සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ රුජිණියගේ අභාවය සිදු වී ඇති අවස්ථාවේදීයි අප මෙම උත්සවය පවත්වනු ලබන්නේ. ඇය දැරූ තනතුරු අතහැරිය පසු සන්නද්ධ හමුදා ව්‍යාප්ත වීමට සහ සංවර්ධනය කිරීමට මඟ පෑදු අභ්‍යන්තර ගැටුම් ඇති වුණා. අද මෙම උත්සවයට සහභාගි වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම විද්‍යාතනය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසු උපාධි හිමි කරගන්නා ප්‍රථම කණ්ඩායම වන්නේ ඔබයි. ඊළඟ කණ්ඩායමේ සිට රාජ්‍ය සේවයේ සිවිල් පුද්ගලයන් සඳහා ද, පසුව විදේශ සිසුන් සඳහා ද අවස්ථාව හිමි වන බව හමුදාපතිතුමන් මා හට ප්‍රකාශ කළා.
මම කියන්න කැමති අපි විදේශ සිසුන් බඳවා ගන්නවා නම් ඇයි අපි විදේශ ආචාර්යවරු බඳවා නොගන්නේ? ඒ වගේම zoom තාක්ෂණය හෝ එවැනි වෙනත් මාර්ගයකින් ද එය සිදු කළ හැකියි. නමුත් අපි ඇත්ත වශයෙන්ම ගුණාත්මක උපදේශනයක් මෙහි දී ලබා දෙනවා. ඔබයි මෙම විද්‍යාතනයෙන් පළමු කණ්ඩායම වශයෙන් සමත් වුණේ.
අපි ප්‍රමිතිය ස්ථාපනය කරමු. ඔබගේ දක්ෂතා සහ කැප කිරීම් මෙහි ප්‍රමිති කෙතරම් ඉහළ ද යන්න තහවුරු කරනවා. මෙම ආයතනය ඔබට බාරයි.
ශ්‍රි ලංකාව සලකන ආකාරයට ආසියා සංවිධානයේ ( ASEAN) නිර්වචනය අපි පිළිගන්නවා. ඒ කියන්නේ වෙන් වූ සාගර දෙකක් එකට එකතු වීම. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ලෝක් සභාව අමතා සාගර දෙකෙහි සම්බන්ධතාව පිළිබඳ සඳහන් කළා. එය අත්‍යාවශ්‍යයි. ලංකාවේ ආරක්ෂිත තත්ත්වයෙන්, පැසිපික් කලාපයේ ආරක්ෂිත තත්ත්වය වෙනස් නිසා තමයි එය අත්‍යාවශ්‍ය වන්නේ.
අපි හැමෝම දන්න විදියට තායිවාන සමුද්‍ර සන්ධියේ සහ අනෙකුත් ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් තිබෙනවා. ඉන්දියන් සාගරය එයින් වෙනස් වෙනවා. මුලින්ම කියනවනම් සාගරයෙන්ම නෙවේ උණුසුම් තත්ත්ව ඇති වෙන්නේ. නව න්‍යෂ්ටික බලවතුන් එකිනෙකා මුණගැසෙන හිමාලයේදීත් එය සිදු වෙනවා.
දෙවනුව මිලිටරිකරණය සහ හමුදා කඳවුරු ස්ථාපනය කරලා තිබෙන අප්‍රිකානු කලාපයේ සහ රතු මුහුදෙත් එය සිදු වෙනවා. අප්‍රිකානු කලාපය මිලිටරිකරණය කරන අය කියනවා අපි තමයි මිලිටරිකරණය කරන්නේ කියලා. එය කුඩා රටක් වීම හේතුවෙන් සමච්චලයට ලක්වන කාරණයක්.
කෙසේ වුවත් පැසිපික් කලාපයේ තිබෙන උණුසුම්කාරී තත්ත්වය මෙම කලාපයේ පැතිරිය යුතු නෑ. අප පමණක් නොවෙයි ආසියාන් සංවිධානයටත් අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය නෑ දකුණු චීන මුහුදින් එහාට එය පැමිණෙන්න. එබැවින් අපි ඊට ගරු කරනවා. හේතු දෙකක් නිසා මෙය එක් කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා. ඉන් එකක් වන්නේ ‘එක් තීරයක් එක් මාවතක්‘ යන්නයි. අනෙක චතුරස්‍රාකාර ආරක්ෂක සංවාදයයි ( QUAD). අපි කිසිදු හමුදා සන්ධාන ගත කිරීමක් සිදු කරන්නේ නැහැ. පැසිෆික් සාගර කලාපයේ ඇති ප්‍රශ්න සහ ගැටලු ඉන්දියානු සාගර කලාපයට පැමිණීම අපි පිළිගන්නේ නැහැ. අපි බලමු ස්ථාවරත්වය පවත්වා ගෙන යන්නේ කොහොමද කියලා. මොකද අපට අවශ්‍ය ඉන්දියන් සාගරය ස්ථාවර වෙන්න වගේම සෑම දෙනාටම විවෘත වෙන්න. ඒ නිසයි අපි ඉන්දියන් සාගරය සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් සහ මුහුද යට කේබල් මාර්ග ඇති කිරීමට නිදහස ඉල්ලා සිටින්නේ. එය වාණිජ්‍ය කටයුතු පවත්වා ගෙන යාමේදී වැදගත් වෙනවා.
