පුවත්
වොයිස් එක නම් සෙමිනීගේ නෙවෙයිලු : ඇතුළට ගියත් තිලිණි නම් වැඩ !
මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන.
මේක අද (10) පෙරවරුවේ සොයාගත්තා කියලා තමයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියන්නේ.
ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සේ, මේ මාසේ 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ.
කොහොමටත් තිලිනි ගැන ඕපාදුපවලින් බුකිය රත්වෙලා.
අරගලෙන් පස්සේ දවසින දවස පල්ලම් බැහැපු ශෝෂල් මිඩියා, තිලිනිට පින්සිද්ද වෙන්න ඔන්න ආයෙත් නැගල යනවා..
ඔය අස්සේ මේ කේස් එකට අදාල කියන, හඬපට කීපයක්ම ශෝෂල් මිඩියා එකට දාලා.
පොලීසිය විසින් සිදු කර ලද විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ , ප්‍රසිද්ධ නිලියක් ලවා එම ප්රකෝටිපතියන් සමග, ලිංගික කටයුතු කතා කර, ඒවා පටිගත කළ ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා තර්ජනය කරල කියල..
# ඔන්න ඔය අස්සේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් බිය වැද්දීමට යොදාගත් නිලියකගේ බව පැවසෙන හඬ පටයක් මේ දවස් දෙක තුනේ සමාජ ජාලවල වයිරල් වෙලා.
අදාළ හඬ පටය, රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ ගේ එකක් බව, සමාජ ජාලවල සඳහන් වෙලා තිබුන.
කොහොම වුනත් සෙමිනි නම් කියන්නේ, ඒ හඬ පටය තමන්ගේ නෙමෙයි කියලා ..
පොලිසිය උසාවියට දාපු B රිපෝට් එකෙත් සෙමිනිගේ නමක් තිබුනේ නෑ ..
යූරියා ටෙන්ඩරයේ අවුල කියන්න අවස්ථාවක් !
ටෙන්ඩර් මගඩි ගැන කියමින් ව්‍යාපාරික තරග දේශපාලනය වෙනුවෙන් යොදාගන්නා පක්ෂ සංවිධාන සහ පුද්ගලයන්ට කදිම අවස්ථාවක් අමාත්‍ය මහින්ද අමරවීර ලබාදී ඇත.
ඒ යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව අදහස් පළ කරන හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම එම පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමය.
කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ සාකච්ඡාව හෙට (11)දවල් 12.00 ට බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
යුරියා පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙලේ අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනා ගැනීමටත් රටේ කෘෂි කර්මාන්තයේ උන්නතිය හා ගොවි ජනතාව වෙනුවෙන් සිදු කරන ජාතික මෙහෙවරක් ලෙස සලකා මෙම වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.
චාමර දයාසිරිට ගෙවල් හොයයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්තගෙන් හෝ හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායකගෙන් හෝ මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවසක් ඉල්ලා ගත හැකි යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීලනිප මහ ලේකම්වරයා කොළඹ නිල නිවසේ විදුලි බිල නොගෙවන බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
සුද්දො වගේ ඉන්නවා නම් සුද්දො වගේ ඉන්න ඕන. ආණ්ඩුවෙන් යනවා නම් භාර ගෙන සිටින නිල නිවාස ඇතුළු සියලු දේ ලස්සනට භාර දී යායුතුයි. ගෙවන්න ඕනෑ එක ගෙව්වා නම් ඉවරයිනේ. කාට හරි චෝදනා කරන්න කලින් තමන් පිරිසුදු විය යුතුයි. ගෙයක් දුන්නේ නැහැ කියලා එතුමා කියනවා මම අහගෙන. ගෙවල් තිබෙනවා මාදිවෙල. අපිට ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නෙ මාදිවෙල. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ලාල් කාන්තත් රන්ජන් රාමනායකත් ඉන්නේ මාදිවෙල. එතුමත් මාදිවෙලට ආවා නම් හොඳයි. ඩී. දහය ලාල්කාන්තගේ. ඒ පහ රන්ජන් රාමනායකගේ.
සනීපාරක්ෂක තුවා : ගැසට් නිවේදනය එළියට !
දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබේ.
අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකි වේ.
දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ නිෂ්පාදනවල අමුද්‍රව්‍යවල බදු ඉවත් කිරීමට පසුගිය සතියේ තීරණය කරනු ලැබීය.
ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇති බව වාර්තා වේ.
දේශපාලන ක්රමයේ විප්ලවීය වෙනසකට : ජනාධිපති රනිල් සූදානම් වෙයි !
පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය, පළාත් පාලන ව්‍යුහය ඇතුළු දේශපාලන ක්රමයේ බරපතළ වෙනසක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව පෙන්නුම් කරයි.
එකී සංශෝධන සිදුකිරීමට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සහයක් නොලැබුණොත් ඒ සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබීමත් තීරණාත්මක තත්ත්වයකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් දක්වා ඇත්තේ වෘත්තීයවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදී වන අතර ඊට අදාළ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය පහත දැක්වෙයි.
මැතිවරණ ක්රමයේ සංශෝධන රැසක් !
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.
රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය ,
අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා.
ආර්ථිකය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන අපි කතා කර තිබෙනවා. මම ඒ ගැන මෙතන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
එහෙත් දේශපාලන වැඩපිළිවෙළ ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අද මේ රටේ ජනාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා.
පසුගිය මාර්තු මාසයේ මේ උද්ඝෝෂණ පටන් ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණවලට ජනතාව අවේ නැහැ. ජනතාව වෙනම ඉදිරියට ආවා. අවාසනාවකට මැයි, ජුනි වෙන කොට එක් එක් දේශපාලන සංවිධාන විසින් මේ විරෝධතා ව්‍යාපාරය තමන්ගේ අතට ගත්තා. ඒ සමගම ප්‍රචණ්ඩත්වයත් ආවා. ප්රචණ්ඩත්වය සමග රටේ ආණ්ඩු බලය අල්ල ගන්න ක්‍රියා කළා. ඒ නිසා එදා තිබුණු අරගලය කඩා වැටුණා.
තවමත් ජනතාව කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ප්‍රචණ්ඩත්යට කවුරුවත් කැමති නැහැ. මේක අපි පිළිගන්න ඕන. මේ ආකල්පය වෙනස් කරමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ.
පක්ෂ ක්‍රමය නිසා අද පාර්ලිමේන්තුවේ එක එක කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. ජනාධිපති ධූරයට පත්වෙන්න මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒක රහසක් නොවේ. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්නා. සජබෙ ඒ වගේම ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දය දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම මට ඡන්දය ලැබුණා.
