පුවත්
පුටුව සන්ධානයට බාල්දියක් !
ඔන්න දැන් නැවතත් පුටුව සන්ධානය කරලියට ඇවිත්.. ඒ මාර්තු පළවෙනිදා පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමත් එක්ක.
ස්ථීරවම ඉදිරි දින කිහිපය තුල පුටුව ලකුණින් සන්ධානයක් බිහිවෙනවා කියලා ඔය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පස්සේ මෛත්‍රී මාධ්‍යවලට කියලා තිබුනා.
ආණ්ඩුවේ ඇමතිධූර දරන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායකත් එම අවස්ථාවට එක්වෙමින් සන්ධානය බිහිවෙන බව සනාථ කරලා තිබුනා.
තමන් දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ඔහුට සහය දැක්වුව ද, ඉදිරි ජනාධිපතිවරණය තුල තමන්ගේ භූමිකාව ඒ තුලින් ප්‍රකාශ වෙන්නේ නෑ කියන කතාවකුත් ඒ අස්සේ කියල තිබුනා.
ඒ කොහොම ශ්‍රී ලංකා එක හරහා පුටුව සන්ධානය බිහිවෙන එක ඉදිරි සතිය තුල අපේක්ෂා කල හැකි වුවත් , චම්පික රණවකලා , ලන්සලා, අනුර ප්‍රියදර්ශන යාපලා ද දැන්ම ඕකට එකතු වෙයිද නැද්ද කියන එක නම් සැකයි ..
මොකද ඔය පුටුව සන්ධානේ ජනාධිපති අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල එන්න ට්‍රයි එකක් දෙනවා කියලා සමහරුන්ට තේරිලා.
'' ඔය මෛත්‍රීපාල ලොක්කට කියන්න පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියලා . එයා ඉස්සරහට අවොත් මේ වැඩේ දෙල් වෙනවා .. නැත්තන් චන්දයක් කෝල් කරනතුරු වැඩේ පොඩ්ඩක් පස්සට දාමු ..'' - ඔන්න සන්ධානෙට එකතුවෙන්න හදන අලුත් සන්ධානෙක ලොක්කෙක් ඊයේ පෙරේදා ලසන්ත අලගියවන්නට කියලා.
ඒ කියන්නේ ඔය අලුත් සන්ධානේ අටවන්නත් ඉස්සෙල්ලම මණ්ඩලේ කචල් වගේ..
කොහොමටත් ශ්‍රීලනිප නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසත් මීඩියා වලට කියලා තිබුණේ, මෛත්‍රී ජනපති අපේක්ෂක කරන්න ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් අරගෙන තියෙන්නේ කියලා. ඔය විදිහට මුට්ටි වැටෙන්නේ නිකමට නෙවෙයි කියලා, කස්ටියට තේරුණ නිසා වෙන්න ඕන වැඩේට බාලගිරි දෝෂය ලැබුවේ.
දේශපාලන වාර්තාකරු
භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග 03ක මිල පහළට !
ඉන්ධන වර්ග 3ක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමටත් සෙසු ඉන්ධන මිල සංශෝධනයක් නොමැතිව පවත්වා ගෙන යාමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
ඒ බව දැනුම්දෙමින් ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනුව ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකෙරේ.
එහෙත් ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9.00කින් , සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00 කින් අඩු කර ඇත.
එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447.00 ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458.00 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257.00 ලෙස පත්ව තිබේ.
මීට අදාළව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
ඉන්දික අනුරුද්ධ හැර ගම්පහ පොහොට්ටු මැති ඇමතින් ජනාධිපති හමුවෙයි : ලබන වසරේත් මේ ආණ්ඩුවයි !
ලබන වසරේදී ද මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තවදුරටත් කල් නොදමා අගෝස්තු මාසයට පෙර මුදල් වියදම් කර සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ දී ද ලබාදෙන බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින්ය.
නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මේ සාකච්ඡාව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ දිස්ර්තික් නායකයන් සහභාගි ව තිබිණ.
මෙහිදී වූ විශේෂ සිදුවීම නම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ හැර ආණ්ඩුව නියෝජනය කරන හා ආණ්ඩුවට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී සිටීමය. සිසිර ජයකොඩි, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරු විදෙස්ගතව සිටින නිසා මෙම රැස්වීමට සහභාගීවූයේ නැත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීවේය,
“1978 දී තමයි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත දෙන්න පටන් ගත්තේ. එතකොට මන්ත්‍රීවරයෙකුට වැඩකටයුතු කරන්න ලැබුනේ රුපියල් ලක්ෂ තුනයි. ගමක් දියුණු කරන්න මුදල් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වැඩකටයුතු තමන්ගේ ප්‍රදේශයේ ආරම්භ කරන්න. මෙහි එකම පරමාර්ථය තමයි ප්‍රාදේශීය මට්ටමින් ගමට යන එක. එදා යන්න බැරි වුනානම් දැන් හොද අවස්ථාවක් ගමට ගිහින් වැඩ කරන්න. කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන් කාටවත් යන්න බැරි තැනක් නෑ. මුදල් අරගෙන වියදම් කරන්න. අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි.
