පුවත්
ලංකාවට කෝටි 1750ක ඖෂධ : අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට ලියන : ජනපති e කොලම !
විවේචන හා ප්‍රහාර මිසක් රට හදන හැටි කවුරුත් කියන්නෙ නෑ....?
රනිල් දේශපාලනයට කිරීමට වැඩි තැනක් නොදීමේ හේතුව....?
එජාප වැඩවලදී රනිල් ට මළ පනී....?
රනිල් ට ඔප්පු මෙනියාව...?
මහ බැංකු අය තමන්ටම බෙදා ගැනීම ගැන රනිල් ගේ මතය....?
පෑනක්වත් නැති දුගී ඇමති....?
ඇමෙරිකන් මහින්ද ගේ උපායශීලී වැඩ....එරටින් රු කෝටි 40,000 ක සහාය...!
රට බංකොලොත් වූවිට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව ද ඉන්දියාව ද...?
ඩො මිලි 500 ක කැන්ගරු ආයෝජනය...?
රනිල් ගේ පියා දකුණේ බද්දේගම නිසාදෝ ඔහු කවදත් දකුණු මුහුදු තීරයට ලව් ය. පසුගියදා එහි සංචාරක ගැටලු වලට විසදුම්දීමට ක්‍රියාකලා පමණක් නොව සංචාරකයන් හා කතා කරමින් සෙල්පි ද ගත්තේය.
රනිල් ත්‍රිමලේ ගියේ බාලදක්ෂ ජම්බරියටය. ඊට රටවල් 28 ක හා ලංකාවෙන් 11,500 ක් එක්ව තිබිණ. ඔවුන් හා කතා කිරීම හා සෙල්පි ගැනීමේ නිමක් නොවිණ. ඉන්දීය දරුවන් සමග ඡායාරූප ගැනීමේදී එම ජාතික කොඩිය හරහරට තිබීම ගැටලුවක් වූ හෙයින් එය තම අතේ රදවා ගැනීමට ද ජනපති ක්‍රියා කළේය.
ඉන්දියාව වතුකරයට දුන් නිවාස ව්‍යාපෘතියක් සූම් හරහා විවෘත කල ජනපති එහි සිව්වන අදියරට අත්සන් තැබීය. ඇමති තොණ්ඩමන් ද ඊට එක්විය.
කඩවත මහාමායා දරුවන් ජනපති ලේකම් කාර්යාලයේ ඔවුන්ගේ පාර්ලිමේන්තුව පැවැත්වීය. එදින සවස ජනපති කැබිනට් යන අතරේ එම දරුවන් ද රැගෙන ගොස් නිළධාරීන් ලවා කැබිනට් ක්‍රියාවලිය පැහැදිලි කළහ. එම පාසැලට පසුදා නිවාඩු දෙන කැබිනට් පත්‍රිකාවක් සම්මත කර එහි පිටපත් දරුවන් අතට පත්කල පසු ඔවුහු මවිත වූහ.
අගහරුවාදා ආරක්ෂක මණ්ඩලය නිමවා ජනපති කුරුණෑගල ගියේ ජයවික්‍රම පෙරේරාට අවසන් ගෞරව දක්වන්නටය.
"සති 02 කට කළිනුත් ඔබතුමා ඇවිත් පියා බලල ගියා. හැමෝම ඒ ගැන ප්‍රසංශා කරනවා" ඔහුගේ ප්රත්රයා කීවේය.
එජාප ප්‍රවර්දනයට මහලේකම් රංගෙ හා සෙසු අය කැප වෙද්දී ගම්මට්ටමේ අය ගේ කටයුතු ගැන ජනපති කණස්සල්ල පළ කළේය.
"එයාලගෙ කතාව විතරයි. වැඩ නෑ" රනිල් කීවේ මළ පැනලාය.
පරිසර රාජ්‍ය ඇමතිකම වක්කුඹුරට ලැබුණේ පොහොට්ටු තීන්දුවකිනි. ඒ ගැන පොහොට්ටු අයම පක්ෂ ප්රබලයන්ට දෙහි කපන පසුබිමක් තිබිණ.