මම පටු පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කරනවා. දැනට විපක්ෂයේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අධීක්ෂණ කමිටු වගේ කමිටු ස්ථාපිත කරලා තිබෙනවා. ඒත් මේවා සම්පූර්ණ කරන්න බැරි වෙලා තිබෙනවා. සමහරු ජාතික සභාවට එනවා සමහර අය එන්නේ නැහැ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කටයුතු කරයි කියලා. අපි මෙතනින් නවතින්න හොඳ නැහැ.
ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතලා ඒ අනුව අපි කටයුතු කළයුතුයි. ජනතාවට ගම් මට්ටමේ දේශපාලනය එපා වෙලා තිබෙන නිසා අද අලුත් සංකල්පයක් අපි පිළිගන්නවා. ආණ්ඩුව නොවේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා ජන සභා ක්‍රමය ඉදිරිපත් කරලා තිබෙනවා. හැම ඡන්ද කොට්ඨාසයකම ඒ ගමේ තිබෙන පොදු සංවිධාන එක් කරලා එක් කමිටුවකින් ඒ වැඩකටයුතු කරන්න. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ ක්‍රමය හොඳයි. මීට පෙරත් මේ ක්‍රමය තිබුණා ග්‍රාමෝදය මණ්ඩලය හැටියට. ඒක ආණ්ඩුවට සම්බන්ධ එකක්, මෙය ආණ්ඩුවට සම්බන්ධ නොවන එකක්. මේ ජන සභා වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපාරොත්තු වෙනවා.
ජනසභා ක්‍රියාත්මක වන විට ප්‍රාදේශීය සභා එක්ක සම්බන්ධීකරණය තියෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට ජන සභා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොමද අපි එකට වැඩ කරන්නේ කියලා සැලසුම් කරන්න ඕන. ප්‍රාදේශීය සභා ක්‍රමය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. බොහෝ ප්‍රාදේශීය සභාවලින් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒවත් යැපෙන්නේ බදු මුදල්වලින්. මුදල් ලබා ගන්න නගර සභා, ප්‍රාදේශීය සභා ඒවා පඩි ගෙවන්න යොදවනවා. එහෙනම් අපිට මේ ක්‍රමය ගැන හිතන්න තිබෙනවා.
නමුත් පසුගිය සැරේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හාරදහස, අටදහස කළා. රට ඉල්ලුවේ නැහැ, පක්ෂ නායකයින් එකතු වෙලා මේ වැඩකටයුත්ත කළා. එහෙනම් අපිට දැන් තිබෙන්නේ ඊළග ඡන්දයට කලින් මේ අටදහස, හාරදහස බවට අඩු කර ගන්න.
පාර්ලිමේන්තුවේ ඒ නීති සංශෝධනය කරන්න කටයුතු කරමු. එතනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම තවත් හදිසි සංශෝධනයක් තිබෙනවා. මේ ප්‍රාදේශීය සභාවල විධායක ප්‍රධානී ලෙස ඉන්නේ සභාපතිවරු. සමහර අය ඒකට විරුද්ධයි. ප්‍රාදේශීය සභා ක්‍රමයට පෙර නගර සභා, ගම් සභා තියෙන කොට එහෙම බලයක් තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ප්‍රාදේශීය සභාවේ විධායක බලය විධායක කමිටුවට දෙමු. ඒකේ ප්‍රධානියා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. දැන් මුදල් කමිටු තිබෙනවා. ඒ වගේ විධායක කමිටුවක් ඇති කරමු. අපි මේ කරුණු දෙක ඉටු කර ගන්න ඕන ඊළග ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර. ඒක අපි කළ යුතු දෙයක් කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඊට අවශ්‍ය නීති කෙටුම්පත සකස් කරන්න කියලා අපි ඇමතිවරුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම මේ මනාප ක්‍රමයට බොහෝ දෙනෙක් කැමැති නැහැ. කවුරුත් මනාප ක්‍රමය ගැන ඉස්සෙල්ලා හිතුවේ නැහැ. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දීර්ඝව හිතලා 1975 යෝජනා කළා ලැයිස්තු ක්‍රමය, ඒක අනිත් පක්ෂත් පිළිගත්තා. මොකද ඒකෙන් ලැබුණේ අනුපාත. ඒ අනුව අපි නගර සභා ඡන්ද පැවැත්වුවා. මහනගර සභා ඡන්ද පැවැත්වුවා. දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඡන්ද පැවැත්වුවා, ඒ ක්‍රමය සාර්ථකව අපි ඉදිරියට ගෙන ගියා. එහෙත් 1988 වර්ෂයේ හදිසියේම පාර්ලිමේන්තුවේ පක්ෂ තීරණය කළා ලැයිස්තු ක්‍රමය වෙනුවට මනාප ක්‍රමය ගේන්න. එක මනාපයක් නෙවේ, මනාප 03ක් දෙන්න. ඒ වගේම තමයි 196ක්ව තිබුණ මන්ත්‍රි සංඛ්‍යාව 225 බවට පත් කළා.
මේ රටේ දේශපාලනයේ දූෂණයට ප්‍රධානම හේතුව මනාප ක්‍රමය. ඉතින් අපි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කරන්න ඕන. මනාප නැති ලැයිස්තු ක්‍රමය, නැත්නම් මිශ්‍ර ක්‍රමය (කේවල හා අනුපාත ක්‍රමය) මේ දෙකෙන් එකක් ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න ඕන. එන ඡන්දයට කලින් තීරණයක් අරගෙන ඒ ඡන්දය අලුත් ක්‍රමය යටතේ පවත්වන්න ඕන.
එතකොට සුදුසු පුද්ගලයන් තේරි පත්වෙනවා. මෙය අපි සිදු කළයුතු දෙයක්. අද පක්ෂ අතර එකඟත්වයක් නැහැ. ප්‍රධාන පක්ෂවලට එකක් කියනවා, සුළු පක්ෂවලට එකක් කියනවා. මෙහෙම ඉදිරියට යන්න බැහැ. දේශපාලන පක්ෂ මෙම තීරණය ගත යුතුයි.
මම අධිකරණ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරනවා. ඒක රැස් වෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. මේක කල් දාන්න ඉඩ දෙන්න බැහැ. මොකද ජුනි, ජුලි මාසය වෙනකොට තීරණයක් ගන්න බැරි නම් මම ජනමත විචාරණයකට යනවා ජනතාවගේ අදහස් ලබා ගන්න කොයි ක්‍රමය ද හොඳ කියලා.
මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා, ඒ ක්‍රම ගැන කතා කරනවා. කතා කරලා එක ක්‍රමයක් තෝර ගන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාව ඒ කටයුතු අවසන් කරන්න. නැත්නම් මම ජනතාවගේ අතට දෙනවා ඒ වැඩකටයුත්ත කරන්න. අපිට මෙවායින් ඉවත් වෙන්න බැහැ. අපි ඉදිරියට යා යුතුයි.
