පුවත්
නව සන්ධානය ඇතුලේ රාජපක්ෂ විරෝධය උග්‍ර වෙලා !
මැතිවරණය සඳහා කෙමෙන් කෙමෙන් දින ළං වෙමින් ඇති බව හැඟවෙන දේශපාලන ක්‍රියාන්විත රැසක් ආරම්භ වෙලා.
සැලකිය යුතු පිරිසක් සිය දේශපාලන නවාතැන මොකක්ද කියලා තීරණය කරගෙන වැඩ පටන් අරගෙන . ඒත් තම කඳවුරු සහාය දක්වන්නේ කාටද කියලා එළිපිට කියන්න ඒ කිසිවකු සූදානම් පාටක් නෑ .
සජබ - මාලිමාව වගේ ප්‍රධාන දේශපාලන කඳවුරු කිහිපයක් පමණක් සිය අපේක්ෂකයන් නම් කර තබා ඉදිරියට පැමිණෙමින් සිටිනවා.. එහෙත් ආණ්ඩු පක්ෂය සිය අභිප්‍රාය පිළිබඳ එකඟතාවක් නිර්මාණය කර ගැනීමට තවදුරටත් අසමත්ව සිටිනවා .
ජනාධිපති රනිල් , ජනාධිපතිවරණයට එනවද නැද්ද කියලා , තාම තියෙන්නේ දෙගිඩියාවක්..
පොහොට්ටුවේ රාජපක්ෂලා , ජනාධිපති මොකක්ද කියන්නේ බලාගෙන හීන් සැරේ ධම්මිකව ෆෝම් කරනවා.
ජනාධිපතිවරණය දිනන්න රාජපක්ෂලාගේ සහය නැතුව බෑ කියලා , UNP එකේ වජිරලා, රවීලා එකහෙලා කියද්දී , අනුරයාපාලගේ අලුත් සන්ධානේ කට්ටිය නම් කියන්නේ, රනිල් ගේ වේදිකාවට රාජපක්ෂලා නැග්ගොත් ලොක්කා කපෝතියි කියලා .
බැසිල්ලව පැත්ත පළාතේ වැද්ද ගන්න එපා කියලයි , නිමල් ලන්සලා පහුගිය දවස්වල එළිපිටම කිව්වේ..
පොහොට්ටුවෙන් නාමල් ඉල්ලුවොත් , ජනාධිපති රනිල්ට වඩාත් වාසිදායකයි කියලයි ලන්සලා ගණන් බලලා තිබුනේ..
'' රාජපක්ෂ විරෝධය රට පුරාම දරුණුවට තියනවා.. ඒ නිසා ජනධිපතිවරණයේදී පොහොට්ටුවේ සහය ගත්තත් , ජනාධිපතිතුමා ඉන්න වේදිකාවට රාජපක්ෂලාව ගත්තොත් ඔන්න අපි නෑ කියලයි ලංසලා - අනුරයාපලා පහුගිය ටිකේම කිව්වේ..
බම්බලපිටියේ ලෝරිස් ලේන් එකේ තියන සුපිරි බිල්ඩිමේ පවත්වාගෙන යන ජනාධිපති රනිල්ගේ කැම්පේන් ඔෆිස් එකේ ජුනි 17 තිබුන දීර්ඝ සාකච්ජාවකින් පස්සේ අනුර යාපලා තීන්දුවක් අරගෙන..
'' ජනාධිපතිතුමාට , රාජපක්ෂලාගේ සහය නැතුව දිනන්න බෑ කියලා අපේ සමහරු තර්ක කරන්න පටන් අරගෙන. අපි අපේ මතේ පැහදිලිව කියල තියෙන්නේ.
රාජපක්ෂලා අපේ ජනාධිපතිතුමාගේ කැම්පේන් එකේ ඉන්නවනන් සජබේ මන්ත්‍රීලා අපේ පැත්තට එනවා බොරු.. කොහොම වුනත් දැන් අපි මාස දෙකතුනක් ඔය ගැන වාද කරනවා. මේක කාලය නාස්ති කෙරිල්ලක්.. ඒ නිසා අපි අපේ පැත්තෙන් තීන්දුවක් ගන්නවා.. '' - අලුත් සන්ධානේ නායක අනුරයාපා කියලා .
''ඇයි මොකක්ද කරන්න හදන්නේ ? ' - සමහරු අහලා තිබුනේ තිගැස්මකින්.. උත්තර දීලා තිබුනේ ලන්සා..
'' රාජපක්ෂලා , ජනාධිපතිතුමාට සහය දක්වන්න තීන්දු කලොත් අපි මීට පස්සේ ඒකට බාධා කරන්නේ නෑ . හැබැයි, රාජපක්ෂලා එන රැස්වීම් වලට අපි සහභාගී වෙන්නේ නෑ . ..රාජපක්ෂලා එන වේදිකාවකට එන්නෙත් නෑ .. 2015 දී ජවිපෙ කෙරුවා වගේ පිටින් ඉඳන් අපි ජනාධිපතිතුමාට සහය දෙනවා. ඒකේ කිසිම අඩුවක් වෙන්න දෙන්නේ නෑ. අපිටත් ඕන කොහොම හරි ජනාධිපතිතුමාව දිනවන්න '' - ලන්සා තමක් හැඟීම්බරව කියාගෙන කියාගෙන ගිහින්..
ලන්සගේ ඒ කතාවත් එක්කම එතන හිටපු හැමෝම වගේ අත්පුඩි ගහලා.
- දේශපාලන වාර්තාකරු
ඉන්දීය විදේශ අමාත්‍යවරයා 20 ලංකාවට !
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම ඇතුළු තවත් වැදගත් සාකච්ඡා කිහිපයක්
සඳහා මෙසේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැමිණෙන රජයේ ආරංචි මාර්ග පවසයි.
එහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ඉන්දීය විදෙස් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි ඇති බවද දැනගන්නට ඇත.
එජාප කලාප සංවිධායකයන්ට පත්වීම් දීමේදී ජනපති කීදේ මෙන්න !
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.
මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.
එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්රදානය වෙනුවෙන් ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරුණු නව කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ දෙවන අදියරට අද සහභාගිවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නමුත් ඒ පිළිබඳ ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව කාන්තාවන්ට සමානාත්මතාවක් හිමි වන්නේ නැහැ. රටේ ජනගහණයෙන් බහුතරයක් වන කාන්තාවන්ට එම අයිතිය ලබා ගැනීමට නොහැකි වීම මේ රටේ පාර්ලිමේන්තුවටත්, ව්‍යවස්ථාවටත් පටහැනි තීන්දුවක් ලෙස සැලකිය හැකි බව මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.
අපේ අරමුණ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීමයි. එය ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ද ඇතුළත් වෙනවා. එම අරමුණ ඉටු කිරීමේදී ඊට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට හැකියාවක් නැහැ.
එම වැඩකටයුතු ඉටු කිරීම වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අද මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම එම තීන්දුවෙන් බුදු දහමේ ආරක්ෂාවත් ඉවත් විය හැකි නිසා අපිට එම තින්දුව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළා. දැන් ඒ පිළිබඳ අප අවධානය යොමු කර කටයුතු කරමින් සිටිනවා.
යෝජිත කුලී ආදායම් බද්ද සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් අය නොකෙරෙන බවට ජනපතිගෙන් සහතිකයක් !
පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතික විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද පැවසීය,
ගරු කථානායකතුමනි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඔබතුමා විසින් කියවනු ලැබූවා. එය ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය යටතේ මෙම සභාවට ඇති බලතල උල්ලංඝණය වන බවත්, ඒ සඳහා අප තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවටත් වන රීති ප්‍රශ්නයක් මතු කිරීමට මට අවශ්‍යයි.
2011 වසරේ සිට කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. මේවා 5 වන තිරසාර සංවර්ධන ඉලක්කය යටතේ සහ අප අත්සන් කර ඇති කාන්තා සම්මුතීන් මෙන්ම ගිවිසුම් ගණනාවක් යටතේ රජයට ඇති වගකීම් බවට පත් වෙනවා.
ඊටත් වඩා, කමලාවතී සහ වෙනත් අය එදිරිව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන නඩුවේදි, ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ බල සීමාව තුළ සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබුවා.
එය පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබූවක්. එය දේශපාලන කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අයුරකින් මේ පිළිබඳ තීන්දුවක් දෙන්න බැහැ. එවැන්නක් සිදු වුවහොත් ඔවුන් අපේ බල සීමාවට ඇතුළු වෙනවා.
දෙවනුව, කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ සමාජභාවය පිළිබඳ ප්රශ්නය මත ලබා දී ඇති නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.
රත්නායක තරංගා ලක්මාලි එදිරිව නිරෝෂන් අබේකෝන් සහ පොලිස්පති නඩුවේදී මිනිසුන්ගේ අභිමානය සහ යහපැවැත්ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඊළඟට දස පුද්ගල විනිසුරු මඩුල්ල එදිරිව සරත් ජයසිංහ සහ තවත් අය පිළිබඳ නඩුව ද තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හෝ එහි සංශෝධනවල අන්තර්ගත වටිනාකම් දැනගැනීමට ව්‍යවස්ථාවක භාවිතා වන පාඨය මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ.
ඒ හා සමානව, සමානාත්මතාවය පිළිබඳ සංකල්පය පාලනය කරන මූලික මූලධර්මය අසාධාරණය ඉවත් කිරීම බව සඳහන් කෙරෙන, කරුණාතිලක එදිරිව ජයලත් ද සිල්වා සහ වෙනත් අය යන නඩුව සම්බන්ධයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ලබාදුන් විනිශ්චය තිබෙනවා. එය සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන සහ එමඟින් වෙනස් කොට සැලකීමේ ක්‍රියාව දැඩි ලෙස තහනම් කර තිබෙනවා.
අවසාන වශයෙන්, අගවිනිසුරුවරයා විසින් ලබාදුන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ විශේෂ තීරණය ද ඔවුන් නොසලකා හැර තිබෙනවා. මෙහිදී අපි කතා කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳවයි.
නමුත් 5 වන තිරසාර සංවර්ධන ඉලක්කයට අනුව අනෙකුත් සුළු කොට්ඨාසයන්ට පවා භේදයකින් තොරව රජයේ සේවාවන් ලබාගැනීමේ හැකියාව පැවතිය යුතුයි. එය කෙසේ වෙතත් මූලික අයිතිවාසිකම් යටතේ අපට ලබා දී ඇති සාමාන්‍ය බලතල අනුව කටයුතු කළ යුතුයි.
නමුත් මෙම තීරණය මගින් මේ සියලු බලතල නොසලකා හැර තිබෙනවා. එක් අතකින් උසාවිය සියල්ල පසෙකට දමා ඔවුන්ට මේ සඳහා අවස්ථාව පවතින බව ප්‍රකාශ කරමින් සිටිනවා. එමඟින්, පෙර ලබාදුන් තීන්දු සියල්ලම අතුරුදහන් වී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. අධිකරණය විසින් මින් පෙර ලබාදුන් සෑම තීන්දුවක්ම මේ මගින් ඉවත දමා තිබෙනවා. ඉතින් ඔවුන් එක්තරා ආකාරයකට අධිකරණමය වශයෙන් හානිදායක ක්‍රියාවක් සිදු කරන අතරම එය පිළිගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් එය මෙම ගරු සභාවට කළ නොහැකියි. ඔවුන් දස පුද්ගල විනිසුරු මඩුල්ලක් සහ අගවිනිසුරුවරයා අභිබවා යන්නේ කෙසේද?
ඒ වගේම මෙම පනත මගින් සමලිංගික විවාහ සහ ස්ත්‍රී පුරුෂභාවය සඳහා ඉඩ දෙන බව ද ප්‍රකාශ කර තිබෙනවා. මෙම පනතට ඒ පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මීට ඉඩ නොදිය යුතුයි. සෑම නීතියකම ඇතුලත් වෙන මේ සාමාන්‍ය වගන්තිය පිළිබඳ ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. එය ඇතුලත් කරන්නේ අප නෙවෙයි, නීති කෙටුම්පත් සම්පාදකයා සහ නීතිපතිවරයායි. මෙම නීතිය අනෙකුත් නීතිවලට වඩා බලපවත්වන නමුත් මෙයද අර්ථකථනය කර තිබෙනවා. එය අවසාන වශයෙන් අධිකරණයට පැවරෙනවා. ඒ වගේම මම හිතන්නේ චාමර සම්පත් මහතා (රාජ්‍ය අමාත්‍යවරයා නොවෙයි) ඒ වගේම නීල් ඉද්දවෙල මහතා ද කරුණු සඳහන් කළා. මෙය සාමූහිකව කෙටුම්පත් කර තිබෙනවා. අනික මේ රටේ විවාහ නීති එක කොටසකට වෙනස් කරන්න බෑ.
ඊටත් වඩා මුලික වශයෙන් සමස්ත පිරිවෙන් අධ්‍යාපන පනත මෙයින් ඉවත් කර දැමිය හැකි බව ඔවුන් පවසනවා. ඔවුන් මෙය කුමන පදනමකින් සිදු කළා දැයි මම දන්නේ නැහැ. බුදුදහම ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ කරුණු ඇතුළත් වෙනවා. එම පනත කෙටුම්පත් කිරීමට දායක වූ සහ එය ක්‍රියාත්මක කළ අමාත්‍යවරයෙකු ලෙස මම ඒ පිළිබඳ දන්නවා.
එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් ආරක්ෂා කර තිබෙනවා. ඒ වගේම මෙවැනි කුඩා විධිවිධානයකින් එය වෙනස් කළ හැකි යැයි සිතනවාද? පරියත්ති, පටිපත්ති, පටිවේද යනු කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි අසුන්ගන්නා විනිසුරු මඩුල්ල හෝ නොදන්නා බව මම සිතනවා.