ගම්පහ දිස්ත්‍රික්කය අපි ඇති කළේ 1970 වසරේ. එදා ඉදන් කොයි ආණ්ඩුව තිබුණත් විශාල දියුණුවක් ගම්පහට ලැබුණා. අද වැඩිම ජනගහනය ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සිග්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. ඒක කලේ 1978 ඉදන් බලයට පත් වූ ආණ්ඩු හා ආණ්ඩු පාලනය කළ පක්ෂයි. ඒකෙන් ඈත් වෙලා හිටපු මිනිස්සු මුකුත් කළේ නෑ. ඈත් වෙලා හිටපු මිනිස්සු ගම්පහ හැදුවේ නෑ. එහෙම නොවුණානම් අද පොල් රබර් විතරයි තියෙන්නේ. ඒකත් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. සම්බන්ධ වුනේ නැත්නම් මොනවද කළේ. ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත් කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතු වලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.”
සජබ වාරණය තවත් දීර්ඝ වෙයි !
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 19 වෙනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කළේය.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමක් අද (04) යළි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම වාරණ නියෝගය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත නිකුත් කර තිබේ.
පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සජබ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ අදාළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඉන් අනතුරුව වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා දීර්ඝ කළ අධිකරණය එදින අදාළ විරෝධතා සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් නිවේදනය කළේය.
පෙත්සම්කරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටින්නේ හිටපු හමුදාපති දයා රත්නායක ව සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බවයි.
එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
විදුලි ගාස්තු 21.9% කින් අඩු කරයි : අඩු පරිභෝජනයට වැඩි වාසි !
විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු අද (4) පස්වරුවේ පැවසීය.
එම විදුලි ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිකුත්කළ නිවේදනය අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා පහත දැමෙන අතර එය සියයට 33.3ක අඩුවීමකි.
ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.
ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.
පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල පහත දමා තිබේ.
එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් පහත දැමීමට ද පියවර ගෙන ඇත.
අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා ! ජනපති
රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.
1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එසේම රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.
පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කිරීම, සංචාරක ව්‍යාපාරයට අදාළ නව නීතියක්, දේශුගණික විපර්යාස වළක්වා ගැනීම පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජ, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමග එම කටයුතු ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වන්නේ 1944දී පමණ හඳුන්වා දුන් නීති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්රයට ද නව නීති රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බව පැවසීය.
මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්‍රව ක්‍රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකි වන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක් බවද පැවසීය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකි බවද අවධාරණය කළේය.
කිසිවෙකුට මෙම නීති සීමා කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ විභාග කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නමුත් මේවා නවත්වා දමා ජනතාවට තව දුරටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.
මෙම කටයුතු මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් සූදානම් වනවා නම් පළමු මානව හිමිකම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවැන්න දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වූ කරුණු මම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් එයට හේතු වුණේ කාලයක් පුරා අප ණය වෙමින් ජිවත්වීමයි. ණය කළමනාකරණය කර ගැනීමට නොහැකි වු අවස්ථාවේ අපි රටක් විදියට කඩා වැටුණා. අපිට ණය ගෙවා ගැනීමට නොහැකි වුණේ ආදායම් නොතිබූ නිසයි. මෙය අවසන් වරට මතු වුණේ ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීයි. නමුත් මේ ණය ලබා ගැනීම ආරම්භ වූයේ ඊට පෙර සිටයි. වෙනත් රටවල මෙන් නොවෙයි අපි ණය ලබාගත්තේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ සඳහායි. නිදසුනක් ලෙස මහා මාර්ගවලට පමණක් සීමාවූ ඉදිකිරීම් ක්ෂේත්රයෙන් අපට ප්‍රතිලාභයක් ලබාගත නොහැකියි. නමුත් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට අපට විදුලිය ලැබුණා. ඒ වගේම කෘෂිකර්මාන්තයත් දියුණු වුණා.
රටට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයට සියලුදෙනා වගකිව යුතුයි. කිසිවෙකුට මෙයින් පැන යන්න බැහැ. දැන් අප සියලුදෙනා හමුවේ තිබෙන්නේ මෙතනින් ඉදිරියට යාමයි. අද අපි ණය ගෙවීමට බැරි තත්ත්වයකයි සිටින්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් සිටින්නේ 2026-2027 වන තෙක් ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටයි. ඒ සමඟම තවත් කරුණු ගණනාවක් තිබෙනවා.
