Language Switcher

V2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක  පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට අද (14) ඉදිරිපත් කරමින් සභානායකවරයා මේ බව කියා සිටියේය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් සභානායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බව සභානායකවරයා පැවසීය.

එසේම බටලන්ද කොමිෂන් සභා වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන බවද සභානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.