පුවත්
සහගහන අපරාධයක් : වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් !
අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පිළිකා නාශක ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබා දී ඇතැයි අනාවරණය වේ. මෙලෙස මුදල් නාස්ති කරමින් හදිසි මිලදී ගැනීමක් ලෙස මෙම ඖෂධ ලබාගැනීමට සැරසෙන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස්එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳ පොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත. මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.
ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.
මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස්වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.
- aruna
කාදිනල් හිමි යළිත් දේශපාලන මැදිහත්වීමක !
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හොවා දැක්වීම පිළිබඳ තමන්ගේ බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට මෙරට පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැය මගින් වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්තිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් කරන දල ඉල්ලීම පිළිබඳව මාගේ බලවත් විරෝධය මෙසේ ප්‍රකාශ කරන්නට මම කැමතියි. "ගරු අධිකරණයට බලපෑම් කරන්නට කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළ ඔවුන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය. එය නීතියේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල කරන ලද මරු පහරකි. රටේ පාර්ලිමේන්තුවට ව්‍යාවස්ථාදායක ලෙස පැවරී ඇත්තේ නීති රීති අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කිරීම සහ ඒවා අනුමත කිරීමේ බලයයි. එහෙත් ඒවා අර්ථකතනය කර ඒ නීති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ අර්ථකතනය ලබාදිය හැක්කේ ගරු අධිකරණයට පමණි."
"විධායකයට නීති රීති සම්පාදනය කිරීම හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත. මෙහිදී පැහැදිලි විය යුත්තේ කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බවයි. මාර්තු 03 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව ද රජය ද ජනාධිපතිතුමා ද බැඳි සිටින මතක් කර දීමට කැමැත්තෙමි."
විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කරනු ලද අතර මෙම නඩුව නැවත විභාගය ජුනි මස 19 වෙනි දින දක්වා කල්දමා ඇත.
“අභිනන්දන සම්මානය” ජනපති ට
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (12) ආරම්භ කෙරුණු“ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව – 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.
ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉල්ලුවට දෙන්න සල්ලි නෑ : ජන්දය කල් යයි !
ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100
කි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබිණ.
එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත. ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත .
විරෝධතා පැවැත්වූවාට බදු ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නෑ - ෂෙහාන්
විරෝධතා මැද වුවද නව බදු ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් එහි කිසිදු වෙනසක් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
මෙම වසරේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දීමනාවක් ලබා දීමට රජය සලකා බලමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි .
සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආර්ථික තත්වය තක්සේරු කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින් වෙත අදාළ දීමනාව ලබා දීමට පියවර ගන්නා බවත් පවසා ඇත .
දැනට ක්‍රියාත්මක කරමින් ඇති ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සමග ආර්ථික දියුණුවක් රජය අපේක්ෂා කරන බවත් පවසන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත .
මත්තල විදෙස් ආයෝජකයකුට !
පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ රජය සමයේදී 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනු ලැබූවේ 2013 වර්ෂයේදීය.
බදු ගෙවන්න බෑ කියපු වරායේ ගොරකාන සමාජ මාධ්‍ය හොල්ලයි !
රජය විසින් පනවා ඇති ආදායම් බද්ද කැපී ගිය පසු තමන් විසින් බැංකුවට තවත් රුපියල් 2000 ක මුදලක් ගෙවිය යුතු බවට සමස්ත ලංකා වරාය පොදු සහිත සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇත .
එහිදී ගොරකාන පවසන්නේ තම වැටුප රුපියල් 120,200ක් බවත් එම වැටුපෙන් තමන් ණය හතරක් අරගෙන ඇති බවත් ය.
ආණ්ඩුව විසින් ආදායම් බද්දක් පනවා ඇත්තේ මෙම වැටුපට බවත් ඔහු පෙන්වා දෙයි.
ජවිපෙ මාලිමාව අපේක්ෂකයකු වන ගොරකාන ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.
https://casite-1385010.cloudaccess.net/news?start=3420#sigProId0385d116d8
අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පත්‍රයක් !