අද මැතිවරණවලට විශාල මුදලක් වැය කරනවා. මම 77දී පැරණි ක්‍රමයටයි ඡන්දය කළේ, එදා වියදම් සීමා කළා. අද සමහර අය ඡන්දය කරන්න මිලියන 20-30, 50 වැය කරනවා. කොහොමද මේවා ආපසු ගෙවන්නේ. මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරු හිර කරලා තිබෙනවා. එහෙම නම් අපි ඡන්ද නීතියෙනුත් ඡන්දයට වියදම් කළ හැකි මුදල් පිළිබඳ සීමාවක් දාන්න ඕන. මම 77 ඡන්දයට ඉදිරිපත් වෙද්දි එම සිමාවන් තිබුණා. ඒ අනුව තමයි අපිට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒ කාලේ පෝස්ටරයක් ගහන්න බැරි වුණා. එහෙම නම් මැතිවරණයට වැය කරන මුදල් ගැන සීමාවන් ගේන්න කටයුතු කරන්න ඕන.
තව කාරණයක් තිබෙනවා අද අපේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැහැ. හුඟක් අය පරණ අය එක්ක නමින් වැඩ කරනවා. අලුත් සංවිධාන නැහැ. එහෙම නම් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැනත්, ඒවායේ වැඩකටයුතු ගැනත්, කොහොමද සාමාජිකයන් බඳවා ගන්නේ, කොහොමද මධ්‍යම කාරක සභා තෝරගන්නේ, කොහොමද අපේක්ෂකයන් තෝර ගන්නේ යන කරුණු ගැනත් වෙනම නීතියක් ඉදිරිපත් කරන්න ඕන.
දැනට ජර්මනිය වගේ රටවල දේශපාලන පක්ෂ නීතිය කියල නීති තිබෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. කොහොමද මුදල් එකතු කරන්නේ, මුදල් එකතු කරන්න බැරි අවස්ථා මොනවද මේ සියල්ල ගැන නීති තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට උසාවියට යන්න පුළුවන් ඊට විරුද්ධව.
විනිවිදභාවය තිබෙන නිසා, ඒ වගේම මැතිවරණ වියදම් සීමා කරන නිසා ඒ රටවල පාර්ලිමේන්තුවෙන් මුදල් දෙනවා දේශපාලන පක්ෂවලට. ඡන්දයටත් මුදල් දෙනවා. පාර්ලිමේන්තුවෙන් දෙන එක වඩා හොඳයි පුද්ගලික ආයතනවලින් ගන්නේ නැතිව. ඒවා සීමා කරලා තිබෙන්නේ. ඇමරිකාවෙත් මේ ක්‍රමය තිබෙනවා. එහෙම නම් අපිත් මේ නීති ගේන්න ඕන. ඒ ගැන යෝජනා ලබාදීමට මම වෙනම කොමිසමක් පත්කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ලබන වසර තුළ සිදු කළ යුතුයි.
අලුත් ආර්ථිකයක් සමග අලුත් ආකල්පයක් තිබෙන්න ඕන. ඒවගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ කියලා සමහරු දොස් කියනවා. මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් ඒ අය විනය කඩලා තිබෙනව නම්, කෙසේ හෝ මෙය වඩා ශක්තිමත් කිරීමට මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කරනවා වගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ, සාරධර්ම පිළිබඳ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරන්න ඕන. එංගලන්තයේ තියෙනවා Parliamentary Standard Act ඒ අනුව ක්‍රියා නොකරනව නම් ඒ ගැන වාර්තා කරනවා. එහෙම වාර්තා කළාම ඒ අය ජනමතය නිසාම ඉවත් වෙනවා. වෙන පියවරක් ගන්න බැහැ. දැන් ළඟදි එක්කෙනෙක් ඉවත් කරලා තිබෙනවා විවාදයෙන්.
එහෙමනම් අපි මේ සියලු නීති රීති ගේනවනම්, මේ සංශෝධන කරනවනම් අපිට පුළුවන් ජනතා විශ්වාසය දිනා ගන්න. එතකොට ඊළග ඡන්දයෙදි බොහෝ දෙනෙක් ගිහින් ඡන්දය පාවිච්චි කරනවා. 85%ක් ඡන්දය පාවිච්චි කරන්න වුවමනයි.
අපි ආකල්ප වෙනස් කරගන්න ඕන. තවම පරණ විදියට පෙළපාලි ගිහින් හරියන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගිහින් අරගලයට හේත්තුවෙලා තිබෙනවා සහයෝගය ලබා ගන්න. අරගලය හේත්තුවෙලා නැහැ,දේශපාලන පක්ෂවලට. අපිට තිබෙන්නේ ජනතාවගේ අදහස් අනුව නීති රීති ගෙනල්ලා ජනතාව කැමති අය පාර්ලිමේන්තුවට පත් කරගන්න අවස්ථාව ලබාදීමයි. මේ වැඩකටයුතු තමයි අපි ඉදිරියට සිදු කළ යුත්තේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත යන මහත්වරුන් සහ නීතිඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් ගෙන් සමන්විත වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.
කළුවර වප් පොහෝ විරෝධය අකුලගනියි !
රට පුරා සියලුම ආගමික ස්ථානවල අද (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ‘කළුවර වප් පොහොය’ විරෝධතාවය අත්හැර දමා ඇති බව වාර්තා වෙයි .
පන්සල් ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල එම ආයතන විසින් නොදරා රජය විසින් , එනම් ජනතා බදු මුදලින් දැරීමට බලකරන දේශපාලන තීන්දුවක් ලෙස එය සැලකිය හැකි ය.
කෙසේ වුවත් සමාජ මාධ්‍ය ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් මතුවූ අතර එය සංවිධානය කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බල දේශපාලන ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙය සිදුකරන බවත් එහිදී සඳහන් කර තිබිණ .
කෙසේ වුවත් සෝභිත හිමි පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුව මත මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව වප් පුර පසළොස්වක පොහෝ දිනය වන අද දිනයේ රටපුරා වෙහෙර විහාරස්ථානවල සාමාන්‍ය පරිදි විදුලි පහන් දල්වා ආගමික කටයුතු සිදුකරන තත්ත්වයක් දකින්නට ලැබුණු අතර , ඇතැම් භික්ෂූන්ගේ අදහස වී තිබුණේ සෝභිත හිමි වැනි දේශපාලන භික්ෂූන් නිසා බෞද්ධයන් තවදුරටත් පන්සලෙන් ඈත් වෙන බවය.