මම හිතන්නේ ඒ අය මේ ගරු සභාවට ඇවිත් කියන්න කලින් පන්සලකට හෝ පිරිවෙනකට ගොස් මේ පිළිබඳ ඉගෙන ගත යුතුයි. අප එතන වෙන දේ පිළිබඳ දන්නවා. මෙම ගරු සභාවේ ගෞරවනීය සංඝරත්නය ද වැඩ සිටිනවා. ඉතින් මොවුන් සඳහන් කරන මේ අයිතීන් සහ බෞද්ධයන්ගේ සියලුම අයිතීන් එක කුඩා කොටසකට උදුරගන්න පුළුවන්. ඒවගේම සිදුවන්නට යන්නේ කුමක්ද? බුද්ධාගමට පවතින රැකවරණ සියල්ල ඉවත්වෙනවා. අවසාන වශයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත ආපසු යා යුතුයි. ඕනෑම නෛසර්ගික බලයක් ව්‍යවස්ථාදායක සභාව සහ එය ගොඩනගා ඇති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුක්ති සහගත කළ යුතුයි.
ඒ නිසා පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් දෙන්න බැහැ. ඔවුන්ට ලබා දිය හැක්කේ එහි වටිනාකම පිළිබඳ උපදේශන අදහස් පමණයි. මෙය අත්‍යවශ්‍යයෙන්ම පූර්ව ව්‍යවස්ථාදායක පරීක්ෂාවක් වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී, අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් වීම සහතික කිරීම සඳහා අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරනු ලැබුවා.
නමුත් 1972 දී, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පළමු වරට ඉදිරිපත් කර සති දෙකක් ගතවීම අනිවාර්ය නොවන බව ටී.එස්. ප්‍රනාන්දු මහතා තීරණය කළ අවස්ථාවේ මෙම ගරු සභාව එම තීරණය නොසලකා බැහැර කරනු ලැබුවා. මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඒ සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. අනෙකුත් සියලුම කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල යුක්තියට අදාළ වන බැවින්, මෙම විශේෂිත කාරණය පාර්ලිමේන්තුවට යටත් වෙනවා. නිසැකවම, මෙම අධිකාරිය පාර්ලිමේන්තුවෙන් ආරම්භ වෙනවා. එක් අතකින්, අනෙකුත් අධිකරණ මෙන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය රූපීය වශයෙන් සංක්‍රාන්ති ලිංගික වෙනවා. එය 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් සහ 4 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් වශයෙන් මූලාශ්‍ර දෙකකින් එහි අධිකාරිය ලබා ගන්නවා.
ඒ නිසා මෙය සැබවින්ම මේ සභාව විසින් අනුගමනය නොකළ යුතු ගැටළු සහගත තීරණයක්. ඒ වගේම ඒ ගැන සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරන ලෙස මා නිර්දේශ කරනවා. ඒ සඳහා විනිසුරුවන් කැඳවීමට අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබඳ අපට අධ්‍යයනය කරන්න පුළුවන් සහ නිර්දේශ ලබාදීමට පුළුවන්. එම තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයෙන් පත් කළ යුතුයි. කෙසේවෙතත් මෙය කාන්තාවන්ට අදාලයි. එයින් සිදුවන්නේ රටේ ජනගහනයෙන් බහුතරය වන කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වීමයි. ඒ වගේම එයින් තවත් බහුතරයක් වන බෞද්ධයින්ගේ ආරක්ෂාව ද ව්‍යවස්ථාවෙන් අහෝසි වෙනවා. එබැවින් අපට මෙය පිළිගැනීමට නොහැකියි. එසේනම් මේ ගරු සභාවට තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සිදු වෙනවා.
ගරු කථානායකතුමනි, මට සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. භූමදානය කිරීම් සහ කොවිඩ්-19 වසංගතය අතරතුර සිදු වූ දේ පිළිබඳව බොහෝ සාකච්ඡා සහ සිත් රිදීම් ඇති වී තිබෙන බව ඔබ දන්නවා. ඔබ දන්නවද මමත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. මුලදී, සියලුම රටවල් භූමදාන කිරීම නතර කළා. ඉන් අනතුරුව එය ලෝක සෞඛ්‍ය සංවිධානය හමුවට ඉදිරිපත් කළා. නමුත් ශ්‍රී ලංකාවේ අපි කමිටුවක් පත් කළා. අවාසනාවකට මෙන්, එම කමිටුව අපට භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස නිර්දේශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනස් මතයක් ගත්තා. එහෙත් පසුව එම කමිටුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කළා. ඒ නිසා රජයට එය අනුගමනය කිරීමට සිදු වුණා. ඒ අවස්ථාවේ දී විකල්පයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ සියල්ල අවසන් වී තිබෙනවා.
ඒ වගේම අප මේ හැමදේටම මුහුණ දී තිබෙනවා. මේ රටේ ඕනෑම කෙනෙකුට තමන්ව මිහිදන් කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අයිතියක් තිබිය යුතුයි. එම නිසා මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදාන කිරීම, ආදාහනය කිරීම හෝ දේහය වෛද්‍ය පීඨයට පරිත්‍යාග කිරීම පිළිබඳ අයිතිය ලබා දෙන නීතියක් විෂයභාර අමාත්‍යවරයා විසින් ගෙන ඒමට නියමිතව තිබෙනවා. මෙම කාලය තුළ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාවටට විශාල සිත් රිදවීම් ඇතිවුණා. නමුත් මරණයෙන් පසුව මිහිදන් කිරීමට කැමති මම දන්නා හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි අය ද සිටිනවා. එබැවින් සිදු වූ දේ පිළිබඳ අප ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සම්බන්ධව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතට මෙම සභාවේ සහාය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම යෝජිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ද මෙම සභාවට අදහසක් ප්‍රකාශ කිරීමට තිබෙනවා. අප ධන බද්දක් හඳුන්වාදෙනවා. ඒවගේම එහි සීමාව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇතියි. එබැවින් රටේ ජනතාවගේ නිවාසවලින් 90% ක් මෙයින් නිදහස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ කරදර විය යුතු නැහැ. ඔබේ නිවස ආරක්ෂිතයි.
නමුත් අප කුලී ආදායම් බද්ද පනවන්නේ ශ්‍රේණිගත කිරීම මත පදනම්ව ගත් තීරණයක් අනුවයි. ඉන් අනතුරුව අපිට ගැටළුවක් ඇතිවුණා. එම ශ්‍රේණිගත කිරීම් අයත් වන්නේ පළාත් සභාවලටයි. එහිදී ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව අනුව මේ බද්ද පැනවුවහොත් එමගින් ලැබෙන මුදල් අයත් වන්නේ පළාත් සභාවට යැයි අධිකරණයට පැවසිය හැකියි. ඒ නිසා අප ඒ සඳහා අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගත යුතුයි. ඉතින් අප කුලී ආදායම බද්ද යනුවෙන් වෙනස් සූත්‍රයක් පාවිච්චි කර තිබෙනවා. එම ආදායම් බද්ද මධ්‍යම රජයට අයත් වෙනවා.
අප සාමාන්‍යයෙන් මෙම ශ්‍රේණිගත කිරීම් භාවිත කර තිබෙනවා. පවතින නෛතික ගැටළුව විසඳීම සඳහා අප මෙය සිදු කළා. නමුත් එහි බදු සීමාව ඉතා ඉහළ බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ රටේ අති බහුතරයක් ජනතාව තමන්ගේ නිවස පිළිබඳ කලබල විය යුතුයි කියලා මා හිතන්නේ නැහැ. නමුත් අපට ධන බද්ද පැනවීමට සිදු වෙනවා. සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් ඔවුන් සමඟ සිටින ප්‍රකෝටිපතියන්ගෙන් බදු අය කරනු ඇතැයි කියා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද මම දන්නවා.
