Language Switcher

Ad

Ad 01

V2025

අත්‍යවශ්‍ය සේවා පනත කැඩුවොත් වැඩ වරදින හැටි වජිර කියයි !

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයිද ඔහු පවසයි .

අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 6 සහ 7 වගන්ති උපුටා දක්වමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"මේ පනත යටතේ ඔහු යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ තැනැත්තා අයත් වන වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් කරගෙන යාමේ දී ඔහු විසින් වරද සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරීමක් කරන ලද බව ඔහු විසින් ඔප්පු කරනු ලැබීම නිදහසට කරුණක් නොවිය යුතුය."

ලිඛිත නීතියේ කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් ලිඛිත නීතියක විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අන් අනුකූලතාවයක් ඇතිවන ඇති වන අවස්ථාවකදී මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය."යනුවෙන් පනතේ 6 සහ 7 වගන්තිවල පැහැදිලිවම සඳහන් ව තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර ⁣අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි ද කීය.

ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .