්වා ඇති තවත් වැදගත් යෝජනාවකි. නිසි මාර්ගෝපදේශ වලට අනුකූල නොවන ආකාරයට පවත්වනු ලබන උත්සව සම්බන්ධයෙන් වාර්තා කිරීම ඔවුන්ට පැවරෙන මූලික වගකීම වේ.

එමෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කරමින් රටේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා රජය දරන උත්සාහයට උත්සව කළමනාකරණ සංගමය සිය පූර්ණ සහයෝගය පළකර සිටී.

“ජනතාවට COVID-19 එන්නත් ලබාදීම සඳහා රජය දරන උත්සාහය අප අගය කළ යුතුයි. එහිදී අපගේ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ටද ප්‍රමුඛත්වය ලබාදෙන මෙන් අප ඉල්ලා සිටිනවා. මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අර්ථවත් ඉඩකඩක් නිර්මාණය කරගැනීමට නම් අප හැකි ඉක්මනින් අවම වශයෙන් ජනගහනයෙන් 60% කට වත් එන්නත් ලබාදිය යුතුයි.” උත්සව කළමනාකරණ සංගමයේ උපදේශක ජෙරී ජයසිංහ මහතා පැවසී ය.

උත්සව කළමනාකරණ සංගමය ප්‍රකාශයට පත්කළ මෙම අත්පොත, 2021 ජූලි 19 දින සිට www.emalk.org වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි වේ.

විරෝධාර ශක්තිමත් මිනිසුන්ගේ ආහාර රටාව - අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් !

හෙළ විරෝධාර මිනිසුන්ගේ ශක්තිය ආයුෂය හා වර්ධනය ඇති කිරීමට සමත් වූයේ ඔවුන් ගන්නා ලද ආහාරයේ රහසක් නිසාවෙනි.

ඌව වෙල්ලස්ස සටනේදී ඉංග්‍රිසින් මෙම මාහැගි ශක්තිය සොයාගත්තේය. ඔවුන් එතැන් පටන් අප ආහාර වට්ටෝරුවේ අඩංගු මූලික ශක්ති ජනක ශාක ප්‍රභේදයන් තහනම් කිරීමට කටයුතු කළේය.

මෙහි අඩංගුව හා සංයුතිය සම්බන්ධයෙන් පර්යේෂණ කළ පිරිස් එහි අඩංගු එක් ශාක විශේෂයක් හදුනා ගත්තේය.

ත්‍රෛලෝක විජය අඩංගුව පැවැති එකී ආහාර සම්ප්‍රදාය එවක් පටන් ලාංකේය සමාජයෙන් තුරන් විය.

එහෙත් මා හැගි ශක්තින් හා අංගම්පොර නමැති සටන් කලාවේ ශක්ති ජනක ආහාරය වූ මේ ආහාර වට්ටටෝරුව ශක්තිමත් ආහාර රටාවකට මුසු කොට අංගම්පොර සිලෝන් නමින් වර්තමාන පරම්පරාවට භුක්ති විදීමේ සැලසුම් ඇතිව ආරම්භ වූ කොළඹ පිහිටි අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් ආයතනය මේ වන විට එම ‌ෙ එතිහාසික උරුමය ආරක්ෂා කොට නව පරම්පාරාවට ලබදිමට කටයූතු යොදා ඇත.

සතිය, ආරෝග්‍යා, ආයුවන්නෝ බලයෙන් සුසැදි ඉපැරණි ආහාර රටාව දැන් ඔබට භුක්ති විදීමේ මං පෙත් හෙළිපෙහෙළි කොට ඇත.

පැමිණ විදින්න රසය එය මෙතෙක් ඔබ විදි ආහාරයේ නවමු වෙනසක් වනවාට නොඅනුමානය. නුගේගොඩ ජුබිලි කණුව ආසන්නයේ පිහිටි අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් ආයතනය මේ යුග මෙහෙවරට දායකත්වය ලබා දි ඇත.

