පුවත්
හරිනි ජනාධිපති අපේක්ෂක කරන්න යෝජනාවක් !
ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.
ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී හිටපු මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය .
අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනියට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕන ඇයයි.
පෙබරවාරියේ වැඩිම සංචාරක පැමිණීමක් !
2020 වසරේ ජනවාරි සිට සැසඳීමේදී මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇත.
ඉඩම් හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට මෙසේ පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 218,350 කි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.
රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම් දේශපාලනට පන්නරයක් !
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.
රොනී ද මෙල් මහතාගේ අවසන් කැමැත්තට අනුව මෙම අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබිණි. රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන විසින් අවමංල්‍ය සභාවේ පිළිගැනීමේ කතාව සිදු කළේය.
දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති, වැලිගම අග්‍රබෝධි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මිදිගම ශ්‍රී සෝරත මාහිමිපාණන් වහන්සේ, කෝට්ටගොඩ සුදර්ශන බිම්බ මහා විහාරාධිපති පූජ්‍ය ගොඩැල්ලේවෙල රතනානන්ද අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත කරතොට පඤ්ඤාසීල නායක හිමිපණන් වහන්සේ විසින් පැවිදි අනුශාසනා සිදු කළහ.
අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
රොනී ද මෙල් මහතා දිනක් මට කථා කර එතුමා මුණ ගැසෙන ලෙස දන්වා සිටියා. අපි ටිකක් කතා බහ කළ පසු එතුමා මට කිව්වා රනිල් මගේ මරණයෙන් පසුව ඔබතුමත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි කියලා. ඒ අනුව අද අපි දෙදෙනාම මේ වැඩකටයුත්ත සඳහා සහභාගීව සිටිනවා.
රොනී ද මෙල් මහතාව මම හොදින් හඳුනා ගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මම කුඩා කාලයේ එතුමාව මුණ ගැසි තිබුණා. පසුව 1970 වසරේදී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළදී රොනී ද මෙල් මහතාගේ දක්ෂතාවය මම හොඳින් දුටුවා.
එතුමා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රදේශවල ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. ඒ බව අපි හොඳින් දැන සිටියා. එදා එක්සත් ජාතික පක්ෂය සමඟ විශාල රැල්ලක් ඇති වී තිබුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා රැල්ලක් තිබෙනවා කියලා හිතන්න එපා, අපි මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි කියලා. එවිට රොනී ද මෙල් මහතා ප්‍රකාශ කළා මම ඔබතුමාට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරගෙන දෙන්නම් කියලා.
එතුමා විටින් විට බන්ධනාගාරවට ගොස් රෝහණ විජේවීර මහතාව මුණ ගැසී තිබුණා. අවසානයේ ඒ සියලුදෙනා අපට ඡන්දය ලබා දෙනවා නම් විජේවීර මහතාව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට සුදානම් ද කියා එතුමා යෝජනාවක් ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඊට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශ්වයේම වගකීම ඉටු වූ නිසා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර විශාල ප්‍රමාණයක් හිමි කර ගත්තා.
රොනී ද මෙල් මහතා සමග මට තවදුරටත් සමීපව වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුවයි. එතුමා ඉතා දක්ෂව කටයුතු කළා. මෙරට ආර්ථිකය විවෘත කිරීමේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා භාර දුන්නේ රොනී ද මෙල් මහතාටයි. එතුමාට එය භාරදුන්නේ ජූලි මාසයේ. නමුත් ඔක්තෝබර්, සැප්තැම්බර් වන විට ඒ වැඩකටයුතු සියල්ල එතුමා අවසන් කර තිබුණා. කිසිම වැඩකට එතුමා වැඩි කාලයක් ගත්තේ නැහැ. කිරීමට අවශ්‍ය සියලු දේ එකවර නිම කළා. ඒ ආදර්ශය මමත් එතුමාගෙන් ලබාගත්තා. මේ අවස්ථාවේත් මම කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.
