පුවත්
සතොස තවත් භාණ්ඩ 07 ක මිල පහළ දමයි !
ලංකා සතොස ආයතනය අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 7ක මිල පහළ දමා තිබේ.
ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 4.00 කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5.00 කින් ද මිල පහළ දමා ඇත.
ඊට අමතරව, රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 11.00 කින්, දේශිය ටින්මාළු රුපියල් 15.00 කින්, මිරිස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 15.00 කින් සහ හාල් මැස්සෝ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50.00 කින් වන ලෙස මිල පහළ දැමීම සිදුකර තිබේ.
පාරිභෝගික ජනතාව පවසන්නේ සතොස ආයතනයේ මේ මිල පහළ දැමීම උත්සව සමයේ තමන්ට මහත් අස්වැසිල්ලක් බවය.
අමාත්‍යංශ අටක : විෂය පථ වෙනස් කරලා !
අමාත්‍යාංශ 08ක විෂය පථවල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට එය ඊයේ (22) සිට ක්‍රියාත්මක වෙයි.
ඊට අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට්කර තිබූ බහු කාර්යය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පවරා ඇත.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ පැවති ‘වකුගඩු අරමුදල‘ සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ව තිබූ ‘විදාතා මධ්‍යස්ථාන‘ කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කර ඇත.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතේ පැවති දේශීය ගොවි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම හා ප්‍රාථමික ආර්ථික මධ්‍යස්ථාන යන විෂයයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබේ.
මීට අමතරව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතට ආරක්ෂණ පියවර පනත හා ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත ඇතුළත් කර ඇති බවද නව ගැසට් පත්‍රයේ සඳහන්වෙයි.
අද ශ්‍රීලනිප බහුතරය ආවේ සිරිකොතෙන් : අමරේගෙන් තවත් ප්‍රහාරයක් !
තමන් සිරිකොතට ගිය කෙනෙක් නොවන බවත් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින වැඩි පිරිසක් සිරිකොතේ සිට පැමිණි අය වන අතර තමන් තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවත් අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (22) නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පවසා ඇත.
වර්තමානය වන විට කඳුකර කොටින් මධු වලට හසුවී වදවී යාමේ ප්‍රවණතාවක් ඇති අතර එම කොටින් රැකබලා රැකබලා ගැනීමට හා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන් සමග එකට එකතුව කටයුතු කිරීමට අද දවසේ තීරණය කර ගත්තා,
මේ වැඩේ අමාත්‍යංශ මට්ටමින් විතරක් කරන්න බැහැ සියලුම නිලධාරීන්ගේ සහයෝගයත් අවශ්‍ය වනවා ,
තමන්ගෙ වගාව බේරගන්න කදුකර කොටින්ට උගුල් ඇටවීම වැරදි වැඩක් අපි මේ පිළිබඳව ගොවි මහතුන් දැනුවත් කරන්න කටයුතු කරනවා ,
වර්තමානයේ අපට දැඩි චෝදනාවක් තිබෙනවා නුවරඑළියෙ උඩරට ගොවීන්ට බීජ අර්තාපල් ලබාදීමට නුවරඑළිය බීජ අර්තාපල් ගොවිපලවල් අපොහොසත් වී තිබෙනවා කියලා ,
ඒ කතාව ඇත්තක් තමයි ගිය කාලයේ තිබුණු නොයෙකුත් ප්‍රශ්න ඒ කියන්නේ අධික වැසි සහිත කාලගුණය පොහොර හිඟය හා සුළං සහිත කාලගුණ බීජ අර්තාපල් නිෂ්පාදනය කර ගැනීමට ඒ ආයතන වලට නොහැකි වෙලා තියෙනවා කියලා මා දැනුවත් කරලා තියෙනවා ,
ඒ නිලධාරීන්ට මා මේ වන විට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊළඟ කන්නය වන විට හෝ ගොවීන්ට බීජ අර්තාපල් නිසි වේලාවට ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස
දැනට තිබෙන බීජ අර්තාපල් ප්‍රමාණයද ගොවීන් අතර බෙදා දීමට කටයුතු කරන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන්නේ ,
නොයෙකුත් මැති ඇමතිලා සිරිකොතේ ලගින්න ගියාට මම නං යන්නේ නැහැ ඒ පැත්තට , මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරි දේශපාලනය කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමගින් යනුවෙන් පැවසිය.