එසේම ජනතා පරමාධිපත්‍ය ද පවත්වාගෙන යා යුතුයි. එම පරමාධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාටයි. මෙම අවස්ථාවේ එම ආයතන දෙකම සිටින්නේ එකම ස්ථානයකයි. අධිකරණයට බලතල ලැබෙන්නේ පාර්ලිමේන්තුව හරහායි. 1971 මැතිවරණයෙන් අප තීරණය කළේ එයයි. ලියනගේ එරෙහි රැජිණි නඩුවෙන් මෙම බලතල තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ප්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ විශාල විවාදයක් ද ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ අප ප්‍රකාශ කළේ මෙය 2/3ක ඡන්දයකින් වෙනස් කළ හැකි බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ එය 2/3කින් සිදුකළ නොහැකි බවයි. නමුත් 1970 දී 2/3ක් එම කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව මෙම බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් සකස් කෙරෙන ව්‍යවස්ථාවෙන් බවට අප සියලුදෙනා එකඟ වුණා. ඒ බලය ගත්තේ ජනතා පරමාධිපත්‍යයයි. එය අප මෙතෙක් වෙනස් කර නැහැ.
නමුත් 1978 ව්‍යවස්ථාවේදී ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් අප ජනමත විචරණයක් ගෙන ආවා. ඒ නිසා මෙම සභාවේ අයිතිවාසිකම්වලට අත ගැසීමට මට අවශ්‍ය නැහැ. 1978 දී අප අධිකරණයේ නිදහස තවත් ශක්තිමත් කළා. මේ අවස්ථාවේ අධිකරණය ගෙන තිබෙන්නේ අධිකරණ සතු බලතල නොවෙයි. මොකද මේ රටේ නීති සම්මත කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. එසේනම් නීතිය ව්‍යවස්ථා විරෝධිද නැද්ද කියා උපදෙස් ලබාදීම පමණක් සිදුකළ යුතුයි. අප ව්‍යවස්ථාදායක අධිකරණයක් ඇති කර තිබෙනවා. නවසිලන්තය, ෆින්ලන්තය වැනි රටවල ගෙන එන නීති ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද තීරණය කරනු ලබන්නේ පාර්ලමේන්තු තේරීම් කාරක සභාව විසින්.
පසුව 1978 දී අප තීරණය කළා මේ සඳහා වෙනම අධිකරණයක් අවශ්‍ය නැහැ ඉන් සිදු වන්නේ මුදල් නාස්තියක් පමණයි කියලා. මම කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කර පාර්ලිමේන්තුව වෙනුවෙන් බලය ලබාදීම පමණයි.
අධිකරණය විසින් ලබා දුන් තීරණයක් පිළිබඳ කැබිනට් මණ්ඩලයට තීරණයක් ගත නොහැකි බව මතක තබා ගත යුතුයි. මේ පිළිබඳ වෙනත් පක්ෂවලින් විවිධ අදහස් හා විරෝධතා ප්‍රකාශ කෙරුණා. නමුත් එක කමිටුවකින් තීරණයක් ලබා දුන්නා. කෙසේ හෝ අධිකරණයට ගියා. අධිකරණය එය තහවුරු කළා. ඉන් පසුව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.
මම මෙතනට ආවේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි. මට එය අවශ්‍ය නැහැ. නමුත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවේ සිටියදී කවුද කථා කළේ කියලා මට අවහ්‍ය නම් කියන්න පුළුවන්. ඒ සියල්ල අමතක කර අප සාකච්ඡා කරමින් ඉදිරියට යමු. මෙතනට අන්තවාදය අවශ්‍ය නැහැ.
ආණ්ඩුවට බැරි නම් චම්පික ඉල්ලයි !
බදු නොගෙවන, නමුත් ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු බවත් ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වඩා පොලු තබා ඇති බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ බව පවසා සිටයේ හෝමාගම ආසනයේ ජනහමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
‘‘අද මම මේ එන ගමන් මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ගියා. දුම්රියයි බස් එකයි එකට එකතු කරලා මේ හෝමාගම ප්‍රශ්නයට යම් විසඳුමක් දෙන්න තමයි අපි හැදුවේ.
අපි උඩින් යන දුම්රිය පාරක් හදන්න හැදුවා.
ඒ පාර නැවැත්තුවා ගෝඨාභය මහත්තයා බලයට ඇවිල්ලා.
ඒ කෝච්චි පාර හදන්න හිටපු ඒ ප්‍රධාන ඉංජිනේරුතුමා දැන් ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් භාරව කටයුතු කරගෙන යනවා.
රජයේ කාර්යාල ඔක්කොම මාකුඹුරේ උප කාර්යාල අරින්න අපි සැලසුම් කළා.
අද ඒ ඉඩම් ඔක්කොම වල් බිහිවෙනවා.
2022 අප්‍රේල් මාසේ රට කඩා වැටුණා.
අපි හැමෝම තෙල් පෝලිම්වල හිටියා. පැය දාහතරක් ලයිට් කැපුණා. ගෑස් තිබුන් නෑ. ගොවියට පොහොර තිබුන්නෑ. ඉස්පිරිතාලේ බේත් තිබුන්නෑ. මං අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ ඒ සෙල්ලං ටික. ඇයි එහෙම වුණේ?
එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි සංවර්ධනය කියලා වැඩ ටිකක් කරගෙන ගියා. ඒවට අපි ණය ගත්තා.
පොලියට. ගෙවා ගන්න බැරි වුණා. අපි බංකොලොත් වුණා.
ඊට පස්සේ අපිට බෙහෙත් ටික, පෝර ටික, කෑම ටික ගන්න බැරි තත්වයක් ඇති වුණා. ඕක තමයි අපට සුද්ද සිංහලෙන්ම වෙච්ච දේ. දැන් අපිට තෙල් පෝලිම් පේන්න නෑ.
හැබැයි තෙල් මිල තුන් ගුණයයි. පොහොර නැත්තේ නැහැ තියෙනවා.
හැබැයි පොහොර හත් අට ගුණයයි. ඔය කිලෝ පනහේ පොහොර මිටිය දැන් රුපියල් එකොලොස් දාහක්, දොළොස් දාහක්. තුන්සිය පනහටත් තිබුණා.
එක්දහස් පන්සීයටත් තිබුණා. ඊළඟට විදුලි ගාස්තු විදුලිය නම් විසි හතර පැයම දෙනවා.
විදුලි ගාස්තු තුන් ගුණයකින් වැඩි වෙනවා. ඒක අපේ මිනිස්සුන්ට දරාගන්න බැහැ. ගෑස් මිල වැඩි වෙලා. බෙහෙත් මිල හතර ගුණයකින් විතර වැඩි වෙලා.
සමහර බෙහෙත් තාම නැහැ. දැන් මේවට විසඳුම් නැද්ද? දැන් අපේ දැන් තෙල් පෝලිම නෑ. හැබැයි තෙල් මිල වැඩියි. අපිට දරාගන්න බෑ. විදුලිය නම් කැපෙන්නේ නෑ තමයි.