දිව්රුම අත්සන් කරන්නට වක්කුඹුර ලඟ පෑනක් තිබුණේ නැත. සමන් ඒකනායකගේ පෑන ඉල්ලා අත්සන් තබන විට ජනපතිගේ නළල රැළි ගැන්වින.
"ඔයා විවාහ සහතිකේට අත්සන් කළෙත් කාගෙන් හරි පෑන ඉල්ලගෙන ද" රනිල් සිනහවක් දමා කීවද ඒ තුළ සියුම් ප්‍රහාරයක් හා ආදර්ශයක් ද තිබිණ.
අයවැයේ ඉලක්ක අතර පඩි වැඩි කිරීම , අස්වැසුම හා සින්නක්කර ඔප්පු දීම මූලිකය. ඉඩම් අමාත්‍යාංශයට නිතර කතා කර එය දිරිගැන්වීම රනිල්ගේ ප්‍රධාන කාර්යවී තිබේ. ඔප්පු ලක්ෂ 20 ක් බෙදීම ඉලක්කය වුවද මුලින් ලක්ෂ 10 ක් බෙදීම අරමුණය.එය ජනතාවට සහනයක් සේම ඡන්ද ඉලක්ක ද සැගව තිබේදැයි දන්නේ ඔහුය.
නයි මුගටින් වන ඊශ්‍රායල හා ඉරානයේ ප්‍රවාහන හා විදේශ ඇමකිවරු එකවර හමුවීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කළ ද කපටි නරියා හිනාවුණා පමණය.
ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු පාසැලේ දීද දරුවන් ජනපති හා සෙල්පි ගැසීමට පොරකෑහ.
"ගිණිගත්ත රට නිවුවෙ ඔබතුමා බව මේ දරුවොත් දන්නවා. ඒකයි පොරකන්නේ" තරුණ සේවා සභාපති කීවේය.
රනිල් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට ආවිට මහබැංකුව 70% කින් පඩි වැඩිකර ගැනීම ගැන කතා විය.
"රටේම අය පීඩනයෙන් ඉන්නෙ. මහබැංකුව එයාලට වැඩිපුර බෙදා ගත්ත එක හරි නෑ" ඇමතිවරයෙකු කීවේය.
"ගිණිගත්ත රට ගොඩ ගන්න ජනාදිපතිතුමාට මහබැංකුවත් ලොකු සහායක් දුන්නා. ඒ පසුබිම නිසා එයාලට ලෝකෙ රටවල් වලින් ලොකු ඉල්ලුමක් ඇවිත්. අනික නව බැංකු පනත නිසා ආණ්ඩුවට මොකුත් කරන්න බෑ" ඇමති සියඔලාපිටිය උත්තර බැන්දේය.
කපටි නරියා නෑසූ කණින් සිටීම ගැන කවුරුත් මවිත විය. ඒ මහබැංකු නිළධාරීන් තමන්ගේ නැති ශක්තියක් ගැන පවා ඇමතිට කතා කියලාදැයි සිතූ නිසාදැයි දන්නේ නැත.
"මහබැංකුවේ අය රට බංකොළොත් වෙනකම් බලං හිටියා. කාටවත් කිව්වෙත් නෑ. එනිසා ලොකු දීමනා දෙන්න එයාල සුවිශේෂ අය වෙන්නෙ කොහොමද" කිරිඇල්ල මේ ගැන පාර්ලිමේන්තුව දෙවනත් කල හැටි කපටි නරියාටත් මතක් වුණාදැයි දන්නේ නැත.
"ඔබතුමා දේශපාලනය කරනව මදි කියල සමහරු කියනවා" රනිල්ට ගුග්ලියක් වැටින.
"හැමෝම කරන්නෙ විවේචන විතරයි. රට හදන හැටි කවුරුත් කියන්නෙ නෑ.මගේ ක්‍රමය බලය ගන්න එක නෙවෙයි රට හදන එක" රනිල් යෝද පහරක් ගැසුවේය.
