V2025

පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

සමන් ද සිල්වා මිය යන විට වයස, අවුරුදු 69 කි.

ගායන ශිල්පී සමන් ද සිල්වා කලක් රෝගාතුරව පසුවූ අතර, අද (27) අලුයම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඔහු ගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි සමන් ද සිල්වාදශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත්  සඳහන් කළේ, ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි.

පසුගිය 25 වැනිදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට, හෙට සහ අනිද්දා ඒ සඳහා අවස්ථාව උදාවෙයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත.

https://doenets.lk/වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33185 කි.

විදේශ අමාත්‍යවරයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි..

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය වෙත අද දින වතිකානුවේදී අවසන් ගෞරව දක්වා තිබේ.vijitha Pope Francis 1000px

සිරි දළඳා වන්දනාවට වැසුණු පාසල් 24ක් හෙට යළි විවෘත කෙරේ

සිරි දළඳා වන්දනාව හේතුවෙන් වසා දැමුණු මහනුවර පාසල්, අදියර 2ක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් 24 ක්, ලබන සඳුදා විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ  සඳහන් කළේය.

එම පාසල් වසා දැමුණේ, මහනුවර නගරයේ ඇති විය හැකි රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ය.

දළඳා වන්දාව වෙනුවෙන් රාජකාරීවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් දීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් තවත් පාසල් 37 ක් වසා දැමුණි.

පිරිසිදු කිරීමෙන් අනතුරුව, එම පාසල් ලබන අඟහරුවාදා විවෘත කරන බව, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

ඩොලර් මි. 344 ණය වාරිකය මුදා හැරීමට IMF එකඟතාවක

කොළඹදී සහ වොෂින්ටනයේදී පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ  කියා සිටියේ විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන්වූ පසු ණය මුදලට අදාළ පස්වන වාරිකය වන ඩොලර් මිලියන 344 මුදාහරිනු ඇති බවයි.

කාර්යය මණ්ඩල එකඟතාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනයේ කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ.

එහි සදහන් වන්නේ, පිරිවැය ගැලපුම් ක්‍රමවේදයට අනුගතව විදුලිය ගාස්තු පවත්වාගෙන යාම සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රගතිය පිළිඹිබු කිරීම මෙම එකගතාව කෙරෙහි බලපානු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවළිය අඛණ්ඩව පවත්වාගෙනයාම අගය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානියා 2024 දී අර්බුදයෙන් පසු ආර්ථික වර්ධනය සියයට 5 කින් ඉහළ යාම ප්‍රශංසනීය ප්‍රතිඵලයක් බවද අවධාරණය කර තිබේ.

සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

‘සිරි දළදා වන්දනාව’ සැලසුම් කළ පරිදි එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

දියවඩන නිලමේවරයා ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18වැනිදා උදාවුණි.

සිරි දළදා වන්දනාව මෙවර සිදු කෙරුණේ  16 වසරකට පසුවය.

දේශබන්දු සම්බන්ධයෙන් පත්කළ කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට දැනුම් දීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශන වලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙයි.

පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්  සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතුවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුණි.

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදු කෙරිණි.

එසේම කමිටුවට සහයවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇති අතර අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව 2025.04.28 දින නැවත රැස්වීමට තීරණය කෙරිණි.

හිටපු ජනාධිපති රනිල් සඳුදා අල්ලස් කොමිසමට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි එම කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්දී තිබේ.

ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කරුණු පැහැදිලි කර ගැනීමට කොමිසම අද ඔහුට කැදවීම් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ නිවේදනය කළේ, රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා විසින් යොමු කළ ලිපියකින් 28 වන සදුදා කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවයි.

ඒ අනුව එදින පෙරවරු 9 යි 30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි වික්‍රමසිංහට අද දැනුම්දී ඇත.

නුවර කුණු ඉවත්කරන්න 'ක්ලීන් ශ්‍රී ලංකා' ක්‍රියාන්විතයක්

සිරි දළදා වන්දනාවට සමගාමීව 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සංවිධාන කළ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාන්විතයක් ඊයේ (24) දිනය පුරා දළදා වන්දනාවට ප්‍රවේශ වන මාර්ග ත්‍රිත්වය හා ඒ අවට කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

මේ සඳහා 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබා දීමද විශේෂත්වයකි.

කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි විය.

දළදා වන්දනාවට සමගාමීව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය දින කිහිපය පුරාම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම, නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීම පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සමග “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන ද එක්ව සිටියහ.