2022 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%යි. අපි 2023 වසරේදී එය 10.9%ක් බවට පත් කරගත්තා. නමුත් එයින් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වුණේ නැහැ. එය සෘණ 2%ක් ලෙස පැවතියා.
මේ වසරේදී එය 13.1%ක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වෙනවා. 2028 වසර වන විට එය 15.2%ක් බවට පත්කරගත හැකියි. 8.3% සිට 15.2%ක් දක්වා ගෙන යනවා කියන්නේ 175%ක පමණ වැඩිවීමක්.
පළමු වතාවට අපේ ප්‍රාථමික අයවැයෙන් 2023 වසරේ 6.7%ක අතිරික්තයක් ලැබුණා. අප එය 2.3% දක්වා ගෙන යා යුතුයි. ඒ වගේම අයවැය හිඟය 2022 වසරේ 10.2%යි. අපි එය 2028 වන විට 3.9%ක් දක්වා ගෙන යා යුතුයි. මේවා පහසු කටයුතු නොවෙයි. එයයි අපට තිබෙන අභියෝගය. ඒ වගේම අපේ ණය ප්‍රමාණය 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%යි. 2032 වන විට එය දළ දේශීය නිෂ්පාදිතය 95%ක් බවට පත්කරගත යුතුයි. අපි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක ණය ලබාගත්තා. එය 13% දක්වා පහත අගයකට ගෙන ඒමට අවශ්‍යයි.
අප ගත යුතුව තිබෙන පියවර මෙසේයි. අප මේ සමඟ ඉදිරියට යාමට නම් රටේ ආර්ථිකය පරිවර්තනයකට ගෙන යා යුතුයි. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. අපිට දැන් ආනයන කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ. අපි තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ සමඟම ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු විය යුතුයි.
මෙම නව ආර්ථිකය ඇති කිරීමේ දී නව නීති අවශ්‍ය වෙනවා. යුරෝපීය වාණිජ ක්‍රමය ඇති කළේ ඕලන්ද සමයේදීයි. රෝමානු - ඕලන්ද ක්‍රමය අදත් අපේ නීතියේ කොටසක්. 1835 සුදු ජාතීන් පැමිණ අලුතෙන් ආර්ථිකය විවෘත කළා. ඉන්පසුව ඔවුන්ගේ නීතිය ගෙනාවා. 1970 පත් වූ ආණ්ඩුව සමාජවාදී පාලන ආර්ථිකයක් ඇති කළා. ඒ සඳහාත් අලුත් නීති ගෙන ආවා.
1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එහිදීත් නීති හඳුන්වා දුන්නා. ඒ අනුව මේ නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා.
දැනට ආණ්ඩුව ගෙන ඇති පියවර දෙස බැලූ විට පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන තිබෙනවා. එය වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්රශ්නය වී තිබෙන්නේ ඉතිරි නීති 62 ක ඉදිරිපත් කරන්නේ කෙසේද කියායි. ඒකට පාරිලිමේන්තු ඡන්දය කල්දාන්නේ නැහැ. මෙවර නොහැකි වන දේ ඉදිරි පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීම සිදු වෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ඇතිවන අලුත් නීති පද්ධතියක් එනවා.
වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා. අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ විට ලංකාවේ නීතියෙන් එම වැඩකටයුතු කරන්න බැහැ. අක්වෙරළ ආර්ථිකය ඇති බල ප්‍රදේශය තුළ එක්සත් රාජධානියේ වාණිජ නීති ක්‍රියාත්මක වෙනවා.
මෙම නීති ක්‍රියාත්මක කිරීමට නව නීතිඥයින් පිරිසක් සිටිය යුතුයි. ලෝකය පිළිගන්නා නීති අප හඳුන්වාදිය යුතුයි. මොකද අපේ නීති ලෝකය දන්නේ නැහැ. රට දියුණු කිරීමට නම් අප එම මාර්ගයේ ගමන් කළයුතුයි.
ඒ වගේම අපි වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කරනවා. රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා. ඒ සමාගම්වල කොටස් සියල්ලම ප්‍රධාන සමාගමකට භාර දෙනවා. එසේ නම් වාණිජක්‍රමය අනුව අප ක්‍රියාත්මක විය යුතුයි.
සමාගම් පනතේ පොදු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට තිබෙන වගකීම් මේ අයට තිබෙනවා. වැරැද්දක් කළ විට දඬුවම් ලබාදිය හැකියි. ඒ වගේම රාජ්‍ය පුද්ගල හවුල් ව්‍යාපාර පිළිබඳ නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.
පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් අලුතින් ගෙන එනවා. ඒ වගේම පොදු ණය කළමනාකරණ පනතක් ගෙන එනවා. එමෙන්ම කෘෂිකර්ම නවීකරණ පනතක් අලුතින් ගෙන එනවා. මෙම ඉලක්ක කරා යාමට ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. එහිදී දැන් තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිෂමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළඳ කලාප සහ අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය වෙනවා.
ඒ වගේම අපි ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කරනවා. අපේ නිෂ්පාදන වැඩි කළේ නැත්නම් අපට ලෝකය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ස්ථාපිත කරනවා. මේවා වෙන වෙන කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට විටින් විට එය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. දැන් මෙය එකවර ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා.
රජයේ දේපළ භාර කිරීමට වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳ නව නීතියක් ගෙන එනවා. දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රයට නව නීති කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය එක් අධිකාරියක් යටතට පත් කිරීමට වගේම, නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. අපට තිබෙන්නේ 1944 දී හඳුන්වාදුන් අධ්‍යාපන නීති. ඒ වන විට අපි කිසිවෙක් ඉපදිලාවත් නැහැ. ඒ නිසා නව නීති මඟින් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව සමාජයකට, නව ආර්ථිකයකට යා යුතුයි. නැවත මෙවන් අර්බුද මතු නොවන හොඳ රටක් බවට ලංකාව පත් කළ යුතුයි.
අපේ මෙම කටයුතු අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ. කඩා වැටුණු රට ඔසවා තැබීමට අපට වසරක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා. මෙම වසරේඅප්‍රේල්, මැය මාසය වන විට අපේ රටේ බංකොළොත්භාවය නීත්‍යානුකූලව අවසන් වෙනවා. නමුත් ලබාගත් ණය ගෙවිය යුතුයි. එම ගිවිසුම ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.
මේ පිළිබඳ නීති අපි පාර්ලිමේන්තුව ගෙන එනවා. එම නීති ගෙන ආ පසු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඒවා විභාග කර ඉන් පසුව ඒවා සම්මත කර ගෙන ඉදිරියට යනවා. මෙම නීති නැවැත්වීමට ඇතැම් අය උත්සාහ කරනවා. නීතියක් සම්මත කර ගැනීමෙන් පසු එම නීති නැවත අහෝසි කිරීමටවත්, වක්‍රව ක්‍රියා නොකර සිටීමටවත් බැහැ. ඇතැම් නීතිඥයන් උත්සාහ කරන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමටයි. එය සිදු කළ නොහැකියි.
මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ 1972 දී ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුවයි. ඊට පෙර තිබුණේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවක්. ඒ අනුව 1970දී ඒ ආණ්ඩුව වරමක් ලබාගත්තා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ගෙනවිත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට. එම ව්‍යවස්ථාවෙන් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා එකඟ වුණා ජනතා පරමාධිපත්‍ය ජාතික රාජ්‍ය සභාවෙන් පාරිලිමේන්තුවේ ක්‍රියාත්මක කිරීමට.
ඒ අනුව විධායක බලතල තිබුණේ පාර්ලිමේන්තුවටයි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය වගේම අධිකරණ බලයත් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ යටතේ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. එය සකස් කළේ කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. එතුමා කිව්වේ අපි කටයුතු කරන්නේ ඉංග්‍රීසි නීතිය අනුව කියලා.
1977 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් විට එය වෙනස් වුණා. ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකුට භාර දුන්නා. අනිත් කරුණු වෙනස් කළේ නැහැ. ඒ වගේම සර්ව ජන ඡන්ද බලය සහ පාර්ලිමේන්තුව තමයි ඉදිරියෙන් තිබුණේ. ඒ වගේම මුලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළා. පාර්ලිමේන්තුව මඟින් තමයි මෙම වැඩකටුතු සිදු කිරීමට තිබුණේ.
ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ විට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනවා. එය වෙනස් වුණේ නැහැ. ඒ අනුව දැන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන තැනක නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි, මූලික බලයයි, සර්ව ජන ඡන්ද බලයයි පළමුව තිබෙනවා. අනෙක් සියල්ල දෙවනුවයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ලෙස අද විධායක බලතල මට තිබෙනවා. එය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටත් නොහැකියි.
එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවෙන් සමාජවාදය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ගෙනාවා. ඒ අයුරින් අපිත් උත්සාහ කරන්නේ මේ මාවතේ ඉදිරියට යාමටයි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් රාජකීය විද්‍යලයේ එක් පන්තියක අධ්‍යාපනය ලැබු අය. ඔවුන් එකවගෙයි සිතුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හැමදාම පිළිගත්තා.
