විනෝදාස්වාද

වසරේ මාධ්‍ය ඡායාරූපය ...........
ගාසා තීරයේ දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් විසින් මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවයි.
මහමුද් අජ්ජෝර් නමැති 9 හැවිරිදි මෙම පිරිමි ළමයා ගාසා තීරයේදි බෝම්බ ප්‍රහාරයකට හසුව පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.
මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා වන අබු එලූෆ් විසින් අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අබු එලූෆ් විසින් මෙම ඡායරූපය ගන්නා අවස්ථාවෙදි දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.
ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.
මෙම ඡායාරූපය ගාසා තීරයේ යුද්ධයේ දිගුකාලීන බිහිසුණු බව මතක් කර දෙන්නකි.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ මියගිය අයගෙන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවයි.

Wild Cookbook: මිලියන 10 ක ග්‍රාහකයින් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික YouTube නිර්මාපකයා
ජනප්‍රිය YouTube නාලිකාවක් වන Wild Cookbook පිටුපස නිර්මාතෘ චරිත් එන්. සිල්වා, වේදිකාවේ ග්‍රාහකයින් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික අන්තර්ගත නිර්මාපකයා බවට පත්ව ඇත.
2020 දී ඔහුගේ නාලිකාව දියත් කිරීමෙන් පසු, චරිත් වීඩියෝ 600 කට වඩා උඩුගත කර ඇති අතර, බිලියන 4 කට වඩා නැරඹුම් රැස් කර ගෙන ඇත. ඔහුගේ අද්විතීය එළිමහන් ඉවුම් පිහුම් විලාසය සහ අව්‍යාජ ශ්‍රී ලාංකික වට්ටෝරු ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගෙන ඇති අතර, දේශීය ඩිජිටල් අන්තර්ගත අවකාශයේ නව මිණුම් ලකුණක් තබයි.
මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසයේ සැලකිය යුතු ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

IPL තරගාවලිය සදහා දසුන් ශානකට ඇරයුමක්...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි.
ඔහු 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේ ය.
එහිදී එම කණ්ඩායම විසින් දසුන් ශානකව මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මුදලකටයි.
එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහභාගී වන තරගය හෙට(19) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කාන්තා තුන්කොන් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී........
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව එම තරගාවලිය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර ඇත.
සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.
සියලුම තරග දිවා තරග ලෙසන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Page 1 of 38