විදෙස්

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි.
තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි.
භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වසර හයක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණ දී නොමැති බවයි.

මියන්මාර භූ කම්පනයෙන් දැනට මරණ 1600 ක්
මියන්මාරයේ පසුගිය (28) වැනි දින සිදූ වූ භූ කම්පනයෙන් මේ වන විට මිය ගොස් ඇති ප්‍රමාණය 1600 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට පුද්ගලයින් 3400 පමණ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 139 ක් පමණ අතුරුදහන් වී ඇත.
ලැබෙමින් පවතින තොරතුරු මත මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඉඟි පළවෙමින් ඇත.
භූ චලනයෙන් තායිලන්තයේ පුද්ගල මරණ 17ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 83 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.
මෙය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය ගණනය කරනු ලබන්නේ කම්පනයේ තීව්‍රතාවය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනගහනය ඇතුළු අනෙකුත් සාධක මත ය.
භූ කම්පනය තායිලන්තය ඇතුළු අසල පිහිටි රටවල්වලට ද දැනුණු අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මියන්මාරයේ සහ තායිලන්තයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරගයක්
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී ඊයේ (19) පවත්වා තිබෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි.
මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත් වාර්තා වෙයි.
මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයෙන් දැඩි හානි
මියන්මාරයේ ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම තවත් පුද්ගලයින් සිය ගණනින් තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර අද දෙරණ කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවය.
එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

කොලොම්බියාවේ කහ උණ වසංගතයක්
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වන විට රෝගීන් 74ක් හමු වූ බවයි.
ඉන් පුද්ගලයන් 34දෙනෙක්ම මියගොස් තිබෙයි.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට මෙම අවදානම් තත්ත්වය උද්ගත වී තිබෙන බව වාර්තා වෙයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී ඇත.
ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරුණි.
59 වන වියේ පසුවන මාර්ක් කාර්නි ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.
පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවී ඇත.
ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බව කැනඩා වාර්තා සඳහන් කරයි.
ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන නවකයෙකු වන මාර්ක් කානි කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කර තිබේ.
දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අදහස් පළ කරමින් කැනඩා අගමැතිවරයා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජනපදයට සහ ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරන බව ද කැනඩා නව අගමැතිවරයා එහිදී පවසා තිබේ.

ගාසා වැසියන්ට ඊශ්‍රාලයෙන් දැඩි බලපෑම්
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඒ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර, ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය අධාර අවශ්‍ය කෙරෙන බවයි එම සංවිධානය පෙන්වා දෙයි.
මේ වන විට ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ මාර්ග ද අවහිර කරමින් ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් විදෙස් වාර්තා සදහන් කරයි.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් ප්‍රදේශයට දැඩි බලපෑම්
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබේ.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි වාර්තා වෙයි.
ඒ අනුව එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ඇණහිට තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇත.
කුණාටුව ක්වීන්ස්ලන්ඩ් අගනුවර සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින අතර ප්‍රදේශයේ මිලියන 4ක පමණ ජනතාවක් මෙහි බලපෑමට ලක්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව අත්ලාන්තික් ද්‍රෝණියේ නිවර්තන කුණාටුවකට සමාන බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
කෙසේ වුවද සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බව පුරෝකතනය කෙරේ.
එමෙන්ම වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇතැයි සඳහන් වේ.

චීනයෙන් අමෙරිකාවට 125%ක තීරු බද්දක්
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමට එරෙහිව නැගී සිටීමට තම රට හා එක්වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියි.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ, තීරු බදු හමුවේ හටගත් යුද්ධයකින් කිසිදු රාජ්‍යයක් ජයග්‍රහණය නොකරන බවයි.
අමෙරිකාවට ආනයනය කෙරෙන චීනයේ ඇතැම් භාණ්ඩ සඳහා මේ වනවිට සියයට 145 ක තීරු බද්දක් පනවා තිබේ.
චීනය ද එරටට ආනයනය කෙරෙන අමෙරිකා භාණ්ඩ සඳහා සියයට 84 ක තීරු බද්දක් මීට පෙර ප්‍රකාශයට පත්කළේය.
නවතම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, චීනය විසින් අමෙරිකා භාණ්ඩ සඳහා සියයට 125 ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මෙම නව තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
කෙසේ වුවද චීනය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට තවමත් අපේක්‍ෂාවෙන් පසුවන බව, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි.
එමගින් දෙපාර්ශවය අතර යහපත් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.
මේ අතර උත්සන්න වෙමින් පවතින වෙළෙඳ යුද්ධය මධ්‍යයේ ගෝලීය රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

නවදිල්ලි දුම්රිය ස්ථානයේ මගී තෙරපුමක්
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.
කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
එරට වේලාවෙන් අද (05) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වෙයි.
පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුවී ඇත.
එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇතිව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද ඇති වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවලට සඳහන් වේ.
භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම සමීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
කෙසේ නමුත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බවයි සඳහන් වෙයි.

පාප්වහන්සේ අසනීප වී රෝහල් ගත කරයි
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උන්වහන්සේට උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එමෙන්ම පාප්වහන්සේ මීට පෙර බ්‍රෝන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා ඇත.
විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේව මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ලම අවලංගු කර ඇති බවයි.