පෝෂණයට විශේෂ බලකායක්
පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනයට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.
ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාතාංශයේදී ඊයේ (08) පැවැත්වුණි.
එම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. 2022 සිට 2024 දක්වා හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ගෙනයාමට සැලසුම් කර තිබීමද විශේෂත්වයකි.
මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ එක් පළාතක් තෝරාගෙන අදාළ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඔක්තෝබර් මාසය පෝෂණ මාසය ලෙස නම් කර ඇති හෙයින්, පෝෂණය සම්බන්ධවෙන් වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ පෝෂණ අවශ්‍යතා සහිත පවුල් හඳුනාගෙන අදාළ අමාත්‍යාංශවල එකාබද්ධතාවයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණි.
වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ !
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විදෙස්ගත වීම හේතුවෙනි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ආරක්ෂක වියදම් : ලංකාවෙන් ලෝක වාර්තාවක් !
ලොව වැඩිම ආරක්ෂක වියදම් දරන රටවල් අතර ශ්‍රී ලංකාව 10 වැනි තැන හිමි කරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නවතම ආර්ථික සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.
රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස ලොව වැඩිම ආරක්ෂක වියදමක් දරන රට උතුරු කොරියාවයි. ඇමෙරිකාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළු බලවත් රටවල්ද සිය රාජ්‍ය වියදම්වලින් ඉහළම ප්‍රතිශතයක් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කර ඇත.
මෙතරම් දැවැන්ත ආරක්ෂක වියදමක් දරන ශ්‍රී ලංකාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ 9 ක් (-9) තරම් පහළට ඇදවැටී තිබේ. මේ නිසා ලබන වසර මුල්භාගය වනවිට රටේ රාජ්‍ය, පෞද්ගලික අංශවල රුකියා කරන්නන් ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවනු ඇතැයි ද එම පර් යේෂණ වාර්තාවේ දැක්වේ.
එම වාර්තාව දක්වන තවත් විශේෂ කරුණක් වන්නේ ආසියාවේ වැඩිම රාජ්‍ය සේවක ප්‍රතිශතයක් සිටින රට ද ශ්‍රී ලංකාව බවය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 18% ක්ම රාජ්‍ය සේවකයන්ය. එහෙත් ඉතා දියුණු මැලේසියාවේ එම ප්‍රතිශතය 14% කි. මියන්මාරයේ 5% කි. සමස්ත ආසියාවම ගත් කල සෙසු රටවල රාජ්‍ය සේවක අනුපාතය 10% කි.
මෙම සුවිශේෂ ආර්ථික දත්ත සඳහන් වන සමීක්ෂණ වාර්තාව මුදල් අමාත්‍යාංශය හා එක්ව සකස් කර ඇත්තේ දිවයිනේ ප්‍රකට පෞද්ගලික ආර්ථික සමීක්ෂණ ආයතනයක් විසිනි. එකී වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන බවද මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
- deshaya
දේශද්‍රෝහි විපක්ෂය ආර්ථිකය ගැන බිල්ලන් මවනවා : හිටපු මුදල් ඇමති රවී
දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කරයි.
රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය පළමු අඩිතාලම මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යොදා ඇති බවත් 2002 දී මෙන්ම 2015 දී ද ආර්ථික ගොඩගැනීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකර පෙන්වා ඇති බවත් ඔහු පවසයි .
හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය.
එහිදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් මෙසේද පැවසීය .
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වුණා තමයි. නමුත් එම යෝජනාව වලංගු වන්නේ අවුරුදු දහයකට පෙර තිබුණු තත්ත්වයකටයි. ස්වෛරී රටක් අප අපේ අනන්‍යතාවය රැක ගන්න කටයුතු කළ යුතුයි. ඒ අනුව අප කළ යුත්තේ එම යෝජනාව වැරදියි කියා ඔප්පු කර ජාත්‍යන්තරයේ සහය සහ විශ්වාසය දිනා ගැනීමයි.
රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය පළමු අඩිතාලම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොදා තිබෙනවා. රටේ සියලු ප්‍රශ්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද කියා සුද්දෝ අපට කියන්න අවශ්‍ය නැහැ. 2002 දී සහ 2015 දී අප වගකීම් භාර ගෙන ආර්ථිකය ගොඩනගා පෙන්නුවා.
දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි.
එක්ව නැගිටීමට ගිය මහින්ද ඇදගෙන නාගෙන !
"ගෝඨාභය ගෙනියන වැඩපිළිවෙළට අපි සහයෝගය දෙන්න. ඉස්සර නම් අපි රනිල්ට බැන්නා. දැන් රනිල් යහමගට ඇවිත්. දැන් ඉන්නෙ එයා අපිත් එක්ක.’ යනුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ හාස්‍යට ලක්වෙමින් තිබේ .
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කළේ "එක්ව නැගිටිමු කළුතරින් පටන්ගමු " යනුවෙන් අද (08) පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක අදහස් දක්වමින් ය.
අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු හිටපු අගමැතිවරයා කළ පළමු දේශපාලන කතාව මෙය වෙයි.
රටේ වෙනදේ මහින්ද දන්නේ නෑ !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවතින දේශපාලන සන්දර්භය පිළිබඳව නිවැරදි තක්සේරුවක් නොමැතිව මේ ප්‍රකාශය සිදුකර ඇති බවය.
එසේම newstube.lk ඇමතූ දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ දිනකට පැය 12ක විදුලි කප්පාදුව සහ කාබනික වගාව මත පැමිණීමට තිබූ සාගතය මෙන්ම පෝලිම් යුගය අවසන් කර , රට සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසුව බවයි.
ඒ කටයුතු සාර්ථක නොවන්න මෙවැනි ජන හමුවක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දිමක් කිරීමට හෝ අවස්ථාව අහිමිව යාමට තිබූ බවත්, නැත්නම් අදත් කළුතර "ගෝ මයිනා ගෝ හෝම් " ගමක් බිහිවෙන්න තිබූ බවත් ඔහු පැවසීය .
ඒ බව නිවැරදි පුරෝකථනයක් නොමැතිව මේ අදහස් දක්වා ඇති බවත් , එපමණක් නොව තවමත් ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය වෙතින් නිදහස් වීමේ ආරම්භක අවධියේ සිටින බවට මහින්ද රාජපක්ෂ නොදැනුම මේ හරහා ඔප්පු කර ඇති බවත් ඔහු පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයා පවසා සිටියේ , ඉතා දුෂ්කර කොන්දේසි යටතේ අර්බුදය සමනය කරගන්න කටයුතු කරමින් ඇති මෙවැනි පසුබිමකදී මීට වඩා පරිණත භාවයක් පෙන්නුම් කළ යුතුව ඇති බවයි.