ආශු ඉල්ලා අස්වෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පෞද්ගලික හේතු මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
එසේම පසුගිය රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකදී ඔහු විසින් මහ බැංකු අධිපති සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමක් ගැන පසුව සමාව අයදීමේ සිදුවීමක්ද සිදුවිය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් !
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ජෙනරාල් ( විශ්‍රාමික ) එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර, ඒ 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7B(1) වගන්තියට (සංශෝධිත) අනුව පැවරී ඇති බලතල ප්‍රකාරවය.
අදාළ පත්කිරීම වසර 05ක් සඳහා බල පැවැත්වේ.
වතුකරය ඇගයීමට කැබිනට් අනුමැතිය !
වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි.
150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.
ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් යෝජනා.....
අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවා ගනිමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙනු ඇති බවයි.
ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදුවේ.
භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි.
ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමග සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමග සම්බන්ධ වීම මෙහි අරමුණයි.
මෙම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කිරීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ඇති.
අදාළ සියලුම ආයතන මගින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ලැබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කෙරෙන බවයි.
රාජ්‍ය සේවකයින්ට ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීම නැවතත්
රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙයි.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
මේ අනුව 2022 වසර සඳහා සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම උපරිම වශයෙන් රුපියල් 25,000කට සීමා කර තිබෙයි.
කෙසේ වෙතත් පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා ලබා නොදෙන බව මහා භාණ්ඩාගාරය විසින් දන්වා ඇත.
ඉන්දීය රජයේ ජිප් රථ පන්සීයේ පළමු කොටස පොලිස් ඇමතිට......
ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ප්‍රථම අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී අද (22) සිදු කෙරිණි.
ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලබා දුන්නේය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා පොලිසියට අද විශේෂ දවසක් බවයි. ඇතැම් පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුල එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව ඔහු සඳහන් කළේය.
මහජනතාවගේ ඉල්ලීම් අනුව සොරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම නව ජීප් රථ ශ්‍රී ලංකා පොලිසියට ඉතා අවශ්‍ය බවත්, පොලිසියට වාහන සපයා ගැනීම පසුගිය අවුරුදු 3 දීම කරගැනීමට නොහැකි වූ බවත්, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සමග ඉතා සමීපව වැඩකිරීම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස්තුමන්ටද විශේෂ ස්තූතිය පල කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීමට, ප්රජාතන්ත්රවාදය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට මෙම නව ජීප් රථ ලබාදීමට හැකිවීම පිලිබඳව ඉන්දියානු රජය ඉතා සතුටුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මෙන්න සජිත්ගේ හැකියාව හර්ෂ මැනපු මිම්ම !
පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුළට ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ය.
රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමගින් තේරුම් ගත් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර මහජන හමුවකදී පවසා තිබුණේ තම නායකත්වයෙන් අනාගතයේ ගොඩනගන ආණ්ඩුවක ආර්ථික විෂය භාරදෙන්නේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට බවය.
ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ විභාග නෑ !
එළැඹෙන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවන බව ය.
අවශ්‍ය වෙනස්කම් සිදුකර ඉදිරියේදී පාසලෙන් පිට වන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පවසයි .
ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු / අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇත.
නිවාඩු අඩුකර වැඩියෙන් වැඩකර 2023 දෙසැම්බර් මාසය වනවිට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ද නිසි කලට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි .
ආයෝජන මණ්ඩලයේ නව සභාපති දිනේෂ් !
ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇත .
ඒ සමග ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා පත්කර ඇත.
ෂාෆ්ටර් ඝාතනය : චමුදිතට ආයෙත් CID එන්න කියලා !
මාධ්‍යවේදී චමුදිත සමරවික්ර්රම හට හෙට (22) සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඒ දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ගැනීමට ය.
චමුදිත සමරවික්‍රම මීට පෙරත් මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රකාශයක් ගෙන තිබිණ .
පළාත් පාලන ජන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් !
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා(23) කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙම රැස්වීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම කැඳවීම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසිනි.
මැතිවරණය පැවැත්වීමට අදාළව සියලු කටයුතු මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නොවැම්බරයේ උද්ධමනය පහළට !
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇත.