 

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ විය.

ඩිජිටල්කරණය හඳුන්වා දීමත් සමග කොටස් වෙළෙඳපොළ තොරතුරු භාගත කිරීම වේගවත්වීම නිසා නව ආයෝජකයන් 65000ක් ඉක්මවමින්, නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළෙඳපොළ පාලන අධිකාරිය පෙන්වා දුන්නේය.

ඩිජිටල්කරණයත් සමග ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසී භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකිවීම, මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව හිමි වේ.

වෙනස් වන අනාගතය ගනුදෙනුකරුවන් වෙත ගෙන එමින් කොන්ටිනෙන්ටල් සිය 150 වැනි සංවත්සරය සමරයි

සිය 150 වැනි සංවත්සරය සනිටුහන් කළ ලෝ ප්රකට කොන්ටිනෙන්ටල් සන්නාමයේ ශ්රී ලාංකේය නිල බෙදා හරින්නා ලෙස සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම (DSL) ඊට සමගාමීව එය සමරන ලදී. DSL යනු රථ වාහන අමතර කොටස්, ටයර්, බැටරි, කෘෂිකාර්මික උපකරණ සහ කාර්මික අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ මෙරට පුරෝගාමියකු සේම, කොන්ටිනෙන්ටල් සමාගම ලොව සිව්වන විශාලතම ටයර් නිෂ්පාදකයා සහ ලොව විශාලතම රථවාහන තාක්ෂණ සැපයුම්කරුවකුද වේ.

1871 වසරේදී ජර්මනියේ ටයර් සහ රබර් ආශ්රිත සරල භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස ඇරඹි කොන්ටිනෙන්ටල් සමාගම අද වන විට ජාත්යන්තර තාක්ෂණික සමාගමක් බවට පත්ව ඇත්තේ වත්මන් සංචාරක අවශ්යතා සඳහා ආරක්ෂිත,කාර්යක්ෂම හා සබුද්ධික විසඳුම් දැරිය හැකි මිලකට ජනතාව වෙත ලබා දෙමිනි. වර්තමානයේ ලොව පුරා භාවිත කරනු ලබන රථ වාහන හතරෙන් තුනක්ම භාවිත කරනු ලබන්නේ කොන්ටිනෙන්ටල් ටයර් හෝ රථවාහන තාක්ෂණයන් වීම කොන්ටිනෙන්ටල්හි විශිෂ්ටත්වයට කදිම උදාහරණයක් වේ. ලොව පුරා බිලියනයක පමණ පාරිභෝගිකයන් පිරිසක් කොන්ටිනෙන්ටල් සේවාවන් භාවිත කරනු ලබන බවට ගණන් බලා තිබීම තුළින් එහි විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු වනු ඇත.

මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගමේ සභාපති/කළමනාකාර අධ්යක්ෂ සරෝජ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ “දශක 15ක කාලයක් පුරා ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සාර්ථක කර ගැනීම පිළිබඳව කොන්ටිනෙන්ටල් සමාගමට අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කිරීමට කැමතියි. විශේෂයෙන් දැරිය හැකි මිලකට මෙන්ම පරිසර හිතකාමී හා ආරක්ෂාකාරී ප්රවාහන විසඳුම් ලබා දෙන කොන්ටිනෙන්ටල් සමාගම ශ්රී ලංකාව තුළද බෙහෙවින් ජනප්රියත්වයට පත්ව ඇති බව රහසක් නොවෙයි. 150 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ කොන්ටිනෙන්ටල් සමාගම තවත් වසර ගණනාවක් සාර්ථකවයෙන් සාර්ථකත්වයට පත් වේවායි අපි ප්රාර්ථනා කර සිටිනවා”යනුවෙනි.