හැබැයි විදුලි ගාස්තු වැඩි වෙනවා. මේක අඩු කරන්න බැරි වෙනවා. මේකෙන් අපේ පවුලේ වියදම අඩු කරන්න අපිට දායක වෙන්න බැරිද?
මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය !
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකේතාත්මකව උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් විය.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය :
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා.
පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි.
අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි.
ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා.
මෙම වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමි විය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.
මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටළුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳිමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා.
අප ආණ්ඩුව භාරගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට රජය කටයුතු කළා.
ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා.
ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි :
පරම්පරා ගණනක් තිස්සේ නොලැබුණු ඉඩම් අයිතිය අද ඔබට ලැබී තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව ඔබ සියලු දෙනා මහත් පීඩාවන්ට ලක්වුණා. ජනතාවගේ මූලික අවශ්‍යතා තුන වන ඉඩමක්, නිවසක්, සහ ආහාර ලබාදීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබෙනවා.
ඉඩමක සින්නක්කර අයිතිය ලැබීම තුළින් පවුලේ අයට දැනෙන සතුට මිල කරන්න බැහැ. මා මේ කටයුත්ත දකින්නේ ඔබේ පවුල ශක්තිමත් හා සුන්දර කිරීමට ජනාධිපතිතුමා ගත් විප්ලවීය පියවරක් ලෙසයි. සින්නක්කර ඉඩම් අයිතිය නොමැතිව සිටි පවුල් ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබාදීම සමඟ රට තුළ මහා පෙරළියක් සිදු වෙමින් තිබෙනවා.
කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කිරීම ජනාධිපතිතුමාගේ තවත් වැඩසටහනක්. නවීන තාක්ෂණ උපකරණ ගොවීන්ට ලබාදීම රජයකට තනිව කරන්න බැහැ. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ගොවීන්ට නවීන කෘෂි උපකරණ ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රටේ පාසල්, රෝහල් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය තුළින් අද රට දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. අපට තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. එනිසා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඔබ සැමගේ සහාය අවශ්‍යයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර :
ඉඩම් ප්‍රශ්න නිසා තාත්තා පුතාව ඝාතනය කරන, අයියා මල්ලිව ඝාතනය කරන කාලයක් මේ රටේ තිබුණා. පොලිසිවලට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් එන්නේ ඉඩම් ප්‍රශ්න සම්බන්ධවයි. මහජන නියෝජිතයන් වශයෙන් අපටත් ඉඩම් ප්‍රශ්න ගැන පැමිණිලි ලැබෙනවා.
අද ඔබට ඉඩමේ අයිතිය සින්නක්කර ඔප්පුවකින් ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කරනු ලැබූ විශාලතම පෞද්ගලිකකරණය මෙයයි. රටේ අක්කර මිලියන ගණනක් ජනතාවට ලබාදීමට එතුමා කටයුතු කරමින් සිටිනවා. මේ රට අගාධයට වැටුණු අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ රට භාරගත් ජනාධිපතිතුමාට සහාය ලබා දෙනවා වෙනුවට ඇතැමුන් චෝදනා එල්ල කරමින් සිටිනවා. උද්ඝෝෂණවල නිරතව සිටි ගොවි ජනතාව යළි ගොවි බිමට යැවීමට කටයුතු කළේ ජනාධිපතිතුමායි. රටින් හාල් ගේනවා වෙනුවට අපේ රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට මේ වන විට ගොවි ජනතාව සමත්ව තිබෙනවා.
වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ :
මේ රටේ ඉඩම්වලින් තුනෙන් එකක් පාලනය කරන්නේ මහවැලි අධිකාරියයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන යටතේ මේ වන විට පවුල් විශාල සංඛ්‍යාවකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදී තිබෙනවා.
අගාධයට වැටී තිබූ රටට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදි ලෙස රට පාලනය කරමින් සිටිනවා. අද රටේ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා. සමාජ මාධ්‍ය තුළද අපේක්ෂකයන් ඕන තරම් සිටිනවා. ඔය කවුරු සිටියත් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන තවත් අවුරුදු පහක් ඉදිරියට යා යුතුයි. එබැවින් මේ වෙලාවේ අප සියලුදෙනා රට ගැන සිතා වැඩ කළ යුතුයි.
එසේ නොමැති වුවහොත් යළිත් රට අගාධයට ඇද වැටෙනවා.
පළාතේ මහා සංඝරත්නය ද, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, මුදිතා ප්‍රිෂාන්ති, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කුමාරසිරි රත්නායක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ඔප්පුලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සිරිසේන ඉල්ලා අස්වුණේ වලව්වේ පුංචි නෝනා නිසා ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තමා ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
තමන් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් නොවී දිගටම රැඳී සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17)පැවති රැස්වීමක් අමතමින් ය.
තමන් ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබුවේ තමන් ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා බවද ඔහු සඳහන් කළේය .
තමාගෙන් පසු එම සභාපති ධුරයට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා බවද ඔහු පැවසීය .
ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය මත රටේ අනාගතය තීරණය වෙනවා - ජනපති
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (16) එක් වෙමිනි.
මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” ජනාධිපතිවරයා පළමුව එක් විය.
“දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද ඊයේ (16) මන්නාරමේදී පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට, ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසු ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජන්ද ලක්ෂ 95ක් සමඟ රනිල් යළි ජනාධිපති වෙනවා - එජාප ජාතික ලේකම්
සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස යළි ජනපති වන බවට පැහැදිලිව ගණන් බලා තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.
ඊට බිය වී ඇති කිසිම වැඩ පිළිවෙළක්, දර්ශනයක් සහ ඉලක්කයක් නොමැති බංකොලොත් විපක්ෂය බිල්ලන් මවමින් රටත් ජනතාවත් නොමඟ යවමින් සිටින බවටද ඔහු පෙන්වා දුන්නේය.
රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කර ජනතාව සවි බල ගන්වන ජනපතිගේ ගමන කඩාකප්පල් කර රට වට්ට වීමට කිසිදු දුෂ්ඨ බලවේගයකට ඉඩ තබන්නේ නැති බවද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කළේ කොළඹ දී අද (17) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මත වන අතර එම තත්ත්වය රට සහ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
මෙහි සහනය ලැබෙන්නේ රටට සහ ජනතාවටයි. ජනාධිපතිවරයා ප්‍රධාන රජය මූල්‍ය විනයක් සහිතව හරි මාර්ගයේ යනවා. රටක් බංකොලොත් වුණාම ඒ බංකොලොත් භාවයෙන් එළියට පැමිණීම ඉතාම අමාරුයි. නමුත් අප ඒ ගමන් මාර්ගයේ මේ වන විට සාර්ථකව යනවා.
සමහරුන් ඉඩම් සහ නිවාස බදු ගැන විවේචනනය කරනවා. නමුත් මේ බද්ද ලොකු කාරණයක් නොවෙයි. සෑම නිවසකටම සහ ඉඩමකටම බදු ගහන්නේ නෑ. බදු ගහන්නේ වාණිජ කාරණා සඳහා යොදා ගන්නා නිවාස ඇතුළු දේපොළවලට විතරයි. ඒ නිසා විපක්ෂය විවිධ කාරනා අල්ලගෙන බිල්ලෝ මවන්න හොද නෑ.