ලෝකයට ඉන්ධන හා බලශක්ති සැපයුම සිදුවන්නේ ඉන්දියන් සාගරය හරහා බව අප මතක තබා ගත යුතුයි. ඉන්දියන් සාගරය හරහා බොහෝ නැව් ගමන් කරනවා. මෙම කලාපය ගැටුම් හා යුද කලාපයක් වීමට අපට අවශ්‍ය නෑ. මා කණස්සල්ලට පත් කරන එක් හේතුවක් වන්නේ මෙයයි. බාබරා ටච්මන්ගේ “ ද ගන්ස් ඔෆ් ඕගස්ට්“ නමැති කෘතියේ යුදමය තත්ත්වය මැනවින් පැහැදිලි කරන, සිංගප්පූරු අගමැති සහ නියෝජ්‍ය අගමැති සමඟ මම පූර්ණ එකඟතාවයකින් සිටින නිසා තමයි මා කණස්සල්ලට පත් කරන්නේ. කෙසේ වුවත් එය ඔබ සියලු දෙනාම කියවිය යුතු ඉතා රසවත් කෘතියක්. අපට එම තත්ත්වය අවශ්‍ය නෑ. අපට අවශ්‍ය වන්නේ සාමය සහ සහජීවනයයි.
සෑම තැනකම මහා බලවතුන්ගේ එදිරිවාදීකම් දකින්න ලැබෙන නිසා අපට අවශ්‍ය නෑ මෙම සාගර කලාපයේ මහ බලවතුන්ගේ ගැටුම් දකින්න. ඉන්දියන් සාගරය අනෙක් අයට අගුළු දැමිය යුතු යැයි අප කියන්නේ නෑ. 1977 දී අමෙරිකානු යුද කණ්ඩායම් මෙහි පැමිණීම ඉන්දියානු සාගර සාම කලාපය වැළැක්වූයේ නෑ. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වශයෙන් මට මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කිරීමට වගේම විවේචන වලටත් මුහුණ දීමට සිදු වුණා. නමුත් ඔවුන්ට මෙහි පැමිණිය හැකියි. ඉන්පසු ජපාන නාවික ආරක්ෂක හමුදා කණ්ඩායම් මෙහි පැමිණීම දක්නට ලැබුණා. ඇත්ත වශයෙන් ඊට අප විරුද්ධ නෑ. අපි කැමතියි ඔවුන්ව මෙහි දකින්න. ඉන්පසු චීන යුද හා නාවිකා හමුදා මෙහි පැමිණෙනු ඔබ දැක තිබෙනවා. එය මෙහි පමණක් නොවෙයි, තවත් බොහෝ යුරෝපීය නාවික හමුදා මෙහි පැමිණෙනවා.
මෙය තමයි සංවර්ධනය. නාවික හමුදාවන්ට මෙහි පැමිණීමට අවශ්‍ය නම් අපට ගැටලුවක් නෑ. මුහුදු මංකොල්ලකෑම්වලට එරෙහිව මෙහෙයුම්වලට සහාය ලබා දුන්නා. නමුත් මෙම සාගර කලාපයේ ආරක්ෂාවට සහ සාමයට බාධා වන එදිරිවාදීකම් අපට අවශ්‍ය නෑ. මෙම කලාපය යුද කාලපයක් වෙනවාට අපි කැමැති නැහැ. ශ්‍රී ලංකාව ලෝක බලවතුන් අතර ඇති කිසිම එදිරිවාදී කමකට හවුල් වෙන්නේ නහැ. එය නොබැඳි රාජ්‍යයන්ගේ සමුළුවේ දී දිවංගත ඩි එස් සේනානායක මහතාගේ කාලයේ පටන්ම අප පෙන්නුම් කර තිබෙනවා. කුමක් වුවත් අප කිසිදු ලෝක බලවතෙක් සමග එක්වන්නේ නැහැ. ඒ වගේම කිසිදු පැත්තක් ගන්නේත් නැහැ. අප එයින් ඉවත්ව සිටිනවා. ඒනිසා අපි වගබලාගන්න ඕන බලවතුන් අතර ඇති එදිරිවාදීකම් හරහා මේ කලාපයට කිසිම යුද්දයක් ඇති නොවීමට. අපට එය දරාගත නොහැකියි. අප යුදමය නොවන බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
අද තිබෙන ප්‍රශ්න දෙස බැලුවොත් බොහෝ රටවල් ආහාර හිඟය, ආර්ථික සංවර්ධනය, කාලගුණ විපර්යාසය ඇතුළු ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඊට ලබා දිය යුතු අවධානය ඕනෑවටත් වැඩියි. අපට අනෙක් අයගේ අවධානය අවශ්‍ය නෑ. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ අවධාරණය කරද්දී ඉන්දියාවේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන බව අප තහවුරු කළ යුතුයි. අප ඊට කැප වී සිටිනවා වගේම ඉදිරියටත් කැප වෙනවා. ඉන් එහාට කිසිදු ක්‍රියාවක් සිදුවන්නේ නෑ. ඒ වගේම අපගේ ආරක්ෂාව පිළිබඳවත් කැපවෙනවා.
