Ad

Ad 01

V2025

පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

අප්‍රිකානු මහාද්වීපයේ වඳුරු උණ වයිරසය දරුණු අයුරින් ව්‍යාප්ත වීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානය යොමු වන ආකාරයෙන් එය ‘ගෝලීය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක්‘ බවට ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

කොංගෝ සමූහාණ්ඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන වඳුරු උණ වයිරසය මේ වන විට අප්‍රිකානු කලාපයේ රටවල් 13කට ව්‍යාප්ත වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

වසර දෙකක් ඇතුළත වඳුරු උණ වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ දෙවැනි වරට බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වසරේ ගත වූ මාස 7ක කාලය ඇතුළත අප්‍රිකානු කලාපයෙන් වඳුරු උණ රෝගීන් 17,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද, මරණ 517ක් ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එය පසුගිය වසරට වඩා 150% කින් ඉහළ යෑමක් බව අප්‍රිකානු කලාපයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මුල් අදියරේදී සත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව කියන වඳුරු උණ පසුව මිනිසුන් අතර ව්‍යාප්ත වන බවත්, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම, පිටකොන්දේ හා මාංශ පේශී වේදනාව එහි මූලික රෝග ලක්ෂණ බවත් වාර්තා වේ.

උණ පහව ගියද, මාංශ පේශීන් කැසීමට පටන් ගන්නා බවත්, පසුව එය සිරුර පුරා පැතිරී යෑමත්, දෑත් හා දෙපාවල අධික කැසීම හේතුවෙන් ලප හෝ කුෂ්ඨ හටගන්නා බවත් වැඩිදුරටත් සඳහන් වේ.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස සෝභිත රාජකරුණා පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා පත්කර ඇත.

ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා  අද (16) පෙරවරුවේ වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න  දිවයිනෙන් බැහැරවීම හේතුවෙන් ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර තිබෙයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ජනපතිට සහාය පළ කරමින් පක්ෂ 34ක් එක්ව “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබයි ‍ !

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබනු ලැබුයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව සියලුදෙනා එක් කර ගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම සම්මුතියට අත්සන් තැබුයේ එදා ආර්ථික අභියෝගය හමුවේ බැහැ කියා පැන ගිය පිරිසක් නොව රට ගොඩනැඟිය හැකියි කියා එම අභියෝගය භාරගත් පිරිසක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ "පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය" අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ අද(16) පෙරවරුවේ පැවති සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් දේශපාලන පක්ෂ 34ක් එක්ව “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීම මෙහිදී සිදු විය.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර මෙම අවස්ථාවට ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද කළහ.

අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමා බව පවසමින්, තමන් වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙස පවසද්දී, දේශපාලනඥයන්ගේ අනාගතය පිළිබඳ නොව තමන්ගේ අනාගතය පිළිබඳ සිතා මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

එදා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ හැරියා නම් අද ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම වෙනුවෙන් බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“පුළුවන් ශ්‍රී ලංකා” අප මෙතනට රැස්ව මෙම සම්මුතියට අත්සන් තැබුවේ ඒ බව පෙන්වීමටයි. මෙම සම්මුතිය දේශපාලන පක්ෂයක් හැදීමට පමණක් ඇති කර ගත් සම්මුතියක් නොවයි. මෙම සම්මුතිය ඇති කර ගනු ලැබූයේ සියලුදෙනා එක් කර ගනිමින් ජනතාවගේ සහ රටේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙනුයි.

ඒ වගේම මේ සම්මුතියට අත්සන් තැබුයේ බැහැ කියා පැන යන්නේ නැතිව පුළුවන් කියා නතර වූ පිරිසක්. රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය කඩා වැටී රට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේ ඇතැම් දේශපාලන නායකයන් පැන ගියා. නායකත්වය අමතක කළා. ඔවුන් රටේ ප්‍රශ්න දැක බිය වුණා. මම මේ රට භාර ගනිද්දී පක්ෂයක් තිබුණේ නැහැ. මේ රට ගොඩනැගිය හැකියි කියා අගමැතිතුමා, ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් මා සමඟ එක් වුණා. එදා පුළුවන් කියා පැවසු නිසා, අද ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

එදා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සියලුදෙනා එය මතක තබාගත යුතුයි. එසේනම් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීමටයි. තමන් ගැන සිතා ඡන්දය ලබා දෙන ලෙස අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා ඉල්ලනවා. රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමන් බවත් පවසනවා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කරන ලෙසයි. පුළුවන් ශ්‍රී ලංකා සමඟ අප සියලුදෙනා එක්ව ඉදිරියට යමු.

අපි භාරගත්තේ බංකොලොත් වූ හා පෝලිම් යුගයක් තිබු රටක්. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර සහ ඖෂධ පෝලිම් රට පුරා තිබුණා. අපට මුදල් තිබුණේ නැහැ. ඇතැම් දිනවල ඩොලර් මිලියනයක්වත් තිබුණේ නැහැ. මෙම බංකොලොත්භාවයෙන් මිදීමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. ඒවා කැමැත්තෙන් ගත් තීරණ නොවයි. දරුවෙක්ට ඖෂධ ලබාදීමේදී, ශෛල්‍යකර්මයක් සිදු කිරීමේදී දෙමාපියන්ට සහ පවුලේ අයට එවන් තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේ අප මෙම තීරණ ගනු ලැබුවේ රට වෙනුවෙන් බව කිව යුතුයි.