මෙරට භාවිත කරනු ලබන රථ වාහන සඳහා ආදේශකයන් ලෙස යුරෝපීය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා DSL මෙහෙයුම් දියත් කරන අතරතුර 2014 වසරේදී කොන්ටිනෙන්ටල් සමාගම DSL සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. කොන්ටිනෙන්ටල් එම යුරෝපීය රථ වාහන සඳහා වන නියම උපකරණ නිෂ්පාදකයකු ලෙසද පෙන්වා දිය හැකිය.

1986 වසරේදී ආරම්භ කරනු ලැබූ සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම, ඔවුන් නියැලී සිටින වෙළෙඳපොල තත්වයන් ඉදිරියට ගෙන යාම සඳහා නවෝත්පාදන නිෂ්පාදන කෙරෙහි දක්වන වැඩි උනන්දුව තුළින් ශක්තිමත් හා විවිධත්වයෙන් යුත් සමාගමක් බවට පත්ව ඇත. එහි සාර්ථකත්වයෙහි පදනම බවට පත්ව ඇත්තේ ඔවුන් සතු විවිධත්වය හා සියළු ප්රධාන අංශයන් නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ සමීපව සබඳතා පවත්වාගෙන යාමයි. ගෝලීය වශයෙන් පිළිගනු ලැබූ ප්රමුඛ ගෝලීය සමාගම්හි ජාත්යන්තරව පිළිගත් රථවාහන අමතර කොටස්, ටයර් සහ බැටරි ප්රදර්ශනය හා අලෙවිය එහි දිවයින පුරා විහිදුණ නියෝජිත ජාලය හරහා සිදු කරනු ලබයි.

1871 වසරේදී පිහිටුවනු ලැබූ කොන්ටිනෙන්ටල් සමාගම මගී කාර්, වාණිජ වාහන හා යතුරු පැදි සඳහා ටයර් නිෂ්පාදනය කරනු ලබන බහුජාතික සමාගමකි. විවිධ තත්වයන් හා වාතාවරණයන් සඳහා ගැළපෙන නිෂ්පාදන රැසක් සමඟ ටයර් තාක්ෂණයේ හා නිෂ්පාදනයේ ප්රමුඛයකු වන කොන්ටිනෙන්ටල් සමාගම පර්යේෂණයන් හා සංවර්ධනයන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම තුළින් සුරක්ෂිතතාව, ලාභය හා පරිසර හිතකාමී බව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි.

LOLC කොටස් මිලේ අසාමාන්‍ය ඉහළ යාමක් : විමර්ශනත් ඇරඹේ !

කොළඹ කොටස් වෙළෙඳපොළේ අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයක සඳහන් වූයේ, කොටස් වෙළෙඳපොළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් අයථා ගනුදෙනු සිදුවී ඇති නම් දැඩි පියවර ගන්නා බවයි.

LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් නමැති කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමේ කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව පසුගිය දින කිහිපයේ වෙළෙඳපොළ තුළ දැඩි අවධානයක් යොමුවිය.

කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත අනුව ඊයේ දිනයේ මෙම සමාගමේ කොටසක් අලෙවි කර තිබුණේ, රුපියල් 618 යි සත 75 කටයි.

මැයි මස අවසානය වනවිට රුපියල් 73 ක අගයක පැවති LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක මිල 747% කින් මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබිණ.

නමුත් සමස්තයක් ලෙස ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඊට පෙර දින දෙකට සාපේක්ෂව පහත වැටී තිබිණ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සම්බන්ධවයි.

පසුගිය 28 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළ සිදුකර ඇති විමසීමකට අදාළව ප්‍රතිචාර දක්වමින් LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ සභාපතිවරයා දැනුම්දී ඇත්තේ මූල්‍යමය වශයෙන් සංවේදී කිසිදු තොරතුරක් සමාගම සඟවා නොමැති බවයි.

සමාගමේ වර්ෂ අවසාන ප්‍රගතිය සහ LOLC සමූහයේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන මෙලෙස අසාමාන්‍ය ලෙස කොටස් මිල වැඩි වන්නට ඇතැයි, එම ප්‍රතිචාරයේ සඳහන් ය.

