පුවත්

මේ සුබ පණිවිඩය පාසල් සිසුවියන්ට !
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි.
පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණදෙන ගැටලු හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.
ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.
ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.
මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.
සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය.
එය රු. 600.00ක වටිනාකමින් යුත් 'A' හා 'B' ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි 'A'කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ.
අනෙක් 'B'කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.

ඊලෝන් මස්ක්ගේ “Starlink” ට TRC අනුමැතිය !
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය .
මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් ඉන්පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
අධ්‍යාපන, පර්යේෂණ හා ධීවර ක්ෂේත්‍ර සඳහා වේගවත් අන්තර්ජාල සේවාවක් මෙමඟින් සැපයීය හැකි බවත් ලෝකයේ ඕනෑම තැනක සිට මෙම අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව ද තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය දා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) අතර හමුවවේදී “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ.
“Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙසේද පැවසීය,
තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද සිට ස්ටාර්ලින්ක් ආයතනය සමඟ කටයුතු කරනවා. මෙතෙක් පැවැති කුළුණු මඟින් සීමිත අන්තර්ජාල පහසුකම් වෙනුවට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට එක්වීමට මෙම චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ඔස්සේ හැකියාව තිබෙනවා. මෙමඟින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙමින් පවතිනවා. අධ්‍යාපනය හදාරන දරුවන්ට, පර්යේෂණ කරන විද්වතුන්ට, ධීවර ජනතාවට මෙම අන්තර්ජාල පහසුකම මඟින් විශාල පහසුවක් සැලසෙනවා. වේගවත්ම අන්තර්ජාල පහසුකමක් මෙම තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකියි. ස්ටර්ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. එයට මහජන අදහස් දැක්වීම සඳහා දින14ක් කාලයක් ලබා දී තිබෙනවා. මහජන අදහස් විමසූ පසුව සති දෙකක් කාලයක් තුළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.
විදුලි සංදේශ නියාමන පනතේ 22 වගන්තිය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ ආකාරයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළා. මෙම අන්තර්ජාල සේවාව ලබාගැනිම සඳහා පාසල් දරුවන්ට, ධීවර ජනතාවට හා පර්යේෂකයන්ට සහන පැකේජයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී සැලසුම් සකස් කරනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක :
“starlink” ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත කෙරෙන්නේ නැහැ.මේ ආයතනයට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි. නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා. එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා. මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්‍රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග ද මෙම අවස්ථාවට එක්විය.

ජනපති සටන අරඹයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය.
නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ.
කාර්යාලය පිහිටුවීමේ මුලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් සිදුකර ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජූඩ් ශමන්තට දුන්න ජනාධිපති සමාව ව්‍යවස්ථාවට පටහැනියි : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් !
රාජගිරිය, රෝයල් පාක් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කර තිබේ.
එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගෙන තිබිණ .
ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රනිල්ට සහාය දෙන්න ශ්‍රීලනිප සූදානම් - දුමින්ද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි .
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී ය.
කෙසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගනුලබන තීන්දුව පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බවත් ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසූ අතර මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන තිබෙන බවත් පැවසීය .
තවද විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇති බවද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය .
පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය .
පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලි ගෙවන්න ද මේ අවස්ථාවට එක්ව සිටියේය .

විදුලිබල පනත් කෙටුම්පත සම්මතයි !
ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ ඡන්ද විමසීමකින් ද තොරවය.
කෙසේ වුවත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.
ජාතික ජනබලවේගය , නිදහස ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
නමුත් අනුර පියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අලි සබ්රි රහිම් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මේ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවය.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ කටයුතු ආරම්භ කෙරුණි.
පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව ජන්ද විමසීමකින් තොරව සම්මත වූයේ එහිදී ය.

රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.
දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෛලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.
සිනමා විචාරක ගාමිණී වේරගොඩ මහතා සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවින්ද්‍ර රන්දෙණිය මහතා විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
රවින්ද්‍ර රන්දෙණිය මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.
දේශපාලන වශයෙන් රවින්ද්‍ර රන්දෙණිය මහතා තමා සමඟ සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මම පළමු වරට රවින්ද්‍ර දුටුවේ 1975 කළුදිය දහර චිත්‍රපටය තුළින්. මම එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස කැළණියට පැමිණියේද එම වර්ෂයේදීයි. එහිදී මට දළුගම සිටින රවින්ද්‍රගේ පවුලේ අයව හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන් නිරතුරුව අප පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් කටයතු කරමින් සිටියා. ඒ අනුව ඔහු සමඟ මා දේශපාලන වැඩ කටයුතු කළා.
ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ මෙරට චිත්‍රපට කලාවේ විශාල දියුණුවක් ඇති වුණා. රවින්ද්‍ර රන්දෙණිය මහතාත් ඒ සමඟ ඉදිරියට පැමිණෙන අයුරු අප දුටුවා. ඔහු එම සමයේ ප්‍රධාන චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ සමඟම දේශපාලනයට ද එක් වුණා. මගේ දේශපාලන කටයුතුවලට එතුමාගේ නොමද සහායක් හිමි වූ අතර අවසානයේ මාගේ ඉල්ලීම මත එතුමා 2001 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා.
නමුත් එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය සඳහා නොවෙයි, කලා ක්ෂේත්‍රය සඳහායි. එතුමා දක්ෂ රංගධරයෙක්. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට තවත් ක්ෂේත්‍ර ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළයුතුයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

රයිස්, කොත්තු ඇතුළු ආහාරවල මිල පහළට
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 25කින් අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.
එසේ ම, කෙටි ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 10කින් අඩු කර ඇති අතර ප්ලේන්ටි එකක් රුපියල් 5කින් අඩු කළ බව ඔහු සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, එළවළු, බිත්තර සහ ගෑස් මිල අඩු වීම නිසා පාරිභෝගික ජනතාවට එම සහනය ලබා දුන් බව ය.
කිරි තේ එකක මිල අඩු ගණන් සංශෝධනය නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.
කිරි පිටි මිල ගණන් රජයට තව අඩු කිරීමට හැකි අතර කිරි පිටි සූරාකෑම නිසා කිරි තේ එකක මිල අඩු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී.
මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.
අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
01. Mr. Omar Castañeda Solares - Ambassador of the Republic of Guatemala
ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා - ගෝතමාලා ජනරජයේ තානාපති
02. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria
අලි අචෝයි මහතා - ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති
03. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia
මාර්ජ් ලූප් මහත්මිය - එස්තෝනියා ජනරජයේ තානාපති
04. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic
බෞන්මි වන්මෙනි මහතා - ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති
05. Mr. Victor Hugo Echeverri - Ambassador of the Republic of Colombia
වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා - කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය)
06. Mr. David Gregory Pine High Commissioner of the New Zealand
ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා - නවසීලන්ත මහකොමසාරිස්
07. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye
සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා - තුර්කි ජනරජයේ තානාපති
08. Mr. Evagoras Vryonides - High Commissioner of the Republic of Cyprus
එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා - සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්
09. Mr. Kevin Kelly - Ambassador of Ireland b
කෙවින් කෙලී මහතා - අයර්ලන්ත තානාපති
10. Mr. Masood Imad - High Commissioner of the Republic of Maldives
මසූඩ් ඉමාඩ් මහතා - මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්
11. Ms. Aliki Koutsomitopoulou - Ambassador of the Hellenic Republic
අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය - හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති
12. Mr. Abu Bakarr Karim - High Commissioner of the Republic of Sierra Leone
අබු බකාර් කරීම් මහතා - සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්
13. Dr. Nikolay Yankov - Ambassador of the Republic of Bulgaria
ආචාර්ය නිකොලායි යන්කොව් මහතා - බල්ගේරියානු ජනරජයේ තානාපති
14. Mr. Haymandoyal Dillum - High Commissioner of the Republic of Mauritius
හේමන්ඩොයාල් ඩිලුම් මහතා - මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්

ආදීවාසීන් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්
මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත.
එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය.
ආදිවාසී ජනතාවට පවතින ගැටළු විසදීම සදහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සදහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.
වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබදව තවදුරටත් අධ්‍යනය කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වනාන්තරවල ඖෂධ වර්ග නෙලීමේදී නව රෙගුලාසී පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට මෙහිදී තීරණය වු අතර, සති තුනක් තුළ අදාල රෙගුලාසි පිළිබදව නිර්ණායක ලබාදීමට නියමිතව තිබේ. අදාල ඖෂධ වර්ග නිශ්චිතව නම් කර ඇති අතර, ඖෂධ වර්ග නෙලීම සිදු කළ හැකි ආදිවාසී ජනතාව පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර ඇතුළු නිතිපති දෙපාර්තමේන්තුව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

ලාෆ් ගෑස් මිළත් පහළට
ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වෙයි

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණ.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගු කාලයක් පුරා පවතින ගංවතුර ගැටලුවට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව කොළඹ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැලණි ගං මිටියාවතේ සිදු කෙරෙන නව ඉදිකිරීම් සඳහා අවසර ලබා නොදීම, සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, දැනට සිදුකෙරෙන ඉඩම් ගොඩකිරීමේ කටයුතු නැවැත්වීම, ජලාපවාහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ඕනෑම ක්ෂණික අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට හැකිවන සේ පවතින ජල පොම්පාගාරවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම ඇතුළු කඩිනම් පියවර ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලධාරීන්ට නියෝග කර තිබේ.
එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ මූල හේතුන් හඳුනාගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට මෙන්ම, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ඊට අදාළ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම කමිටුවේ වාර්තාව අදාළ නිර්දේශ ද සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට හැකි වන සේ මාසයක කාලයක් තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

ආචාර්ය හේමාලි කොතලාවලට ජාත්‍යන්තර තනතුරක්
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health)ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ උප සභාපති ධුරයට පත් කර තිබේ.
පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම මහත්මිය සහභාගී වුවාය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව ගෙන ඇති වැඩ පිළිවෙළ පිළිබඳව එම සමුළුවේ දී අමාත්‍යවරයා දේශනයක් ද ඉදිරිපත් කළේය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.
ආචාර්ය හේමාලි කොතලාවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.
එමෙන්ම විද්‍යාපති උපාධිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් ද, ආචාර්ය උපාධිය ජපානයේ ඔබිහිරෝ විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට වැසෙන පාසල් මෙන්න.....
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් සඳහා ද හෙට දිනයේ නිවාඩු ලබාදී ඇති අතර, ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදී ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය.

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙයි.
මිය වන විට ඇය වයස අවුරුදු 80 වැනි වියේ පසුවිය.
ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.
අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ගෑස් මිල පහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

සිමෙන්ති මිල අඩු වෙයි
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.
ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින් සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි.
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා.
ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.
අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිවයුතුයි.
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.
මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.
අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
2017 වසරේ ඇති වූ ආපාදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.
නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් ( Bonnie Horbach) ,
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ පසුගිය වසර 10 තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ අද මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා.
ජැන්සන් බ්‍රිජිං සමාගම පසුගිය වසර 10 තුළදී ශ්‍රී ලංකාව පුරා පාලම් ඉදිකිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒවා බොහෝවිට අප දන්නා අලංකාර පාලම් නොවෙයි. නමුත් ඒවා ජන ජීවිතය ජාතික සංවර්ධන ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරන සහ ග්‍රාමීය ජනතාවට සෘජු ප්‍රතිලාභ සලසන ව්‍යාපෘති බව කිව යුතුයි.
නායකත්වය යනු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අවස්ථා විවෘත කිරීමයි. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පීඩා වින්දා. එම අවස්ථාවේ දී නායකත්වයේ ගුණාංග මැනවින් පිළිඹිබු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා.
දැන් එතුමා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී සිටිනවා. එහිදී සියලු ජනතාවට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘති කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී තිබෙන අතර එම සංවර්ධනයේ ප්‍රතිලාභ අඩු ආදායම්ලාභී ජනතාවට ලැබෙන බවද සහතික කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 76 of 472