පුවත්
කිසිදේකට බය වෙන්න එපා : පොලිසියේ හමුදාවේ 98%ක් අපේ - ෆොන්සේකා
පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහ මේ බව අවධාරණය කර සිටියේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (16) හයිඩ් පිටියේ සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි.
''පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“
''කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. '' ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසිය.
මෙම රැලියට සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස්ගේ 'නිදහස' කණ්ඩායම නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් මෙන්ම වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ජෝශප් ස්ටාර්න් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නිහඬ බහුතරයේ සහය මටයි : ජනාධිපති රනිල් ජාත්‍යන්තරයට කියයි !
තමන් නිවැරදි දේ ක්‍රියාත්මක කළ බවත් ඒ නිසා නිහඬ බහුතරයේ සහය සහ විශ්වාසය තමන් සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන මුදිතා ඩයස් සහ තිලක් ඩයස් දෙදෙනාට දාව උපන් අවනී ඩයස් ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව ද වේ.
අවානි ඩයස් -
"ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?"
ජනාධිපති -
"මම හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි."
"ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා."
අවානි ඩයස් -
"ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?"
ජනාධිපති -
"අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා."
අවානි ඩයස් -
"ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්...?"
ජනාධිපති -
"මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්."
අවානි ඩයස් -
"ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්...?"
ජනාධිපති -
"මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව."
අවානි ඩයස් -
"ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?"
ජනාධිපති -
''ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා."
ගෑස් කළු කළ සුදු චරිත !
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගොඩනැගිලි මාරුවෙන් : කෝටි ගණනක පාඩුවක් !
මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ "ඩී" පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේ සිට ) එම ස්ථානය වෙනුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වැයකර ඇතත් එම කාර්යාලය නැවතත් පරණ ගොඩනැගිල්ලටම පසුගිය වර්ෂයේදී අලුත්වැඩියාවකින් තොරවම රැගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
මෙම කටයුත්තේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවද එම කාර්යාලය පවසයි.
තවද අරමුදලේ සියලු අංශ පැරැණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බව පවසමින් එහි අංශ කීපයක් කොළඹ 7 බුලර්ස් පටුමගේ පෞද්ගලික ස්ථානයකට 2021 මාර්තු 16 වැනිදා රැගෙන ගොස් තිබූ අතර එම ස්ථානය සඳහාද අරමුදල කුලී මුදල් ලෙස රුපියල් පනස් ලක්ෂයකට වැඩි මුදලක් වැයකර තිබිණ. පසුව එම අංශද මාස 8 ක කාලයකින් පසු පරණ ගොඩනැඟිල්ලටම නැවතත් රැගෙන ගොස් ඇති බව විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.
ඉන් අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සැපයුම් අංශය සඳහා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබාගෙන තිබූ අතර එම මහල් දෙක සඳහා කුලී මුදල් ලෙස රුපියල් තිස් හය ලක්ෂයක් ගෙවා තිබුණද එම අංශය පසුගිය පෙබරවාරි මාසය තෙක්ම ඒ ස්ථානයට රැගෙනගොස් නොතිබුණු බව හෙළිවී ඇත.
පෞද්ගලික අංශයෙන් මෙලෙස ගොඩනැගිලි කුලියට ලබා ගැනීමේදී රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු වාර්තා පවා ලබාගෙන නොතිබූ බවද විගණන කාර්යාලය පවසයි.
අරමුදලට අයත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන තෙක් යැයි කරුණු දක්වමින් 2017 වර්ෂයේ සිට වරින් වර ගොඩනැගිලි කුලී පදනමට භාවිත කර තිබුණද කාර්යාලය පිහිටි ඉඩම 2022 මාර්තු වන විටත් පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන නිලධාරීන්ට නිරීක්ෂණයවී ඇ
ත. මේ තොරතුරු සඳහන් වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේය.
-Lankadeepa
අදානි ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි සිය වත්කම් තවදුරටත් ඉහළ නංවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තවත් පියවරක් ඉදිරියට තබමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත, ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණි.
මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.
අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7 ක් ලෙසයි සටහන් වෙයි.
මෛත්‍රීට උසාවියෙන් නොතීසි !
ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (16) නොතීසි නිකුත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.
රටම ආදරය කරන මේ රාජපක්ෂ කවුද?
ආසියනු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට තවත් වීරයන් කිහිප දෙනෙකුම එක් කරමිනි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට 2009 වසරේදී අවස්ථාව උදා කරගත්තේය
එම වසරේදීම ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායමට එරෙහිව පන්දු 111කදී රැස්කළ ලකුණු 154, භානුකගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව කියාපාන කදිම සාධකයක් බවට පත්විය.