පාප්වහන්සේට ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අප්‍රේල් මස 26වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර  විශේෂ නිවේදයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 26වැනිදා සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කරනු ලැබේ.

G 01

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා – විශේෂ දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු කියා සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවයි.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.

තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පරිදි.......

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය.

රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ.

‍මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන ඡන්දයට දිවයිනේ සියළු පාසල් මැයි 05 හා 06 නිවාඩු

පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06  යන දිනයන්වල  දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

 පාසල් නැවත ආරම්භය මැයි 07 වනදා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

kkk

තීරු බදු ගැන අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථකයි - ජනපති

තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයකින් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ රත්නපුරයේදී පැවැති ජන රැලියකට එක්වෙමිනි.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි - ගම අපිටයි" ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ නාධිපති අනුර කුමාර දිසානායක,

"සමහරු අපෙන් අහනවා ඔයාලා සොරකම් නොකලාට කරපු අයට මොකද කරන්නේ කියලා. මම අද උදේත් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. කොතනද හිරවෙලා තියෙන්නේ කියලා. ඉදිරියේදී නඩු රැසක් මහාධිකරණයේ පවරනවා කියලා දැනුම් දුන්නා. ඉතින් අපිට දැනෙනවා මේ ආයතන ශක්තිමත්. ජනතාව අපිට ඡන්දය දීලා නීතිගරුක රටක් අපේක්ෂා කළා නම් මාලිමා රජය ඒ තත්වය ඇති කරලා තියෙනවා."

පාසලට දරුවන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් උනොත් අමාත්‍යංශයට කියන්න....

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බවත්, පාසලට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

තමන්ගේ සමාජය නිවැරදි කරගන්න එකඟතාවය මත වැඩ කරගෙන යනකොට වැරදි හදාගන්න, ඒ ක්‍රමය වෙනස් කරන්න සංවිධානාත්මකව ජනතාව මැදිහත් වෙනවා, මේක තමයි බලාපොරොත්තු වූ වෙනස. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. වෙනදා පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම අහන්න වෙන බැණුම් දැන් අහන්න වෙන්නේ නැහැ. සාවධානව ඇහුම්කන් දෙනවා, පැමිණිල්ල නිවැරදිව ලියාගන්නවා. සුහදව කතා කරනවා මේක තමයි ජනතාව ඉල්ලන වෙනස,

මේ රටේ ජනතාවට තිබුණ ලොකුම කරදරේ දරුවෙක් පාසලට ඇතුළත් කරන එක. මෙතෙක් කාලයක් පුරුද්දක් හැටියට ළමයි පාසලට දාගන්න දේශපාලනඥයින් ගාවට පෝලිමේ ආවා ලියුම් ගන්න. එහෙම තමයි දරුවන් පාසලට ඇතුලත් කළේ ඒ ක්‍රමය අපි වෙනස් කළා. අද ජනතාව අපිට කියනවා ලිපියක් ඉල්ලන එක වැරදියි කියලා අපි දන්නවා. ඒ වැරැද්ද වෙනවා දකින්න කැමති නෑ කියලා. ඒ එන ජනතාව දුක කියලා අඩනවා සමහර කාරණාවලට මටත් ඇඩෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් වැරදි වැඩක් කරන්න කියලා මට කියලා නැහැ. පෞද්ගලික දෙයක් වෙනුවෙන් දේශපාලනඥයින්ගෙන් වාසි බලාපොරොත්තුවෙන එක වැරදියි කියලා ජනතාවම කියනවා, ජනතාව අපි ළගට ඇවිත් දුක කිව්වත්, ඇඬුවත්, දේශපාලනඥයින්ගෙන් උදව් ඉල්ලන්නේ නෑ කියන තරමට හැදිලා නම් අපි වෙනස් වෙලා නැද්ද, ජනතාව වෙනස් වෙලා නැද්ද මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලපු දේ.

මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ.

සමහර පලාත් පාලන ආයතන තිබෙන බව හෝ එම ආයතන සිදුකළ යුතු මෙහෙය පිළිබඳව ජනතාව දැනුවත් නැති බවත් ඊට හේතුව එවැනි ආයතනයක් තිබෙන බව දැන ගැනීමට හෝ සේවයක් සිදුවී නැතිබවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු මහජන නියෝජිතයින් අපේක්ෂකයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Page 9 of 469