රට බංකොලොත් වූවිට ලංකාවට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව හා ඉන්දියාව ය. IMF හා ලෝක බැංකුවය. වොෂින්ටන් හි පිහිටි IMF ලෝක බැංකුව හා US ඒඩි වෙතින් මෙන්ම විශේෂයෙන් DFC හරහා ඩො බිලියනයක ආයෝජන ද ලංකාවට ලැබුණේය. තවද ඇමෙරිකානු ආයතන සමග කතා කොට ඩො මිලි 54 ක එනම් රු කෝටි 1750 ක නොමිලේ ඖෂධ යැවීම ද සිදුවිය. ගොවියාගේ හිස ගිණිගත් මොහොතේ එය නිමාදැමූ පොහොර දීමනාව දුන්නේ ද US ඒඩ් වලින් ලැබුණු මුදලිනි. එය කෝටි 40,000 ට ආසන්නය. දැන් මේවා සිදුවන්නේ දෙරට අතර විදේශ සබදතා විශේෂයෙන් ඇමෙරිකන් මහින්ද ගෙ කාලයේ සීග්‍රයෙන් වඩාත් තහවුරු කිරීමට ඔහු දරන උත්සාහයත් සමගය.
දඔුලුත් ගිහින් තලගොයිත් මරාගෙන ආපු රනිල් ඔ්ස්ට්රෙලියාවෙන් ගෙනා ඩො මිලි 500 ක ආයෝජනයට පසුගියදා අත්සන් කෙරිණ.
"සාධාරණව ලංකාවට දැනෙන වැඩක් කරනවා" තම පෞද්ගලික ජෙට් එකෙන් පැමිණ ගිවිසුම ගැසූ කැන්ගරු දේශයේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රධානියා කීවේය.
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)
යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ කෝවිල් 07කට සතිපතා වන්දනා කරන්න සිවිල්වැසියන්ට අවසර
ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.
මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල්ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (23) දින ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත දැනුම්දී තිබුණද ඒ සඳහා සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි. එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල සහ වාසවිලාන් නාග කෝවිල යන කෝවිල් හතරට පමණි.
මෙලෙස පූජාවන් සඳහා එක්වූ පිරිසට අවශ්‍ය සෞඛ්‍යය, ප්‍රවාහන, සනීපාරක්ෂක ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණු අතර මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාද එක්ව සිටියේය.
https://casite-1385010.cloudaccess.net/news?start=1332#sigProIdfde2efa2a8
හයිඩ් පාර්ක් පිටියේ ලංසලා හයිය පෙන්නයි !
''ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු ඇරඹි අතර ඊට අතිවිශාල ජනසහභාගීත්වයක් දකින්නට ලැබිණ .
නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවති මෙම කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්ව සිටීමද විශේෂත්වයකි.
මේ අතර නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,සහ අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීන්දුව ගන්න දිනය මෙන්න !
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි .
එහි ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබිණි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව ය.
වැටුප් ප්රශ්නය දුරදිග යයි : මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවයි !
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට මුදල් කමිටු කිහිපයක් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .
ඒ මහ බැංකු සේවකයින්ගේ වැටුප ඔවුන් විසින් සියයට 70කින් ඉහළ නංවාගෙන ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බවද වාර්තා වෙයි .
මහ බැංකු නිලධාරීන් විසින් ඔවුන්ගේ වැටුප ඉහළ නංවාගෙන ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වුණි.
එම සිද්ධිය රට තුළ මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ පවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියහ.
චම්පික ජනපති හමුවෙයි !
“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.
ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.
දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.
විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ද, ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.
මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්ව සිටියහ.
බන්ධනාගාර තදබදයට අධිකරණ ඇමතිගෙන් විසඳුමක්
මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පලකලේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතෙහි පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට (23) එක්වෙමිනි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු සඳහන් කලේ පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින දූපත ඉන් එහා ගිය මාතෘභූමියට ඵලදායී වැඩක් ලබාගත හැකි ස්ථානයක් වන බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් අධික තදබදයකට ලක්ව දැනට ඒම ගොඩබිමෙහි රඳවාසිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කල අමාත්‍යවරයා පවසා සිටියේ අදාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව අවස්ථාවක් කරගන්නා බවයි.
මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන අය එක්විය.
වසර මිලියන 240ක් පැරණි සත්ත්වයකුගේ ෆොසිලයක් සොයා ගැනේ
වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2003 වසරේ දී පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ, දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.
පසු ව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන ඇත.
එහි දිග අඩි 16ක් එනම් මීටර් 05ක් පමණ වන බවත් එම ෆොසිලය ඉතා අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවත් විද්‍යාඥයෝ පවසති.
මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කෙරේ.
එම සත්ත්වයා "Dinocephalosaurus orientalis" නම් විද්‍යාත්මක නමින් හඳුන්වයි.
මෙම ෆොසිලය අධ්‍යයනය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ආචාර්ය නික් ෆ්රේසර් පවසා ඇත්තේ, මෙම සත්ත්වයාගේ බෙල්ල, උගේ සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි.
adaderana.lk
රියදුරු බලපත්‍රයට වඩා බර කඳුළු කතාව !
2021 වසරේ බ්‍රිතාන්‍යයේ පුද්ගයෙක් තමන්ගේ රියදුරු විභාගය (Theory Test) සමත් වී තිබුණේ 157 වැනි වතාවේදියි. ඒ සඳහා ඔහු වැය කර තිබූ මුදල £3200 ක්. (පවුමක් රුපියල් 400 ක් ලෙස සැලකුවහොත් රුපියල් 1,280,000) ඒවගේම 117 වන වතාවටත් විභාගයට මුහුණ දුන් කාන්තාවක්ද එවක සිටියා. පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අයෙක් සමත්ව තිබුණේ 60 වැනි අවස්ථාවේදී.
මේ ආකාරයටම රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයත් (Practical Test) අසමත් වීම සිදුවෙනවා. එක් පුගලයෙක් 42 වතාවක් ඊට මුහුණදීම වාර්තාවක්. දැනට මුළු රටේම සමත්වීම 49% ක්. දැනට එක්සත් රාජධාණියේ 40% කට වැඩි පිරිසක් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන්නේ අවස්ථා 6 කට හෝ ඊට වැඩි ගානකට මුහුණ දීමෙන් අනතුරුවයි. මෙය කාලය සහ මුදල් අධික ලෙස වැයවන තත්ත්වයක්.
මේ කරුණු ටික මෙහෙම ලියන්න හිතුනේ කොළඹ විශ්ව විද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් රිය අනතුරකට ලක්ව මිය යාමත් සමග පළවන අදහස් දැකීමත් සමගයි. ඇය යම් සමාජ මට්ටමක සිටි යෞවනියක් නිසා වැඩි කතා බහක් ඇති වීම සංකේතාත්මකව හෝ ඉතා හොඳ දෙයක්. එහෙත් දරුවන්, පවුල් අසරණ කරමින් දිනපතා මෙලෙස මහමග ජීවිත රැසක් අහිමි වෙනවා.
මේ තත්ත්වයන් යම් මට්ටමකට හෝ සමහන් කර ගැනීමට මෙතෙක් ප්‍රමාණවත් සාධනීය පියවර ගෙන ඇති ආකාරයක් දක්නට නැහැ.
මගේ නම් අදහස මේ වැඩේ රියදුරු බලපත්‍රය ලබාදීමේ සිට ආරම්භ විය යුතු බවයි. බ්‍රිතාන්‍ය, යුරෝපය හෝ වෙනත් දියුණු රටවල් මීට උදාහරණ. මහමග කෝටි ගණන් වාහන තිබුණද අනතුරු අවම කරගන්නා ශික්ෂණයක් ඇති රියදුරන් බිහිවී ඇත්තේ එකී මූලාරම්භය නිසයි.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මීට මාස කිහිපයකට පෙරත් රියදුරු වැරදි සම්බන්ධ දඬුවම් සහ දඩ සංශෝධනයක් එළිදක්වන අයුරු දුටුවා. මූලයට පිළියම් නොදී වැරදි කරන තෙක් සිට දඬුවම් කිරීමෙන් පමණක් ආරක්ෂිත රිය පැදවීමට පෙළඹවීම පහසු නැහැ. ඒත් හැමදාම මඩේ දාමින් සෝදන බවක් පමණයි පේන්න තිබෙන්නේ.