එම දක්ෂතා නිසා 2010දී යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකරගත් භානුක එම තරඟාවලියේදී සුපිරි ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබ පණිවිඩයක් එක් කරමිනි. යොවුන් කණ්ඩායමේදී දැක්වූ දක්ෂතා අනුව භානුක නුදුරේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කළ ද ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගන්නට තවත් වසර 9ක් බලා සිටින්නට සිදුවිය.
2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ලාහෝර් නුවරදී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගන්නට භානුක සමත්වුණේ එම සංචාරය ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
එම තරගාවලියේ තමන්ගේ හැකියාවන් ගැන තේරීම් කමිටු සාමාජිකයන්ගේ දෙනෙත් විවර කරවූ භානුක තමන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බව අවස්ථා කිහිපයකදීම ඔප්පු කර පෙන්විය.
ඉන් වසර දෙකකට පසුව ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් භානුක එක්දින කණ්ඩායමේද සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාරජයන් රැසකට මුහුණ දී දුෂ්කර අවධියක් ගෙවමින් සිටි අවදියේදී කණ්ඩායමට එක්වූ භානුක ඉන් ගොඩ ඒම සඳහා මහගු පිටුවහලක් සපයමින් සිටියි. 2021 ලෝක කුසලාන විස්සයි ක්‍රිකට් තරගාවලිය භානුකගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක සංධිස්ථානයක් විය.
ඔහු එම තරගාවලියේදී තමන් අර්ධ ශතකයක් සමඟින් තරගාවලිය පුරා ලකුණු 155ක් රැස් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගත තරුවක් බවට ඉඟි පළ කළේය. එම දක්ෂතා නිසාම IPL වෙන්දේසියේදී ද භානුකට ඉහළ මිලක් හිමිවිය.
මංගල IPL තරගාවලියේදී පන්ජාබ් කිංස් කණ්ඩයම නියෝජනය කළ භානුක විස්සයි ක්‍රිකට් පිටියේ තමන්ට හිමි ස්ථානය ගැන ලෝකයට කියන්නට සමත්වුනේ තරගාවලිය පුරා තරග 9කදී 159.69ක ලකුණු ලබාගැනීමේ දළ වේගයක් රඳවා ගනිමින් ලකුණු 206ක් රැස් කරමිනි. එපමණක් නොව ලෝකය වටා විස්සයි විස්ස ලීග් තරගාවලි රැසක් නියෝජනය කළ භානුක අබුඩාබි T10 තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළේය.
දේශීය ක්‍රිකට් පිටියේදී NCC,BRC සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කළ භානුක මෙවර ආසියානු කුසලානයට එක්වුණේ බාධක රැසක් පසුකරමිනි.
ශාරීරික යෝග්‍යතාව ගැන ඔහුට එල්ල වූ විවේචන නිසා තරගාවලි රැසක්ම අහිමි වූ අතර එම සියලු විවේචනවලට භානුක මේවර පිත්තෙන් ප්‍රතිචාර දක්වන්නට සමත්විය.
මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ භානුක අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 71ක් රැස්කළේ ගිලිහෙමින් තිබු ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට නතු කරමිනි. ඔහු තරගාවලිය පුරා ලකුණ 191ක් රැස්කළේ ලකුණු 47.75ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ තරගයකදී ලකුණු ලබාගැනීමේ දළ වේගය 149.21ක් ලෙස සටහන් විය.
අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළ ඉනිම ගැන අදහස් පළකරමින් භානුක පැවසුවේ එය තම ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ විශිෂ්ටම ඉනිම් අතරින් එකක් බවයි. එමෙන්ම ඩුබායි නුවරදී ප්‍රේක්ෂකයින් ලබාදුන් සහාය පිළිබඳවද භානුක සිහිපත් කළේය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් ලබාදුන් සහාය සිහිකළ භානුක පැවසුවේ පෞද්ගලික දක්ෂතාවලට වඩා කණ්ඩායමක් ලෙස නැගී සිටීම ජයග්‍රහණයේ රහස බවයි.
භානුකගේ අවසන් මහා තරගයේ ඉනිම ගැන අදහස් පළකරමින් ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් පැවසුවේ ඔහුගේ අත්දැකීම් සහ පිතිකරුවෙකු ලෙස තිබෙන හැකියාව භානුක ලෝකයට පෙන්වූ බවයි. භානුක අවසන් තරඟයේ ක්‍රීඩා කළ ඉනිම තමන් දුටු භානුකගේ විශිෂ්ටම ඉනිම බව මහරූෆ් පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ මහරූෆ්
"වගකීම කරට අරන් ක්‍රීඩා කරන්නට තමන්ට හැකි බව භානුක හොඳට පෙන්නුවා. මට සිහිපත් වුනේ ඔහු 2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරපු විදිහ. මම කියන්න කැමති අවසන් මහා තරඟයේ භානුකගේ ඉනිම විශිෂ්ටම විස්සයි විස්ස ඉනිමක් බව."