එසේනම් අපිත් දැන් එක්සත් රාජධානියේ අධිකරණය අනුව කටයුතු කරගෙන යා යුතුයි. කිසිවෙක් උත්සාහ කරනවා නම් මේවා සීමා කිරීමට එසේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ මේ පිළිබඳ විභාග කළ හැකියි. මේවා නවත්වන්න බැහැ. ජනතාවට තවත් දුක් විදින්න ඉඩ දෙන්න බැහැ.
මේවා මානව හිමිකම් කියලා කියනවා නම් පළමු මානව හිමිකම ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි. දෙවන මානව හිමිකම තමයි තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම. අනිත් දේවල් ඊට පසුවයි තිබෙන්නේ. තමන්ට අවශ්‍ය දේශපාලනය කරන්න. නමුත් මේ පරිවර්තනය සිදු විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ඒ සඳහා තමයි මම ඔබතුමන්ලාගේ දායකත්වය ඉල්ලා සිටින්නේ.
නීතිපති සංජය රාජරත්නම්, හිටපු නීතිපති තිලක් මාරපන, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක යන මහත්වරු සහ තරුණ කටයුතු සහ තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ රන්දුල අබේවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=1260#sigProIdca268c821f
2015 දී දුන්න සහායට ජවිපෙට ස්තූතියි : සිරිසේන කියයි !
2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ එම යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගත්තද බොහෝ කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය ලබා දුන් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල හමුවක් අමතමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණය ලැබිය හැකි වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර අවසන් බවත් තවත් දින කිහිපයකින් රටේ වැදගත් දේශපාලන පක්ෂ හා එක්ව නව දේශපාලන සන්ධානයක් බිහි කරන බවත් ය.
රනිල්ට වඩා හොඳ අපේක්ෂකයෙක් හොයන්න : පොහොට්ටුවට අභියෝගයක් !
පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවයි.
එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය .
ජනාධිපතිධූරයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සකු පෙනෙනතෙක් මානයක නොමැති බවයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මම එතුමාට සහය පළකරනවා. නමුත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. මම ඒක හොඳාකාරවම දන්නවා. නාමල් මල්ලිට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙලාව නෙවෙයි. එයාට තව කල් තියෙනවා. මම ඒක නාමල්ගේ මූණටත් කිව්වා. මොකද එයා ඉදිරිපත් වෙන්න ඕනේ සුදුසුම වෙලාවේදි.
රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා දුර්වල අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් දැම්මොත් මම මේ පක්ෂෙ සාමාජිකත්වයේ ඉන්නවද නැද්ද කියලා එදාට තීරණය කරනවා. හැබැයි මම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. මට ඕනම දේශපාලන පක්ෂයකින් ඉල්ලලා දිනන්න පුළුවන්. ඒත් මම ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි.
88/89 ලෙයින් තෙත්වුණ මිනීමරු ඉතිහාසය වෙනස් උනා කියලා පෙන්නන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේඟය කියලා නම වෙනස් කර ගත්තේ. නම වෙනස් වුණාට එයාලා වෙනස් වෙලා නෑ. සැබෑ අරගලකරුවන් අරගල කළේ පොදුජන ප්‍රශ්න විසඳන්න. ඔවුන් ගෙවල් ගිනි තිව්වෙ නෑ. මිනිස්සු මැරුවේ නෑ. නමුත් අරගලයේදී ජ.වි.පෙ හැසිරුණු විදිය බලන්න.ඒ හැසිරීම සැබෑ අරගල කරුවන්ට නින්දාවක්. මගේ ගේ ගිනි තියෙන එක මෙහෙයවපු මිනුවන්ගොඩ අරගලයට නායකත්වය දීපු අය ඊට පස්සේ මිනුවන්ගොඩ තිබුණු ජවිපෙ රැස්වීමේ මුලින්ම කතා කළා. ඉතින් කොහොමද කියන්නේ මේකට ජවිපෙ සම්බන්ධ නෑ කියලා.
ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ෆේස්බුක් රැල්ලක්. මේ රටේ ව්‍යාපාරිකයන්, බුද්ධිමත් ජනතාව ජ.වි.පෙට ඡන්දය දෙන්නේ නෑ. බැරිවෙලා හරි ඔවුන්ට බලය ලැබුනොත් ඒ බලය රැක ගන්න මර්දනය උපරිමයෙන් පාවිච්චි කරනවා. බලය ගන්නයි බලය රැකගන්නයි ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ජඩ වැඩකට සූදානම්. ඒ බව ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කිව්වා .
ප්‍රදීප් අනුර කුමාර
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ජනපති හමුවෙයි !
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.
එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.
බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.
බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=1260#sigProId6c2d3384f7
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර අවුල ගැන CID විමර්ශනයක් !