දකුණු කොරියානු ජනපති ඉවතට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ.
එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කෙරුණි.
තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 08 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසින් වන අතර, එහිදී ඔවුන් 08 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 03දාය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.
ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.
ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි එතෙක් ධුරයේ කටයුතු කරනු ඇත.

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ.
එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය ඇලස්කා මුහුදේ අයිස් මතට කඩා වැටී තිබේ.
යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් පවසයි.

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට
පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී තිබේ.
කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසයි.

ට්‍රම්ප්ගෙන් නව තීරු බදු........
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව ,මෙක්සිකෝව හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබේ.
කැනඩාව ,මෙක්සිකෝව යන රටවලට අද (02) සිටම එම තීරු බදු ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන අඟහරුවාදා සිට තීරු බදු ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව හා මෙක්සිකෝව යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 25 % තීරු බද්දක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් එලෙස පනවා ඇත.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ අමෙරිකානු ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා මෙලෙස තීරුබදු ක්‍රියාත්මක බවයි.
තීරු බදු ක්‍රියාත්මක කිරීමත් සමග චීන වාණිජ අමාත්‍යාංශ පවසන්නේ මෙලෙස තීරුබදු පැනවීම චීනයට හා ලෝකයේ සෙසු රටවලට හිතකර නොවන බවයි.
මේ අතර කැනේඩියානු වාණිජ මණ්ඩලය විසින් ද තීරුබදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔවුන් සඳහන් කළේ තීරු බදු වැඩිවීමත් සමග සෑම අංශයකම පිරිවැය ඉතා ඉක්මනින් වැඩි වන බව හා එය සෑම මිනිසෙක්ටම හා සෑම ව්‍යාපාරයක් සඳහාම බලපැමක් එල්ල කරන බවයි.
තීරු බදු සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රියේදී ප්‍රකාශක් නියමිත බව ද, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ටොන්ගා රාජ්‍ය ආසන්නයේ භූකම්පනයක්..
ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් 7.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.
භූ කම්පනය කිලෝමීටර 10 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ සිදුව තිබේ.
ටොන්ගා රාජ්‍යයේ පන්ගයි ප්‍රදේශයේ සිට කිලෝමීටර 90 ක් පමණ ගිනිකොන දෙසින් භූ කම්පනය සිදුවිය.

අමෙරිකාවේ 47 වන ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී තිබේ.
ඒ, එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි.
අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විය.
බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇතුළු අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් සහ මාක් සකර්බර්ග් වැනි තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් සහ සුපිරි ධනවතුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පවුලේ සමීපතමයින් ද ඊට එක් වූ බව විදෙස් වාර්තාවල සඳහන් විය.
අමෙරිකාවේ නව උපජනාධිපතිවරයා ලෙස ජේ ඩී වෑන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම සිදුවිය.
ඉන් අනතුරුව අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට සිය ජනතාව ආමන්ත්‍රණය කළේ ය.
පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව සහ නව උපජනාධිපති ජේ ඩී වෑන්ස් සහ ඔහුගේ බිරිඳ කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේ හිටපු ජනාධිපතිවරයාගේ නික්ම යෑම වෙනුවෙනි.
මුලින්ම පසුගිය ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිටපු උපජනාධිපතිනී කමලා හැරිස් සහ ඇයගේ සැමියා කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගිය අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් නව ජනාධිපතිවරයාට සමුදී කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගියේ ය.
කැපිටල් ගොඩනැගිල්ලේම පිහිටි ජනාධිපති කාර්යාලයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් සිය වැඩ භාරගැනීමේ පත්‍රිකාවලට අත්සන් තැබුවේ ඉන් අනතුරුවයි.
දැඩි ශීත කාලගුණය හේතුවෙන් මෙවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටට පාක්ෂිකයින්ට රැස්වීමට අවස්ථාව හිමිවුයේ නැත.
ඒ හේතුවෙන් සිය පාක්ෂිකයින් හමුවීමට ජනාධිපතිවරයාට "කැපිටල් වන් අ'රීනා" ක්‍රීඩාගාරය වෙත යාමට සිදු විය.
එහිදී ජනාධිපතිවරයාට ලැබුණේ, උණුසුම් පිළිගැනීමක් සහ අලංකාර පෙළපාලියකින් ද සැමරුම් උත්සවය වර්ණවත් විය.
ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඉදිරියේ විධායක නියෝග කිහිපයකට අත්සන් තැබුවේ ය.
එක්සත් ජාතීන්ගේ පැරිස් සම්මුතියෙන් අමෙරිකාව යළිත් ඉවත් කරගැනීම ඒ අතරින් සුවිශේෂී.
1902 වසරෙන් පසු අඛණ්ඩ "නොවන" වාර දෙකකදී අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුණු පළමු පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගත වේ.
අපරාධ නඩු විභාගයකින් වරදකරු වූ පුද්ගලයෙකු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයකි.
පළමු ධුර කාලයේදී දෝශාභියෝග දෙකකට මුහුණ දුන් ඔහු ඝාතන ප්‍රයත්න දෙකකින්ද දිවි ගලවා ගෙන ඇත.
Page 1 of 13