එමෙන්ම හිටපු ශ්‍රී ලංකා පුහුකරු මෙන්ම වත්මන් එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් භානුකගේ දක්ෂතා ගැන මෙලස අදහස් පළ කළේය.
"භානුක කියන්නේ තරග දිනවන්නෙක්. ඔහු ලොකු පහරවල් සෙල්ලම් කරන්න ආසයි. එයා තරගය තමන්ගේ අතට ගත්තා. ඒ වගේමයි ඔහු ඉතාම වේගයෙන් කඩුළු අතර දුවනවා අපි දැක්කා. ඒක සුබවාදී කරුණක්."
BBC සිංහල
ජනාධිපතිගෙන් ඓතිහාසික කතාවක් !
සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ රුජිණියගේ අභාවය සිදු වී ඇති අවස්ථාවේදීයි අප මෙම උත්සවය පවත්වනු ලබන්නේ. ඇය දැරූ තනතුරු අතහැරිය පසු සන්නද්ධ හමුදා ව්‍යාප්ත වීමට සහ සංවර්ධනය කිරීමට මඟ පෑදු අභ්‍යන්තර ගැටුම් ඇති වුණා. අද මෙම උත්සවයට සහභාගි වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම විද්‍යාතනය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසු උපාධි හිමි කරගන්නා ප්‍රථම කණ්ඩායම වන්නේ ඔබයි. ඊළඟ කණ්ඩායමේ සිට රාජ්‍ය සේවයේ සිවිල් පුද්ගලයන් සඳහා ද, පසුව විදේශ සිසුන් සඳහා ද අවස්ථාව හිමි වන බව හමුදාපතිතුමන් මා හට ප්‍රකාශ කළා.
අපි ප්‍රමිතිය ස්ථාපනය කරමු. ඔබගේ දක්ෂතා සහ කැප කිරීම් මෙහි ප්‍රමිති කෙතරම් ඉහළ ද යන්න තහවුරු කරනවා. මෙම ආයතනය ඔබට බාරයි.
ශ්‍රි ලංකාව සලකන ආකාරයට ආසියා සංවිධානයේ ( ASEAN) නිර්වචනය අපි පිළිගන්නවා. ඒ කියන්නේ වෙන් වූ සාගර දෙකක් එකට එකතු වීම. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ලෝක් සභාව අමතා සාගර දෙකෙහි සම්බන්ධතාව පිළිබඳ සඳහන් කළා. එය අත්‍යාවශ්‍යයි. ලංකාවේ ආරක්ෂිත තත්ත්වයෙන්, පැසිපික් කලාපයේ ආරක්ෂිත තත්ත්වය වෙනස් නිසා තමයි එය අත්‍යාවශ්‍ය වන්නේ.
අපි හැමෝම දන්න විදියට තායිවාන සමුද්‍ර සන්ධියේ සහ අනෙකුත් ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් තිබෙනවා. ඉන්දියන් සාගරය එයින් වෙනස් වෙනවා. මුලින්ම කියනවනම් සාගරයෙන්ම නෙවේ උණුසුම් තත්ත්ව ඇති වෙන්නේ. නව න්‍යෂ්ටික බලවතුන් එකිනෙකා මුණගැසෙන හිමාලයේදීත් එය සිදු වෙනවා.
දෙවනුව මිලිටරිකරණය සහ හමුදා කඳවුරු ස්ථාපනය කරලා තිබෙන අප්‍රිකානු කලාපයේ සහ රතු මුහුදෙත් එය සිදු වෙනවා. අප්‍රිකානු කලාපය මිලිටරිකරණය කරන අය කියනවා අපි තමයි මිලිටරිකරණය කරන්නේ කියලා. එය කුඩා රටක් වීම හේතුවෙන් සමච්චලයට ලක්වන කාරණයක්.
කෙසේ වුවත් පැසිපික් කලාපයේ තිබෙන උණුසුම්කාරී තත්ත්වය මෙම කලාපයේ පැතිරිය යුතු නෑ. අප පමණක් නොවෙයි ආසියාන් සංවිධානයටත් අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය නෑ දකුණු චීන මුහුදින් එහාට එය පැමිණෙන්න. එබැවින් අපි ඊට ගරු කරනවා. හේතු දෙකක් නිසා මෙය එක් කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා. ඉන් එකක් වන්නේ ‘එක් තීරයක් එක් මාවතක්‘ යන්නයි. අනෙක චතුරස්‍රාකාර ආරක්ෂක සංවාදයයි ( QUAD). අපි කිසිදු හමුදා සන්ධාන ගත කිරීමක් සිදු කරන්නේ නැහැ. පැසිෆික් සාගර කලාපයේ ඇති ප්‍රශ්න සහ ගැටලු ඉන්දියානු සාගර කලාපයට පැමිණීම අපි පිළිගන්නේ නැහැ. අපි බලමු ස්ථාවරත්වය පවත්වා ගෙන යන්නේ කොහොමද කියලා. මොකද අපට අවශ්‍ය ඉන්දියන් සාගරය ස්ථාවර වෙන්න වගේම සෑම දෙනාටම විවෘත වෙන්න. ඒ නිසයි අපි ඉන්දියන් සාගරය සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් සහ මුහුද යට කේබල් මාර්ග ඇති කිරීමට නිදහස ඉල්ලා සිටින්නේ. එය වාණිජ්‍ය කටයුතු පවත්වා ගෙන යාමේදී වැදගත් වෙනවා.