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මතුව ඇති තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) තීරණය කළේ බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාරණ පවසා සිටියේ , සඳුදා සහ අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තවත් විෂයන් දෙකක ප්‍රශ්න පත්‍රද සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත්වීම හේතුවෙන් මෙම විභාග අත්හිටුවීමේ තීරණය ගත් බවයි.
2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇතැයි පසුගිය සතියේ අනාවරණය විය.
මෙවන් පසුබිමක එළැඹෙන අඟහරුවාදා බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රෙණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛනය බව පැවසෙන ලේඛනයක් ද මේ වනවිට සමාජ මාධ්‍යය තුළ සංසරණය වන බව වාර්තා වේ.
මෙලෙස බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍ර නිකුත්වී තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ අතර සබරගමුව පළාතේ පාසල්වල ලබන සඳුදා පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් ද විභාගයට පෙර නිකුත් වී තිබිණි.
මීට පෙර විද්‍යාව සහ ඉතිහාසය ප්‍රශ්න පත්‍රද පිටවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.
සබරගමුව පළාතේ පාසල්වල හෙට පැවැත්වීමට නියමිතව තිබූ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි ප්‍රශ්නද සමාජ මාධ්‍යය ඔස්සේ මීට පෙර හුවමාරු වී තිබූ බවට වාර්තා විය.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමය පවසන්නේ නිලධාරීන්ගේ පරිපාලන ගැටලු හේතුවෙන් අද වනවිට දරුවන්ට අසාධාරණයක් වී ඇති බවය.
ජනාධිපති ශිෂ්‍යත්ව 2024/25” සඳහා අයදුම්පත් කැඳවයි !
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීම අත්‍යාවශ්‍ය වේ.
මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා දිවයිනේ සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය අනුව එක් එක් පාසලින් සුදුසුකම්ලත් සිසු දරුවන් තෝරාගැනීම කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කෙරේ.
මෙම කමිටු මඟින් චක්‍රලේඛයෙහි සඳහන් සියලුම නිර්ණායක සහ විධිවිධාන සැලකිල්ලට ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සිදු කළ යුතු අතර මෙම ක්‍රියාවලියේදී කමිටු සාමාජිකයින් පූර්ණ විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනාධිපති අරමුදල අපේක්ෂා කරයි. තවද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ කිසිඳු අයදුම්පතක් ඍජුවම ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් වලකින ලෙස ද ජනාධිපති අරමුදල අවධාරණය කර සිටියි.
පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය.
මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් කර ඇත .
කෘෂි නවීකරණ විධිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස් !
කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැළපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන් අතර ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් මඟින් මෙම අභියෝගය ජයගත හැකි බවත් එතුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ස්ථාපිත කිරීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්මය වාණිජ මට්ටමකට ගෙන ඒම, කෘෂි ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පිරිස් උනන්දු කරවීම සඳහා එම භූමිවල ඉඩම් හිමිකාරීත්වය ලබාදීම සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මතුවන විවිධ බාධා හා සීමාවන් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීම අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. තවද මේ වන විට දිස්ත්‍රික්ක 25න්ම තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනි සේනානායක මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සඳහන් කළේය. මේ වන විටත් තෝරාගත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ව්‍යාපෘති යෝජනා ලැබී ඇති බවද ඔහු පැවසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.එන් කුමාරි සෝමරත්න, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියැළෙන පෞද්ගලික අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිට ඩිජිටල් ක්‍රමවේදයට
හෙට (මාර්තු 4) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවා ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
ඒ අනුව, හෙට සිට දිවයිනේ පිහිටි ඕනෑ ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවා ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කළේ ය.
පසුගිය (පෙබ. 29) දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ස්වයංක්‍රීය දුරකතන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දී ඇති බව ය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,
“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වන දා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලු ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලු ම සේවාලාභීන් අනිවාර්යයෙන් ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කර ගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්ය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකතන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරා ම ඔබතුමාලට සෑම කෙනෙකුට ම ඔබතුමාලාගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා, www.dmtappointments.dmt.gov.lk කියලා.”
ජනාධිපති රනිල්ගේ පළමු මහජන රැළිය මාර්තු 10 කුලියාපිටියේ
ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව රනිල් වික්‍රමසිංහ පළමුවරට කුලියාපිටියේ දී මහජන රැළියක් ඇමතීමට නියමිතබව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
“සෑබෑව” එක්සත් ජාතික පක්ෂ සමුළුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 10 වැනිදා සවස 2ට කුලියාපිටිය නගරසභා පිටියේදී පැවැත්වෙන බවයි ඔහු නිවේදනය කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, රවී කරුණානායක, පාලිත රංගේබණ්ඩාර, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ නවීන් දිසානායක මහජන රැළිය ඇමතීමට නියමිතය.
