පුවත්
විධායක ජනාධිපති ධූරය ගැන සාධාරණ සමාජය සහතිකයක් ඉල්ලයි !
මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ අපවත් වී වසර 08ක් ගතවන මෙම මොහොතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උන්වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහිපත් කරමින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරිය සමස්ත ජාතියෙන් ම ඉල්ලා සිටියි.
හිටපු කතානායක කරු ජයසුරිය එම ඉල්ලීම සිදුකර ඇත්තේ, අද (08) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසද එම නිවේදනය අවධාරණය කර ඇත .
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
අප රජයට අවධාරණය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමට ව්‍යවස්ථානුකූල ලෙස පියවර ගන්නා ලෙසටය. ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවේ නම් එකී ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමින් 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසටය.
විධායක ජනාධිපති ක්රමයෙහි අන්තර්ගත අත්තනෝමතික බලතල මඟින් මිලියන විසි දෙකක් වන මේ රටේ ජනතාවගේ ඉරණම එක් පුද්ගල බලාධිකාරයකට යටත් කිරීම කිසිසේත් ම අනුමත නොකළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සැම විටම අපේක්ෂා කළේ ජනතා පරමාධිපත්‍ය බලය පාර්ලිමේනතුව හරහා ක්‍රියාත්මක කිරීම වඩා ප්රජාතන්ත්රවාදී සහ ශිෂ්ට සම්පන්න වන බවය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිවරයාට අත්පත් කර දුන් අසීමාන්තික බලයට ද වඩා 18 වන හා 20 වන ව්‍යවස්ථා සංශෝධන හරහා එකී බලය තව තවත් අසීමාන්තික ලෙස වර්ධනය කර ගැනීමට ගනු ලැබූ උත්සහයන් සැළකීමේ දී විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යමින් එහි බලය සීමා කරන්නට 17 හා 19 වැනි සංශෝධන මඟින් ගත් උත්සාහයන් ද ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකි බව පැහැදිලිව පෙනී යන කරුණකි. එබැවින් මේරටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් කාලයක් පුරා ලබාදෙමින් සිටින පොරොන්දුව ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ.
එමෙන් ම මෙයට වසර 08කට පෙර අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරිපිට මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන් දුන් ප්‍රතිඥාව අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ දක්වා ක්‍රියා නොකිරීම පිළිබඳව ද අපි කණගාටු වන්නේමු. එමෙන් ම එදා එම පියවර ගත්තේ නම් බොහෝ විට අද රට පත්ව තිබෙන ආර්ථික හා දේශපාලන බංකොලොත්භාවය වළක්වා ගැනීමට ද බොහෝ දුරට ඉඩක් තිබූ බව අපගේ හැඟීමයි.
එබැවින් අප නැවත නැවතත් අවධාරණය කරන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රාර්ථනය ඉටු කිරීම සඳහා කටයුතු කරමින් මේ රටේ අනාගත යහපැවැත්ම පිළිබඳව අපේක්ෂාවන් දල්වාගැනීමට කටයුතු කරමින් මෙරටේ ස්ථාපිත විධායක ජනාධිපත් ක්‍රමය අහෝසි කිරීම සඳහා තවදුරටත් පමා කිරීම කිසිසේත් ම නොකල යුතුව ඇති බවය.
රොෂාන්ගේ අතුරු කමිටුවේ 3ක් අරගෙන ක්‍රිකට් ආයතනයෙන් අලුත් කමිටුවක් !
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ඒ එස්.අයි.ඉමාම් - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු , රෝහිණි මාරසිංහ - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු , අයිරාංගනී පෙරේරා - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යන සාමාජිකයන් යොදාගෙන ය.
මෙම කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ලබා දී ඇති බව වාර්තා වන අතර ඊට අදාළ නිවේදනයක් ද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර ඇත.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම, එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය සඳහා මෙම කමිටුවට බලය හිමිවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වෙයි .
නීති විරෝධී ස්කාගාර PCR හෙළිකරයි : මුදල් අමාත්‍යංශය වැටලීමට උපදෙස් දෙයි !
"මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.මම ස්තූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි .
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය .
පසුගිය අගෝස්තු 10 වෙනිදා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඉස්සරහ මේ රටේ ව්‍යාජ ස්ටිකර් සහිත, අරක්කු බෝතල් සැරිසරන බව ඔප්පු වුණාට පස්සේ, තමයි අපි නියෝග නිකුත් කළේ මේවා අත්අඩංගුවට ගන්න කියලා. ඔබතුමාට මම කියන්න ඕනේ අත්අඩංගුවට ගත්ත මත්පැන් බෝතල් වලින් 99% ක් ව්‍යාජ ස්ටිකර් සහිත ඒවා. ඒ වගේම අපිට වාර්තා වුණා සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම බරපතල විදිහට අඩු වෙලා තියෙනවා කියලා. නමුත් ඒ ආදායම අඩුවීමට හේතුව හැටියට ඔවුන් දැක්වූයේ මත්පැන් බෝතලයක මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා මිනිස්සු නීතිවිරෝධී මත්පැන් වලට, කසිප්පු වලට ඇබ්බැහි වෙලා කියලා. නමුත් අපිට පෙනී ගියා මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
මම ස්තූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන. අපි තමයි එහි නියෝගය දුන්නේ ඔක්තෝබර් 30 ට පෙර බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න කියලා. අපි හෙට රැස්වෙනවා. අපි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපේ අරමුණ මේ ගැන මාධ්‍ය ප්‍රචාර ඇති කිරීම නෙවෙයි. රජයට ආදායම් අහිමි කරන යම් ජාවාරම්කාර පන්තියක් ඉන්නවා නම් ඒ අයගෙන් ඒ ඒ මුදල් නිසියාකාරයෙන් රජයට අත්පත් කර දෙන්න. දැන් මගේ ප්රවෘත්ති වාරණය කරන්න කියලා මේ සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍යවලට දැනුම් දීලා තියෙනවා මේවායින් පාඩු වෙච්ච අය. නමුත් මේ ක්‍රියාවලිය අපි ඉදිරියට ගෙන යනවා. මේ සම්බන්ධයෙන් වෙන ක්‍රියාමාර්ගයේ දී මුදල් අමාත්‍යාංශයේ සක්‍රීය මැදිහත්වීම අපිට අවශ්‍යයි. නැත්නම් අපිට තනියම මේ කටයුත්ත කරන්න බැහැ. ඔබතුමා අපේ කාරක සභාවේ ගෞරව හා අපට ලබාදීලා තියෙන බලතල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න.”
ජනපති උපදෙසින් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.
ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මෙසේද පැවසීය.
ඉදිරි වසර වෙනුවෙන් සමාජය සවිබලගැන්වීම සඳහා සුවිශේෂී කාර්යයක් අප වෙත පැවරී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 10ක් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්යයක් වනවා. ලක්ෂ 16ක් වන ආබාධිත ප්‍රජාව මේ වන තෙක් නිසි ආකාරයෙන් සවිබල ගැන්වීම සිදුව නැති බව සඳහන් කලයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ එම කර්තව්‍ය ද ලබන වසරේ අවසන් කිරීමට අප කටයුතු කරනවා.
දෙසැම්බර් මස පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවයක් ලෙස ආබාධිත ජනතාවත් සෙසු ප්‍රජාව මෙන් සංවර්ධනයට දායක කරගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එහිදී දිවයින පුරා සිටින ආබාධිත ජනතාව සංචාරක ව්‍යාපාරයට එකතු කරගැනීම වෙනුවෙන් “Empo 2023” තේමාව යටතේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරනවා. එහිදී දළදා මන්දිරය වන්දනා කිරීමෙන් පසු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීනය, ජපානය ඇතුළු ලොව පුරා සිටින ආබාධිත ප්‍රජාව ද මෙම අවස්ථාව සඳහා එක්වීමට නියමිතයි.