ලංකාවේ බහුතරයක් රිය පදවන්නේ හදිස්සිය සමගයි. අනෙකා කෙරෙහි ඇති ආකල්පය ඇත්තේ ඉතා නරක තැනක. බංග්ලාදේශයේ හෝ අප්‍රිකානු නොදියුණු රටකට පමණයි ලංකාවට දෙවැනි වන්නේ. පුද්ගලිකව ගතහොත් මා ලංකාවේ රියදුරු බලපත්‍රය ලබා ගත්තේ විනාඩි 30 බැගින් පුහුණුවීම් දෙකකට පමණක් සහභාගි වීමෙන්. අද මම පුදුමයට පත් වෙනවා.
ලංකාවේ සංවර්ධනය ගැන කතා කරන ගොඩක් නායකයන් මේ වගේ අත්‍යාවශ්‍ය ක්ෂේත්රයක මිනිස්සුන් හික්මවීමේ අවශ්‍යතාව හඳුනා ගෙන නැහැ. නිසි පුහුණුවකින් අනතුරුව රියදුරු බලපත්‍රයක් ලබා දී විනයගරුක රියදුරෙකු බිහිකර ගැනීමට තරම් අප අසමත්ද? නැත්නම් ඕනෑකමක් නැති කමද?
සාමාන්‍යයෙන් නවකයෙක් බ්‍රිතාන්‍යයේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී උපදේශකයෙක් (Instructor) යටතේ අඩුම වශයෙන් පැය 45 ක පුහුණුව ලැබිය යුතු බව රජයේ (DVSA - Driving Standards Agency) යෝජනාවයි. ඊට අමතරව පුද්ගලිකව පැය 20 ක්වත් පුහුණුවීම වැදගත් බව DVSA කියනවා. මේ වන විට පැයකට £35-45 දක්වා අයකෙරෙනවා. මෙකී රටවල රියදුරු බලපත්‍රය සිය හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය තරම්ම වටින දෙයක්.
ලංකාවේ රිය ධාවනය කිරීමේ අවදානම ගැන කීමට උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි. ලංකාවේ සිටියදී රිය පදවා මේ වනවිට වෙනත් රටක සිටින බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි. "අම්මෝ ලංකාවේ ගිහින් වාහන එලවන එක තමයි ප්‍රශ්නේ". එදා තමන්ට නොදැනුනු භය වගේම වගකීමත් විදෙස් රටක අත්දැකීම් සමග දැන් අපට/ඔවුන්ට තේරෙනවා. ජීවිතවල වටිනාකම දැනෙනවා.
මේ තත්ත්වය හරියට තේරුම් ගතහොත් ආකාලයේ මහමග මිය යන ජීවිත බේරා ගන්න පුළුවන්. මගේ නම් යෝජනාව රියදුරු බලපත්‍රය දෙන තැනින්ම මෙය පටන් ගත යුතු බවයි.
|මහින්ද රුබසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.
මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්රණාමයට පත් සුවිශේෂී ශ්‍රි ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළයුතු අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයතු බවද අවධාරණය කරයි.
1986 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් අංක 387/3 හා 1986.02.03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇත. ඉන්පසුව, අංක 627/8 හා 1990-09-12 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රය, අංක 863/4 හා 1995-03-20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය සහ අංක 1535/12 හා 2008-02-08 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් ජාතික සම්මාන පිරිනැමීමේ පටිපාටිය සංශෝධනය කර තිබේ.
තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023-02-18 දිනැතිව ඉදිරිපත් කරන ලද අංක PS/NC/ACD/95/2023 දරන අමාත්‍ය මණ්ඩල සටහන මඟින් “විශිෂ්ට කෞශල්‍යාභිමානී” හා “විශිෂ්ට ජනරජ අභිමානී” යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා ලබා ගැනීම සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවිම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ අනුව ජනාධිපතිවරයාගේ එකඟතාවය අනුව ජනාධිපති ලේකම් විසින් පත්කරනු ලබන විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් මඟින් සම්මානලාභීන් තේරාගැනීම සිදු කරනු ලබයි.
තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාමයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන අතර, පසුව නියම කර ගන්නා ලද දිනයකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්රදානය කරනු ලැබේ.
නිදහස් අනුස්මරණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදානයට සුදුසු දිනයන් ජනාධිපතිවරයාට තීරණය කළ හැකි අතර ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා ජාතික සම්මාන ප්රදානය ද සිදු කෙරේ.
ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.
ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.
හුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේජර් ජනරාල් සත්‍යප්‍රියත් සජිත්ට එකතු වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
සමගි ජන බලවේගයට එක් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ටද විපක්ෂනායකයා විසින් විශේෂ පත්වීමක් ලබාදී ඇත.
ඒ අනුව,‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස ඔහුව පත්කර තිබේ.
සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේවනවිට පක්ෂය සහ පක්ෂයේ නායකත්වය අධිකරණය හමුවට ගෙන ගොස් ඇති තත්වයක් තුල තවතවත් විශ්‍රාමික හමුදා ප්‍රධානින් සජබට එකකට ගැනීමට විපක්ෂනායකයා කටයුතු කරමින් සිටියි.
මිට ඉහතදී බොනිෆස් පෙරේරා, දයා රත්නායක , දයා සඳගිරි , වැනි හමුදා සේවයේ සිටි ප්‍රධානින් කිහිපදෙනෙකුම සජබට එක්කර ගැනීමට විපක්ෂ නායකයා විසින් කටයුතු කර තිබිණ.
රට පුරා හොර වෙදුන්
ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය.
තවද, වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකයන් නම් කරේ !
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන අද (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 වනදා සම්මත කරන ලද යෝජනා අනුව මෙම සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් මෙලෙස පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.
- ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ සහ සමන්ප්රිය හේරත්.
- රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, මුදිතා ප්‍රිශාන්ති, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, ඩී. වීරසිංහ සහ මංජුලා දිසානායක.
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
ජගත් පුෂ්පකුමාර, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ජයන්ත කැටගොඩ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ යදාමිණී ගුණවර්ධන.
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
චමල් රාජපක්ෂ, (ආචාර්ය) සරත් වීරසේකර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.
- මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.
- කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක.
- ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
අ. අරවින්ද් කුමාර්, ධම්මික පෙරේරා, යදාමිණී ගුණවර්ධන.
- අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
අනුප පස්කුවල්, විමලවීර දිසානායක සහ ගුණතිලක රාජපක්ෂ.
- ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එස්. එම්. එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න.
- සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
කනක හේරත්, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.
- කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ.
- වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
චාමර සම්පත් දසනායක, කපිල අතුකෝරල සහ කුමාරසිරි රත්නායක.
- අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, නීතිඥ සාගර කාරියවසම්.
- කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ප්‍රේමලාල් ජයසේකර, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ලලිත් වර්ණ කුමාර.
- නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නීතිඥ මධුර විතානගේ.
- විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එස්. බී. දිසානායක, නීතිඥ නාමල් රාජපක්ෂ සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය.
- බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එච්. නන්දසේන, ගුණතිලක රාජපක්ෂ, සමන්ප්රිය හේරත්.
- විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගාමිණී ලොකුගේ, දුමින්ද දිසානායක සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ.
- පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එස්. එම්. චන්ද්‍රසේන, ඉසුරු දොඩන්ගොඩ, මුදිතා ප්‍රිශාන්ති.
- ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ.
- වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ඩී. වීරසිංහ, යදාමිණී ගුණවර්ධන, ජගත් සමරවික්‍රම.
- කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ඩී. බී. හේරත්, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ.
- රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, එම්. රාමේෂ්වරන්.
පොරටෝක් දුන්න ලංවීම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි !
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඔහු පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.
පසුගිය 20 වනදා අද දෙරණ '24 නාලිකාව' ඔස්සේ විකාශය වු "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් විදුලිය නොමැති නම් පාසල් ළමුන්ට කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත ප්‍රකාශයක් සිදුකර තිබුණි.
තවද වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයත් පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක්වුණි.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්රකාශකවරයාගේ ප්‍රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.
වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බව ද ඔහු අවධාරණය කළේ ය.
කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත නිලධාරියාට එරෙහි ව විනය පියවර ගන්නා බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා, මෙම ප්රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාට ද සිය ස්තූතිය පළ කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,
''ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාව මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැඟීම ගැන. ඒ වාගේම, රාධක්‍රිෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයලා ඉන්නවා. අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ”
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (පෙබ. 21) දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී අතර ඊයේ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇත.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ ය.
ඒ යටතේ කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකිම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පළිබෝධනාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාළව මෙම ගිවිසුම අත්සන් තබා තිබේ.
වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී සඳහන් කර ඇත්තේ, මේ වනවිට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය වී තිබීම සම්බන්ධව තම සතුට ඵල කරන බව ය.
ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවක පවතින සමයක වුවත් ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයේදී ලබා ඇති ශක්‍යතාව අගය කළ යුතු බව ද ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත්තේ, පැවැති ආර්ථික කඩා වැටීම නිසා ශ්‍රි ලංකාවේ ආහාර හිඟයක් මතුවේ යැයි බොහෝ දෙනා උපකල්පනය කළ ද, රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙන් ම ගොවි ජනතාව බාධක නොතකා වගා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණ නොදුන් බව ත් ඒ සම්බන්ධව අප රටේ ගොවි ජනතාවට සමස්ත ජනතාවගේ ප්‍රණාමය පළ කළ යුතු බව ත් ය.
මෙම අවස්ථාව සඳහා අප රටේ රාජ්‍ය නිලධාරින් මෙන් ම වියට්නාමයේ රජයේ නිලධාරි කිහිප දෙනෙක් සහභාගී වී සිටියහ.
මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට ගෙන ඒමට සැලසුමක්
නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එහිදී මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.
දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.
පාඨමාලා පැවැත්වෙන පන්ති කාමර වෙත පැමිණ සිසුන්ගේ අධ්‍යාපන සහ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලූ ජනාධිපතිවරයා සිසුන් සමඟ කෙටි කථාබහකට එක්වෙමින් ඔවුන් නැඟු ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දුන්නේය.
නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඇති අවස්ථාව පිළිබඳ තරුණයෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට වේගවත් ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවත් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්ය.කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැවසීය.
පෙර පාසල් පාඨමාලාව වැඩිදුර හදාරා තමන්ගේම පෙර පාසලක් පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් පසු වන බවත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් මෙහි පෙර පාසල් පාඨමාලාව හදාරන සිසුවියක විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පෙර පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධනය පිළිබඳ අධ්යක්ෂ රන්දුල අබේධීර, ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන භාර නිලධාරි බී. එම්. රනිල්, සහකාර නිලධාරි සුමිත් ප්‍රියශාන්ත යන සහ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චම්පිකගේ වෙන්ඩ ජනාධිපති හීනයට පරණ ගෝලයා වල කපයි !
බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී නාලිකාවක් සමග පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.
පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපතිවරණයක් වෙනුවෙන් තරග කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රිකයේ වත් පළමුතැනට පැමිණීමට නොහැකි රණවක මන්ත්‍රිවරයා රටේ මුල් තැනට පැමිණීමට උත්සහා දැරීම සාර්ථක කටයුත්තක් නොවන බවද පැවසීය .
Page 75 of 440