නැත්නම් පවතින දේශපාලන සන්දර්භය මුළුමනින්ම ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ගණනය කළ නොහැකි ඛේදවාචකයක් රටේ මතුවිය හැකි බවත් ඔහු පැවසීය .
ප්‍රියමාලි නිසා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු CID යට ?
කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම නිළියන් සමඟ පැවැති සබඳතා හෙළි වී ඇත.
මෙම මූල්‍ය සමාගමට මුදල් ආයෝජනය කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවල දී ඇය ඔවුනට මෙම නිළියන් සම්බන්ධ කර ඇතැයිද හෙලි ව තිබෙන බවත් වාර්තා වෙයි .
එහිදී අදාළ කෝටිපතියන් සමග රංගන ශිල්පිනියන් සිදුකරන සංවාද පටිගත කර ඒවා ව්‍යාපාරිකයන්ට පෙන්වා ඔවුන් බිය පත් කර තිබේ.
ඒ සඳහා ආ රංගන ශිල්පිනියකට එක් අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවා තිබෙන බවත් අනාවරණය වී ඇති බවත් වාර්තා වෙයි .
අදාල සංවාද හඬපට ව මේ වන විට රහස් පොලිසිය භාරයේ ඇති බවත් දැනගන්නට ඇත .
හිටපු මැකෝ වරයෙක් බැසිල්ට දුන්න ඔප්ෂන් එක සාපයක් වෙලා !
බැසිල් හදපු පොහොට්ටු පක්ෂයේ චන්ද සලකුණ නෙලුම් මල.
නෙලුම් මල පුජනිය සංඛේතයක් නිසා, හිටපු මැතිවරණ කොමසරිස් කෙනෙක් , නෙළුම් මල බැසිල්ගේ පක්ෂයේ චන්ද සලකුණ විදියට දෙන්න බෑ කියල තිබුනා. ඒ මැතිවරණ පනතේ තීන්දුවකට අනුව..
බැසිල් සහ මේ මැකෝ කියන්නේ කාලාන්තරයක් තිස්සේ හොඳ යාලුවෝ.. ඒ නිසා බැසිල්ට මැතිවරණ පනතේ කනින් රිංගල යන්න එයා පොඩි ඔපිනියන් පාරක් දීලා..
නෙලුම් මල වෙනුවට පිපුනේ නැති නෙලුම් පොහොට්ටුවක් චන්ද සලකුණ විදියට එන්නේ, ඔය ඔපිනියන් එකෙන් කියලයි සමහරු කියන්නේ..
ඒ කතා මොනවා වුනත්, බැසිල්ගේ පොහොට්ටුව කියන්නේ, රාජපක්ෂවරුන්ගේ යලි දේශපාලන ආගමනයේ සංකේතය.
කොහොම වුනත් පොහොට්ටු ජයග්‍රහණ ඉස්සරහ ප්‍රසස්ති කියපු සමහර උදවිය, දැන් කියන්නේ පොහොට්ටු ලකුණ රටටම සාපයක් කියලා. ඒ කියන්නේ දැන් රටේ සාපයේ සංකේතය පොහොට්ටුව කියලා.
මේ ඊයේ පෙරේදා ඔය කතාව කිව්වේ ලේසිපාසු කෙනෙක් නෙමෙයි.. රාජපක්ෂවරුන්ට හොඳට කඩේ ගිය උන්වහන්සේ කෙනෙක්.. වෙනින් කවුරුවත් නෙමෙයි , මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ..
''නෙළුම් මල කියන්නේ, බුදුරජාණන් වහන්සේ ඇතුළු ශාස්තෘවරුන්ට වඳින පුදන මලක් '' උන්වහන්සේ කියනවා.
''අද වෙනකොට ඒ නෙළුම් මලද දේශපාලන සලකුණට ඇඅගෙන..'' හිටිහැටියේ ඇහැරුනා වගේ උන්වහන්සේ කියනවා.
නෙළුම් මල සංකේතය වහාම ඉවත්කර ගන්න කියල සත්තමක් දාන උන්වහන්සේ , ''අද වන විට සාපයක් වී වස් වැදිලා '' කියලත් කියනවා.. උන්වහන්සේ එහෙම කිව්වේ හොර රහසේ නෙමෙයි ප්‍රසිද්ධ උත්සව සභාවක.
ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ල වෙලා කියලත්, මිහින්තලේ විහාරාධිපති හිමියන් කියනවා. උන්වහන්සේ කියන්නේ විවිධ මාර්ග ඔස්සේ තමන්ට ජීවිත තර්ජන එල්ල වෙලා කියලා.
එක හැලියේ කාපු අයගේ ගෝරි අදාළ නෑ . ඒත් ඉතිං තර්ජන තියෙනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාලා ක්‍රියාමාර්ග ගන්න එකයි තියෙන්නේ . මොකද ඉතිං බලය නැති කාලේ කුඩු වෙන්න ගහන්න වගේම බලය ඇති කාලෙට තනතුරු තාන්නමාන්න එක්ක අනුශාසනා කරන්නත් තියෙනවනේ. ඔන්න ඔහොමයි ඒ ගැන ප්‍රධාන ධාරාවේ දේශපාලනය කරන උදවිය කියන්නේ .
- දේශපාලන වාර්තාකරු
22 ට පොහොට්ටුව විරුද්ධ ඇයි : අධිකරණ ඇමතිට දන්වලා !
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන ලෙස 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වගන්තියට එකඟවීමට නොහැකි බව පොදුජන පෙරමුණ විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දැනුවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් මේ බව දන්වා ඇති බවත් වාර්තා වෙයි .
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර තිබෙන්නේ ද්විත්ව පුරවැසියකු බවත් ඔහු එම ධුරයට පත් කරන ලද්දේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුකූලව බවය.
22 සංශෝධනය ගෙනවිත් ද්විත්ව පුරවැසි බව සහිත අයට පාර්ලිමේන්තුවට ඒමට නොහැකි කළහොත් එය පක්ෂයේ ප්‍රතිපත්තිවලට කරන අගෞරවයක් නිසා එම කොන්දේසියට එකඟ වීමට බැරි බව එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් අධිකරණ අමාත්‍යවරයාට පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ වන විට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට ඊයේ (7) තීරණය කර කෙරිණ .
ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ ය.
බිබිළේ කළුගල් ව්‍යාපාරිකයෙකුට ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මැණික් හැරීමට අවසර
ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මේ වන විට මැණික් පතලක් ආරම්භ කිරීම කර ඇති අතර ඔහු යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ජාතික උද්‍යානය තුළ පතල් හෑරීම ආරම්භ කර ඇත.