ඒ වගේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම ආබාධිත ප්‍රජාව යනු තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවෙන බව අප රජයේ ප්රතිපත්තියයි. ඒ සඳහා ඔවුන් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දායක කරගැනීමට අප ක්‍රියා කරනවා. ආබාධිත ප්‍රජාව තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන්ට අප හා සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ (Accessibility) ප්රවේශයත් ලබාදිය යුතුයි.
ජනවාරි මාස ආරම්භයේදී අප අමාත්‍යංශයේ සවිබලගැන්වීමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ නිෂ්පාදනයයි. අපගේ ප්‍රජාව දළ ජාතික නිෂ්පාදනයට දායක කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මට්ටමේ ලක්ෂ 10ක නිෂ්පාදන ජාලයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වනවා.
ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
තැපැල් සේවයට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්,
දූෂණ විරෝධී කෙටුම්පත සම්මතයි
දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත අද (නොවැ. 08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට සංශෝධන 196ක් ඉදිරිපත් කර තිබිණි.
පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව තුන් වන වර කියවා සම්මත කෙරිණි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශේ්‍රෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දී තිබූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කරනු ලැබීය.
නායක් සක්‍රීය වීමෙන් : කොළඹ -බදුල්ල පාර අවහිර වෙලා !
නායයෑමක් සක්‍රීය වීම හේතුවෙන් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය අද (07) පස්වරුවේ නැවත වතාවක් අවහිර වී ඇති බව වාර්තා වෙයි .
මෙම නායයෑම සිදුව ඇත්තේ හල්දුම්මුල්ල බත්ගොඩ 179 කිලෝමීටර් කණුව ආසන්නයේ ය.
මේ හේතුවෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවූ බවත් වාර්තා වෙයි .
අධික වර්ෂා තත්ත්වය මත පසුගිය දින කීපයේදීම අවස්ථා කීපයකදීම කොළඹ බදුල්ල මාර්ගය නාය යාම් වලින් අවහිරතාවයට පත් විය.
සේවකයන් වර්ජනයක් දියත්කර තිබියදී : තැපෑලේ නිවාඩු අවලංගු කරලා !
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
තැපැල්පති රුවන් සත්කුමාර විසින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වුවත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මාධ්‍ය වෙත පවසා සිටියේ නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බවයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව තැපල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9 පැවැත්වීමට නියමිතව ඇත.
ක්‍රීඩා ඇමති සීමාව ඉක්මවා ගිහින් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම ද වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම අතුරු තහනම් නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 05 වන ඉරිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව එම ආයතනය කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු පාලන කමිටුවක්ද පත්කර තිබුණි.
එම අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, අයිරාංගනී පෙරේරා, අර්ජුන රණතුංග, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ සහ එම්. එච්. ජමාල්ඩීන් යන අය නම් කර තිබිණි.
පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව කටයුතු කිරීමට අවකාශ සලසන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට පෙර ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබුණා. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණා. බලපෑම් සිදු කළා."
"පසුගිය ඉරිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ගැසට් නිවේදන නිකුත් කළා. එම ගැසට් නිවේදනය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. එක් ගැසට් නිවේදනයක සඳහන් වෙනවා රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව අදාළ ආයතනය අත්හිටුවීමට කටයුතු කළ බව."
"අනෙක් ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය කිරීමේ අරමුණින් අදාළ අත්හිටුවීම සිදු කළ බව. මෙම කරුණු එකිනෙකට පරස්පරයි. මෙවැනි අත්හිටුවීමක් සිදු කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නොතිසි නිකුත් කොට ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කළ යුතුයි. එය තමයි ස්වභාවික යුක්ති ධර්මය."
"එසේ නොකොට යම් ආයතනයක් තහනම් කර ඊට අදාළ විමර්ශන සිදුකිරීම යුක්ති සහගත නැහැ. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය දැන සිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පිළිබඳව සොයාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටු පත් කිරීමට කටයුතු කර තිබෙන්නේ."
"මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්තිවලට පටහැනියි."යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම ක්‍රියාව තුළින් විෂයභාර අමාත්‍යවරයා තම බලසීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින 14ක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර මෙම පෙත්සම යළි ලබන 16 වනදා දක්වා කල්තැබුණි.
එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නොතීසි ද නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.
- ada derana
අස්වැසුම වෙනුවෙන් ප්‍රා.ලේ සංගමයේ සහාය පළවෙයි !
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවසීය .
ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව සඳහන් කළ ඒ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් එය පැවති බවද සඳහන් කළේය.
අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමටද මෙහිදී එකඟතාව පළ වූ බවත් ජයන්ත විජේරත්න පැවසීය .
ඒ සමග අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටළු කඩිනමින් විසඳා ගෙන ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවද ඒ විජේරත්න පෙන්වා දුන්නේය.
2002 අංක 24 දරණ සුබසාධක ප්රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබයි.
කඩාකප්පල්කාරීන්ට සහයදී ආයෙත් පාරට වැටෙන්න එපා - වජිර
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකල හැකි මෙන්ම ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකි බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන කටයුතු සඳහා සහය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේද පැවසීය.
රාජ්‍ය යාන්ත්‍රණය අයවැය සමඟ ගැලපීමේදී බංකොලොත් රටක් අනාගත ඉලක්ක වෙනුවෙන් ගමන් කලයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ යුතුයි.
විශේෂයෙන් ආර්ථික අර්බුදය මතු වන්නේ 2019 අවුරුද්දේ අපේ පාලන තන්ත්රය වෙනස් වුණාට පසුවයි. එහිදී බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. මෙම බදු වෙනස් කිරීම නිසා රාජ්‍ය ආදායම අහිමිව මෙරට ආර්ථිකය වේගයෙන් කඩා වැටීමට පටන් ගත්තා. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගැනීමට ක්‍රමයක් නැතිවුණා. එහිදී මහබැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමට යොමු වුණා. ඒ හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළට ගියා.
එහිදී රටේ සමස්ත ආර්ථිකය බිඳ වැටීමකට ලක්ව නිල වශයෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කල රටක් බවට පත්වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ වගකීම බාරගත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු රටට වැදගත් වන සියළු පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. යළි රට ගොඩනැගීම සාර්ථකව සිදුකරගෙන යමින් තිබෙනවා. 2001 – 2003 සමයේ ද ආර්ථික අර්බුදයට ලක්වූ රට යළි ගොඩ නැගුවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින්. නමුත් 2004 අප්‍රේල් 10 එම පාලනය පෙරළනු ලැබුවා. 2014 වන විට දා නැවතත් රට බංකොලොත්වීමේ අවධානමකට නතුවුණා. බිඳවැටුණූ ඒ ආර්ථිකය 2015 දී නැවත ගොඩ නැගුවේ ද රනිල් වික්‍රමසිංහගේ අග්‍රමාත්‍ය ධූරය යටතේයි. එදා රාජ්‍ය සේවක වැටුප අවම රුපියල් 10,000කින් වැඩි කළා. ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම් සැකසුවා. නමුත් අවාසනාවකට එහෙම කරපු ආණ්ඩුව 2020 රාජ්‍ය සේවකයින් සහ මහජනතාව එක්ව පෙරළා දැමුවා. අවසානයේ ඔවුන් ද පාරට වැටුණා.
එම නිසා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී රට එම තත්ත්වයෙන් යළි මුදවා ගැනීමේ සාර්ථක කර්තව්‍යයක් දියත් කර ඇති මේ මොහොතේ කවුරුන් හෝ නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළහොත් යළි සිදුවන්නේ ඒ විපාකය විඳ සියලු දෙනාටම මහ පාරට වැටීමටයි.