එදා ආර්ථිකය විවෘත කළා. එහිදී ඇතැම් අය කිව්වා ඒ ආර්ථිකය කඩා වැටෙයි කියලා. මම අද මෙහි පැමිණියේ ත්‍රිකුණාමලයේ සිටයි. ත්‍රිකුණාමලයේ සිට හෙලිකොප්ටර් යානයෙන් මෙහි පැමිණෙන විට මම මේ සෑම තැනකම දැක්කේ නගර. මේ සියල්ල තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු වූ නිසයි.
මම හිතුවා රොනී ද මෙල් මහතා මේ ආර්ථිකය විවෘත නොකළා නම් අද මේවා දකින්න ලැබෙනේ නැහැ නේද කියලා. එදා නගරවල තිබුණේ කඩ සාප්පු දෙක තුනයි. අද සාප්පු ගණනාවක් තිබෙනවා. කර්මාන්ත ශාලා හැදිලා නව නගර නිර්මාණය වී තිබෙනවා. මේ සංවර්ධනය ඇති වුණේ විවෘත ආර්ථිකය සමඟයි. ඒ පිළිබඳව අප එතුමාට ණය ගැතියි.
එතුමා රටේ ආර්ථිකය විවෘත කළා පමණක් නොවයි ඉන් පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කරගෙන ගිය විශාල සංවර්ධන වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා දුන්නා. අපි මහවැලිය හැදුවා. ඒ වගේම විශාල ජලාශ හැදුවා. ඉඩම් සංවර්ධනය කර කෘෂිකර්මාන්තය සඳහා ලබා දුන්නා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තු සංකීරණය හැදුවා, නව ගොඩනැගිලි හැදුවා. ඒ වගේම පාරවල් හැදුවා. වෙළඳ කලාප හැදුවා. නිවාස වැඩසටහන දියත් කළා. මේ සියලු වැඩකටයුතු වෙනුවෙන් මුදල් ලබා දෙන්න එතුමාට හැකියාව ලැබුණා. එතුමා ඒ දක්ෂතාව පෙන්නුවා.
එපමණක් නොවෙයි, 1983 එල්ටීටීඊ සමයේ දී ඇතැම් අය හිතුවා රටේ ආර්ථිකයකය කඩා වැටෙයි කියලා. ඒත් එම කාලය තුළ අසීරුවෙන් හෝ රොනී ද මෙල් මැතිතුමාට හැකියාව ලැබුණා රටේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමට. එතුමා නොසිටියා නම් මේ දියුණුව රට තුළ ඇති වෙන්නේ නැහැ.
එතුමාගේ අදහස් සහ එතුමා ප්‍රශ්නයක් දෙස බැලූ ආකාරය වගේම එහිදී කටයුතු කළ ආකාරය අනුව එතුමා එම ආණ්ඩුවේ සිටී දක්ෂයෙක් බවට සියලුදෙනා පිළිගත්තා. ආර්ථික ප්‍රශ්න වගේම අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට එතුමාට හැකියාව තිබුණා.
විශේෂයෙන්ම ඉන්දු - ලංකා ගිවිසුම සකස් කරන විට එතුමා ඒ සඳහා සහාය ලබා දුන්නා. එවන් විශිෂ්ට පුද්ගලයෙකුට තමයි අද අප මේ අවසන් ගෞරව දක්වන්නේ. ඒ වගේම එතුමාගේ බිරිඳ වූ මල්ලිකා ද මෙල් මහත්මිය එතුමාගේ සාර්ථකත්වය පිටුපස සිටී බවත් මම මෙහිදී සඳහන් කළයුතුයි.
රොනී ද මෙල් මැතිතුමා සමග සන්ධ්‍යාවක නිදහසේ සාකච්ඡා කිරීමෙන් දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, සාහිත්‍ය, භාෂාව පිළිබඳ විශාල දැනුමක් ලබාගත හැකියි. එතුමාට එතරම් පුළුල් අත්දැකීම් සම්භාරයක් තිබුණා. එවන් පුද්ගලයෙකු දේශපාලනය තුළ සිටීම විශාල ශක්තියක් බවට පත් වුණා.