ලෝකයට ඉන්ධන හා බලශක්ති සැපයුම සිදුවන්නේ ඉන්දියන් සාගරය හරහා බව අප මතක තබා ගත යුතුයි. ඉන්දියන් සාගරය හරහා බොහෝ නැව් ගමන් කරනවා. මෙම කලාපය ගැටුම් හා යුද කලාපයක් වීමට අපට අවශ්‍ය නෑ. මා කණස්සල්ලට පත් කරන එක් හේතුවක් වන්නේ මෙයයි. බාබරා ටච්මන්ගේ “ ද ගන්ස් ඔෆ් ඕගස්ට්“ නමැති කෘතියේ යුදමය තත්ත්වය මැනවින් පැහැදිලි කරන, සිංගප්පූරු අගමැති සහ නියෝජ්‍ය අගමැති සමඟ මම පූර්ණ එකඟතාවයකින් සිටින නිසා තමයි මා කණස්සල්ලට පත් කරන්නේ. කෙසේ වුවත් එය ඔබ සියලු දෙනාම කියවිය යුතු ඉතා රසවත් කෘතියක්. අපට එම තත්ත්වය අවශ්‍ය නෑ. අපට අවශ්‍ය වන්නේ සාමය සහ සහජීවනයයි.
සෑම තැනකම මහා බලවතුන්ගේ එදිරිවාදීකම් දකින්න ලැබෙන නිසා අපට අවශ්‍ය නෑ මෙම සාගර කලාපයේ මහ බලවතුන්ගේ ගැටුම් දකින්න. ඉන්දියන් සාගරය අනෙක් අයට අගුළු දැමිය යුතු යැයි අප කියන්නේ නෑ. 1977 දී අමෙරිකානු යුද කණ්ඩායම් මෙහි පැමිණීම ඉන්දියානු සාගර සාම කලාපය වැළැක්වූයේ නෑ. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වශයෙන් මට මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කිරීමට වගේම විවේචන වලටත් මුහුණ දීමට සිදු වුණා. නමුත් ඔවුන්ට මෙහි පැමිණිය හැකියි. ඉන්පසු ජපාන නාවික ආරක්ෂක හමුදා කණ්ඩායම් මෙහි පැමිණීම දක්නට ලැබුණා. ඇත්ත වශයෙන් ඊට අප විරුද්ධ නෑ. අපි කැමතියි ඔවුන්ව මෙහි දකින්න. ඉන්පසු චීන යුද හා නාවිකා හමුදා මෙහි පැමිණෙනු ඔබ දැක තිබෙනවා. එය මෙහි පමණක් නොවෙයි, තවත් බොහෝ යුරෝපීය නාවික හමුදා මෙහි පැමිණෙනවා.
මෙය තමයි සංවර්ධනය. නාවික හමුදාවන්ට මෙහි පැමිණීමට අවශ්‍ය නම් අපට ගැටලුවක් නෑ. මුහුදු මංකොල්ලකෑම්වලට එරෙහිව මෙහෙයුම්වලට සහාය ලබා දුන්නා. නමුත් මෙම සාගර කලාපයේ ආරක්ෂාවට සහ සාමයට බාධා වන එදිරිවාදීකම් අපට අවශ්‍ය නෑ. මෙම කලාපය යුද කාලපයක් වෙනවාට අපි කැමැති නැහැ. ශ්‍රී ලංකාව ලෝක බලවතුන් අතර ඇති කිසිම එදිරිවාදී කමකට හවුල් වෙන්නේ නහැ. එය නොබැඳි රාජ්‍යයන්ගේ සමුළුවේ දී දිවංගත ඩි එස් සේනානායක මහතාගේ කාලයේ පටන්ම අප පෙන්නුම් කර තිබෙනවා. කුමක් වුවත් අප කිසිදු ලෝක බලවතෙක් සමග එක්වන්නේ නැහැ. ඒ වගේම කිසිදු පැත්තක් ගන්නේත් නැහැ. අප එයින් ඉවත්ව සිටිනවා. ඒනිසා අපි වගබලාගන්න ඕන බලවතුන් අතර ඇති එදිරිවාදීකම් හරහා මේ කලාපයට කිසිම යුද්දයක් ඇති නොවීමට. අපට එය දරාගත නොහැකියි. අප යුදමය නොවන බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
අද තිබෙන ප්‍රශ්න දෙස බැලුවොත් බොහෝ රටවල් ආහාර හිඟය, ආර්ථික සංවර්ධනය, කාලගුණ විපර්යාසය ඇතුළු ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඊට ලබා දිය යුතු අවධානය ඕනෑවටත් වැඩියි. අපට අනෙක් අයගේ අවධානය අවශ්‍ය නෑ. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ අවධාරණය කරද්දී ඉන්දියාවේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන බව අප තහවුරු කළ යුතුයි. අප ඊට කැප වී සිටිනවා වගේම ඉදිරියටත් කැප වෙනවා. ඉන් එහාට කිසිදු ක්‍රියාවක් සිදුවන්නේ නෑ. ඒ වගේම අපගේ ආරක්ෂාව පිළිබඳවත් කැපවෙනවා.