මේ අතර LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ජනතාවට විවෘතකර ඇති කොටස් ප්‍රමාණය පිළිබඳව ද මේ වනවිට දැඩි කථාබහක් ඇතිවී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ මුලු කොටස් ප්‍රමාණයෙන් 99.89% ක්ම එල්ඕඑල්සී සමාගම් ජාලයට අයත් වන බවයි.

55.55% ක කොටස් LOLC හෝල්ඩින්ග්ස් සමාගම සතු වන අතර තවත් 44.34% ක් සතුවන්නේ LOLC සමාගම් ජාලයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමටයි.

මේ අනුව LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ජනතාවට නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 0.01%කි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නීතී රීති හා රෙගුලාසිවලට අනුව මෙතරම් සුලු කොටස් ප්‍රමාණයක් ජනතාවට විවෘත කරමින් ලැයිස්තුගත සමාගමක් පවත්වාගෙන යා හැකිද?

අවමය සියයට 20 කවත් කොටස් ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් විවෘත කළ යුතු නොවේද?

කෙසේවෙතත් මේ කරුණු පිළිබඳව දැන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

News First

කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමයි

එළඹෙන සඳුදා (18) දින සිට බලපැවැත්වෙන පරිදි වෙළෙඳ දින 05 ක කාලපරිච්ඡේදයක් සඳහා කොළඹ කොටස් ‌වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අධ්‍යක්ෂ මණ්ඩලය 2022 අප්‍රේල් 15 වැනි දින රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (SEC) ඉල්ලීමක් කර තිබුණි. කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශව ගණනාවක් ද එම ඉල්ලීම කර තිබුණු බව ද  වාර්තා වේ.

=විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අදහස වන්නේ ආයෝජකයින්ට මෙන්ම අනෙකුත් වෙළඳපොළ සහභාගිවන්නන්ටද දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනට පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව වඩාත් පැහැදිලි බවක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතු වන බවයි.

එබැවින්, 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 30 වැනි වගන්තියේ අඩංගු විධිවිධාන අනුව ක්‍රියා කරමින්, 2022 අප්‍රේල් 18 වැනි දින සිට ආරම්භ වන ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නියෝග කිරීමට විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත. 2022.

ප්‍රීමා පිටි මිලත් ඉහළට !

ප්‍රිමා සමාගම විසින් පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් (15) දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

ප්‍රිමා සමාගම විසින් මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බව  ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසයි.පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදනවලද මිල  දැමිමට සිදු වන බවයි බේකරි නිෂ්පාදකයින් කියා සිටියි.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබිණ.

සන්ලයිට්, ‘මනුදම් වියමන’ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වයි

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ආයෝජනය කර ඇති අතර, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර් හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැඳුණු ශ්‍රී ලාංකේය බැඳීම් සවිමත්ව ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ එක්ව සන්ලයිට් මනුදම් වියමන සමාජ සත්කාරක වැඩසටහන හරහා ඇඟළුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීමේ සුවිසල් වැඩපිළිවෙලත් සමඟිනි.

මෙම වැඩසටහන තුළින් විශේෂයෙන් ඇඟළුම් ආශ්‍රිත කර්මාන්තයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති සන්ලයිට්, සිංගර් ෆැෂන් ඇකඩමිය සමඟ එක්වෙමින් ඔවුන්ගේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරතව සිටින 10,000ක පමණ ව්‍යවසායකයන් පිරිසකගේ කුසලතාවන් සහ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ඔන්ලයින් වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම වැඩසටහන සමඟ ලියාපදිංචි වූ 250 දෙනෙකුට ඔවුන්ගේ ව්‍යාපාර තත්වයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මුදල් ආධාර ලබා දීමට කටයුතු කිරීමද මෙහි විශේෂත්වයකි. වැඩමුළුව සඳහා සහභාගී වීමට කැමති ව්‍යවසායකයන් හට www.manudamviyamana.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාවද මෙහිදී උදා කර දී ඇත.