සටන් පාඨ පුවරු ඔසවාගෙන වැඩ වර්ජන දියත්කල විට සිදු වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක්වීමයි. නිතරම පෙළපාලි යන රටකට සංචාරකයන් පැමිණීමට බියක් දක්වනවා. එවැනි රටකට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා පවතින තත්ත්වය හමුවේ රජයේ වෘත්තීය සමිති හිතනවානම් පැරණි පුරුද්ද අනුව වැඩවර්ජනයකින් යමක් ලබාගත හැකි වනු ඇතැයි කියා, සැබවින්ම සිදුවන්නේ ලැබීමට ඇති දෙයත් නොලැබී යාමයි.
පවතින අඩු පාඩු හදන්න අවශ්‍යය නව නීති රීති විශාල ප්‍රමාණයක් මේ වන විටත් ගෙනවිත් තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාව ඉල්ලූ වෙනස ඇති කිරීමට හැකි නව නීති රීති ගෙනවිත් තිබෙනවා. තවදුටත් දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න නොහැකි ආකාරයට නීති රීති ගෙන එමින් තිබෙනවා.
මෙවර අය වැයේ දී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කරන්න තිබෙනවා.
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා විදුලිය, ගෑස්, ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකර ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකියි. ඒ පිළිබදව සැකයක් තියාගන්න එපා.
අප රටක් ලෙස ඉතාම බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව, මේ වන විට එයින් මිදෙමින් සිටිනවා. ආර්ථිකය ස්ථාවර කරගෙන සංවර්ධිත රටක් බවට පත්වීමට නම් මේ පවතින තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය අංශයත් සමස්ථ මහජනතාවත් වසර 05 ක් 10 ක් මේ රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළහොත් පමණයි අපට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකි වන්නේ.
ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආරක්ෂා කිරීමට වර්තමාන රජය පියවර ගන්නා බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. පවතින විශාල ණය බරින් මිදීම සදහා ලබන වසර සඳහා සංචාරකයින් ලක්ෂ සියයක් ගෙන්වීමට කටයුතු කලයුතු බව ජනාධිපතිතුමා සදහන් කර තිබෙනවා. ඒ සඳහා සංචාරකයින්ට පහසුකම් වැඩි කරන්නා සේම රාජ්‍යයේ ස්ථාවර භාවය ද පෙන්විය යුතු වනවා.
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව තුළ “ජාතික සභාවක්” ස්ථාපිත කර තිබෙනවා. ජාතික වශයෙන් ඇති කරුණු එම ස්ථානයට ඉදිරිපත් කිරීමට සියළුම දෙනාට හැකියාව තිබෙනවා. පැරණි ක්‍රම මගින් තවදුරටත් දේශපාලනය කල නොහැකි බව සියළුම දේශපාලන පක්ෂ මතක තබාගත යුතුයි. අප විසින් දැනට සිදුකරගෙන යමින් සිටින වැඩපිළිවෙලට අමතරව වෙනත් ක්‍රමවේදයක් තිබේ නම් ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයකට කරුණු ඉදිරිපත් කළ හැකියි.
සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීිරණය කර ඇත.
එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මඟින් යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේදී අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එම වගන්ති සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ක්‍රිකට් අතුරු කමිටුවට සහ ගැසට්ටුවට අතුරු තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.
එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු නියෝගයක් නිකුත් කළේය.
එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ෂකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි
බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිව ඇති බව වාර්තා වෙයි.
ඒ ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇත
දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව අස්ථි බිඳීමක් සිදුව ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව 11 වනදා පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඔහුට අහිමිවනු ඇත.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පන්දු 65කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල් ලිහන්න : ජනපති ගත්ත තීන්දුව මෙන්න !
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරේ.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇත.
මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම්/කැදවුම්කරු ලෙස කටයුතු කරනු ඇත. කමිටුවේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය සහ පහසු කිරීම ලේකම්/කැඳවුම්කරුවෙකු පත්කිරීමේ අරමුණයි.
තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම සහ පුළුල් පරාසයක් තුළ කරුණු සලකා බැලීම මෙම සමස්ත කටයුතුවල අරමුණයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය බිංදුවටම කෙළෙසීම ගැන බංග්ලාදේශ නායකයාට දොස් !