ඒ නිසා තමයි අප ඉන්දියාව සමඟ ත්‍රෛයි පාර්ශ්වීය ආරක්ෂිත වැඩපිළිවෙළ හරහා මුහුදු මංකොල්ල, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඉන්දියාව සමඟ මෙන්ම අනෙකුත් දූපත් රාජ්‍යයන් සමඟ සහයෝගීතාවය සඳහා මෙය වඩාත් වැදගත්. මාලදිවයින ඇතුළු කුඩා දූපත් රාජ්‍යයන් සමඟ අපගේ පවතින මිත්‍රත්වය අප අගය කරනවා. මාලදිවයින කොතරම් වැදගත්ද කියා අප දන්නවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි. 2030- ආරක්ෂාව සම්බන්ධ වාර්තාව අවශ්‍ය වන්නේ ඒ නිසයි. පළමුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්න. මෙම අධ්‍යයනය ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය පමණක් නොවෙයි, අදාළ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් සියලු පාර්ශ්වයන් සමඟ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
අපේ ආරක්ෂක හමුදා මෙහිදී කෙසේ විය යුතුද යන්න ගැටලුවක්. අපට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද? අපි යුද ගැටුම්වලට සම්බන්ධ වන්න යන්නේ නෑ. නමුත් අප මුහුණ දෙන ගැටලු මොනවාද සහ ඒ පිළිබඳ අප සිදු කළ යුත්තේ මොනවාද? අප සිටිය යුගයෙන් ඉවතට පැමිණිය යුතු බැවින් ඒ පිළිබඳ අප තීරණය කළ යුතුයි. අපට යුද්ධ කරන්න තිබුණා. අපි ජයග්‍රාහීව එය අවසන් කළා. දැන් අපි සාමය ළඟා කර ගත යුතුයි. එය අපි මේ වන විටත් සිදු කරමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත උතුරේ සහ දෙමළ ජනතාව සමඟ අවසන් එකඟතාවකට පැමිණේවි කියලා මම බලාපොරොත්තු වෙනවා . මම දෙමළ පාර්ලිමේන්තු සභිකයන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් අප අනාගතය පිළිබඳ සිතිය යුතුයි.
අද පවතින ත්‍රස්තවාදය අප මුහුණ දුන් ත්‍රස්තවාදය නොවේ. එය වෙනත් ආකාරයක්. මම බලාපොරොත්තු වෙනවා එය සිදු නොවේවි කියලා. නමුත් ඊට පෙර සූදානමක් ඇති කර ගත යුතුයි. අනෙක් කරුණ වන්නේ තුන්වන පාර්ශවයකට ප්‍රහාර එල්ල කිරීමට අනෙකුත් ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව යොදා ගත හැකි වීම. එම අනතුර දැන් තිබෙනවා. දෙවනුව ශ්‍රී ලංකාවේ ඇතුළත ආරක්ෂාවයි. යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ භූමිකාව කුමක්ද? අපි කුමක් සිදු කළත් අප අයවැය පිළිබඳ මතක තබා ගත යුතුයි. මට ආරක්ෂක අමාත්‍ය වගේම මුදල් අමාත්‍යවරයා වීමටත් සිදු වුණා. කෙසේ වුවත් අප මෙය සිදු කළ යුතුයි.