ඒ වගේම මේ රුහුණු විශ්වවිද්‍යාල ඇති කිරීම වෙනුවෙන් එතුමා මහත් කැපවීමකින් කටයුතු කළා. රොනීද මෙල් මැතිතුමා නොසිටියා නම් අද මෙවන් විශ්වවිද්‍යාලයක් මෙම ස්ථානයේ නොතිබෙන බව කිවයුතුයි. අවසානයේ එතුමාට අවශ්‍ය වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස අවසන් ගමන් යාමටයි. රටේ ආර්ථිකය දියුණු කළත් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළත් එතුමාට අවශ්‍ය වුණේ මේ රුහුණු විශ්වවිද්‍යාලය දියුණු කළ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීමටයි.
ඒ වගේම රොනී ද මෙල් මහතාගෙන් මම කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. ඒ අත්දැකීම පසුව මට ප්‍රයෝජනවත් වුණා. එතුමා සමඟ වැඩකටයුතු කර ලබාගත් අත්දකීම් අද දවසේ ද මට පන්නරයක්ව තිබෙනවා.
අවසාන කාලයේ එතුමා විශ්‍රාමිකයෙකු ලෙස අප සමඟ සාකච්ඡා කරමින් රටේ කටයුතුවලට සම්බන්ධ වුණා. එතුමාගේ අහිමිවීම අප සියලුදෙනාට සිදු වු පාඩුවක් බව සඳහන් කළයුතුයි. රොනී ද මෙල් මහතා මේ රටට කළ සේවාව අප අමතක නොකළ යුතුයි. එතුමා මේ රටට වෙනසක් කළ දේශපාලනඥයෙක්. මෙම අවස්ථාවේ දී රොනී ද මෙල් මැතිතුමාට මගේ අවසන් ගෞරවය දක්වමින් එතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලුදෙනාට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
රොනී ද මෙල් මහතාගේ ජීවිත කාලය තුළ මේ රටට මෙන්ම ජනතාවට සිදු කළ මෙහෙය අපමණයි. ඒ වගේම එතුමා ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම විවාදකරුවෙක්. විශ්වවිද්‍යාලය තුළින් ලබාගත් දැනුම එතුමාගේ දේශපාලන ජීවිතයට මහත් පන්නරයක්ව තිබුණා. විදේශීය රටවල විවිධ පාලන තන්ත්‍රවල ගැඹුරු දැනුමක් ද එතුමාට තිබුණා.
ඒ වගේම එතුමා මෙරට රාජ්‍ය සේවයට සුවිශේෂි සේවාවක් ඉටු කළා. විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් තවමත් නොවෙනස්ව පවතින කුඹුරු පනත ගෙන ඒමට එතුමා සහභාගි වුණා. විවෘත ආර්ථිකය තුළින් සමුපකාර ක්‍රමය ගම තුළ ආරක්ෂා කිරීමට ද දායකත්වයක් ලබා දුන්නා.
මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ලෙස පමණක් නොව පාර්ලිමේන්තුව තුළදීත් බාරගත් සියලු වගකීම් නිසි පරිදි ඉටු කළ නායකයෙක්. එතුමාට දේශපාලන ක්ෂේත්රයේ තිබූ ගැඹුරු අවබෝධය සමාජ දියුණුවට උපකාරී වුණා.
ඒ වගේම එතුමා තම ධනය පවා ශාසනයට පරිත්‍යාග කළා කළා. එතුමා දේශපාලඥයන්ට පමණක් නොව මුළු රටටම ආදර්ශයක්. එතුමා අහිමිවීම රටට මෙන්ම අපටත් විශාල පාඩුවක් බව කිවයුතුයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කිරීම අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදු කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද අවමංගල්‍ය සභාව ඇමතුහ.
මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක තුෂාර විජේසූරිය යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් රැසක් ද, රොනි ද මෙල් මහතාගේ පවුලේ ඥාතීන්, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=1278#sigProIdb0bebf55a5
වෛද්‍ය සමන් රත්නායක රිමාන්ඩ්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද අධිකරණය අද නියෝග කළේය.
ඒ, සැකකාර අතිරේක ලේකම්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට අනුවයි.
පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබිය.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
ඒ, අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ද වේ.
ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා !
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල ගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට අද (02) සහභාගී වූ අවස්ථාවේ දීය .
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළහ. එම ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට වෙන්ඩ්‍රාසන් වැවේ සිට පුලියුතුකුලම් වැව දක්වා වන වැව් නවයම පෝෂණය වන පරිදි ඇල මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය මූලික අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාව මත පදනම්ව එය ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවයි.
එසේම අලි වැට ඉදිකිරීම් කටයුතු ආරම්භ වන තුරු, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 94 ප්‍රදේශයේ සිට පාලම් පටාර් දක්වා කඩිනමින් වීථි ලාම්පු ස්ථාපිත කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබා දීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ඉල්ලීම් සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.
ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම සංවර්ධන වැඩ කටයුතු 2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන, කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 25 ක් තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා. ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී තිබෙනවා.
වත්මන් තරුණ පරපුර උනන්දු වන්නේ ‘ස්මාර්ට් ඇග්රිකල්චර්’ වෙතයි. අක්කර දෙකක් දුන් පමණින් ඔවුන් කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. එබැවින් නව තාක්ෂණය රැගත් ‘ස්මාර්ට් ඇග්රිකල්චර්’ සමඟ ඔවුන් වෙත යොමු විය යුතුයි.
පැරණි රජ සමයේ මෙන් මෙරට බෝග අපනයනය කරන මට්ටමට අප පැමිණිය යුතුයි. නිදහස ලැබීමෙන් පසුව අපනයනය කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. දැන් අප එය ආරම්භ කළ යුතුයි. අප මෙරට දියත් කරන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. මීළඟ මාස කිහිපයේදී ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මිරිදිය මත්ස්‍ය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමේ ‘උරුමය’ වැඩසටහනද අප ආරම්භ කර තිබෙනවා. එය කොටස් තුනක් යටතේ ක්‍රියාවට නැඟෙනවා. ඒ අනුව මෙම වසරේදී ආරවුල් නැති, මැනුම් කටයුතු සිදු කර ඇති ස්වර්ණ භූමි, ජයභූමි වැනි බලපත්‍රලාභීන්ට පළමුව සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙනවා. ඒ අතර මැනුම් කටයුතු සිදු කිරීමට තිබෙන ඉඩම්වල මැනුම් කටයුතු ආරම්භ කරනවා. ඉඩම් සම්බන්ධව පවතින ආරවුල් විසඳීමටද කටයුතු සලස්වනවා. කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දිනකට ඔප්පු 500-1000 ක් ප්‍රමාණයක්වත් ලබා දීමට අප උපදෙස් දී තිබෙනවා.
පූජ්‍ය අක්කරගම විමලජෝති හිමි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස් රත්නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එස්. පාර්තිපන්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ.ශ්‍රීපති යන , නැගෙනහිර පළාතේ රේඛීය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=1278#sigProId8cecfd3097
කිසිඳු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තියන්නේ නැහැ - සුව ඇමැති
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
ඔහු පැවසුවේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 තුළදී යථාවත් වනු ඇති බවයි.
නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත් දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සියල්ල විනිවිදභාවයකින් සිදු කරන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටී.
රෝහල්වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති මෙන්ම ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය කරන බවයි.
මෙරට තිබෙන සීටි ස්කෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද සුව ඇමැතිවරයා පැවසීය.
මාර්තු 01 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.
සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මිල දී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 11කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (01) අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් පෙරේදා (29) දුන් නියෝගයකට අනුව වෛද්‍ය සමන් රත්නායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ඊයේ (01) පෙරවරු 9.00ට පමණය.
එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ විමර්ශනවලින් හෙළි වූ මිල දී ගැනීම්වලට අදාළ අලුත් තත්ත්වයන් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
වෛද්‍ය සමන් රත්නායකගෙන් මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 31 දාය.
එහිදී පැය 10ක පමණ කාලයක් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි. අධිකරණය දුන් නියෝගයකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහුගේ කාර්යාලයටද මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අනතුරුව එම කාර්යාලයේ තිබුණු වැදගත් ලියකියවිලි කිහිපයක්ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබිණි.
ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම ඇරඹේ
ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණි.
ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.
දිනෙන් දින වර්ධනය වන අලි – දුම්රිය ගැටළුවට විසඳුමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව ගණනාවක් දීර්ඝ කාලයක් පුරාවට විසඳුම් රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත්, දුම්රියන්හි අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් උත්සහ කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, “සුරකිමු දුම්රිය” ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කර, “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අලි – දුම්රිය ගැටුම් වැළැක්වීම උදෙසා යෝජනා රැසක් රජයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ, පසුගිය වසර කිහිපය තුල දුම්රියන්හි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වන අලි 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවයි.
එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වුවද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවි උමඟක් ඉදිකිරීමට යෝජනා විය.
යාපනයේ දූපත් 03කට විදුලිය දෙන්න ගිවිසුමක්
යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් සිදු කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතය.
සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කෙරේ.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රජය සහ M/s. U Solar Clean Energy Solutions පුද්ගලික සමාගම එකතුව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ.
මෙම දූපත් තුනේ ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් ව්‍යාපෘතිය, ඉන්දීය රජයේ (GOI) ප්‍රදාන ආධාර හරහා ක්‍රියාත්මක වේ. මෙම දෙමුහුන් ව්‍යාපෘතිය මඟින් සූර්ය සහ සුළං යන දෙකම ඇතුළුව විවිධ ආකාරයේ බලශක්ති ඒකාබද්ධ කර, ධාරිතා ප්රශස්ත කිරීම සඳහා යොදා ගනී.
2023 ජූලි මාසයේදී ජනාධිපති එච්.ඊ.රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී සම්මත කරගත් ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ලේඛනයේ බලශක්ති ක්ෂේත්රය ප්‍රමුඛතා අංශයක් ලෙස හඳුනාගෙන ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ක්ෂේත්රයේ බහු නිෂ්පාදන ද්වි-මාර්ග තෙල් නල මාර්ගය මේ වන විට සාකච්ඡා වෙමින් පවතී.
ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් සිරිසේන ; ඒකමතික තීන්දුවක් !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි .
ජනපති විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ තොරතුරු විමසයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) එක් විය.
“අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිටි සිසු දරුවන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.
එහි සිටි ගුරුවරුන් සමඟ ද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳව ද විමසා බැලීමට කටයුතු කළේය.
එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳව සොයා බලන බවට සිසු දරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශීර්වාදය පිරිනැමීය.
මේ අතර ඒ අසල රැස්ව සිටි දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා අමතක නොකළ අතර රාජකාරි බහුල වුවද දරුවන් මඟහැර නොගොස් ඔවුන්ගේ තොරතුරු විමසීමට පැමිණීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියහ.
කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ලංකාවට !
කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි.
කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද සහභාගී විය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්/දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එහිදී ශ්‍රී ලංකාවට හිමිවූ සම්මානය ලබා ගත්තේය.
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ ප්රමුඛ අරමුණක් විය.
සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථම, රැස්වීමේ සාකච්ඡා සඳහා අවශ්‍ය පදනම සකස් කිරිම සඳහා එහි ස්ථිර නියෝජිතයන්ගේ විවෘත කමිටුව රැස් වූ අතර කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් බව එහිදී ඉස්මතු කෙරිණි.
අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසිවාරයේදී ප්රමුඛ අවධානයක් යොමු වූ අතර මිනිසා සහ සොබාදහම අතර නව සබඳතාවක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාවන්ට එහි න්‍යාය පත්‍රයේ ප්රමුඛස්ථානයක් හිමි විය.
පාරිසරික ගැටලු පිළිබඳවද පුළුල්ව විමසා බැලෙන සහ ඒ වෙනුවෙන් කැපවූ ප්‍රධාන ගෝලීය සංසදය වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සුරක්ෂිත පරිසර පද්ධතියක් වෙනුවෙන් වූ තීරණාත්මක මුලපිරීම් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් සඳහා පුළුල් වේදිකාවක් සපයනු ලබයි.
රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, පර්යේෂකයන් සහ විද්වතුන් සහභාගී වන මෙම සමුළුව පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීමේ වේදිකාවක් ලෙස ද කටයුතු කරයි.
ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ !
ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.
ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
පසුගිය කාලයේ 4.73% ක්ව පැවති ඩිජිටල් ආර්ථිකය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය එක්ව කටයුතු කරනවා.
ඒ වගේම පසුගිය වසරේ SLSI ආයතනයෙන් ලැබුණු ලාභයෙන් මිලියන 50ක් භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා. මෙරට ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තාක්ෂණිකව සවිබල ගැන්වීම එහි අරමුණ වී තිබෙනවා. එහිදී ව්‍යවසායකයින් සඳහා GMP සහතිකය සහ SLSI සහතිකය ලබාදීමට කටයුතු කරනවා. අනතුරුව ඔවුන්ට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලියට ණය ආධාර ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. එම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපළ වෙත යොමු කිරීම අපගේ අරමුණයි.
එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආයතනය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වනවා. ඉන්පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට ද ඉතාමත් කඩිනමින් කටයුතු කරනවා.
ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අන්තර්ජාල පහසුකම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. එහි දෙවැනි අදියර ලෙස පාසල් මට්ටමින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳුන්වාදීම සඳහා AI මධ්‍යස්ථාන පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා.
එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපාධිධාරීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහුණුවක් ලබාදීම මැයි මාසයේ දී ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා.
නව පොලිස්පති ජනපති හමු වෙයි !
නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මෙලෙස ජනාධිපතිවරයා හමු විය.
නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.
නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.
කෙහෙලිය ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් !
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදීය.
මේ අතර, ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වී තිබේ.
ඒ් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා සිටගෙන සිටීමේ අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුට අසුනක ඉඳගෙන සිටීමට අවස්ථාව දෙන ලෙසය.
ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය කියාසිටියේ හිටගෙන සිටීමේ අපහසුවකින් පෙළෙන ඕනෑම සැකකරුවෙකුට විත්තිකූඩුවේ අසුන්ගත හැකිබවය.
පසුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙරදින අධිකරණට ඉදිරිපත් නොකිරීමට හේතු වූ රෝගී තත්ත්වය පරීක්ෂාවට පත්කළ නවදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවාය.
"ස්වාමීනී, මේ වනවිට මගේ අතට ලැබී ඇති එම විශේෂඥ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පෙර දින අධිකරණයේ පෙනී නොසිටීමට තරම් බරපතළ රෝගී තත්ත්වය නොතිබූ බව. සැකකරුට ශ්වසන අසාත්මිකතාවක් හා පපුවේ වම්පස වේදනාවක් පැවත තිබුණද එය අධිකරණයේ පෙනී නොසිටීමට තරම් හේතුවක් නොවන බව මෙම කමිටුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරු බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට තරම්වත් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පසුනොවූ බවයි. එබැවින් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා "
එම ඉල්ලීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවාය.