ඒ නිසා තමයි අප ඉන්දියාව සමඟ ත්‍රෛයි පාර්ශ්වීය ආරක්ෂිත වැඩපිළිවෙළ හරහා මුහුදු මංකොල්ල, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඉන්දියාව සමඟ මෙන්ම අනෙකුත් දූපත් රාජ්‍යයන් සමඟ සහයෝගීතාවය සඳහා මෙය වඩාත් වැදගත්. මාලදිවයින ඇතුළු කුඩා දූපත් රාජ්‍යයන් සමඟ අපගේ පවතින මිත්‍රත්වය අප අගය කරනවා. මාලදිවයින කොතරම් වැදගත්ද කියා අප දන්නවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි. 2030- ආරක්ෂාව සම්බන්ධ වාර්තාව අවශ්‍ය වන්නේ ඒ නිසයි. පළමුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්න. මෙම අධ්‍යයනය ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය පමණක් නොවෙයි, අදාළ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් සියලු පාර්ශ්වයන් සමඟ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
අපේ ආරක්ෂක හමුදා මෙහිදී කෙසේ විය යුතුද යන්න ගැටලුවක්. අපට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද? අපි යුද ගැටුම්වලට සම්බන්ධ වන්න යන්නේ නෑ. නමුත් අප මුහුණ දෙන ගැටලු මොනවාද සහ ඒ පිළිබඳ අප සිදු කළ යුත්තේ මොනවාද? අප සිටිය යුගයෙන් ඉවතට පැමිණිය යුතු බැවින් ඒ පිළිබඳ අප තීරණය කළ යුතුයි. අපට යුද්ධ කරන්න තිබුණා. අපි ජයග්‍රාහීව එය අවසන් කළා. දැන් අපි සාමය ළඟා කර ගත යුතුයි. එය අපි මේ වන විටත් සිදු කරමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත උතුරේ සහ දෙමළ ජනතාව සමඟ අවසන් එකඟතාවකට පැමිණේවි කියලා මම බලාපොරොත්තු වෙනවා . මම දෙමළ පාර්ලිමේන්තු සභිකයන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් අප අනාගතය පිළිබඳ සිතිය යුතුයි.
අද පවතින ත්‍රස්තවාදය අප මුහුණ දුන් ත්‍රස්තවාදය නොවේ. එය වෙනත් ආකාරයක්. මම බලාපොරොත්තු වෙනවා එය සිදු නොවේවි කියලා. නමුත් ඊට පෙර සූදානමක් ඇති කර ගත යුතුයි. අනෙක් කරුණ වන්නේ තුන්වන පාර්ශවයකට ප්‍රහාර එල්ල කිරීමට අනෙකුත් ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව යොදා ගත හැකි වීම. එම අනතුර දැන් තිබෙනවා. දෙවනුව ශ්‍රී ලංකාවේ ඇතුළත ආරක්ෂාවයි. යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ භූමිකාව කුමක්ද? අපි කුමක් සිදු කළත් අප අයවැය පිළිබඳ මතක තබා ගත යුතුයි. මට ආරක්ෂක අමාත්‍ය වගේම මුදල් අමාත්‍යවරයා වීමටත් සිදු වුණා. කෙසේ වුවත් අප මෙය සිදු කළ යුතුයි.