එහිදී දුෂ්කරතා විඳ දරාගත් ජනතාවට අප යළිත් ස්තූතිවන්ත වෙනවා. ආර්ථිකය කඩා වැටුණු රටක් අපි භාරගෙන අද වන විට උද්ධමනය පාලනය කර විදේශ සංචිත ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ජනතාව සමගයි. ආණ්ඩුව ඉවත් විය යුතුයි, මෙය විසඳන්න බැහැ කියා අනිත් අය වේදිකාවල කැ ගැහුවා. ජීනිවා ගියා. නමුත් අපි සමෘද්ධි ප්‍රතිලාභය වගේ තුන් ගුණයක් අස්වැසුම හරහා ජනතාවට ලබා දුන්නා. අප මේ වැඩකටයුතු කළේ රට ඉතා මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී තිබු අවස්ථාවකයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 02ක් ලබා දුන්නා. ඒ වගේම උරුමය වැඩසටහන හරහා ජනතාවට ඉඩම් අයිතිය ලබා දි තිබෙනවා. කොළඹ මහල්නිවාසවල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් එම නිවාස අයිතිය ලබා දෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. එළැඹෙන වසරේ තවත් වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. වෙනත් කිසිදු ආණ්ඩුවක් මෙවන් වැඩකොටසක් ඉටු කර නැහැ. ඒ වගේම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කළා. එම නිසා මෙම වැඩපිළිවෙළ අතරමග නතර කරනවද, නැද්ද කියා තීරණය කළ යුතුයි.

අපි රටවල් 18ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන 21ක් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණියා. මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම වෙනුවෙන් අප එම එකඟත්වය අනුව ඉදිරියට යා යුතුයි. මෙය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් මේ රටවල් සහ ආයතන 21 සමඟම නැවත සාකච්ඡා පැවැත්විය යුතුයි. අපට මේ වැඩකොටස ඉටු කිරීමට වසර 02ක් ගත් වුණා. සංශෝධනය කිරීමට නම් තවත් වසර 02ක ගත වෙනවා. නමුත් අපට මෙම සහන නොමැතිව රටක් ලෙස තව අවුරුද්දක්වත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අප මෙම ක්‍රමය බිඳ වැටීමට ඉඩ දී ලැබීමට තිබෙන මුදල් අහිමි කර ගන්නවාද කියා තීරණය කළ යුතුයි.

එසේම අප ඉදිරියට යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි දියුණු රටක් ඇති කර තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. රටේ අනාගතය තීරණය වන්නේ මේ අනුවයි. ඇතැම් අය සිතන්නේ වසර 05 - 06ක ඉදිරිය දෙස පමණයි. නමුත් Gen Z පරම්පරාව අවුරුදු 20 – 30ක් ඉදිරිය ගැන සිතනවා. තමන්ට අනාගයක් නැහැ කියා ඔවුන් රට හැර යන්න හදනවා. ඔවුන් වෙනුවෙන් අප මේ රට ගොඩනැඟිය යුතුයි.

අප ඉදිරියට පැමිණ තිබෙන්නේ නව බලවේගයක් ලෙසයි. රටේ දේශපාලන පක්ෂ කඩා වැටෙද්දි අප එකතු වුණා. ඒ වැඩපිළිවෙළ අපි තවත් අවුරුදු 05ක් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සමඟම මේ රටේ අලුත් නායකත්වයක් ඇති වුණා. මෙවැනි ආණ්ඩුවක් මෑත කාලයේදී අප දැක නැහැ. මේ කණ්ඩායම සමඟ ඉදිරියට යා යුතුයි. අපට අවශ්‍ය රට හදන්නයි. ගම දියුණු කර මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක් කර ගනිමින් ඉදිරියට යාමට හැකි ශ්‍රී ලංකාවක් අප ඇති කළ යුතුයි. පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ සමග අප හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ඉදිරියට යමු කියා මා ආරාධනා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

වැටුණ රටක් ගොඩනඟන විට එහි ජීවත් වන ජනතාවට එම රට ගොඩනැගු නායකයා කිසිදා අමතක වෙන්නේ නැහැ. රට මුහුණ දුන් අභාග්‍ය සම්පන්නම කාලයේදී රටේ ආර්ථිකය ගොඩනැඟීමට පුළුවන් කියා එම වගකීම බාරගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. මෙම කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ සහාය මැද ආණ්ඩුව ඉදිරියට ගෙන ආවා.

