Language Switcher

V2025

ප්‍රදීප් යසරත්න කලින් විශ්‍රාම යයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න එම තනතුරින් අද දින (30) විශ්‍රම ගොස් ඇත.

ප්‍රදීප් යසරත්න එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පසුගියදා පත් කරනු ලැබුවේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක විසිනි.

ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසද, බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙසද මීට පෙර කටයුතු කර ඇත.

අද දින විශ්‍රාම ගියද ඔහුට විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 වැනි දින බව වැඩිදුරටත් වාර්තා වෙයි.