ඒ සම්බන්ධව ''සැබෑව'' සමුළුවේ සංවිධායක අකිල විරාජ් කාරියවසම් විසින් යොමු කරන ලද ආරාධනා ලිපිය පහතින් දැක්වේ.
කවුරුත් භාර ගන්නට බෑ කියූ මොහොතේ රටේ සහ මිලියන 22කගේ ජීවිතවල වගකීම භාරගත් ජාතික ලැයිස්තුවේ තනි පුටුව
නිදහසින් පසු ඉතිහාසයේ පළමුවරට අපේ රට බිමටම ඇද වැටී බංකොලොත් වුණා පෝලිම්වල පුරවැසියන්ගේ පණගියා. ඉතිරිව තිබූ සීමිත සම්පත්වලට එකිනෙකා පරයා යමින් පොර බදිනවිට මිනිස්කම් යටපත් වී අමනුස්සකම ඉස්මතු වුණා.
ඒ විනාශයෙන් රටත් මිලියන 22ක පුරවැසි ජනතාවත් ගළවාගන්නට හැකි නායකත්වයක් මුලු රටම ඉල්ලා සිටියා.
එනමුත් ඒ තරම් අසීරු අභියෝගයක් භාරගන්නට තරම් කොන්දක් සහ ගැළවීමේ මග පෙන්නවන්නට තරම් බුද්ධියක් හෝ ජනතාවගේ ජීවිතවලට වගවීමට තරම් සංවේදී හෘදසාක්ෂියක් ඇති කිසිවෙක් රට භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.
එනමුත් රටට අවශ්‍යම මොහොතේදී එක්සත් ජාතික පක්ෂය වගකීම පැහැර හැරියේ නෑ.
අන්තිම ඡන්දයේදී ජනතාව අහක බැලුවට, ජනතාවට අවශ්‍යම වූ මොහොතේදී එක්සත් ජාතික පක්ෂය අහක බැලුවේ නෑ.
“මේ දේශපාලනය කරන්න වෙලාව නෙවෙයි, එක්සත් වී වැඩ කරන්නට වෙලාවයි.”
ඉන්පසු එළැඹියේ භාරගත් ඒ අසීරු අභියෝගය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජයගන්නට හැකි වේදැයි රටත් ලෝකයත් ඇස්කන් අයාගෙන අප දෙස බලා සිටි මොහොතක්.
බොහෝ අය වැඩ වරදින තුරු බලා සිටියත් අහිංසක මහජනතාවට ඔහු එකම බලාපොරොත්තුව වුණා. අඩුපාඩු, අභූත චෝදනා, දේශපාලන උගුල් ඇටවීම් මැදින්, කිසිවෙකු අපේක්ෂාකලාටත් වඩා කලින් බංකොලොත්බවින් සහ විනාශයෙන් රට මුදවාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්ෂ වුණා. ලෝකයම මවිත කරවමින්
ඉතා කෙටිකලකින් රට ස්ථාවර කරා. “ මේක දේශපාලනය කළයුතු මොහොතක් නෙවෙයි, අපි සැවොම එකතු වී රටට වැඩ කළයුතු මොහොතක්” යැයි සියලු දේශපාලකයින්හට ජනාධිපතිතුමා නැවත නැවතත් ආරාධනා කළත් ප්‍රතිවාදීන් රැළි පිට රැළි තබමින් දිගින් දිගටම අර්බුධයෙන් දේශපාලන වාසි ලබාගත්තා.
සැබෑ අභියෝගය වූයේ, ප්‍රතිවාදී දේශපාලන වෙට්ටු දැමීම්වලට පිළිතුරු සැපයීම නොව අර්බුධයෙන් රට ගළවාගැනීමයි.
අතිශය භයානක ඉරණමකින් රටත් ජනතාවත් ගළවාගෙන ආර්ථික සහ සමාජීය වශයෙන් ජනජීවිතය ස්ථාවර කරන්නට ඉතා අසීරු තීන්දු තීරණ ගන්නට සිදු වූ ඒ වකවානුවේදී, රට ගළවාගැනීමේ වගකීමෙන් පලාගිය දේශපාලන ප්‍රතිවාදීන් අවස්ථාවාදීන් බවට පරිවර්තනය වුණා.
ඒත් ඒ කිසිවකින් සිය අරමුණ සහ මෙහෙයුම විකෘති නොකරගන්නට අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා බුද්ධිමත් වුණා.
සියලු දේශපාලන කෙණෙහිලිකම් නොදැක්කා සේ හිඳිමින්, නොගෙන බැරි වූ අසීරු තීරණ අරන්, මූල්‍ය විනය ස්ථාපිතකොට යළි හිස එසවීමේ සහතිකය ඔහු රටටත් ලෝකයටත් ලබා දුන්නා.