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපතිවරයාට හැකිවුණා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති නායකයන් පිළිබඳ සංසන්දනයක් කළ විට වත්මන් ජනාධිපතිවරයා සමඟ සමකළ හැකි කිසිම නායකයක් නැහැ. පාර්ලිමේන්තු ඉතිහාසය , රාජ්‍ය පාලන අත්දකීම්, ජාත්‍යන්තර සබඳතා තිබෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. එම නිසා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රණයක් බවට පත් කිරීමට අප සියලු දේශපාලන නායකයින් එකමුතුව සිටින බව පැවසිය යුතුය.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ එම්. යූ. එම් අලි සබ්‍රි, නව සන්ධානය නියෝජනය නියෝජනය කරමින් සුසිල් ජයන්ත, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්ද, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් හේමත්ප්‍රිය කවිරත්න, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, තමිල් මක්කල් විදූදලෙයි පුලිකල් නියෝජනය කරමින් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අතාවුල්ලා, සමඟ ජනබලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ. එච්. එම් ෆවුසි,
ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් අසංක නවරත්න, නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම, එක්සත් ජනතා පක්ෂය නියෝජනය කරමින් අරවින්ද කුමාර්, මුට්පෝක්කු තමිලර් කලහම් නියෝජනය කරමින් එස්. වියාලේන්ද්‍රන්, නිදහස් ජනතා සභාව පක්ෂය නියෝජනය කරමින් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මොහමඩ් මුසම්මිල්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් වේලු කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමින් එස්. එම්. එම් මුෂාරෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් චතුර සේනාරත්න, ජාතික සමඟි පෙරමුණ නියෝජනය කරමින් අසාද් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරමින් චම්පික ලෝව්, ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් එම්. රාජනාදන් ප්‍රභාහරන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍යාමිලා පෙරේරා, දේශප්‍රේමී ජනබලවේගය නියෝජනය කරමින් සුගත් සේවාපතිරණ, ශ්‍රී ලංකා ප්‍රජාත්ත්‍රික පක්ෂය නියෝජනය කරමින් අන්වර් එම්. මුස්තාෆා, ලක්ජන පෙරමුණ නියෝජනය කරමින් චින්තක වීරකෝන්, එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරමින් සිරිමසිරි හපුආරච්චි, ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය ඒ. එම් ජයරත්න, නවජන සෙත පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්. එම් ගාමිණී විජේනායක, මව්බිම සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් නිෂාම් මොහොමඩ්, එක්සත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් කේ. බී ජයමිණි ජිනදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රනිල්ගේ ගෑස් සිලින්ඩරය ඇතුළු ස්වාධීන අපේක්ෂකයන්ගේ ජන්ද සලකුණු මෙන්න !

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ජන්ද සලකුණු මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස ජන්ද සලකුණු නිකුත් කර තිබේ.

ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි .1723802961 1

රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් සියල්ල : රනිල්ගේ සහායට ඇවිත් කියපු කතා මෙන්න !

සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදියකු බව සඳහන් කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය පළ කරන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැති බවත් මුස්ලිම් ජනතාවද එම තීරණය අනුමත නොකරන බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් පැවසීය.

පක්ෂ නායකයින් කුමන තීන්දුවක් ගනු ලැබුවද මුස්ලිම් ජනතාවගේ සහාය හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මේ බව සඳහන් කළේ අද (15) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
රිසාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් යන මහත්වරුන් ‍විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කරමින් මෙම විශේෂ මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් තිදෙනකුම
මේ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම විශේෂත්වයකි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිරගතව සිටියදී ද ඔහු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකළ බවත් එහිදී තමන්ට සළකනු ලැබුවේ වෙනත් පක්ෂයක පිරිසක් ලෙස බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මහතා මෙසේද පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතා සමඟි ජනබලවේගයට සහාය පළ කරන බව ඊයේ දිනයේදී ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔහුගේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනාගෙන් තුන්දෙනකුම අද මෙම මාධ්‍ය හමුව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වනවා.

රිෂාඩ් බදියුදීන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව සඳහන් කළත් මුස්ලිම් ජනතාවගේ සහාය හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. අප පක්ෂයේ නායකයා සඳහන් කළේ ඔවුන් ගනු ලැබූ තීන්දුව රට වටා ගොස් ලබාගත් ජනතා අදහස් මත ගනු ලැබූවක් බවයි. නමුත් අප සඳහන් කරන්නේ එවැන්නක් සිදු නොවූ බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදියකු බව කියූ අප පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය පළ කරන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැහැ. මේ මොහොතේ පක්ෂයේ සහාය ලබා දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව කියන්න තරම් පක්ෂය තුළ බලයක් අද වන විට රිෂාඩ් බදියුදීන් මහතාට නැහැ. මොකද ඔහු මුලින් සඳහන් කර සිටියේ රට ආපසු හැරවීමට ඉඩ දිය නොහැකි බවයි. ඒ වගේම කොන්ද කෙලින් තියා ගෙන තීරණයක් ගන්න පුලුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් රිෂාඩ් බදියුදීන් මහතා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් සඳහන් කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාටත් සහාය ලබා දෙන බවට පොරොන්දු වෙලා. රවුෆ් හකීම් මහතා නම් ඔහුගේ තීරණය කෙලින් ප්‍රකාශ කළා. රිෂාඩ් බදියුදීන් මහතා මෙන් ඔහු දෙපැත්ත රැවටුවේ නැහැ.