එමෙන්ම ජාතික උද්‍යානයට අයිති භූමිය තුළ මැණික් පතල් හෑරීම සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ සදවා ගැනීමටත් , සේවකයන්ට සිටීම සඳහා කුඩා පැලක් සකස් කර ඇති අතර ඒ අවට වගා කිරීමද ආරම්භ කර ඇත.
2020.01 .23 දින ඒ. එම් විජේවර්ධන නැමැති බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරිකයෙකු විසින් පාරම්පරික ඉඩමක් ලෙස සඳහන් කරමින් ඔප්පු අංකයක් ඉදිරිපත් කරමින් එහි මැණික් කැණීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අවසරය ඉල්ලා ඇත.
ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂක වරයෙකු විසින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති ඉඩමක වර්ග අඩි 100 බැගින් වු පතල් හතරක් කැණිමටත්, වර්ග අඩි 400 පතලක් කැපීමටත් අවසර ලබාදී ඇති අතර ඒ සඳහාබැකෝ යන්ත්‍ර භාවිතා කිරීමට ද අවසර ලබා දී ඇත.
මේ අනුව බිබිල නිල්ගල ප්‍රදේශයේ ගල්ඔය වනෝද්‍යානය තුළ පිහිටි භූමියක් තුළ පතල් කැපීමට අවසර ලබා දීමත්, යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමත් නීති විරෝධී ක්‍රියාවකි.
ඉහත සඳහන් කරන ලද පතල් හෑරීම වෙනුවෙන් 2020/ 02/01 දින එ .එම් .විජේවර්ධන නැමැති කළුගල් ව්‍යාපාරිකයන් විසින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉඩමේ මායිම් සනාථ කිරීම සඳහා Gps. පාඨාංක සහිත වාර්තාවක් ලබා දී ඇති අතර එම පාඨාංකවලට අනුව දැනට අනවසරෙන් මැණික් පතලක් පවත්වාගෙන යන ඉඩම ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ ඇති ඉඩමක් ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගත් බව එම්. ජි.සි. සූරියබණ්ඩාර අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වජි/6/2/946- ¡¡¡ නැමැති අංකයෙන් ඌව සහකාර වන වන ජීවී වනජීවී සංරක්ෂණ කලාපයේ අධ්‍යක්ෂක වරයා වෙත යොමු කරන ලද ලිපියෙන් සඳහන් කර ඇත.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ලගෙ දේශපාලන බලය යොදාගනිමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ මේ වන විට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පතල් හෑරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුවී ඇත.
1954 වර්ෂයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළ අතර ගල් ඔය ඉගිනියාගලින් හරස්කර 1950 ඉදිකරන ලද සේනානායක සමුද්‍රයේ පාරිසරික සංවේදී කලාපය ලෙස මෙම වනෝද්‍යානය පිහිටවන ලදී. හෙට්ටයාර් 25,900 විශාලත්වයෙන් යුතු ගල්ඔය ජාතික වනෝද්‍යානය පෙරණ් කලාපයට එපිට්න් බ්බ්ල නිල්ගල ඓතිහාසික ඖෂධ උයන පිහිටා ඇත.
මෙම ප්‍රදේශය පුරා අධික ජෛව විවිධත්වයක් දැකගැනීමට හැකි අතර ,කුඹුක්,හල්මිල්ල,අරළු,බුලු,නෙල්ලි,හින්දද,තිත්ත වැල්,බිං කොහොඹ,විෂ්ණුක්‍රාන්ති,ගම්මාලු,කහට,අග්නි ජාලය,ගිනි තන,පැඟිරි මාන,වීර,කළුවර වැනි ශාක දැකගැනීමට හැකි අතර තෘණ වර්ග හා සවනා තණ බිම්වලින් මේවා ප්‍රදේශය සමන්විත ය. (Baronnet Symphaedranis ) යන සමනල විශේෂය මෙම ප්‍රදේශයට සුවිශේෂී වූ සමනල විශේෂයකි. ලෝක සංරක්ෂණ සංගමය (IUCN) අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පඳුරු වටුවා,පතන් කුකුළා,කහ පාද බටගොයා වැනි සත්තු විශේෂ වල වාස භූමිය වන්නේ ද මෙම ප්රදේශයයි.
එමෙන්ම ගල්ඔය ජාතික වනෝද්‍යානය හා බිබිල නිල්ගල ප්‍රදේශය අලි ඇතුන්ගේ සුවිශේෂී වාසස්ථානයකි. සංචාරක කර්මාන්තය උදෙසා අලි ඇතුන් බැලීම සඳහා වසර පුරා විවිධ සංචාරකයින් පැමිණෙන අතර මැණික් හැරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා මගින් මෙම වනෝද්‍යානය තුළ සිටින අලි ඇතුන් ඇතුළු සත්තු ප්‍රජාවටත් ශාක පද්ධතියටත් විශාල බාධාවක් පැමිණ ඇත.
ක්ෂීරපායි විශේෂ තිස් දෙකක් පමණ හමුවන ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ මන්ද වලහා, දිවියා, මුවන් ඇතුළු සත්ව විශේෂ දැකගත හැකි අතර කුරුලු විශේෂ එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් දැකගත හැකිය.
බුද්ධදාස රජුගේ ඖෂධ උයන ලෙස ජනවහරේ පට බැඳී එන බිබිල නිල්ගල ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වත් ඉතාම වටිනා ප්‍රදේශයක් වන අතර ගල්ඔය ජාතික වනෝද්‍යානය හා ආ නිල්ගල ප්‍රදේශය අනවසර පතල් කැණීම් අද වන විට විනාශ මුඛයට පැමිණ ඇත.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව ජාතික වනෝද්‍යානයකට අනවසරෙන් ඇතුළු වීම පවා දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර. ඉහත සඳහන් කළ කළුගල් ව්‍යාපාරිකයා විසින් දේශපාලන බලය භාවිතා කරම්න් ජාතික වනෝද්‍යානය තුළ සිදුකරගෙන යන ක්‍රියාවලිය වන සත්ව හා වූක්ෂලතාආඥා පනතේ විධිවිධාන කඩ කරන අතර එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් දඬුවම් ලබාදීමේ හැකියාව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇත. එසේ තිබියදීත් ජාතික වනෝද්‍යානයට අයිති බල ප්‍රදේශයක් තුළ පතල් හා හාරා මැණික් ගැනීමට ඉඩදීම ජාතික වනෝද්‍යානයේ පරිසර පද්ධතියට කරන විශාල හානියකි. එබැවින් මේය බලධාරීන්ගේ අවධානය සඳහා කඩිනමින් යොමු විය යුතුය.