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (06) කටයුතු කළ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය බිංදුවට ඇද දැමීමක් ලෙස මේ වන විට විචාරකයන් අතර දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
එහිදී සිදුවූයේ ලංකා කණ්ඩායමේ සිව් වැනි කඩුල්ල ලෙස ලකුණු 135ක් ව තිබියදී සදීර සමරවික්‍රම දැවීගිය අතර ඊළඟ කඩූල්ල සඳහා මැතිව්ස් පැමිණියේය .
නමුත් ඔහු කඩුල්ලට පැමිණ සිය ස්ථානය ලකුණු කර ගැනීමට පෙර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලා සිටියේය.
එම අතර තුර කාලයේදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ විනාඩි 3 ඇතුළත තම පළමු පන්දුවට පහර නොදුන් හෙයින් ඔහු ව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරන ලෙසයි.
ඒ අනුව විනිසුරු එරස්මස් තීරණය කළේ මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් බවය.
එහිදී මැතිව්ස් බංග්ලාදේශ කණ්ඩායමේ නායක අල් හසන් වෙත ගොස් තමාට සිදුවූ දෙය සම්බන්ධයෙන් විමසුවද ඔහු සිය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට එකඟ බවක් පළකෙරුණේ නැත.
ඒ අනුව මැතිව්ස් 5 වන කඩුල්ල ලෙස නැවත ක්‍රීඩාගාරයට ගියේ කිසිම පංදුවක් සඳහා මුහුණ නොදී වන අතර එය ලෝක කුසලාන තරගාවලියක මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ක පළමු වතාවට සිදුවූ සිදුවීමක් ලෙසත් වාර්තා වෙයි .
අතුල ශ්‍රී දිවි සැරිය නිමි !
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අද (06) අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට ඔහු 60 වන වියේ පසුව තිබේ.
ඔහුගේ දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර ,කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග පවසයි .
සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, වැනි ගීත රැසක් ගායනා කළ ඔහු 90 දශකයේ ජනප්‍රිය ගායකයෙකි.
2024 නව පාසල් වාරය පෙබරවාරි 19 වනදා !
යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම 2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.
පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය හමුවේ 2023 වර්ෂයේ පළමු පාසැල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වූවා. කෙසේ වුවත් 2023 මාර්තු 27 වනදා එම පාසැල් වාරය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. නමුත් එම ප්‍රමාදයන් වළක්වමින් 2024 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසැල් වාරයේ ආරම්භය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පළමු වසරේ සිට එකොලහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2025 පාසැල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන්ම පැවත්වීමට අපට හැකියාව ලැබෙනවා.
ඒ වගේම උසස් පෙළ විභාගය ද අප පැවැත්වීමට කටයුතු කලා. නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පිළිතුරු පත්‍ර සමීක්ෂණය කල් ගියා. තවත් පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේ වන විට නියමිත ආකාරයට කාලසටහන් නිකුත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පවතින තත්ත්වයන් කෙසේ වුවත්, කාලය කළමනාකරණය කරමින් නියමිත කාලයට විභාග පැවැත්වීම අපගේ අපේක්ෂාවයි.
එමෙන්ම පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට අප සූදානම්ව සිටිනවා. මෙතැන දී අපට අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. යෝජිත සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල්යන විට, අලුතින් එකොලහ වසරට පැමිණෙන දරුවන් ද පෙබරවාරි මස 19 වන විට එම පන්තිවලටම පැමිණෙනවා. එම තත්ත්වය පාසැල් මට්ටමින් කළමනාකරණය කරගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම අප බාරගන්නා විට අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයේ පුරප්පාඩු 808ක් තිබුණා. එම ප්‍රමාණයෙන් 50%ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබුණා. ඒ වෙනුවෙන් අදාළ විභාගය මේ වන විට පවත්වා අවසන් බැවින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගැනීම් සිදු කිරීමට අප කටයුතු කරනවා.
එමෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා පුරප්පාඩු 707ක බදවා ගැනීම් සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම ඔවුන් සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා. එමගින් පීඨ 19ක් සදහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුවනවා. ගුරු සේවයේ සියලූම ශ්‍රේණීන් සඳහා පවතින පුරප්පාඩු සියල්ල ලබන පාසැල් වාරයට ප්‍රථමයෙන් සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා.
රාජ්‍ය සේවයෙන් සහ සංවර්ධන නිලධාරීන්, උපාධිධාරීන් ලෙස ගුරු සේවයට බඳවා ගැනීමට සදහා සූදානම් වූ මොහොතේ ඊට එරෙහිව පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. එහි විසඳුම ලබෙන තෙක් පළාත් මට්ටමින් විශ්‍රාමික ගුරු පුරප්පාඩු සහ සේවය හැර ගිය ගුරුවරු වෙනුවෙන් සියලූම පළාත් ආවරණය වන පරිදි බඳවා ගැනීම් සිදුකරගෙන යමින් සිටිනවා.
ඒ වගේම විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, විදේශ භාෂා සහ තාක්ෂණ විෂයන් සඳහා ගුරුවරුන් 5450ක් බඳවාගැනීමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වී තිබෙනවා. එය පළාත් මට්ටමින් සිදුකරගෙන යමින් සිටිනවා. ඒ වගේම ජාතික පාසැල් සඳහා ද බඳවාගැනීම වෙනුවෙන් මේ සතිය වන විට ගැසට් නිවේදනය නිකුත්වීමට නියමිතව තිබෙනවා.
2024ට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක් වෙන්වී තිබෙනවා. මෙය සමස්ථ අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන්කල මුදල නොවෙයි. පළාත් සභා වැය ශීර්ෂය යටතේ ද පලාත් 09ට අදාළව අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වෙන් කෙරෙනවා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ප්‍රතිපත්ති රාමුව අමාත්‍ය මණ්ඩලය අනුමත කලා. එය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතවීමෙන් පසු පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වනවා. ඒ හැර අධ්‍යාපන ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවිය යුතු බව අපේ ස්ථාවරයයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන යෝජනා ක්ෂේත්‍ර හතරක් ඔස්සේ ඉදිරියට ගෙන යනවා. මෙමගින් අප සූදානම් වන්නේ විභාග පාදක ක්‍රමයෙන් විතැන්වී පන්ති කාමරයේ ඇති තක්සේරු ක්‍රමය යන ද්විත්වයම එක්කොට විභාගයේ ඇති තරඟකාරී ස්වභාවය හැකිතාක් දුරට අඩුකිරීමටයි. එමගින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට මෙන්ම ගුරුවරුන්ට නිදහසේ අධ්‍යාපනය ලබාදීමේ වටපිටාවක් නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට 2024ට අදාළ පෙළපොත් බෙදාදීමේ කටයුතු සුදානම් කර තිබෙනවා. පාසැල් නිළ ඇදුම් බෙදාදීමේ කටයුතු ද 80%කින් අවසන් කර තිබෙනවා. සියලුම පාසැල් සිසුන් සඳහා ලබන වසරේ සිට දිවා ආහාරය ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. 2030 වන විට සෑම පාසැල් දරුවෙකුට දිවා ආහාරයක් ලබාදීමත් අපගේ අරමුණයි. ඒ සදහා ලෝක ආහාර වැඩසටහන, USAID සහ පෞද්ගලික අංශය ද එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයෙන් පසු සිසුන්ට නිපුණතා සහ තාක්ෂණ අංශයේ වෘත්තීය පුහුණුව ලබා දීමටත් රජය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. එහිදී මාස හතරක කාලයක් සඳහා තෝරාගත් පාසැල්වල සවස් කාලයේදී මාර්ගෝපදේශණය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හෝ තමන් තෝරාගන්නා පාඨාමාලාවකට අදාළව අධ්‍යයන කටයුතුවල නියැලිය හැකි වනවා.
Page 114 of 440