පසුගියදා රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ පුත්තලමේ පැවැත්වූ රැස්වීමට පුත්තලමේ ජනතාව සහභාගිව හිටියේ නැහැ. ඔවුන් ඒ සඳහා බස්වලින් සෙනඟ ගෙනාවේ වෙනත් ප්‍රදේශවලින්.

අර්බූදයට ගොස් තිබූ රට මේ තත්ත්වයට ගෙන ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාරේ ජනතාව දන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ගැනත් ඔවුන් දන්නවා. රිෂාඩ් බදියුදීන් මහතා සිරගතව සිටි අවධියේ ඔහු පිළිබඳ නිසි සොයා බැලීමක් කිරීමටවත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ නැහැ. අපි ඒ ගැන කතා කළ විට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වූවේ අපව වෙනත් පක්ෂයක පිරිසක් ලෙස සළකමින්. ඇත්තටම රට හදන නායකයා රනිල් වික්‍රමසිංහ බව දන්නවා වුනත් එතුමාට සහාය දෙන බව කියන්න තරම් කොන්දක් රිෂාඩ් බදියුදීන් මහතා නැහැ. නමුත් අවසන් මොහොතේ ඔහු පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙයිද දන්නෙත් නැහැ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපති , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

අප ඊයේ දිනයේදී විශාල රඟපෑමක් දැක්කා. එය ගිරවාට යම්කිසි දෙයක් උගන්වා එය ආපසු කියවා ගැනීමකට සමානයි. ගිරව් මෙන් නැතුව ජාති, ආගම්, කුල භේදයන් නැති කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ත්‍රිකුණාමලයේ ජනතාව රිෂාඩ් බදියුදීන් මහතාට ප්‍රකාශ කළා. අනෙක් දිස්ත්‍රික්කවල ජනතාවට කියා ඔවුන්ට අවශ්‍ය නම කියවා ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ. රට අසීරුතාවයට පත් වූ අවස්ථාවේ මේ රට බාර ගන්න කියූ විට මීටර් 100 දිව්ව නායකයන් බව කිව යුතුයි.
අපි පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ජනතා ඡන්දයෙන් . ඒ නිසා ජනතාව ඉන්නේ කොතැනද කියන්න අපහසුවක් අපට නැහැ. මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ජනතාව තීරණය කර අවසන්.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට රිෂාඩ් බදියුදීන් මහතා මෙවර මොන මොන කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවාද කියා සැකයි. මොකද ඔහු හැමදාමත් තීන්දු තීරණ ගත්තේ පෞද්ගලික මතයට අනුවයි. රට ගැන හිතනවා නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය විය යුතුයි. නමුත් ඔහු එය කරන්නේ නැහැ. එම නිසා බඩගෝස්තරවාදයට ආදරේ කරන අය පසුපස ගොස් මුලා නොවන ලෙස මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය නොකළහොත් තවත් මාස 6කින් බංග්ලාදේශය වැනි රටක් බලා ගත හැකියි. බංග්ලාදේශයක් වැනි ශ්‍රී ලංකාවක් ඇති වීමට ඉඩ නොදෙන ලෙස මා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදී මෙන් රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම රාවුෆ් හකීම් මහතාද මැතිවරණ ව්‍යාපාරයේ අන්තිම මොහොතේදී මේ වේදිකාවටම නඟින්න ඉඩ තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් :

රිසාඩ් බදියුදීන් මහතා සමඟ අප වසර 10ක් තිස්සේ දේශපාලනය කරනවා. නමුත් එතුමා දේශපාලනයේ නියැලුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නොවෙයි. ඔහු කටයුතු කරන්නේ පටු දේශපාලන අරමුණු ඇතිවයි.

ඒ වගේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ කිසිදු සහායක් නැති බවත් කිව යුතුයි. මුළු රටේම මුස්ලිම් ජනතාව ඔහු සමඟ ඉන්න බව පැවසුවත් ඔහු හිතන තරම් ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඔහුට නැහැ. පුත්තලම දිස්ත්‍රික්කයේ බහුතර ජනතාව සිටින්නේ අප සමඟයි.

අප සෑම ජාතියක් හා ආගමක් සමඟම සහයෝගයෙන් කටයුතු කළත් ඔහු එවැන්නකු නොවෙයි.

රිෂාඩ් බද්යුදීන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන්නේ නැති වුවත් අප පක්ෂයේ බහුතරයක් ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ සිටිනවා.

එදා අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිවකුත් හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහට ඒ හමුවේ ජනාධිපති ධූරය ලැබුණේ ස්වභාවධර්මයට අනුවයි. එතුමා රට බේරා දුන්නා. එනිසා අපි සියලු දෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටින බව අපට විශ්වාසයි.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ටගේ ආරක්ෂාවට විශේෂ කමිටුවක් !

ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පවසයි.

බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බවද ඔහු සඳහන් කරයි.

මාධ්‍ය වෙත අද (15) අදහස් දක්වමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න. ඒ අනුව තමා සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව සපයන්නේ. ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා."

සැප්තැම්බර් 21 ජනවරම මට දෙන්න : නාමයෝජනා දුන් ජනපති ඉල්ලයි !

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.

මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය ක‍ළේය.

රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නේය.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන විත් අද මැතිවරණයක් පැවැත්වීමට හැකි රටක් නිර්මාණය කිරීමට තමාට දායකත්වය ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, රාජ්‍ය අමාත්‍යවරන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා.

මා මේ රට භාරගත්තේ 2022 ජූලි මාසයේදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය අත්පත් කරගෙන මගේ නිවස ද ගිනි තබා තිබු අවස්ථාවකයි. මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි එදා බොහෝ දෙනා සිතුවා. නමුත් මමත්, කථානායකතුමා ඇතුළු සියලුදෙනා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැහැ. පසුව එම පාර්ලිමේන්තුව මා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. යුද හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව එදා අපට පාර්ලිමේන්තුව ආරක්ෂා කර දුන්නා. නැත්නම් අද අපටත් බංග්ලාදේශයේ වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා.

ගිනිගත් රටක එම තත්ත්වය වළක්වාලමින් අද අප රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. සිදු වූ විනාශයන් නැවැත්වීමට එදා විපක්ෂයේ සිටි කිසිවෙක් සහාය ලබා දුන්නේ නැහැ. ආණ්ඩුවට ඉවත්වන ලෙස පවසමින් ඔවුන් පැන ගියා. ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. එවන් පිරිසක් ආණ්ඩුවක් භාරගැනීමට සුදුසුද කියා ඔබ තීරණය කළ යුතුයි. ඔවුන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය භාරදිය හැකිද කියා තීරණය කළ යුතුයි.

එදා ඉන්ධන පෝලිම් තිබු රටක අද ඉන්ධන පෝලිම් නැහැ. ආහාර, ඖෂධ වෙනුවෙන් පෝලිම් තිබු රටක අද එම පෝලිම් නැහැ. දැන් ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. දැන් ජනතාවට ජීවත්විය හැකි රටක් ගොඩනඟා දී තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳී නැහැ. ඒ පිළිබඳ මම කණගාටු වෙනවා.

එදා මේ රටේ දේශපාලන නායකයන් පැනලා ගියා. ආර්ථික ප්‍රශ්නය විසඳීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මෙම ගැටළු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් අප ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව කිවයුතුයි.

අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරිමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් සිදු කර මේ රටේ ජනතාවට මෙම හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන කණ්ඩායම් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240815 WA0019

කටුනායක ගුවන් තොටේ සිට නව බස් සේවාවක්

කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 15) මෙම නව බස් රථ සේවාව ආරම්භ කර ඇත.

ලංකාවට පැමිණෙන විදේශීකයන් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් සිය බඩු බාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ කරා ගමන් කළ යුතු ය.

එම නිසා, ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම නව බස් රථ සේවාව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා ළඟා වීමට හැකි ය.

මෙම නව බස් සේවාව ක්‍රියාත්මක කර ඇත්තේ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශය, පෞද්ගලික බස් රථ සමාගමක් විසිනි.

ඒ අනුව, මෙම නව සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 10ක් යොදවා ඇති අතර එක් ගමන් වාරයකට රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කරනු ලබයි.

ජනපතිවරණ සටනට අපේක්ෂකයන් 39 ක් නාමයෝජනා භාර දෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනා අතරින් 39 දෙනෙකු නාමයෝජනා භාර දීම සිදුවිය.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස  සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දෙනු ලැබීය.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක  ද අද දින නාමයෝජනා භාරම සිදු කළේය.

නාමල් රාජපක්ෂ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාම යෝජනා භාරදීම සිදුකළේය.

දිලිත් ජයවීර ,විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන අය ද නාමයෝජනා භාරදුන්හ.

නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

මෙහිදී නාමයෝජනා තුනක් වෙනුවෙන් විරෝධතා ප්‍රකාශයට පත් විය.

මේ අතර නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

තවත් පක්ෂ 2ක් ජනපතිගේ සහායට එක්වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක් වෙයි.

ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙරට ජන වාර්ගික ගැටලුව විසඳීමට නම් රට තුළ ආර්ථික සහ දේශපාලන ගැටලු විසඳීම අත්‍යාවශ්‍ය බව මෙහිදි පෙන්වා දුන් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ කෙරෙහි තමන් තුළ විශ්වාසයක් ඇති බවත් එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවත් සඳහන් කළේය.

මෙරට ජනවාර්ගික ගැටලුව විසඳීමට අදාළව ජාතික කොංග්‍රසයේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එසේම එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ද ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ ඇතුළු නියෝජිත පිරිසක් ද අද (14)ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ පිළිබඳ දැනුම් දුන්හ.

බිඳවැටුණු මෙරට ආර්ථිකය, නිතිය හා සාමය ස්ථාපිත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කරන බවත්, මින් ඉදිරියට ද රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ නායකත්වය අවශ්‍ය බවත් සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ දි තම පක්ෂයේ අනුබද්ධ සංවිධාන සහ සමස්ත සාමාජිකත්වය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැපවි කටයුතුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනකට පක්ෂය දෙන්න අල්ලස් ඉල්ලු නඩේ ඇතුලේ !