මේ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඔක්තෝබර් මස සියයට 61.3ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද නොවැම්බර් මස සියයට 60.4 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
නොවැම්බර් මස සියයට 65 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 33.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 31.0 ක දායකත්වයක් ලබා දී ඇත.
වරාය නගරයට නව අධිකරණයක් !
විසි එක්වන සියවසේ දී යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා මහාධිකරණයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
නඩු කටයුතු ප්‍රමාදවීම සහ අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහාධිකරණයේ කාර්යභාරය සහ යුක්තිය ඉටුකිරීම කඩිනම් කිරීම පිළිබඳ ආකල්පය කෙබඳු ද යන්න තීරණය කිරීමට මහාධිකරණය කේන්ද්‍රස්ථානය වන බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ මොනාක් ඉම්පීරියල් හි පසුගියදා පැවැති කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ 25 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
පරිසරය හා දේශගුණික විපර්යාස සම්බන්ධ නීති මාලාවක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නිරන්තරයෙන් නව නීති සම්පාදනය වෙමින් පවතින බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා එහිදී මහාධිකරණයට විශාල වගකීමක් පැවරී ඇති බව ද සඳහන් කළේය.
වසර ගණනාවක් ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් තම මෙහෙවර ඉටුකළ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර නීතිපති සංජෙයි රාජරත්නම් වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
නීතිපති සංජෙයි රාජරත්නම්, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
මුලින්ම ඔබ මට ලබාදුන් සම්මානය ගැන මම ස්තූතිවන්ත විය යුතුයි. නමුත් මම එක දෙයක් ඔබට කිව යුතුයි, මම කිසිදාක මහාධිකරණයක නීතිඥ වෘත්තියේ යෙදී නැහැ. එය මම නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ එක් අධිකරණයක්. ඒකට හේතුව මම නීතිඥ වෘත්තියට සම්බන්ධ වූ කාලයේ මහාධිකරණ ස්ථාපිත කර නොතිබීමයි.
එවකට අපට තිබුණේ අසීස් (Assize) අධිකරණයක්. මම සිතන විදියට එය බ්‍රිතාන්‍ය යුගයේ සිට තිබූ අධිකරණයක්. කොළඹ අසීස් අධිකරණයේ නඩු විභාග කෙරෙන අවස්ථාවල අපි නීති සිසුන් ලෙස ඊට සවන් දීමට එහි යනවා. “කලත්තෑව නඩුව" සහ “කුලරත්න නඩුව" වගේ නඩු එවකට අසීස් උසාවියේ විභාග වෙමින් පැවතුණා. “පෝලීන් ඩී කෲස් නඩුව" පිළිබඳ ඔබ කී දෙනෙකුට මතක තිබේ දැයි මම දන්නේ නැහැ. නමුත් මේවා මෙරට විභාග වූ ඉතා ප්‍රසිද්ධ නඩු.
මම පාර්ලිමේන්තුවට තේරි පත්වන විටත් අසීස් අධිකරණය පැවතුණා. නමුත් 1978 ව්‍යවස්ථාව සම්මත වූවායින් පසු මගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ එච්.ඩබ්ලිව්. ජයවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙක් මහාධිකරණය පිහිටුවීම පිළිබඳ ගෙන ආ යෝජනාව මට මතකයි. අසීස් අධිකරණයක් තිබියදී මහාධිකරණයක් අවශ්‍යය ද කියලා එවකට රටේ විශාල විවාදයක් ඇති වුණා.
13 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ පළාත් මහාධිකරණ ඇති වුණා. ඊට අමතරව වාණිජ මහාධිකරණත් ඇති වුණා. එම අධිකරණ පද්ධතිය පුළුල් වූ බව එයින් පැහැදිළි වෙනවා. දැන් කොළඹ වරාය නගර බලප්‍රදේශය තුළ අලුතින් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම පිළිබඳ කොළඹ වරාය නගර කොමිසම සාකච්ඡා කරමින් සිටිනවා. එමගින් එම ප්‍රදේශයේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.
නමුත් මෙය කොළඹට පමණක් සිමා වන නිසා යම් අසාධාරණයක් සිදු වෙනවා. කෙසේ වෙතත් මෙය අපගේ නීති පද්ධතියට අලුත් මුහුණුවරක් ගෙන එනවා. අපි මේ පිළිබඳ අනෙකුත් ක්ෂේත්‍ර සමග පුළුල් කථිකාවක් ආරම්භ කර තිබෙනවා.