අලුතින් සිදුවන දේ අප හඳුනා ගත යුතුයි. අමාත්‍ය බෙන් වොලස් හඳුන්වා දුන් Integrated Defence Review – UK ගිය වසරේ පාර්ලිමේන්තුවේදී මම කියෙව්වා. එහි දෙවැනි පරිච්ඡේදය වැදගත්. අනාගත අර්බූදකාරී තත්ත්වය කියන දේ ඔවුන්ට තිබුණා. ඒ බ්‍රිතාන්‍යයටයි. අපේ අනාගත අර්බූදකාරී තත්ත්වය කුමක්ද? එහි අපේ භූමිකාව කුමක්ද? අපි කුමක්ද සිදු කරන්නේ. අපි හමුදා ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද? සයිබර් අවකාශය සමබන්ධයෙන් සිදු කළ යුත්තේ කුමක්ද? පවතින යුද හමුදා එය සිදු කරනවාද? වෙනත් හමුදාවක් ඒ සඳහා යොදවනවාද? බොහෝ ගැටළු තිබෙනවා. අප දන්නා පරිදි අභ්‍යවකාශයත් අර්බුදකාරී තත්ත්වයක පවතිනවා. මේ සියලු තත්ත්වයන් අපගේ අය වැය තුළ සිදු කරන්නේ කෙසේද? අපගේ භූමිකාව කුමක්ද? ආරක්ෂාව වෙනුවෙන් අප විශාල වියදමක් දරනවා. අප එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ක්‍රමාණුකූලව අඩු කර ගත යුතුයි. නමුත් ඉතා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකට අප කැප විය යුතුයි.
අපිට 5%ක් වෙනුවට 7%ක් හෝ 8%ක් ආර්ථිකය වර්ධනය දක්වා ගමන් කළ හැකි නම් ඔබගේ කොටස්ද වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරි දශකය හෝ දෙක සඳහා මෙරට වේගවත් සංවර්ධනයක් සහ ඉහළ වර්ධන වේගයක් ඇති වනු ඇති. එයින් මූල්‍යමය අවකාශය ඔබට ලැබේවි.
මීළඟ වැදගත් ගැටලු වන්නේ කාලගුණික විපර්යාස, පරිසරයයි. එහිදීත් සන්නද්ධ හමුදාවන්හි භූමිකාව වැදගත් වෙනවා. රාජ්‍ය නොවන පාර්ශව සමඟ අප එක්ව වැඩ කළ යුතුයි. අලුත් සන්නද්ධ හමුදාවන්ගේ පැමිණීම අපි දකිනවා. ගල්ෆ් කලාපයේ සමහර රටවල් පවා සන්නද්ධ හමුදා සමඟ කරළියට පැමිණෙන අයුරු දක්නට ලැබෙනවා.
අපි ඇති වී තිබෙන නව තත්ත්වය දෙස බලමු. සන්නද්ධ හමුදා සංවර්ධනය විය යුත්තේ කෙසේද, අපගේ ආරක්ෂාව තහවුරු කර ගත යුත්තේ කෙසේද සහ අර්බුදකාරී තත්ත්වයක් නොමැති බව තහවුරු කළ යුතුයි. එපමණයි අපට කළ හැක්කේ.මෙම දැක්ම සහිත අනෙකුත් රටවල් සමඟ අප සාකච්ඡා කළ යුතු වෙනවා. අපගේ අනාගතය විය යුත්තේ මෙයයි.
2030 ආරක්ෂාවේ මූලික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම්ට සහ අනෙකුත් නිලධාරීන්ට සිහිපත් කිරීමට කැමතියි. ඔබ සියලු දෙනාට මීට දායක විය හැකියි. මන්ද මෙය ඇත්තෙන්ම අපේ රටේ අනාගතයයි. හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිනම් ඔබේ අනාගතය අහිමි වෙනවා. චීනය හා බටහිර අතරත් , ආසියාව සහ බටහිර අතරත් බලය පිළිබඳ ගැටුම්කාරී තත්ත්ව පවතිනවා. අලුතින් එක්වන කලාපීය සහ උප කලාපීය බලවතුනුත් සිටිනවා.
ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර සාගර කලාපය පාලනය කරන ඉන්දුනීසියාවේ භූමිකාව කුමක්ද? අප අවධානය යොමු කළ යුතු සහ සූදානම් විය යුතු බොහෝ ගැටලු තිබෙනවා. අපගේ ආරක්ෂක ව්‍යුහය පිළිබඳ අවධානය යොමු කරන වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබන මානව සම්පත් මෙම විද්‍යායතනයෙන් බිහි කරනු ලබනවා. ඔබගේ සිතිවිලි අවදි කර ඊට දායක වන ලෙස ඉල්ලා සිටිනවා. 2030 න් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සන්නද්ධ හමුදාවන්ගේ කාර්යභාරය පිළිබඳ දැන් සිතිය යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ කතාව ( 2022-09-14)
ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ අපකරුවෙක් : සජිත් රට්ටු හිනස්සයි !
වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම පොදුජන අරගලයේ අරමුණ වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයන් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ අසුන් ගැනීම බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර සිටියේ සමගි ජනබලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බවත් ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බැවින් මැතිවරණයකින් එම වෙනස සිදුවිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.
