පුවත්
දුම්වැටි මිලත් ඉහළට !
මත්පැන් මිල ඉහළ දැමීම සමග දුම්වැටි මිලත් ඉහළ දැමීමට නියමිතව ඇත.
ඒ අනුව දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කෙරුණු අතර එය ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන වල : කොටස් හිමිකාරීත්වයේ වෙනසක් !
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි අදාළ ආයතන වල 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව්සමාගමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙන්නේ ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය සමාගම් එම මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසීම ය.
ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී.
එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ.
2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කර ඇත.
අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් !
අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .
ඒ අනුව විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත.
ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මත්පැන් මිල ඉහළට !
මත්පැන් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ.
අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් ඇත .
අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050.00 ක බද්ද රුපියල් 1256.00 දක්වාත්, රුපියල් 1121.00 බද්ද රුපියල් 1344 .00 දක්වාත් රුපියල් 1309.00 ක බද්ද රුපියල් 1576.00 දක්වාත් ඉහළ නංවා තිබේ.
බියර් බෝතලයකට අය කළ රුපියල් 103.00ක බද්ද රුපියල් 124.00 දක්වාත් 194.00ක් වූ බද්ද රුපියල් 233.00 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.
භූමිතෙල් සහ සුදු ඩීසල් මිල පහළට !
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහල දමා ඇත .
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10.00 කින් අඩු කර ඇත.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
සජබ නැට්ටේ එල්ලී සිටි පක්ෂ 3ක් අලුත් සන්ධානයක් හදලා !
සමගි ජනබලවේගය පක්ෂය සමග මෙතෙක් සමීපව කටයුතු කළ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පළාත් පාලන මැතිවරණයක් අවස්ථාවේ වෙනම තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන පක්ෂ මෙසේ වෙනම සන්ධානයක් පිහිටුවීමට නියමිත ය.
එම පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව, නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ අතර, එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු කෝටාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්න හේතුවෙන් මෙකී පක්ෂ වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බවය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව : කැබිනට් තීන්දුව මෙන්න !
විදුලිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව සලකා බැලීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතිය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි .
ඒ අදාළ යෝජනාව අද (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ ය.
මේ අතර විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් තර්ජනය කර සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් හෙට සිට නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.
විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය.
බිත්තර මිල පහත දාන්න : කැබිනට්ටුව ගත්ත තීන්දුව !
බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.
වාර්තා වන ආකාරයට බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ එම මිල පාලනය උදෙසා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
පුංචි ජන්දයට අලිත් සූදානම් !
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
එහිදී මාධ්‍යවේදියකු පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවාදැයි විමසු අතර ඊට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා පවසා සිටියේ, දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති නමුත් පොහොට්ටුවේ උදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියත් වෙනත් දේශපාලන පක්ෂ වල උදවියත් එජාපය සමග කතා කොට නාමයෝජනා සැකසීම සම්බන්ධයෙන් අදහස් විමසා ඇති බවය.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් : ජනපති හමුවෙයි !
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.
ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කැමරන් නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නව වසරේ පවුල් 2500කට සෙත සලසන : දින 40 ක ප්‍රජා මුළුතැන්ගෙයක් !
ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර, ඉබ්බන්වල සහ වෑකන්ද යන ග්‍රාම නිලධාරි වසම් වල පවුල් 2500ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
දෛනිකව ක්‍රියාත්මක වන මෙම ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ජනවාරි 01දා සිට දින 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම කාලසීමාව තුල ප්රතිලාභ ලබන පවුල් වල පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය, වෘත්තිය පුහුණුව ලබාදීම, සාමාජීය දියුණුව සැලසීම වැනි සුබසාධන වැඩසටහන් මගින් ඔවුන්ගේ ආර්ථික තත්වයන් ඉහල නංවාලීමට පියවර ගැනීම ද විශේෂත්වයකි.