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසීය.
මැතිවරණ නීතියට අදාළව තමා ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණෙන් යුතුව අයදුම්පතක් මෙලෙස යොමු කළ බව පැවසූ හෙතෙම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා පැවසීය.
මැතිවරණ කොමිසමට අමතරව සීමා නිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද දේශප්‍රිය මහතා අයදුම්පතක් යොමු කරනු ලැබ ඇත.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට ලබන සතියේදී කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත් 1600කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබිණ.
බණ්ඩාරවෙල පොලිසියේ OIC ට වැඩ වරදීද ?
මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දුම්රිය වැසිකිළියේ බිළිදා දමාගිය යුවළ රිමාන්ඩ් !
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා පලාගොස් සිටියදි බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා සැකකාර තරුණ මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කර ඇත .
එදිනට සැකකාර යුවල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූයේ කොස්ලන්ද මීරියබැද්ද සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි යුවළකි.
මොවුන් දෙදෙනා කොළඹ දි දැන හදුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , පසුව පසුගිය මස 25 වන දින මැය බිළිදා බිහිකර ඇති බවත් පොලිසිය කීය .
අනතුරුව පසුගිය 10 වන දින රාත්‍රි මෙම යුවල බිළිදා රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට පැමිණ එහි වේදීකාවේ නවතා තිබූ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ට ගොඩවී එහි තෙවන පන්තියෙ මැදිරියක වැසිකිළි යක් තුල ප්ලාස්ටික් කූඩයක දමා බිළිදා තබා මෙම යුවල කොළඹ සිට බණ්ඩාරවෙල සහ කොස්ලන්ද නිවෙස්වලට පැමිණ තිබේ.
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකාර තරුණිය ත්, කොස්ලන්ද පොලිසිය මගින් සැකකාර තරුණයත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
අත්‍යවශ්‍ය සේවා පනත කැඩුවොත් වැඩ වරදින හැටි වජිර කියයි !
අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයිද ඔහු පවසයි .
අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 6 සහ 7 වගන්ති උපුටා දක්වමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
"මේ පනත යටතේ ඔහු යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ තැනැත්තා අයත් වන වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් කරගෙන යාමේ දී ඔහු විසින් වරද සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරීමක් කරන ලද බව ඔහු විසින් ඔප්පු කරනු ලැබීම නිදහසට කරුණක් නොවිය යුතුය."
ලිඛිත නීතියේ කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් ලිඛිත නීතියක විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අන් අනුකූලතාවයක් ඇතිවන ඇති වන අවස්ථාවකදී මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය."යනුවෙන් පනතේ 6 සහ 7 වගන්තිවල පැහැදිලිවම සඳහන් ව තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි ද කීය.
ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .
වෙරළ පිරිසිදු කරන වැඩේටත් සාගල බහියි !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් අපවිත්‍ර වූ වෙරළ කලාපය පවිත්‍ර කිරීමට රැගෙනවිත් මේ වන විට පරිහරණයෙන් තොරවී ඇති යන්ත්‍රෝපකරණ නැවත භාවිතාකර දිවයින වටා සංචාරක වෙරළ තීර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම තුඩාව බ්‍රදර්ස් පුද්ගලික සමාගම ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට ලක්ව ඇත්තේ සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි.
එබැවින් වෙරළ තීරය රැක ගනිමින් සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම මෙන්ම මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක දීම සියලුදෙනාගේ වගකීමක් බව ඒ මහතා අවධාරණය කළේය.
මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසර ලෙස, දීප ව්‍යාප්තව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල සහ සම්පත් දායකයන්ගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව කියා සිටියේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව, Clean Ocean Force සංවිධානයේ සභාපති ජෙරොම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=3420#sigProId2d65fed3de
ජනාධිපති අරඹා ඇති සාර්ථක ගමනට සියලු පාර්ශ්ව සහය දිය යුතුයි - රවී
ජනාධිපතිවරයා ප්රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බැවින් සියලු පාර්ශ්ව ඊට සහයෝගය දැක්විය යුතුව ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .
හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව ජනමාධ්යවීදීන් ඇසූ ප්‍රශ්නවලට උත්තර ලබා දෙමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
ප්රජාතන්ත්රවාදයේ මූලික ස්ථානය පාර්ලිමේන්තුවයි. එසේ නම් රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට නිතර නිතර පැමිණීම කෙතරම් වටිනවා ද..?
වත්මන් ජනාධිපතිවරයා නිතර පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රශ්න කරන මෙම අවස්ථාවාදීන් සහ ද්‍රෝහීන් එදා මර හඬ දුන්නේ ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි කියමින්. ඔවුන් පාර්ලිමේන්තුවට වග කියන්නේ නැතැයි කියමින් .
හොඳට වැඩ කර ගෙන යන විට මේ රටේ මෙවැනි ප්‍රශ්න මතු කරනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මේ වගේ පටු සහ අවස්ථාවාදී ප්‍රශ්න කිරීම් නෙවෙයි , ජනතාව ජීවත් කරවමින් රට ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මේ රටේ තිබෙන්නේ කයිවාරුව විතරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් මේ රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න විසඳන්න තිබෙන මාර්ගය විවෘත්ත වනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව අපට සහය ලබා දීම සඳහා ඉදිරියට පැමිණි නිසා ඒ අය එක්ක අපට මේ ගමන යා හැකියි. මේ වන විට රටේ ඇති කර තිබෙන මුල්‍ය විනය නිසා එම ආයතනවල සහ ලෝකයේ දියුණු රටවල විශ්වාසය ඇති වී තිබෙනවා.
මේ අභියෝගය ජය ගැනීමට නොහැකි බව විපක්ෂය හැමදාම කිව්වා. මේ රටේ විපක්ෂයට පුළුවන් කිසිවක් නැහැ. ඒ අය දන්නේ සියල්ලට බැහැ-බැහැ කියමින් සහ විවේචනය කරමින් රට-ජනතාව නොමඟ යැවීමට විතරයි. ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව අප මේ වන විට ඔප්පු කර තිබෙනවා. එදා දහසය වැනි වතාවට මේ රටේ මුදල් ඇමතිවරයා වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේ මමයි. මෙදා මුදල් ඇමති ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් එම අරමුදලේ සහය ලබා ගනිමින් අපට ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ඔප්පු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ ගැන අප සතුටු වනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධාන ද, දියුණු රටවල් ද අපට ලබා දෙන මෙම සහයෝගය අහිමි නොකර ගෙන අප කළ යුත්තේ අපනයනය වැඩි කරමින් ආනයනය අඩු කර රට සංවර්ධනය කර ජනතාවට උපරිම සහන ලබා දීම බව කිව යුතුයි. අවස්ථාවාදී ලෙස රට පුරා උද්ඝෝෂණය කරමින් සියල්ල කඩාකප්පල් කර ජීවන වියදම අඩු කර රට සංවර්ධනය කරන්න පුළුවන් ද..? එසේ සංවර්ධනය වූ රටවල් ලෝකයේ තිබෙනවා ද..? සංවර්ධිත රටවල් පවා කඩා වැටුණේ මෙවැනි අවස්ථාවාදී, පටු සහ කුමන්ත්රණකාරී උද්ඝෝෂණ නිසයි.
ප්රජාතන්ත්රවාදී සහ එම අයිතීන් ආරක්ෂා කිරීම අවශ්‍යයි. එහෙත් සියල්ලටම සීමාවක් තිබිය යුතුයි. ඒ නිසා අප සියලු දෙනා කළ යුත්තේ මුලින්ම ජනතාව ජීවත් කරවීමයි. කඩා වැටුණු ආර්ථිකයක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වීම ගැන සතුටු විය යුතුයි. එසේ නොමැතිව හැමදාම මේ වගේ උද්ඝෝෂණය කරන්න ගියාම රටට සංචාරකයින් සහ ආයෝජකයින් පැමිණෙයි ද..?
