Language Switcher

V2025

බටලන්ද ගැන විවාදය අප්‍රේල් 10 වැනි දා

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දා ආරම්භ වේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, ඒ සඳහා මැයි මාසයේ ද තවත් දිනයක් යොදා ගන්නා බවයි.

 සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පෙරේදා සභාගත කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, එය ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන බවයි.

වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.