"බන්ධනාගාර වෛද්‍යවරු දැනගන්න ඕනේ මේ වගේ නඩුවකට වෙනදා සැකකරුවන් සම්බන්ධයෙන් ලබාදෙන සාමාන්‍ය වාර්තා නොදෙන්න. මොකද, මෙහිදී එම වාර්තාව විනිසුරුවරයාගේ තීරණයට ද බලපාන්න පුළුවන්. එබැවින් නීතිපති මැදිහත්වෙලා වෛද්‍ය සභාව සමඟ එකතු වෙලා බන්ධනාගාර වෛද්‍යවරු අධිකරණයට සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන ආකාරයට සුදුසු කාර්ය පටිපාටියක් හදන්න"
අනතුරුව මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නකර සිටියේ ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්නයි.
ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.
"ස්වාමීනී, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකා සාදා තියෙන්නේ වෛද්‍ය සමන් රත්නායක යටතේ තිබූ වෛද්‍ය නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශය තුළයි. එමෙන්ම අද දිනය වනතුරු විමර්ශන නිලධාරීන්ට සොයාගැනීමට නොහැකි වූ අදාළ කැබිනට් පත්‍රිකා සැකසීමට මුල්වූ ලේඛන ඇතුළත් මුල් ගොනුව පිළිබඳ වගකිව යුතු තැනැත්තාද ඔහුයි. එබැවින් මෙම නඩුවට අදාළ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට අද පෙරවරුවේ CIDය හමුවේ පෙනීසිටින ලෙස ඊයේ දින ඔහුගේ කුරුණෑගල ස්ථිර ලිපිනයට අප ලිඛිතව දැනුම් දුන්නා. එය ඔහුගේ බිරිඳ භාරගත්තා. එහෙත් ඊයේ සිට අද උදෑසන වනතුරුම ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනය ක්‍රියාවිරහිතයි. එමෙන්ම ඔහු තාවකාලිකව පදිංචිවී සිටින බවට විමර්ශන නිලධාරීන්ට දී තිබෙන්නේ ව්‍යාජ ලිපිනයක්. කෙසේවෙතත් ඔහු අද දහවල් අපගේ විමර්ශන නිලධාරියෙකුට කෙටි පණිවිඩයක් එවා තිබුණා පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ලබාගත් බවට. මේ වනවිට ඔහු සිටින්නේ වනාතවිල්ලුවේ බැවින් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කරලා. එහෙත් ස්වාමීනි ඒ කියූ දේ ගැන අප කළ විමර්ශනයේදී අපට අනාවරණය වුණේ ඊයේ සහ අද නිවාඩු ලබාගත් බව ඔහු අපට පැවසුවත් ඊයේ සවස්වරුව වනතෙක්ම සිය කාර්යාලයේ රාජකාරී කර ඇති බවයි. එබැවින් ස්වාමීන් මෙම සියලු කරුණු සලකා බලා හෙට පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස ඔහුට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. "
කෙසේවෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු විමර්ශන මගහරින්නේනම් ඊට අදාළ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.
- Derana
අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි !
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් ගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළේය.
අනතුරුව තොරතුරු විමසමින් පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේහය අසළ තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
ඇමති ටිරාන් සහ දේශබන්දුගෙන් පොලිසියට සහනයක් !
පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අනුමැතිය ලබාදී තිබේ.
මීට අදාළ කැබිනට් යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර මීට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.
පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ සිදුකළ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීම මෙම නව යෝජනා ක්රමයේ අරමුණ වී ඇත.
එසේම පොලිස් නිලධාරියෙකු විසින් රාජකාරී විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීති කෘත්‍යයකට භාජනය වුවහොත් සහ එයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබාදීම ප්‍රතික්ෂේප කරන හෝ නීති සහාය ලබා නොදෙන අවස්ථා වලදී, පුද්ගලික නීතිඥ සහාය ලබා ගැනීම සහ වෙනත් නීති සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිදුවන ආර්ථික අපහසුතාවයන් සදහා මෙම ක්‍රමය හරහා සහනයක් හිමිවනු ඇත.
මෛත්‍රීට නිවසක් දීමට ගනුලැබූ කැබිනට් තීරණය බල රහිත කරයි !
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව ඊට අදාළ 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර තිබිණ .
එය විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවද පෙන්වා දී තිබේ.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Page 72 of 440