රටක් හදන්න අවුරුදු ගණනාවක් යනවා. එහෙත් රටක් විනාශ කිරීමට පැයක් යන්නේ නැහැ. ජනාධිපතිවරයා ප්රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතුයි
පොහොට්ටුව ආයෙත් මහින්ද සමග නැගිටීම අරඹයි !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු ජන රැලිය පැවැත් වීමට නියමිතව ඇත.
ඒ අනුව මොණරාගල නගරයේ දී එම රැලිය හෙට (12) දින පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙවර මැයි දින රැලිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .
රාජ්‍ය විරෝධී වැඩ කලොත් රජයේ රස්සාත් නෑ - උසස්වීමුත් නෑ !
උපාධිධාරීන් ඇතුළුව රාජ්‍ය සේවයේ සියලු රැකියා අවස්ථා සඳහා බඳවාගැනීම් සිදුකිරීමේදී සහ උසස්වීම් ලබාදීමේදී රාජ්‍ය විරෝධී මෙන්ම නීත්‍යනුකූල නොවන කටයුතුවල නිරතව ඇතිද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
මේ වනවිට රාජ්‍ය සේවයේ ඉහලම තනතුරුවලට පවා රාජ්‍ය විරෝධී කටයුතු වලට සහය දක්වන කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පුද්ගලයින් පත්ව ඇති බවත් එම පිරිස් සුක්ෂම ලෙස රජයේ කටයුතු කඩාකප්පල් කරන බවට ලැබී ඇති බුද්ධි වාර්තා මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව රජය මෙම තීරණය ගෙන ඇත.
එහිදී ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ රාජ්‍ය විරෝධී සහ කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් රාජ්‍ය සේවයට එක්වීම ස්ථාවර රාජ්‍ය පාලනයකට බාධාවක් බැවින් රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සිදුකරන විට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇති බවය. රජය මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් එවැනි පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් ඉදිරියේදී කිසිම රජයකට රට පාලනය කල නොහැකි වනු ඇති බවය.
මෙවැනි පිරිස් මැදිහත්ව සිදුකරන, රටේ ආර්ථිකයට තීරණාත්මකව බලපාන අතිශය වැදගත් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම් , රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ වෘත්තීය සමිති මට්ටමෙන් ගැටුම් ඇතිකර එම වැදගත් ප්‍රතිපත්ති කෙරෙහි වැරදි සමාජ මත නිර්මාණය කිරීම වැනි කටයුතු හේතුවෙන් රටට සිදුවන හානිය ගණනය කළ නොහැකි බවද රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ මතය වී තිබේ.
මේ අතර කැබිනට් අමාත්‍යවරයකු සඳහන් කර සිටියේ , කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් මෙන්ම කලහාකාරී ක්‍රියා සැලසුම් කරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බවයි. ඒ හරහා මින් ඉදිරියට රජයේ සේවයට මෙන්ම රාජ්‍ය සංස්ථා සහ බැංකු සඳහා බදවා ගැනීමේ දී මෙන්ම උසස් වීම් ලබා දීමේදී එම පුද්ගලයින් පිළිබඳව පොලිස් වාර්තා ලබා ගැනීම අනිවාර්යය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවද එම අමාත්‍යවරයා පැවසීය.
දේශපාලන බල අධිකාරිය විසින් සිදුකරන පත්වීම් සඳහා ද මෙම විශේෂ පොලිස් වාර්තා ගැනීම සිදුකරන බවත් මෙය සිදුකරන්නේ මුළුමනින්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ යහපත වෙනුවෙන් මිස වෙනත් කිසිඳු අපේක්ෂාවකින් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංවිධානයේ සභාපති අත්අඩංගුවට !
නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ හේතුව මත එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
අදාළ ස්ථානයට කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ඇති බව විදුලි බලමණ්ඩලයට ලැබී තිබු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබලමණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (9) වව්නියාව පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
විදුලි රැහැන ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අපනයන සීමා ලිහිල් කරන හැටි සියඹලාපිටිය කියයි !
ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි.
එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය.
අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
– Media unit
Page 191 of 440