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිදුකළ පැමිණිල්ලකට අනුවය.

තමාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මූල්‍යමය අල්ලසක් ඉල්ලා සිටි බවට ජනක රත්නායක අද (14) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත ජනක රත්නායක මහතා ඒ පක්ෂයේ අපේක්ෂකත්වය පිරිනැමීම සඳහා ලබාදෙන ලෙස පැවසූ රුපියල් කෝටි 03ක මුදලක් ද සමගින් අද පස්වරුවේ රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ තිබුණි.

ඒ අනුව වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි කාර්යාලයක් තුළදී ජනක රත්නායක ට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හමුවී තිබේ.

එහිදී අදාල මුදල ඔවුන් වෙත ලබාදීමත් සමග ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පක්ෂයේ ලේකම්වරයා වන සරත්චන්ද්‍ර වීරවර්ධන ඇතුළු පක්ෂයේ සාමාජිකයන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර එම පක්ෂයෙන් 2015 වර්ෂයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නැමැත්තා ද සිටි බව පැවසෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජනක රත්නායක අද පෙරවරුවේ ඇප තැන්පත් කරනු ලැබුවේ ද එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනි.

රිෂාඩ් ,චම්පික , ඩිල්ෂාන් : තුන් දෙනාම සජිත්ට !

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසන්නේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්ව මෙම තීන්දුව ගනුලැබූ බවයි.

එසේම එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීම අද (14) සිදුකෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට ඉදිරිපත් ව ඇත.

ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර ඇත.

පුද්ගල ආදායම් බද්දට සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති යෝජනාවත් සලකා බලමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පරාසය පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව, විද්වතුන් ඇතුළු මධ්‍යම පාන්තික ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ “සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පරිවර්තනය කිරීම” යන තේමාව යටතේ ඊයේ (13) පස්වරුවේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

“මම මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ වැදගත් සාකච්ඡාවකට සභාගී වුණා. එහිදී අනාවරණය වූ ආකාරයට, ඉදිරියේදී ඔබට යම් සුභ ආරංචියක් අසන්නට ලැබෙනු ඇතියි. එය විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට රඳවා ගැනීමටද ඉවහල් වනු ඇති බව සඳහන් කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර දෙක ඉතා දුෂ්කර කාල වකවානුවක් වුණා. අපගේ අමාත්‍යවරුන් පෙන්වූ දක්ෂතාව නිසා පළමු වසර තුළ අපට අර්බුදයෙන් මිදීම සඳහා මග සලසා ගැනීමට හැකිවුණා. අර්බුදයට ගොස් තිබු මෙරට ආර්ථිකය අප මුල සිට ගොඩනැගුවා. මේ වන විටත් අප නිල ණය හිමියන්ගේ කමිටුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතව සිටිනවා. එම ගිවිසුම්වල බොහෝ යෝජනා ඇතුළත් වෙනවා. ඒවායේ දැක්වෙන මිණුම් දඬු තුළ අප ක්‍රියා කළ යුතු අතර ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි.

නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු සමස්ත පාර්ශ්වකරුවන් 21ක් සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික මිණුම් දඬු පිළිබඳ සාකච්ඡා සඳහා අපට වසරක පමණ කාලයක් ගතවුණා. මෙම මිණුම් දඬු වෙනස් කළ නොහැකියි.

පළමුවෙන්ම, 2025-2032 වන විට අප 2.3% ක මූලික අයවැය අතිරික්තයක් පවත්වාගත යුතුයි. දැනට, අප සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක බැවින්, 2.3%ක අතිරික්තය ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් අපගේ අයවැය සකස් කළ යුතුයි. 2032 වසර වන විට රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%ක් දක්වා අඩු කළ යුතුයි. මේ වන විට එය පවතින්නේ 111% මටට්මකයි. 2032 වසර වන විට දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13%ක් විය යුතු අතර, එය දැනට 27.8%ක ප්‍රමාණයක පවතිනවා. ඒ අනුව අප එය අඩකින් අඩු කරගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විදෙස් ණය සේවාකරණය මේ වන විට පවතින 9.2% ට සාපේක්ෂව 1.3%ක් දක්වා අඩු කර ගත යුතුයි. 2025 වසර වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය 14%ක් දක්වා ළඟා විය යුතු අතර, මේ වන විට අප 9.5%ක මට්ටමක සිටිනවා. ඒ වගේම 2028 වසර වන විට අපගේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගත යුතුයි. අප සතුව මේ වන විට තිබෙන්නේ ඩොලර් බිලියන 5.6ක සංචිත ප්‍රමාණයක් පමණයි. තවද උද්ධමනය 5% නොඉක්මවිය යුතු අතර භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණය ද 75% ට වඩා අඩු විය යුතුයි. අප දැනට මෙම ඉලක්ක දෙක ජයගෙන තිබෙනවා.