රවින්ද්‍ර කාරියවසම්
( ජාතික සම්බන්ධීකාරක, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය CENS )
ප්‍රියමාලිගේ වැඩි පොලියට බ්ලැක් මේල් වෙච්ච නඩේ ප්‍රසිද්ධ භික්ෂූවක් : ශිරන්තිත් ගෑවෙයි !
ඔන්න ඔය කතා අස්සේ, ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙක් එක්කම ඩීල් දාපු, ප්‍රියමාලි කියන කාන්තාව CID එකෙන් ඇරස්ට් කරලා. ඊයේ හවස රිමාන්ඩ් කරලා.
විදේශ රටවල මුදල් නැත්පතු සහ, නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන්, ලාභදායී පොලි මුදලක් දෙනවා කියල තමයි ඔය කාන්තාව වැඩේ දිගටම කරගෙන ගිහින් තියෙන්නේ ..
වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ 34 තට්ටුවේ තමයි, ඔෆිස් එක දාගෙන ඉඳල තියෙන්නේ .. එකට මාසෙකට ලක්ෂ 16ක් ගෙවල තියනවලු ..
දේශපාලකයෝ විතරක් නෙමෙයි. කෝටිපති ව්යාපාරිකවෝ, සුප්‍රසිද්ධ වෛද්‍යවරු, ඇතුළු ඔය වෘත්තීය වේදියෝ සැහෙන පිරිසක් මේ සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් දීලා තියනවා ලු..
කාලයක් තිස්සේ මෙයා මේ ගේම ගහගෙන ඇවිල්ලා කියලයි කියන්නේ . කට්ටියගෙන් සල්ලි ගලවන්න විශ්වාසය දිනාගන්න ඉස්සර ශිරන්ති රාජපක්ෂ මැඩම්ව හිටං පාවිච්චි කරලා කියලයි කියන්නේ .. දැන් වෙනකොට ආණ්ඩුවේ දේශපාලනඥයින් පවා වැඩේට පාවිච්චි කරලලු.
කොහොම හරි ගත්ත මුදලට ලාභදායි පොළී මුදලක් ගෙවපු නැති නිසා, කෝටිපතියන් 10 දෙනෙක් විතර CID එකට පැමිණිලි කරලා..
මේ කාන්තාවට අහුවෙච්ච කට්ටිය අස්සේ ජනප්‍රිය චරිත ගොඩයි ලු.
ඩොලර් හුවමාරුවක් කරන්න, ජ්‍යෙෂ්ඨ චිත්‍රපටි නළුවෙක් මිලියන 100කට වැඩිය මේ කාන්තාවට දීලා ලු.. එයා විතරක් නෙමෙයි, ඒ නළුවාගේ නෝනා මහත්තයත් ඒ වගේම ගානක් දීලා ලු..
ජනප්‍රිය නිළියකුත් මිලියන ගණනක් දීලා .. ඔය එක දොස්තර කෙනෙක් දීලා තියන ගැන මිලියන 750 ක් ලු.. , මුදල ඇය වංචාසහගත ලෙස ලබාගත්ත කියල තමයි, මුලින්ම ඔය දොස්තර CID එකට කම්ප්ලේන් කරලා තියන්නේ..
ජනප්‍රිය සාදු කෙනෙකුත් මිලියන 400ක් විතර දීලලු.. උන්වහන්සේගේ V 8 ජීප් එක තමයි ඔය තරුණ කාන්තාවට දීලා තියෙන්නේ . ඒ කාන්තාව සාදුගේ වාහනේ විකුනලා.
කතාවේ හැටියට බිලියන 3ක් විතර එහාමෙහා වෙලා ලු..
සැකකාරිය අත්අඩංගුවට ගත්තත් එක්කම, එතුමත් තමන් දාපු කෝටි ගණක සල්ලි ටික ගන්න පොලිසියට බලප්ම් කරනවා කියලත් ආරංචියි..
බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන වලින් තමයි ලු , ඔය නෝනගේ ගමන් බිමන් සේරම.. ආරක්ෂා කිරීම සඳහා වෙනම ම බොඩි ගර්ඩ්ලා සෙට් එකක් ඉන්න වලු.
සැකකාරියට අවි සහිත හිටපු කමාන්ඩෝ ආරක්ෂක භටයන් සමග සුපිරි ආරක්ෂාවක් ලබාදීල තියන්නේ සුප්‍රසිද්ධ සිකුරිටි එකකින් ලු..
විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින්, දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කරලා තියන මේ සැකකාරිය, ඔවුන් සමග කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනත් CID එකට ලැබිල ලු. .
සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින් ද මුදල් ලබාගෙන තියනවා කියලත් කියනවා.
සැකකාරිය ඇසුරු කරලා තියෙන්නේ එකට කාලා බීලා තියෙන්නේ , කෝටිපතියන් එක්ක විතරමුලු.
එයාට අහුවෙච්ච ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වෙනකොට CID එකට තොරතුරු දීල තියනවා ලු..
පේනවා නේද ඔය විද්වත්තු, බදු ගෙවන එකෙන් කට්ටි පැනපැන කරන වැඩ..
- දේශපාලන වාර්තාකරු
සද්දෙ දැම්මට වැඩක් නෑ : කතානායක සජිත්ට කියයි !
ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ" යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදීය.
මෙහිදී වරප්‍රසාද ප්රශ්නය මතු කරමින් අදහස් දැක්වූ අනූප පස්කුවල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා එහි සමාජිකයන්ගෙන් නොවිමසා අත්තනෝමතික තීන්දු තීරණ ගන්නා බවයි.
එම තීරණ හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා
සිද්ධිය පිළිබඳව විශේෂ කාරක සභාවක් පත්කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් :
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට හර්ෂද සිල්වා ගේ ක්‍රියා කලාපය පිළිබඳව අපට බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා අපේ වරප්‍රසාද බරපතළ ලෙස කඩ කර තිබෙනවා. සභාපතිවරයා මුදල් කාරක සභාවේ විෂය පථයට අදාළ නොවන කරුණු විභාග කරමින් අත්තනෝමතිකව ක්‍රියාකර තිබෙනවා. ඒ වගේම සභාපතිවරයා කමිටු සාමාජිකයන්ගේ අදහස් විසීමකින් තොරව ඇමැතිවරයාගේ ඉල්ලීම අනුව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා වැඩිදුර විමර්ශනයක් කරලා තියෙනවා. කමිටු සමාජිකයන්ගේ මත විමසීමකින් තොරව සමාජිකයන්ගේ නම් ඇතුළත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයන්ට දඩුවම් පමුණුවලා තියෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ලබන පර්යේෂණ ආයතන කිහිපයක් වෝටර්ස්ඒජ් හෝටලයට කැඳවා කමිටු සමාජිකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මන්ත්රණ පවත්වලා තියෙනවා. පාර්ලිමේන්තු දේපළ අවභාවිතා කරමින් පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ සහිත කැඳවීම් ලිපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමුකරලා තියෙනවා. මන්ත්‍රීවරුන් එම හෝටලයට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදාගෙන තියෙනවා.