අලුතින් සිදුවන දේ අප හඳුනා ගත යුතුයි. අමාත්‍ය බෙන් වොලස් හඳුන්වා දුන් Integrated Defence Review – UK ගිය වසරේ පාර්ලිමේන්තුවේදී මම කියෙව්වා. එහි දෙවැනි පරිච්ඡේදය වැදගත්. අනාගත අර්බූදකාරී තත්ත්වය කියන දේ ඔවුන්ට තිබුණා. ඒ බ්‍රිතාන්‍යයටයි. අපේ අනාගත අර්බූදකාරී තත්ත්වය කුමක්ද? එහි අපේ භූමිකාව කුමක්ද? අපි කුමක්ද සිදු කරන්නේ. අපි හමුදා ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද? සයිබර් අවකාශය සමබන්ධයෙන් සිදු කළ යුත්තේ කුමක්ද? පවතින යුද හමුදා එය සිදු කරනවාද? වෙනත් හමුදාවක් ඒ සඳහා යොදවනවාද? බොහෝ ගැටළු තිබෙනවා. අප දන්නා පරිදි අභ්‍යවකාශයත් අර්බුදකාරී තත්ත්වයක පවතිනවා. මේ සියලු තත්ත්වයන් අපගේ අය වැය තුළ සිදු කරන්නේ කෙසේද? අපගේ භූමිකාව කුමක්ද? ආරක්ෂාව වෙනුවෙන් අප විශාල වියදමක් දරනවා. අප එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ක්‍රමාණුකූලව අඩු කර ගත යුතුයි. නමුත් ඉතා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකට අප කැප විය යුතුයි.
අපිට 5%ක් වෙනුවට 7%ක් හෝ 8%ක් ආර්ථිකය වර්ධනය දක්වා ගමන් කළ හැකි නම් ඔබගේ කොටස්ද වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරි දශකය හෝ දෙක සඳහා මෙරට වේගවත් සංවර්ධනයක් සහ ඉහළ වර්ධන වේගයක් ඇති වනු ඇති. එයින් මූල්‍යමය අවකාශය ඔබට ලැබේවි.
මීළඟ වැදගත් ගැටලු වන්නේ කාලගුණික විපර්යාස, පරිසරයයි. එහිදීත් සන්නද්ධ හමුදාවන්හි භූමිකාව වැදගත් වෙනවා. රාජ්‍ය නොවන පාර්ශව සමඟ අප එක්ව වැඩ කළ යුතුයි. අලුත් සන්නද්ධ හමුදාවන්ගේ පැමිණීම අපි දකිනවා. ගල්ෆ් කලාපයේ සමහර රටවල් පවා සන්නද්ධ හමුදා සමඟ කරළියට පැමිණෙන අයුරු දක්නට ලැබෙනවා.
අපි ඇති වී තිබෙන නව තත්ත්වය දෙස බලමු. සන්නද්ධ හමුදා සංවර්ධනය විය යුත්තේ කෙසේද, අපගේ ආරක්ෂාව තහවුරු කර ගත යුත්තේ කෙසේද සහ අර්බුදකාරී තත්ත්වයක් නොමැති බව තහවුරු කළ යුතුයි. එපමණයි අපට කළ හැක්කේ.මෙම දැක්ම සහිත අනෙකුත් රටවල් සමඟ අප සාකච්ඡා කළ යුතු වෙනවා. අපගේ අනාගතය විය යුත්තේ මෙයයි.
2030 ආරක්ෂාවේ මූලික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම්ට සහ අනෙකුත් නිලධාරීන්ට සිහිපත් කිරීමට කැමතියි. ඔබ සියලු දෙනාට මීට දායක විය හැකියි. මන්ද මෙය ඇත්තෙන්ම අපේ රටේ අනාගතයයි. හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිනම් ඔබේ අනාගතය අහිමි වෙනවා. චීනය හා බටහිර අතරත් , ආසියාව සහ බටහිර අතරත් බලය පිළිබඳ ගැටුම්කාරී තත්ත්ව පවතිනවා. අලුතින් එක්වන කලාපීය සහ උප කලාපීය බලවතුනුත් සිටිනවා.
ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර සාගර කලාපය පාලනය කරන ඉන්දුනීසියාවේ භූමිකාව කුමක්ද? අප අවධානය යොමු කළ යුතු සහ සූදානම් විය යුතු බොහෝ ගැටලු තිබෙනවා. අපගේ ආරක්ෂක ව්‍යුහය පිළිබඳ අවධානය යොමු කරන වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබන මානව සම්පත් මෙම විද්‍යායතනයෙන් බිහි කරනු ලබනවා. ඔබගේ සිතිවිලි අවදි කර ඊට දායක වන ලෙස ඉල්ලා සිටිනවා. 2030 න් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සන්නද්ධ හමුදාවන්ගේ කාර්යභාරය පිළිබඳ දැන් සිතිය යුතුයි.
කොල්ලුපිටිය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අමතමින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ කතාව ( 2022-09-14)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ කතාව ( 2022-09-14)