Language Switcher

Ad

Ad 01

V2025

අලි සහීර් දිවුරුම් දෙයි

හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා සෙයියාද්  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (17) දිවුරුම් දුන්නේය.

නසීර් අහමඩ්  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට එම පක්ෂය ගත් තීරණය නිත්‍යානුකූල බවට අධිකරණය පසුගිය දා තීන්දු කළේය.

නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.

ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මව්ලානාව පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඔක්තෝබර් 11 වැනිදා නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා  අද පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන  ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.