ජනාධිපති කාර්යාලය මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රජයේ ආයතන මෙන්ම, ජාත්‍යන්තර සිංහ සමාජය, රොටරි සමාජය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් ගංගාරාම විහාරස්ථ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වේ.
මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය දයා ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගූණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු , පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.
https://casite-1385010.cloudaccess.net/news?start=3798#sigProId69cc4ac7ef
නව වසරේ පාර්ලිමේන්තුව රැස්වෙන දිනය !
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 5 වනදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතය.
එම රැස්වීමේදී උදේ 9:30 සිට උදේ 10 30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙනු ඇත.
එදින පස්වරුවේ රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද පැවැත්වේ.
පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාවක් පිහිටුවීම සඳහා වන යෝජනාවද පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් කිරීමට නියමිතය.
නව වසරේ රාජකාරි ඇරඹු සමස්ත රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ආරාධනයක් !
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්‍ය සේවකයින්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.
නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.
නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්‍රාර්ථනා කරනවා.
මාස පහ හමාරකට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්‍රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර අවශ්‍ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.
ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.
ඒ වගේම අද තිබෙන දේශපාලන ක්රමයේ ගැටලු විසඳිය හැකි නව ක්‍රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.
අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්‍රණයක් ලෙස. මෙය අමාත්‍යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්‍රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්‍රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන්නේ.
තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=3798#sigProId553935a22b
පුංචි ජන්දයේ නිල නිවේදනය ජනවාරි 05 ?
පළාත් පාලන මැතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනවාරි මස 5 වැනිදා නිකුත් වීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජිත දින වකවානු අනුව එම නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ජනවාරි මස 9 වැනිදාට පෙර නිකුත් කළ යුතුය.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මෙයට පෙර ප්‍රකාශ කළේ ඉදිරි සතියේ ස්ථිර වශයෙන්ම මැතිවරණය පිළිබඳව ප්‍රථම නිල නිවේදනය නිකුත් කරන බවය.
ඒ අතරතුර පළාත් පාලන මැතිවරණය සංවිධානයට අවශ්‍ය සෙසු මූලික කටයුතු සිදුකෙරෙමින් පවතී. මේ වන විටත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් කැඳවා මැතිවරණයේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර නාමයෝජනාවලින් පසුව මැතිවරණයට තරග කරන පක්ෂ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.
- deshaya
2023 අවසාන මාස 6 සිට ආර්ථිකයට වෙනදේ මහ බැංකුව පවසයි !
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ අවසන් මාස හයේ සිට යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි.
සමස්තයක් ලෙස මෙම වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.
ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැංවීම සහ එහි විභවයන් ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජයේ සහ අනෙක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථිර කැපවීම අවශ්‍ය බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ශ්‍රීලනිප පිංකම සිරිසේන වර්ජනය කරලා !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක සිහිකරමින් එම පක්ෂය වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣානය ඊයේ (31) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පැවැත්විණි.
මෙවර එහි සංවිධාන කටයුතු සිදුකර තිබුණේ ඉකුත්දා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසිනි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු නායකයින් මෙම පිංකමට සහභාගි වී නොමැත.
කෙසේ වෙතත් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම පිංකමට එක්ව සිටීම විශේෂත්වයකි.
මහජන බැංකුවේ අලුත් CEO ක්ලයිව් ෆොන්සේකා !
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා පත් කර ඇත .
භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ඔහු දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවෙකි.
ඔහු කලක් ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුවේ සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සේවය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ෆොන්සේකා මහතා අවස්ථා කීපයකදීම බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙසද පත් කර තිබේ.
කැබිනට් යෝජනාව තකන්නේ නෑ : උපයෝගීතා කොමිසමේ ලොක්කා වැඩ අල්ලයි !
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ලට නොගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ය.
පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් ඔහු එහිදී පැවසීය .
විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව පැවසූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඔහු මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් සඳහන් කළේය .
Page 212 of 440