උදාහරණයක් ලෙස කාන්තා සමානාත්මතාව සහ සවි බලගැන්වීම සඳහා අලුත් නීති ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නිතීඥවරියන් පමණක් සම්බන්ධ කර ගන්නවාද එසේ නොමැති නම් දෙපාර්ශ්වයම සහභාගී කරවා ගන්නවාද යන්න කොළඹ මහාධිකරණ නීතිඥවරුන් තීරණය කළයුතුයි.
මීට අමතරව පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳව නව නීති මාලාවක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී මහාධිකරණයට විශාල වගකීමක් පැවරෙනවා. රටක් ලෙස අප ඉදිරියට යන ගමනේ දී නිරන්තරයෙන් නව නීති සම්පාදනය වෙමින් පවතිනවා. ඇතැම් කටයුතුවල යම් පසුබෑමක් සිදුව තිබුණත් බොහෝ කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙනවා.
අපි මෙලෙස හමුවන්නේ ඉතාම ව්‍යාකූලව පැවති වසරකට පසුවයි. එය අපේ ව්‍යවස්ථාමය සීමාවන් වගේම ව්‍යාකූල තත්ත්වයන් තුළ කටයුතු කිරීමේ හැකියාවත් පරීක්ෂාවට ලක්වූ කාලයක්. අධිකරණයට විශේෂිත භූමිකාවක් තිබෙනවා වගේම එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අප මතක තබා ගත යුතුයි.
21 වන සියවසේ නීතියේ භූමිකාව කුමක්ද? අධිකරණ පද්ධති වෙනස් විය යුතු ආකාරය කුමක්ද? සහ යුක්තිය පසිඳලීම වේගවත් කරන්නේ කෙසේද? යන කාරණාවලදී මහාධිකරණයට ඉටුකිරීමට වැදගත් භූමිකාවක් තිබෙනවා. විශේෂයෙන් නඩු කටයුතු ජනතාව වියදම්වලින් පීඩාවට පත්කරන එකක් නොවිය යුතු අතර දැනට පවතින එම තත්ත්වය කඩිනමින් අපි අවසන් කළ යුතු වෙනවා.
මේ අපේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු කිහිපයක් පමණයි. මහාධිකරණයේ භූමිකාව කුමක්ද යන්න තීරණය කළ යුත්තේ මහාධිකරණයේ සිටින ඔබයි. නීතිය කඩිනම් කිරීම සහ සියලුදෙනාට සමානව නීතිය ක්‍රියාත්මක වීම තීරණය වනුයේ ඔබගේ ආකල්ප අනුවයි.
අදින් පසු ඔබ මෙම ගැටලු පිළිබඳව වඩාත් පුළුල්ව සොයා බලනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබ නීතිඥ සංගමයේ කටයුතු කරන විට මම පෙන්වා දුන් මෙම ගැටලු පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලැබේවි.
විශේෂයෙන්ම එදා මම අගමැති ධුරය දරණ සමයේත්, ඊට පෙර සිටත් ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇතුළු නීතිඥයන් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. යුක්තිය ඉටුකිරීමේ දී ඔබ ලබාදුන් එම සහයෝගය මට කිසිදා අමතක වන්නේ නැහැ.
ඔබට සුබපැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නා අතරම, අන්තරායකර ඖෂධ පනත හැර අනෙක් සියලු කටයුතුවලදී මම ඔබත් සමඟ සිටින බව සඳහන් කරන්න කැමතියි.
මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.
ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙනු ඇත.
මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේ දී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය
පවසයි .
අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යන්නේ නැතිලු !
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ධුරයෙන් විශ්‍රාම යාමට තීරණයක් ගෙන නැතැයි කොළඹ රදගුරු මැදුර කියා සිටියි.
මැල්කම් රංජිත් කාදිනල්තුමාට වසර 75ක් පිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්රදායක් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.
ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇතැයිද පවසන අගරදගුරු මැදුර එතුමන් විශ්‍රාම යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පාප් වහන්සේ බවද කියා සිටී.
මේ අනුව කාදිනල්තුමන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යෑමට අදහස් කර ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවද එම නිවේදනය තවදුරටත් සඳහන් වෙයි.
Page 216 of 440