අප සියලු දෙනා එකට එක්ව මේ රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ සඳහා අපනයනය වැඩි කළ යුතුයි. ඒ වගේම රටේ යල් පැන ගිය ප්‍රසම්පාදන ක්‍රමවලට අදාළ නීති පද්ධතිය නවීකරණය කළ යුතුයි. නිවැරදි වෙලාවට නිවැරදි තීන්දු නොගතහොත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වන්නේ ජනතාවටයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවනවා විනා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන විධිමත් වැඩ පිළිවෙළක්, දර්ශනයක් සහ ඉලක්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ. විනෝද බද්ද නිසා යම් ප්‍රමාණයකට අනිසි බලපෑමක් එල්ල වුණා. ඒ නිසා ඒ බද්ද අහෝසි කර තිබෙනවා.
වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන කතා වනවා. නමුත් මේ නිසා ඩොලර් කාන්දු වීමක් වුණොත් රටේ ආර්ථිකයට යළි ගැටලුවක් ඇති වනවා. මේ මොහොතේ වැදගත් වන්නේ රටට කාර් ආනයනය කිරීම නොවෙයි , රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව කිව යුතුයි. මේ කරුණු කාරණා හේතුවෙන් වැරදි මතයක් ඇති වුණොත් එම තත්ත්වය ඩොලර්යට බලපාවි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංශෝධනය කළ යුතු යැයි විපක්ෂය කියනවා. ඒ කුමක් සඳහාදැයි අප ප්‍රශ්න කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියල්ල අප කළ යුතු නැහැ. ඒ නිසා වාහන ආනයනය සුදුසු නැහැ. ඩොලර්ය අඩු වෙලා. නමුත් වෙළෙඳ පොළේ බඩු මිල අඩු වෙලා නෑ. මේ ගැන ජනමාධ්‍ය කරුණු සෙවිය යුතුයි. පාරිභෝගික අධිකාරිය මේ ගැන සෙවිය යුතුයි. අපේ රට ශ්‍රී ලංකාව කියන්නේ නිධානයක් උඩ සිටිමින් හිඟා කන ජාතියක් බව කිව යුතුයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා යැයි ද, යාපනය සංවර්ධනය කරනවා යැයි ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. උතුරට ගිහින් එකක් කියනවා. දකුණට ඇවිත් තව එකක් කියනවා. නමුත් ශ්‍රී ලංකාවටම අවශ්‍ය වන්නේ ජාතික වැඩ පිළිවෙළක් බව කිව යුතුයි. රට බංකොලොත්භාවයෙන් අත්මිදෙමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් පවා පැහැදිලි වනවා.
ඒ අනුව සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස ජය ගත හැකි බවට පැහැදිලිව ගණන් බලා තිබෙනවා."
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙනවා !
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.
මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
ප්‍රශ්න මතුව ඇත්නම් සියලුදෙනා එක්ව සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.
මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම සංවර්ධන කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කැඳවා තිබු මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත්රයන්හි මතුව ඇති ගැටළු මෙහිදී සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුනු අතර එම බොහෝ ගැටළුවලට එම අවස්ථාවේ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
එමෙන්ම මන්නාරම රෝහලට දිගු කලක සිට අඩු පාඩුවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස රෝහල් අධ්යක්ෂවරයා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කඩිනමින් ඉටු කර දෙන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවත්ය.
ඉදිරි දශක පහ තුළ වෙනස්වන කාලගුණයට අනුරූපව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි විසඳුම් දැන් සිට සොයා බැලීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඉදිරි වසර පනහක කාලය තුළ තෙත් කලාප වලට වැඩියෙන් වැසි ලැබෙන අතර වියළි කලාපවලට වැසි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට පුරෝකථනය කර ඇති බවද පෙන්වා දුන්නේය. වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ආර්ථික, සාමාජීය අධ්‍යාපන හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නව පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය :
දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකියි. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතිනවා.
මෙම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා.
හරිත බලශක්තිය උත්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ විශේෂ හැකියාවක් තිබෙනවා. වැව් මත සූර්ය පැනල බලාගාර ඉදිකිරීම සහ සුළං බලාගාර ඉදිකිරීම මගින් විශාල බල ශක්තියක් උත්පාදනය කළ හැකියි. එම බලශක්තිය ඉන්දියාවට සහ අනෙක් රටවලට අළෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකියි. හරිත බලශක්තිය සහ හරිත හයිඩ්රජන් මඟින් හරිත ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.
මන්නාරම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. පුත්තලම හරහා මන්නාරමට පැමිණීමේ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකියි. මන්නාරම රෝහලට අදාල CT ස්කෑන් යන්ත්‍රයක්ද ලබාදීමට කටයුතු කරනවා. නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සංවර්ධන කමිටුව රැස්ව සාකච්ඡා කර යෝජනා ලබා දෙන ලෙස දන්වා සිටීමට කැමතියි. මේ ප්‍රදේශයේ තිබෙන වැව් ආරක්ෂා කිරීම හා මල්වතු ඔය ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඉදිරි දශක පහ ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත් වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙනවා. එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා දැන් සිට අප ක්‍රියාත්මක විය යුතුයි.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය පවතින්නේ එම වන්දනාකරුවන් සඳහායි. ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගයේ තිබෙන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහායි. එබැවින් වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ලක්ෂ තිහක දඩයක් පනවනවා නම් එය සාධාරණ කටයුත්තක් ලෙස මා දකින්නෙ නැහැ. එම නිසා මන්නාරම රදගුරු පදවියේ නියෝජිතයෙක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම මාර්ගය පවිත්‍ර කර සංවර්ධනය කර දෙන්න. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර මෙම කටයුතු අවසන් කර දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.
මන්නාරම නගරයට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක අංශ යොදා තිබෙන මුරකුටිය ඉවත් කිරීම එකවර සිදු කිරීමට නොහැකියි.
ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධනය අප ඉදිරියේ දී ලබා දෙනවා. මෙම වසරේදි එහි මූලික අඩිතාලම තැබීමට බලාපොරොත්තු වෙනවා.
මට අවශ්‍ය වුණේ මන්නාරම අවට සිදුවන මෙම පුළුල් සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඔබව දැනුවත් කිරිමටයි. ඒ නිසා ඔබ කිසිවෙකුට හසු විය යුතු නැහැ. අප සියලුදෙනා එක්ව මෙම ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් සිදු කර මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මන්නාරම දිස්ත්‍රික්කය පත් කරමු.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් , සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රිෂාඩ් සජිත්ගෙන් ගැලවෙන ලකුණු : ප්‍රසිද්ධියේ ජනපති රනිල්ව අගයයි !
මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ප්‍රශංසා කරන බව හිටපු අමාත්‍ය , සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ය.
මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙසේද පැවසීය .
ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ නිහැඩියාවකට පසුව උනුසුම් දේශපාලන පසුබිමක ප්‍රබල මුස්ලිම් දේශපාලන නායකයකු වන රිෂාඩ් බදියුදීන් ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය බොහෝ දුරට ඉදිරි දේශපාලන තීන්දුවක සංඥාවක් ලෙස සැලකිය හැකි බවය.