මේ මොහොත ෆැන්ටසි සිහින අත්හදාබැලීමට අවධානමක් ගැනීමට සුදුසු මොහොතක් නෙවෙයි. පොළොවේ පය ගසා ඉදිරියට යන්නට ඕනෑම වෙලාවයි.
මේ සැබෑව ඇති සැටියෙන් දකින්නටත් පිළිගන්නටත් මොහොතයි
අසීරුවෙන් ගොඩ එමින් සිටින රට, කයිවාරු සහ සුරංගනා කතාවලට පාවා දී ආපස්සට නොයන්නට බුද්ධිමත් විය යුතු වෙලාවයි.
යළිත් පෝළිම්වල මියැදෙන්නට තරම් අවධානමක් කිසි ලෙසකින්වත් නොගත යුතුයි.
පොරොන්දු දේශපාලනයෙන් ජාතික මෙහෙයුම යටපත් කරන්නට ඉඩ නොතැබිය යුතු කාලයයි.
සැබෑව දකින්නටත් සැබෑව වෙනුවෙන් පෙනී සිටින්නටත් අවස්ථාවයි
ගාල්ල බන්ධනාගාරයෙන් මොළේ උණ වැළඳුණු රැඳවියෙක් හමුවේ
මොළේ උණ හෙවත් මෙනින්ජයිටීස් රෝගය වැළඳුනු තවත් රැඳවියෙකු ගාල්ල බන්ධනාගාරයෙන් හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය, හේමන්ත රණසිංහ සඳහන් කළේ, එම රැඳවියා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් මොළේ උණ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය හේමන්ත රණසිංහ පැවසීය.
උණ රෝගය හේතුවෙන් මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සහ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගියේ ය.
කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ගාසා තීරයේ ජනතාවට අමෙරිකාවෙන් ආධාර
යුද ගැටුම් පවතින ගාසා තීරයේ රැඳී සිටින ජනතාවට ගුවනින් අත්‍යවශ්‍ය ආධාර හෙලීමේ කටයුතු අමෙරිකාව විසින් ආරම්භ කර ඇත.
ඒ සදහා අමෙරිකානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 03 ක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා තුනකින් ආහාර මලු 30,000 කට වඩා පැරෂුට් ආකාරයට ගාසා තීරයට යොමු කර තිබේ.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වූ පලස්තීන වැසියන් 112 දෙනෙකු මියයෑමෙන් පසුවය.
ගාසා තීරයේ සති හයක සටන් විරාමයක් සඳහා වූ ගිවිසුමක රාමුව ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජනපදයේ ඉහළම නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ගුවන් යානය පැමිණ තිබේ.
බයිඩ්න් පරිපාලන නිලධාරියා සෙනසුරාදා කියා සිටියේ ඊශ්‍රායලය නව සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් “වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් පිළිගෙන ඇති” බවයි.
පසුගිය සෙනසුරාදා C-130 ප්‍රවාහන ගුවන් යානා ගාසා භූමියේ වෙරළ තීරය ඔස්සේ ආහාර මලු 38,000 කට වැඩි ප්‍රමාණයක් අතහැර දැමූ බව එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් රාජධානිය, ප්‍රංශය, ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු අනෙකුත් රටවල් මීට පෙර ගාසා තීරයට ගුවනින් ආධාර හෙළා ඇති නමුත් මෙය අමෙරිකාව විසින් කරන ලද පළමු අවස්ථාවයි.
බස්නාහිර හා සබරගමු පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍රත් සමාජ මාධ්‍යයේ : බස්නාහිර පළාත් වාර විභාගය අත්හිටුවයි
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම විභාගය ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිටවීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙවන් පසුබිමක එළැඹෙන අඟහරුවාදා බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛනය බවට පැවසෙන ලේඛනයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව වාර්තා වෙයි.
එළැඹෙන සතිය තුළ පැවැත්වීමට නියමිත සබරගමුව පළාත් පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
ජාතික විභාග මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන පාසල් වාර විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර විභාගයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ සිදුවීම් විටින්විට වාර්තා වුණි.
මූලාශ්‍ර - ලංකාදීප
ශ්‍රීලනිප නව සන්ධානය පිහිටුවීම මාර්තු 11 වනදා !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්මිනි.
නව සන්ධානය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කරන බවද ඔහු පැවසීය .
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රීලනිප ප්රමුඛ නව සන්ධානයේ මාර්තු 11 සඳුදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් මැතිවරණ සලකුණ වන්නේ 'පුටුව' වන බවත් ය.
Page 71 of 440