කතානායකවරයා ;
අපි මේ ප්රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතනදි ප්රශ්නය විසඳාගන්න.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා -
මම පැස්කුවල් රාජ්‍ය ඇමැතිවරයගේ කතාව ඇහුවා. එහෙත් මුළු කතාවම ඇහුණේ නැහැ. මම කරුණු තුනකට පිළිතුරු දෙන්නම්.
කතානායකවරයා-
අප ඒ ප්රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතැනදී ඒක විවාද කරාවි. කමිටුව ඉදිරියේ පිළිතුරු දෙන්න.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස :
හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට එතුමාට අයිතිය තිබෙනවා මේ රට බංකොළොත් වුණ ආකාරය මේ රටේ සිදුවන දූෂණ අක්‍රමිකතා ගැන පරික්ෂා කරන්න.
කතානායකවරයා-
ඒ වුණාට දැන් ඒ ගැන කතා කරන්න දෙන්න බැහැ. එය වරප්‍රසාද ප්‍රශ්නයක්.
චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා :
මුදල් කාරක සභාවේ සමාජිකයන් හැටියට සභාපතිවරයා සහ සාමජිකයන් මේ රටේ නීතිය, විනිවිදභාවය ආයතනවල කාර්යක්ෂමතාවය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන කොට ඒවාට සම්බන්ධ දූෂිතයන් ඒ කටයුතු වලක්වන්න, නවත්වන්න කටයුතු කරනවා.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා -
මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න කියලා ඇමැතිවරයා ලිඛිතව ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මම කතානායකවරයා හමුවෙලා ඒ පිළිබඳව උපදෙස් ලබා ගෙන කටයුතු කළේ. නැතුව මගේ හිතුමතේට, බලයක් ආරූඩ කරගෙන නෙවෙයි. ඕනෑම පරික්ෂණයක් කරන්න. ඒකට මම සූදානම්
ජිනීවා ගැන ජීඑල් ගේ ප්‍රකාශය : පව් සමාවක වැමෑරිල්ලක් !
ජත්‍යන්තරට දුන් පොරොන්දු කඩකිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සලය අපේ රටට එරෙහිව ගොස් ඇති බව මහාචාර්ය ජි.එල් පීරිස් පවසයි .
හිටපු විදේශ ඇමැතිවරයකු වු මහාචාර්ය ජි.එල් .පිරිස් ඊයේ(6) දින පාර්ලිමේන්තුව අමතමින් මේ අදහස් දැක්වූ අතර ඒ මෙසේය .
අපිට ආධාර අවශ්‍ය නම් අපිට ජාත්‍යන්තරය සමඟ සුහද සම්බන්ධතාවයක් අවශ්‍ය නම්, අපි ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉෂ්ට කරන්න ඕනා. මම මාස දෙකහමාරකට ඉස්සෙල්ලා මේ රටේ විදේශ ඇමැතිවරයා හැටියට, එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි මම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා.අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත සංශෝධනය කරනවා,සමස්ත පනත පූර්ණ වගකීම අපි භාජනය කරනවා.එසේ කරන තුරු ත්‍රස්තවාදී පනත අපි පාවිච්චි කරන්නෑ කියන, පොරොන්දුව ප්‍රතිඥාව වගකීමෙන් යුක්තව මේ රටේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අපි ඒ පොරොන්දුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට දුන්නා.ඊට පස්සේ මොකද්ද උනේ ඒ පොරොන්දුව අපි අමු අමුවේ කඩ කළා පමණක් නොව,ත්රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවක් සම්බන්ධයෙන් අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත පාවිච්චි කරා.එකේ ඵල විපාක තමයි අද හවස අපි අත්විදින්නේ
. දැන් ඒ, ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 35ක් විතර ඉදිරිපත් කරලා තියෙන යෝජනාව කියවල බැලුවොත්. ඒකෙ ඡේද කිහිපයක් තියනවා. ත්‍රස්තවාදී වැලැක්විමේ පනත වැරදි විදියට භාවිතා කරනවා.ඒ තුළින් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් වලට ලොකු හානියක් ප්‍රහාරයක් එල්ල වෙනවා.
මේ සියල්ලක්ම අපි ඉල්ලලා කාපු දෙයක් හැටියට මම මේ ගරු සභාවේ සඳහන් කරනවා.අපි පොරොන්දු දුන්නා පොරොන්දු උල්ලංඝනය කළා, ඉතින් ඒ ක්‍රියා පටිපාටියේ සෘජු ප්‍රතිඵල තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ.ඉතින් එම නිසා මම ගෞරවයෙන් කියනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු යෝජනා අපේක්ෂාවන් ඵලදායි වෙයි කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි එසේ කිරීමට නම්,අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් දෙනවා නම්.ඒක වගකීමක් ඇතිව දෙන්න ඕන ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරන්න බැරිනම්, ඒ පොරොන්දු දෙන්න හොඳ නෑ.එතකොට අනාගතය පිළිබඳ දෙන්න පුළුවන් පොරොන්දු පිළිබඳව කිසිම විශ්වාසයක් ඇති වන්නේ නෑ දැන් මේ අවස්ථාවේදී 51වන සැසිවාරයේ ගරු අලි සබ්‍රිරි විදේශ ඇමැතිතුමා කිව්වා. සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයක් අපි ඉදිරිපත් කරනවා කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් සම්බන්ධයෙන් අපි විශ්වාසයක් දිනාගන්නවා ද?, ඉස්සෙල්ලා දුන් පොරොන්දු කිසිසේත් අපිට නොකළා නම්, ඒවා කඩ කළා නම්, එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අනාගතයේ දෙන පොරොන්දු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් තබයි කියලා.
ජී එල් පව් සමාවක් වමාරයි !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු විදෙස් අමාත්‍යවරයකු වූ ජී එල් පීරිස් මන්ත්‍රීවරයා ගේ මේ ප්‍රකාශය පව් සමාකිරීමකට සමාන බවයි.
ජිනීවා මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විශ්වීය පිළිගැනීම් සම්මුති සහ එකඟතා ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීමට මෙතෙක් ජී එල් මන්ත්‍රීවරයා නඩත්තු කළ "රාජපක්ෂ වාදය " වගකිවයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
අරගලය නොවෙන්න ජී එල් අමාත්‍යවරයා අදටත් එකී මතවාදය පෝෂණය කරමින් සිටීමට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .
Page 246 of 440