ඒ වගේම අපට රජයේ ගෙවීම්වල මාස තුනක් ඉක්මවා යන හිඟ මුදල් පවත්වාගත නොහැකියි. මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීම සඳහා ද අවසර නැහැ. විදුලිය සහ ඉන්ධන සඳහා ලාභදායී මිල ගණන් පවත්වා ගත යුතු අතර, ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙහි සිදුවන ඕනෑම පාඩුවක් භාණ්ඩාගාර වෙත මාරු කිරීම හරහා එම පාඩු පියවීමට කටයුතු කළ යුතුයි. සමාජ ආරක්ෂණය සඳහා යොදවනු ලබන අරමුදල් සඳහා අවම වියදම් සීමාවන් පවත්වා ගත යුතුයි. ඇතිකර ගත් එකඟතා අනුව සමාජ සුබසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තන් ප්‍රමාණය ලක්ෂ 16 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. රට බංකොලොත් ව පැවති කාලය තුළ වූවත්, අප ඉන් පෙර ලබාදුන් සමාජ සුබසාධක ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමට අප කටයුතු කළ අතර, අප එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙම නියමයන් නැවත සාකච්ඡා කර වෙනස් කළ නොහැකි බව ද සඳහන් කළ යුතුයි.

අපගේ ණය හිමියන් ඩොලර් බිලියන 10 ක් දක්වා ණය සහන ලබා දීමට එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් අපට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලබා දුන්නා. නමුත් අප ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව ඉදිරියට යා යුතුයි. අප ආර්ථික පරිවර්තන පනත ගෙන ආවේද මේ නිසායි.

ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කරගත් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කය විය යුතුයි. දැන් අප සිටිනුයේ බදු සීමාවන් ගැන සාකච්ඡා කිරීමේ අදියරේයි. අප මේ වසරේ ශක්තිමත් ආර්ථික කාර්ය සාධනයක් ලබා ඇති අතර ලබන වසර තුළත් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා. ඒවගේම බදු ගෙවන්නන්ට සහන සැලසීම සඳහා පුද්ගලික ආදායම් බදු ව්‍යුහයේ ගැලපීම් පිළිබඳව මේ වන විට අප සලකා බලමින් සිටිනවා.

ඒ සම්බන්ධව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම මහා භාණ්ඩාගාරයෙන් යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. භාණ්ඩාගාරයේ යෝජනාව වන්නේ රුපියල් මිලියන 1.2ක බදු රහිත සීමාවක් පවත්වා ගෙන යමින් බදු පරාසය රුපියල් 500,000 සිට 720,000 දක්වා පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%ක තබා ගැනීමයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ප්‍රති යෝජනාවේ සඳහන් වන්නේ බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 පරාසයෙහි තබාගනිමින්, නමුත් පළමු බදු පරාසය රුපියල් 500,000 සිට රුපියල් මිලියනය දක්වා පුළුල් කරමින්, සියලු බදු සීමාවන් රුපියල් 500,000 කින් ඉහළ නංවා ආරම්භක සීමාව රුපියල් 500,000ක් ලෙස පවත්වාගෙන යමින් ඉහළම බදු අනුපාතය 36% හි පවත්වා ගැනීමයි. අප එම යෝජනා ඇගයීමට ලක්කරමින් සහන සැලසීමට කටයුතු කරමින් සිටිනවා. මෙහිදී රටට සහ ජනතාවට වඩාත් සුදුසු දේ සලකා අප තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ආර්ථිකය වර්ධනය වෙමින් ඇති නමුත් අප එම වර්ධනය වේගවත් කළ යුතුයි. අප සතු මානව සම්පතෙහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීමට අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා අපට ඉහළ මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පාසල් පද්ධතිය සහ පශ්චාත් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් සහ පළාත් නියෝජිතායතන නවයක්, වෘත්තීය අධ්‍යාපන විද්‍යාල ලෙස ඒකාබද්ධ කිරීමටද අප සැලසුම් කර තිබෙනවා. “ආශ්‍රිත උපාධි” පිරිනැමීමට හැකි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යායතන ඇති කිරීම පිළිබඳව ද අප සලකා බලමින් සිටිනවා.

රැකියා සොයා ගැනීමට නොහැකි නම් තමන් අධ්‍යාපනය ලැබුවේ ඇයි දැයි කියා බොහෝ සිසුන් විමසනවා. මෙම ගැටළුව විසඳීම සඳහා, උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් පසුව හැදෑරීම සඳහා විකල්පයක් ද සහිතව රැකියා ඉලක්ක කරගත් උපාධියක් හැදැරීම පිළිබඳ අවස්ථාව ලබාදීමට අප සාකච්ඡා කරමින් සිටිනවා.

මෙරට විශ්වවිද්‍යාල උසස් ප්‍රමිතියක් සහිත විශ්වවිද්‍යාල බවට ඉහළ නැංවීම අපගේ අරමුණයි. මේ සඳහා යම් කාලයක් ගතවනු ඇති නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩි වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමෙන් අප එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාල වෙත, තම මුදල් කළමනාකරණය කර ගැනීමටත්, විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමටත් නිදහස තිබිය යුතුයි. විදේශීය සිසුන්ගෙන් මුදල් අය කරන අතර දේශීය සිසුන්ට රජය මගින් අරමුදල් සපයන ආකෘතියක් විශ්වවිද්‍යාල වෙනුවෙන් සලකා බැලිය හැකියි.

අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරමින් සිටින අතර, මේ වන විටත් තිබෙන විශ්වවිද්‍යාල ද පුළුල් කිරීමට කටයුතු කරනවා. නව තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් විශ්ව විද්‍යාල හතරක් ඇති කිරීමටත්, ඒ සඳහා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගිතාවක් ඇතිකර ගැනීම සඳහාත් අපට යෝජනා තිබෙනවා. අප මේ ආකාරයට පුළුල් වන විට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයක් ද ඇති විය හැකියි.

රාජ්‍ය විශ්වවිද්‍යාල තත්ත්වය ලබාදිය හැකි රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන ද මෙරට තුළ තිබෙනවා. අරමුදල් සපයා ගැනීම සහ ඒවා කළමනාකරණ කිරීම සඳහා විකල්ප සහිතව, විශ්වවිද්‍යාල සඳහා නව මාදිලි හඳුන්වා දීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. අනාගතයේ මෙම කලාපය තුළ උසස් අධ්‍යාපනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුමෙහි වැඩිවීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.

අධ්‍යාපනයේ සහ ආර්ථිකයේ වර්ධනය සඳහා අප සතුව බොහෝ සැලසුම් සහ අදහස් තිබෙනවා. අප ආරම්භ කළ ක්‍රියාවලිය මත අඛණ්ඩව ඉදිරියට යමින් සාර්ථකත්වය ළඟාකර ගත යුතුයි.”

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී බලයට පත් වූයේ අධ්‍යාපනයට සහාය දීමට පවා රජයට නොහැකිව තිබූ පසුබිමක බව සඳහන් කළ යුතුයි. එම අවස්ථාවේදී, ජනාධිපතිතුමා, එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන්, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙස මට ආරාධනා කළා.

දින හතරක් පුරා පැවති දිගු පෝලිම්වලට හේතු වූ ඉන්ධන හිඟය, පැය 14ක් පුරා පැවති විදුලි කප්පාදුව, විභාග ප්‍රමාද වීම සහ නිල ඇඳුම් සහ පෙළපොත් වැනි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික සම්පත් හිඟකම සමඟ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, වසර දෙකක් ඇතුළත අප සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අපගේ අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපවූ වෘත්තිකයන්ගේ සහයෝගය ඇතිව අප ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සමත් වුණා. අද, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට විද්වතුන් සහ වෘත්තිකයන් 750 කට අධික සංඛ්‍යාවක් එක්රැස් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.

සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, නිපුණතා සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ පරිවර්තනය කිරීමට අප සැලසුම් සකස් කරන විට මෙම අවස්ථාව තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ජනාධිපතිවරයා මෙන්ම, හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු උපකුලපතිවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ නියෝජිතයින් සහ විද්වතුන් අපේ මෙහෙයුම සඳහා එක්ව සිටිනවා. අපගේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17, රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන 5 සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව, ජනාධිපතිරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ (CVCD) කමිටුවේ සභාපති (CVCD) මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්කුනරාජා සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගී වූ විද්වත් සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.

එහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් මුහුණ දෙන පෝෂණ ඌණතාවය, මානසික ව්‍යාකූල තත්ත්වයන් සහ රෝගාබාධ, නේවාසිකාගාර පහසුකම් ගැටළු, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුලත් කර ගැනීම, නව පාඨමාලා හඳුන්වාදීම මෙන්ම ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමේදී මුණදීමට සිදුවන දුෂ්කරතා සහ විශ්වවිද්‍යාල සඳහා ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීම, පාඨමාලා සඳහා දේශීය සිසුන් ඇතුලත් කරගැනීමේදී සිසුන් තෝරාගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර එම ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රජයේ උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තැපැල් ඡන්දයට දින නියම වේ

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4,5 සහ 6 දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (අගෝ. 14) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට සැප්තැම්බර් 4 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

මැතිවරණ කොමසාරිස්වරයා තවදුරට ත් සඳහන් කළේ, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සැප්තැම්බර් 5 සහ 6 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ය.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලකුණු කිරීම සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින සිදු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40ක් ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.

ජූලි මස 26වන දින ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) මධ්‍යාහ්න 12.00ට අවසන් විය.

හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරේ.

එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.

එමෙන්ම, විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

රාජිත‍ගේ සහයත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසයි.

ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

වෛද්‍ය රාජිත සේනාරත්න අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.

ජල ගාස්තුත් අඩුවෙයි

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව, ගෘහස්ථ කාණ්ඩය සඳහා 7%කින් ද, රජයේ රෝහල් සඳහා 4.5%කින් ද, පාසල් හා ආගමික ස්ථාන සඳහා 6.3%කින් ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව රජය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023.8.1 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීමට 2024.7.15 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

water b

Page 21 of 440