මෙම සුවිශේෂී උපාය මාර්ගික සබැඳියාව යථාර්තයක් බවට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ එක් වූ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න , යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare, Foods & Refreshments and Water පිළිබද අලෙවි අධ්‍යක්ෂිකා ෂර් මිලා බණ්ඩාර ඇතුළු පිරිසක් ද ඊට එක් වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ‘මනුදම් වියමන’ වැඩසටහන පිළිබද අදහස් දක්වමින් පවසා සිටියේ “ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම තුළින් සමස්ත ආර්ථීකය නඟා සිටුවීමේ හැකියාව උදා වනවා. පැවති Covid 19 වසංගත තත්වයත් සමඟ බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දැඩි බලපෑමට ලක් වූ බව රහසක් නෙවෙයි. අපි රජයක් ලෙස ඔවුන්ගේ ව්‍යාපාරයන් යළි ශක්තිමත්ව නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන අතරම යුුනිලිවර් ශ්‍රී ලංකාහි සන්ලයිට් ‘මනුදම් වියමන’ වැඩසටහන තුළින් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාගේ කෘතඥතාව පළ කර සිටිනවා. මෙය Covid 19 වසංගතයෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට නැවත තම ව්‍යාපාරයන් ශක්තිමත්ව ගොඩ නඟා ගැනීම සඳහා සුවිසල් අවස්ථාවක් වනු ඇතැයි මගේ විශ්වාසයයි. විශේෂයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙසත්, අමාත්‍යවරයා ලෙසත් ඒ වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය සන්ලයිට් ‘මනුදම් වියමන’ වෙත ලබා දීමට අපි කටයුතු කරනවා ” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ( SEDD) අධ්‍යක්ෂ සුධීර ජයරත්න සඳහන් කර සිටියේ ‘මනුදම් වියමන’ වැඩසටහන තූළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කිරීම පිළිබඳව සන්ලයිට් වෙත අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. මෙරට ගණනය කර ඇති මිලියනයක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් රටේ සමස්ත ව්‍යාපාරයන්ගෙන් 75% ක් පමණ නියෝජනය කරනවා. ඒ අතර සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැකියාවන් ඇති බව අප දැක තිඛෙනවා. පහසුවෙන් ප්‍රවේශ විය හැකි මෙම වැඩමුළු තම ව්‍යාපාරය දියුණුව කරා ගෙන යාමට ව්‍යවසායකයන් වෙත අවශ්‍ය දැනුම ලබා දීමට මෙන්ම ව්‍යාපාර තත්වයන් ඉහළ නංවා ගැනීමටත් ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙනි.

 මීට වසර 135කට පෙර හඳුන්වා දුන් සන්ලයිට් රෙදි සේදුම් වෙළෙඳපොල තුළ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය නොමදව හිමිකර ගනිමිනි. සන්ලයිට් ‘මනුදම් වියමන’ ශ්‍රී ලාංකිකයන් එකමුතුව කටයුතු කිරීම තුළින් ලැඛෙන ඉමහත් ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි. මේ වෙනුවෙන් සීමිත කාලයක් සඳහා විශේෂිත සන්ලයිට් පැකට්ටුවක් හඳුන්වා දීමට කටයුතු කළ අතර එම සෑම සන්ලයිට් පැකට්ටුවකින්ම රුපියලක (රු.1/-) මුදලක් ‘මනුදම් වියමන’ අරමුදලට බැර කරනු ලබයි. ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම වෙනුවෙන් සියලු දෙනා හට තම තමන්ගේ කාර්යභාරය ඉටු කිරීමට මේ සමග සන්ලයිට් ‘මනුදම් වියමන’ අරමුදලට හැකිව ඇත.