මෙතෙක් සමගි ජනබලවේගය පක්ෂය සමඟ සන්ධානගතව සිටි රිෂාඩ් මන්ත්‍රීවරයා ප්රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සමයේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන හැසිරීම පිළිබඳව දරුණු කළකිරීමක සිටි බවද විචාරකයන් සිහිපත් කරයි. රාජපක්ෂ කඳවුරට සම්බන්ධව සිටි උග්‍ර ජාතිකවාදීන් කිසිදු හිරිකිතයකින් තොරව සජබ ට එක්කර ගැනීම ඊට හේතු වූ බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්රමුඛ ඔහුගේ පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහාය පිණිස ගොඩනඟන සන්ධානයට එක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
සජබ මන්ත්‍රීවරුන් 4ක් නව සන්ධානයට !
සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "සිරිපාල" පාර්ශ්වය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ප්රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් විසින් පිහිටුවා තිබෙන නව සන්ධානයට එක්වීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස සමඟ පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හමුව සඳහා සජබ මන්ත්‍රීවරුන් පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ ආරක්ෂකයින් ද නොමැතිව බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව සන්ධානයේ මීළඟ රැලිය පැවැත්වෙන මොණරාගල වේදිකාවට ඔවුන් ගොඩවීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි .
නව සන්ධානය සමග එක්වන්නේ කුමන ලෙසකින්ද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාව වී තිබේ.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා ඉදිරි නව සන්ධාන රැලියට ගොඩවීම සඳහා බොහෝ ඉඩකඩ ඇති බවද දැනගන්නට ඇත.
රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා..!
දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල් එකක් ගන්න බවකුත් පේනවා. රැඩිකල් බව උතුරනවා. විව්ස් වැඩි වෙනවා.
සාමාන්‍යයෙන් මිනිසා අවසානය ගැන ෆැන්ටසි වලට ආශාකරනවා (end fantasy). අපි මැරෙන හැටි ගැන උණත් අපිට ෆැන්ටසි එකක් තියනවා. උදාහරණයක් හැටියට ඉස්සර පරම්පරාව කිව්වේ සිරිමහා බෝධිය වැඳ පුදාගෙනවත් මැරෙන්න ඕනි කියල. දුටුගැමුණු රජ්ජුරුවෝ මැරුණේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කියල සඳහන් වෙනවා. ඒ අපේ අවසානය ගැන තියන යම් ෆැන්ටසි එකක්. ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. සමහරු මක්කම ගිහිල්ල මැරෙනවා. ඒ පැත්ත බලාගෙන මැරෙනවා. ඒ වගේ එක් එක් විදි තියනවා.
ඒ විදියට දැන් තියන එක පරාජිත ෆැන්ටසි එකක් තමයි රනිල් මැරෙනකල් ඉන්න එක. ඒ කියන්නේ දේශපාලන තලයේ භෞතිකව එයාව පරද්දන්න බැරි වෙනකොට, නැත්නම් රනිල් එක් එක් විදියට ඉත්තෝ අදිනකොට සහ අපිට ඒ ඒ විදියට වැඩ කරන්න වෙනකොට අපි හිතින් මවාගන්නවා ''අනේ මූ මැරිලවත් යන්නේ නැහැනේ'' කියල. සමහර විට පහුවෙන හැම පෝයක් ගානෙම මේ ෆැන්ටසි එක අපිට එනවා. නමුත් එහෙම හිතෙන්නේ අපි පරාජිත නිසා. මේ නාකි දේශපාලඥයා එක්ක ගේම් එක අපිට තවමත් ගහන්න බැරි නිසා. කෙක්කෙන් හරි කොක්කෙන් හරි රනිල් ගේම තවමත් ගහමින් ඉන්න නිසා.
අපි එයා මැරෙනකල් පෝය ගණන් කරනවා. එයා දිගටම එයාගේ වැඩේ කරගෙන යනවා.
ඊයේ පෙරේදා ටවුමට ආපු කතාව තමයි ජනමත විචාරණේ ගැන කතාව. හැමෝම ඒකට බණින්න ගත්ත. අවුරුදු දෙකක් තමයි දික්කරන්න ගියේ. එහෙම උනානම් අපිට පොරොත්තු වෙන්න තිබ්බ කාලය පෝය තුනේ ඉඳන් පෝය විසිහයක් දක්වා දික්වෙන්න තිබ්බ.
දැන් කතාව තමයි ජනාධිපතිගේ ධූරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දෙන් අඩුකළා සේම ඒක තව අවුරුද්දකින් වැඩි කරන්නත් ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් නේද කියන ඒක. ඒකටත් සෑහෙන්න ඉඩක් තියනවා. එහෙම උනොත් පෝය කාලය පහළොවක් වෙනවා.
ඒ විදියටම ඕනිනම් තව අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ධූරකාලය දික්කරන්නත් පුළුවන් වෙයි. එතකොට පෝය කාලය අනන්තයක් වෙනවා. හයිපතිටිකලි මේ ඕනෑම දෙයක් සිද්දවෙන්න පුළුවන්.
ඒ වගේම මේකේ තියන අනික් දේ තමයි එන ඕනෑම චන්දයකට පරදින්න හරි රනිල් ඉදිරිපත් වෙන්න උනත් පුළුවන් වීම. ඒක සමුරායි වැඩක්. ගොඩක් අය දැන් දැන් අහන දෙයක් තමයි ඕනිනම් වැඩිම රනිල් චන්ද ලක්ෂ දහයක් ගනී. ඒ දහය ගන්න ඉල්ලන්නේ ඇයි කියන එක.
මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ගිය මැතිවරණෙදී චන්ද ලක්ෂයක් දෙකක් ගත්ත කෙනෙක් තමයි අද ලක්ෂ දහයක් ගනී කියල අපි හිතන්නේ. තව පහක් ගියාම එයා හතළිහක් පනහක් ගනී. ඒ එක පැත්තක්.
අනික අපි දන්නේ නැහැ මැතිවරණයක අන්තිම මොහොතේ මිනිස්සු මොනවගේ තීරණයක් ගනීද කියල. සමහර විට රටේ මිනිස්සු මේ නාකියා දිගටම තියාගන්න උනත් පුළුවන්.
ඒ සියල්ල කෙසේ වෙතත් රනිල් චන්දෙන් පරාජය උනත් ඇත්තටම දේශපාලනය ඇතුලේ දිනුම්. ඒ තමයි එයාගේ 'වැල්පාළමේ ව්‍යාපෘතිය'. කවුරු බලයට ආවත් එයා දැන් අරන්යන වැල්පාළමේ වැඩේ තවදුරටත් කරන්න ඕනි කියල හැමෝම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පිළිගනිමින් තියනවා. ඒ වැඩේ ඉස්සරහට යනවා කවුරු ආවත්. ඒ නිසා ව්‍යාපෘතියක් ලෙස රනිල් පැරදුණත් දිනුම්.
ඒ වැල් පාළමේ ව්‍යාපෘතිය එයා කරගෙන යන විදියට අළුතෙන් ආපු කෙනෙකුට කරන්න බැරිඋණොත් ආයේ එයාට එන්න කියන්න වෙන්නේ වැඳවැටිලා...