සජිත්ට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් !
කෙසේවුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනතාව ආර්ථික අර්බුදයක ගිලි එයින් ගොඩ ඒමට ප්‍රයත්න දරමින් සිටින පසුබිමක විපක්ෂ නායකවරයා මැතිවරණයක් ගැන පමණක් සිහින දකිමින් සිටින බවයි.
මේ මොහොතේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයට විසඳුම් දීමට සම්පූර්ණ කැපවීම යොදවා ඇති පසුබිමේ විපක්ෂ නායකවරයා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඔහු ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම වෙනුවෙට තමන්ගේ බල දේශපාලන න්‍යාය පත්‍රය පෙරමුණටගත් පටු දේශපාලන ව්‍යාපෘතියක නිරත වන බවත් ඔවුන් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් රටක තිබෙන ආණ්ඩුව දුර්වල වූ විට විකල්පය විය යුත්තේ ප්‍රධාන විපක්ෂය වුවත් මේ මොහොතේ විපක්ෂ නායකවරයා තමන්ට තිබුන ජනතා විශ්වාසයත් අහිමි කරගනිමින් සිටින බවත් විචාරක මතය වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ හෝ රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ අපකරුවෙක් නම් ඔහුගේ වැඩ පිළිවෙල විය යුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගෙනගිය වැඩපිළිවෙල සහ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වැඩ කටයුතු කිරීම වුවත් එවැනි තත්ත්වයක් කිසිසේත් නිරීක්ෂණය නොවන බවත් විචාරක මතයවී තිබේ. මේ වන විට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බවත් එසේනම් ඔවුන්ද රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ ඇපකරුවන්ද යන ප්‍රශ්නය ඇසිය යුතු බවත් ඔවුන් පවසයි.
නෙළුම් කුළුණ ජනතාවට විවෘතයි !
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද(15) සිට ජනතාවට විවෘත කර ඇත.
මෙම විවෘත කිරීම සිදුකර ඇත්තේ නෙළුම් කුළුණ පළමු අදියර ලෙස වන අතර දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වනවිටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර ඇත.
වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි.
කුළුණේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර්යාල පහසුකම් සපයා තිබේ.
තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය වෙන් කර ඇත්තේ, විවිධ අංග සඳහා ය.
කුළුණේ පොහොට්ටුව සහිත කොටස මහල් 7 කින් සමන්විත අතර ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහා එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබේ.
තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ පස්වන මහළේ ය.
6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල වෙන් වන්නේ , නැරඹුම් පරිශ්‍රය සඳහායි.
ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් මේ කොටසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකි ය.
නෙළුම් කුළුණ ඉදිකිරීම පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකර සිටියේ රට තවදුරටත් ණය බරෙහි ගිල්ලවූ තවත් "සුදු අලි" ව්‍යාපෘතියක් ලෙසය. එහෙත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, වැරදි අවස්ථාවක ගනුලැබූ වැරදි තීන්දුවක් වුවත් දැන් එය ආර්ථිකයට කිසියම් හෝ ප්‍රතිලාභයක් උපයන තැනක් බවට පත්කර ගැනීම වැදගත් තීන්දුවක් බවයි.
එසේම සංචාරක ආකර්ෂණය ඊට දිනා ගැනීම අනිවාර්ය බවත්, ලංකාව සංචාරකයන් වැඩි වැඩියෙන් කැන්දන සැලසුම් සහගත ව්‍යාපෘතියක් දියත්කිරීම තුළ ලංකාව තුල වෙනස් වූ අත්දැකීම් ප්‍රමාණයක් ලැබීමට යාමේ මුලික ස්ථානයක් බවට මෙය පත්කර ගැනීමත් බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් බවත් ඔවුන් පවසයි.
සක්විති රණසිංහ හා බිරිඳ මුදා හරී
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සක්විති රණසිංහ අධිකරණය විසින් ඊයේ නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද නියෝග කළේ ය.
නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මාර්ගයෙන් එම විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනි සිටියහ.
විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් කිරීම සඳහායි.
2010 අගෝස්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වත්තලදී එලුවේලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට සක්විති රණසිංහට වසර 05 කට අත්හිටවූ සිර දඬුවම් ඊයේ නියම කරනු ලැබී ය.
ලංකාවේ අර්බුදයට හේතුව : ඇමරිකානු සෙනට් යෝජනාවෙන් හෙළිවෙයි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත.
වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ආර්ථික වශයෙන් සාර්ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් ණයටගත් බවත් එම යෝජනාවෙන් කියැවෙයි.
ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස්,සෙනෙට් සභිකයින් වන ඩික් ඩර් බින්,පැට්‍රික් ලීහී සහ කෝරි බුකර් ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
පසුගිය රජයේ දුර්වවල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථක අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් මෙම යෝජනාව මගින් ඉල්ලා ඇත.