ඒත් පොර දිනුම්.
('නාකියා' කියල යෙදුවේ ටවුමේ කතාව නිසා. ඔක්කොම නාකි එලවපු - අනෙකා නැති - තරුණයෝ විතරක් කටකපල ඉන්න පාර්ලිමේන්තුවක තරුණයින්ට මාර පාළුවක් දැනෙයි). ❤
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
ජනාධිපතිට සහාය දිය යුතුයි : රට ගොඩගත් නායකයා ඔහුයි - පවිත්‍රා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මත කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත්ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එදා දේශපාලණික වශයෙන් මතවාදීව ගැටලු පැවති බවත්, එහෙත් වර්තමානයේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්, විදේශ සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයෙකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරිය පවසයි.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය නගරයේ, මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගි වෙමිනි.
රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් අවධාරණය කරන අමාත්‍යවරිය ඒ සඳහා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද සඳහන් කරයි.
” වසර 70 තිස්සේ රටට මොනව ද කළේ කියා සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය , ගමට විදුලිය, වතුර ටික , ගමේ පාරවල් හැදුණු හැටි පමණක් ම නොව රටේ දරුණු යුද්ධයක් තිබුණා කියලත් දැන් බොහෝ දෙනෙකුට අමතක යැයි ද පැවැසුවාය.
ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශ ගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත්, ඒ අතර තුර කෝවිඩ් 19 වෛරස වසන්ගතය හේතුවෙන් රටට සංචාරකයින් ද නොපැමිණීම හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් අමාත්‍ය වරිය කියා සිටියාය.
ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.
රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.
මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.
මන්නාරම ධීවර ජනතාවගේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මන්නාරම දියෝකිසියේ විකාර් ජනරාල් (Vicar General) පියතුමා වන පී. ක්‍රිස්තුනායගම් පියතුමා, මඩු පල්ලියේ පාලක පියතුමා වන ඒ. ඥානප්‍රගාසම් පියතුමා, පෙප්පි සෝසෙයි පියතුමා, මන්නාරම දියෝකිසියේ හිටපු විකාර් ජනරාල් පියතුමා (Vicar General) ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=702#sigProId0958a9f960
ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු වෙයි
සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබුණි.
කෙසේ වෙතත්, ආර්ථිකය යළි ප්රකෘතිවීමත් සමග ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර,
"පසුගිය කාලසීමාවේ ඉදිකිරීම් ක්ෂේත්රය සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. අද වෙනෙකොට යම් ප්‍රකෘතිමත්වීමක් මේ ක්ෂේත්රයේ තියෙනවා. සිමෙන්ති, යකඩ, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් යම් මට්මකින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්විට සතුටුවෙන්න පුළුවන් බැංකු පොලිය අඩුවෙලා තියෙනවා. අපි අදහස් කරනවා අපේ සේවාදායකයින්ට බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හැදිලා තියෙනවා කියලා."
adaderana.lk
'උරුමය' යටතේ මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම “උරුමය” වැඩසටහන නිසා නැවත ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේදී මන්නාරමට පැමිණෙන බවට පොරොන්දු වුණා. මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා .
1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජනකොටසකටම ඉඩම් ලබා දී තිබුනේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත්‍ර ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ.
ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිතා කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි.
කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. රට බංකොලොත්භාවයෙන් මිදෙන විට එහි වාසිය ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම, උරුමය වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිඳු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.
මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම ලබාදීමට ද අප පියවර ගන්නවා. ඒ වගේම ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා.
එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යාමට සිදුවුණා. එම ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මෙම ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස ද මා සියලුදෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට ඔබටත්, රටටත් අවස්ථාව ලැබෙනවා.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,
ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා මෙහි පැමිණීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලැබීම සෑම පුරවැසියෙකුගේම සිහිනයක් බව කිවයුතුයි. මෙතැන් සිට එම සිහිනය සැබෑ වෙනවා.
ජනාධිපතිතුමා සියලු සැලසුම් සකස් කරන්නේ පැහැදිළි දැක්මක් ඇතිවයි. මේ රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට හැකි එකම පුද්ගලයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපතිතුමා දේශපාලන අරමුණු පසෙකලා රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අප එතුමාට කළගුණ සැලකීය යුතුයි. ඒ සඳහා ඔහු නැවත බලයට පත් කිරීමට අවශ්‍යයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්,
අඳුරු යුගයකට ගමන් කරමින් තිබූ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සාකච්ඡා කර ගැටළු විසඳාගත හැකි ජනාධිපතිවරයෙක් අපට ලැබී තිබෙනවා.
මන්නාරම ජනතාවගේ ගැටළු සොයා බැලීමට අද මෙහි පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ කෘතඥතාව පළ කරනවා.
ජනාධිපතිතුමාගේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අවශ්‍යයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් ,
මන්නාරම දිස්ත්‍රික් රෝහල ද සංවර්ධනය කළයුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මඟින් රුපියල් මිලියන 60ක් හිමිවන බවද සඳහන් වෙනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික් රෝහල ද තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.
එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු රැසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අද ජනාධිපතිතුමා මෙම ප්‍රදේශයට පැමිණීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්,
පසුගිය කාලයේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට නිසි සංවර්ධනයක් නොලැබීම පිළිබඳ දේශපාලන නියෝජිතයන් සහ ජනතාව මැසිවිලි නගමින් සිටියා. A9 මාර්ගයේ පිහිටි අනෙකුත් දිස්ත්‍රික්කවලට මෙන් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක කෙරෙහි සංවර්ධන හවුල්කරුවන්ගේ අවධානයක් ලැබුණේ නැහැ. එබැවින් එම කටයුතු සොයා බැලීමට ජනාධිපතිතුමා අද මෙහි පැමිණිම පිළිබඳ මම එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම උතුරේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ජනාධිපතිතුමා නිරන්තරයෙන් උතුරට පැමිණෙනවා. එතුමාගේ පැමිණීම පළාතේ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ජනතාවට ද මහත් ශක්තියක් වන අතර එමඟින් ඔවුන්ගේ ගැටලු සෘජුව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
රජයේ සේවකයන්ගේ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනාධිපතිතුමා සඳහන් කරන පරිදි ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා. අප සියලුදෙනා එකතුවී මේ ප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ අත්කර දීමට කැපවෙමුයැයි මා ඉල්ලා සිටිනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය ඇදෙයි : මේ වසරේ වැටුප් වැඩි කළ නොහැකියි - රජය
විශ්වවිද්‍යා අනධ්‍යන සේවකයන්ට මේ වසර තුළ වැටුප් වැඩිවීමක් සිදුකළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව කොමිසම විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් 14 දෙනා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.
රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති කැඳවා සාකච්ඡා කිරීමට තීරණය වී බවද වාර්තා වන අතර එය එළැඹෙන අඟහරුවාදා (18) පැවැත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
වැටුප් ඉහළ දැමීම ඇතුළුව තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් දියත් කර ඇති වැඩවර්ජනය තවදුරටත් පැවැත්වෙයි.
Page 40 of 440