ආර්ථික වර්ධනය තුළින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මූල්‍ය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව එම යෝජානාවේ දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සාමකාමී විරෝධතා ශ්‍රී ලංකා රජය ඉලක්ක කර බව එම යෝජනාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් විසඳුම් සෙවීමට විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එම යෝජනාවේ දැක්වේ.
එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ නිත්‍යානුකුල අයිතීන්ට ආරක්ෂක අංශ ගරු කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.ශ්‍රී ලංකවේ ආර් ථිකයට බලපාන වංචා සහ දුෂණ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථා විසඳීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශංසා කරන බව එම යෝජනාවේ දැක්වේ.එසේම ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ්. සංවිධානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවද ප්‍රශංසා කරන බවද එහි සඳහන් වේ.
මෙම කරුණු ඇතුළුව තවත් කරුණු රාශියක් මෙම යෝජනාවේ ඇතුළත් වේ.
- lankadeepa
නීති විරෝධී මූල්‍ය ආයතනයක් නිසා : සක්විතිට දඬුවම් !
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සක්විති රණසිංහ යන අයට වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (14) නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේ ය.
අධිචෝදනා 11ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් දඩයක් ද විනිසුරුවරයා එහිදී විත්තිකරුට නියම කළ අතර එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබාදීමට නියෝග කළේ ය.
එම සියලු චෝදනාවට තමා වැරදිකරු බවට අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට මෙලෙස දඬුවම් නියම විය.
ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ වරද පිළිගත් දෙවන විත්තිකාරිය වන ඔහුගේ බිරිඳට ද වසර 2ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 5කට අත්හිටුවා රුපියල් 25,000 ක දඩයක් ගෙවීමට නියෝග කළේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොළියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් තැන්පතු ගැනීම ඇතුළු අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
කපුටු කාක් නළාව නාද කළ නීතිඥවරයා නිදහස් !
"කපුටු කාක් කාක් කාක්” හඬින් සිය වාහනයේ නළාව නාද කළ බවට කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් අද (14) නියෝග කර ඇත .
යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නිම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකර අධිකරණයට කරුණු කියමින් නීතිය අවභාවිත නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී කොටුව පොලීසියට අවවාද කර ඇති බවත් වාර්තා වෙයි .
අධිකරණයෙන් මෙලෙස මුදා හැර ඇත්තේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ සාමාජිකයකු වන නිතීඥ දුෂ්මන්ත වීරරත්න ය.
අනවශ්‍ය ලෙස නළාව නාද කිරීමේ චෝදනාව මත කොටුව පොලීසිය අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කරමින් මෙම නිතීඥවරයාට දැනුම් දී තිබුණේ ඉකුත් ජුලි මස 09 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේදීය.
මල්ෂාට මඩ ගැසූවන්ට වැඩ වරදියි !
ජීවන් කුමාරතුංග ගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට හසුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත මුළුමනින්ම අසත්‍ය බව වාර්තා වෙයි.
එම පුවත් පළකර ඇති සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත් පොලිස් මුලස්ථානය පවසයි.
ඇය සතුව කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 02ක් තිබී ඇති බවත්, එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැදිහත්ව ඇති බවත් එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මල්ෂා කුමාරතුංග කියා ඇත්තේ එම සිදුවීම වූ බව පැවසෙන වේලාවේ තමා නිවසේ නින්දේ පසු වූ බවයි.
එසේම මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද(14) පස්වරුවේ විශේෂ නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත බවද ඇය ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියෙන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
එසේම මේ පිළිබඳව කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුයේ මේ පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තමා පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කළ බවත් දිව්රුම් ප්‍රකාශයක් බාරදී ඇති බවත්ය.
මෙම පුවත් නිර්මාණය සම්බන්ධයෙන් ඔහුගේ චෝදනාව එල්ලවී ඇත්තේ සමගී ජන බලවේගය වෙතයි.
මූලාශ්‍රය : the leader .lk
කොළඹ කොටස් වෙළෙඳපොළේ පිබිඳීමක් !
ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - ජනපති
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.
ජාතික ආරක්ෂක විද්‍යායතනය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරසරින් පිළිගැනුණු අතර ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
උත්සව සභාව තවදුරටත් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අපට හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවයි. එය රටකට යහපත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් වශයෙන් 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.
ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාතනයේ මෙහෙවර ලෙස සැලකේ.
2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයින් 31 දෙනෙකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. බී. එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60 වෙයි
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේගේ අත්සනින් මම චක්‍රලේඛය නිකුත් කර ඇත.
අදාළ චක්‍රලේඛය පහතින්.........
Page 256 of 440