Ad

Ad 01

V2025

විදෙස්

සුඩාන ගැටුම් අතරේ ඇමරිකානුවන් දෙදෙනෙක් මරුට !

සුඩානයේ පැවති ගැටුම් අතරතුර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකානු රජය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර ඇත්තේ එරට රැඳී සිටින සුලු පිරිසක්වූ අමෙරිකානු ජාතිකයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

එසේම සුඩානයට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාම කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු රජය මැදිහත්ව කටයතු කරන බව ද ජෝන් කර්බි සඳහන් කර ඇත.

සුඩානයේ විසූ ඇමරිකානුවන් සිය රට බලා පැමීණීම සඳහා මේ වන විටත් සුඩාන වරාය වෙත පැමිණ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දිය යුද හා ගුවන් පිරිසක් ශ්‍රී ලංකාවට

සිකන්දරබාද් හි ගුවන් යුද පාසලේ 46 වන ඉන්දියානු උසස් ගුවන් හමුදා පාඨමාලාවේ ගෲප් කැප්ටන් යුනුස් සයිද් මුසාෆර්  ප්‍රධාන ඉන්දියානු හමුදා නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ ක්‍රමෝපායික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස 2023 මාර්තු 20-24 දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වේ.

අභ්‍යාසලාභීන්ගේ දැක්ම පුළුල් කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම සංචාරයේදී මූලිකව ම ශ්‍රී ලංකාවේ උසස් ආරක්ෂක නිලධාරීන් සමඟ හමු මෙන්ම හමුදා ආයතන සහ කාර්මික සංවිධාන වෙත සංචාර සිදු කිරීමට අවධානය යොමු කර ඇත.

මෙම නියෝජිත පිරිස බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් සිය සංචාරයේ ආරම්භය සනිටුහන් කළ අතර ඉන් අනතුරුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එස්. කේ. පතිරණ  හමු විය. ශ්‍රී ලංකාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා මෙම පිරිස ගාල්ල, හම්බන්තොට, දියතලාව, මහනුවර සහ කටුනායක යන ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ ආයතන සමඟ විවිධ අන්තර් ක්‍රියාකාරකම්වල යෙදීමට නියමිතය.

ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර ආයතනික බැඳීම් ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරයි. මෙවැනි අධ්‍යයන චාරිකා කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථායිතාවය ළඟා කර ගැනීම සඳහා දෙරට හමුදාවන් අතර පවතින සහෝදරත්වය ශක්තිමත් කිරීමට ද ජනතාව අතර පවතින බැඳීම් ශක්තිමත් කිරීමට ද ඉවහල් වේ.

සුඩානයේ මොකද වෙන්නේ ?

සුඩානයේ අගනුවර වන කාර්ටූම් සහ එරට වෙනත් නගරවල පැතිර පවතින සටන්, රටේ හමුදා නායකත්වය තුළ ඇති දරුණු බල අරගලයක සෘජු ප්‍රතිඵලයක් වෙයි.සුඩානයේ අගනුවර වන කාර්ටූම් සහ එරට වෙනත් නගරවල පැතිර පවතින සටන්, රටේ හමුදා නායකත්වය තුළ ඇති දරුණු බල අරගලයක සෘජු ප්‍රතිඵලයක් වෙයි.

001

සුඩානයේ අගනුවර වන කාර්ටූම් සහ එරට වෙනත් නගරවල පැතිර පවතින සටන්, රටේ හමුදා නායකත්වය තුළ ඇති දරුණු බල අරගලයක සෘජු ප්‍රතිඵලයක් වෙයි.

නීත්‍යානුකූල නොවන හමුදා කණ්ඩායම්, රැපිඩ් සපෝර්ට් ෆෝසස් (RSF) සාමාජිකයින් සහ රාජ්‍ය හමුදාවේ සොල්දාදුවන් සටන් කරන බැවින් අගනුවර පුරා ප්‍රධාන උපායමාර්ගික ස්ථානවල ගැටුම් පවතී.

002
2019 දී කුමන්ත්‍රණයකින් ඕමාර් අල්-බෂීර් බලයෙන් පහ කරන විට සිවිල් පාලනයක් ඉල්ලා විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටියහ.

ගැටුමේ පසුබිම කුමක්ද?

2021 ඔක්තෝම්බර් මාසයේදී සිදු වූ කුමන්ත්‍රණයේ පටන් සුඩානය ජෙනරාල්වරුන්ගේ කවුන්සිලයක් විසින් පාලනය කර තිබෙන අතර වත්මන් ආරවුලේ කේන්ද්‍රස්ථානයේ හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් රටේ ජනාධිපති ද වෙයි.

ඔහුගේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා සහ ආර්. එස්. එෆ් නායකයා වන්නේ ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ ය, ඔහු වඩාත් ප්‍රසිද්ධ හමෙඩ්ටි ලෙස ය.

රට ගමන් කරන දිශාව සහ යෝජිත සිවිල් පාලනය සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් ඔවුන් එකඟ වී නැත.

එක් ප්‍රධාන ගැටුම්කාරි කරුණක් වන්නේ 100,000 කින් සමන්විත ශක්තිමත් සහ වේගවත් ආධාරක බලකායක් හමුදාවට ඇතුළත් කිරීමේ සැලසුම් සහ පසුව නව හමුදාවට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්නයි.

003

සියල්ල සෙනසුරාදා හදිසියේ ආරම්භ වූයේ ඇයි?

ආර්. එස් .එෆ් සාමාජිකයින් රට පුරා යෙදවීමත් සමග හමුදාව එය තර්ජනාත්මක පියවරක් ලෙස සැලකීමත් සමග දින කිහිපයකින් ප්‍රචණ්ඩත්වය හිස එසවීය.

සාකච්ඡා මගින් තත්ත්වය සමථයකට පත් කළ හැකි බවට බලාපොරොත්තු වූ නමුදු ඒවා කිසිදා සිදු නොවිය.

සෙනසුරාදා උදෑසන පළමු වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න පැහැදිලි නැත. ත්ත්වය දැනටමත් අස්ථාවර තත්වයක පවතින බැවින් තවත් නරක අතට හැරෙනු ඇතැයි බියක් පළ වෙයි.

වෙඩි තැබීම නතර කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කොට තිබේ.

රැපිඩ් සපෝර්ට් ෆෝසස් (ආර්. එස්. එෆ්) යනු කවුද?

ආර්. එස්. එෆ් පිහිටුවනු ලැබුවේ 2013 වසරේදීයි. එහි මූලාරම්භය ඇත්තේ ඩාර්ෆූර් හි කැරලිකරුවන් හමුවේ කුරිරු ලෙස සටන් කළ කුප්‍රකට ජන්ජාවීඩ් හමුදා කණ්ඩායමෙනි.

එතැන් සිට, ජෙනරාල් ඩගාලෝ යේමනයේ සහ ලිබියාවේ ගැටුම්වලට මැදිහත් වූ සහ සුඩානයේ ඇතැම් රන් ආකර පාලනය කිරීම පවා කළහැකි ප්‍රබල බලකායක් ගොඩනඟා ඇත.

2019 ජුනි මාසයේදී විරෝධතාකරුවන් 120 කට වැඩි පිරිසක් සමූල ඝාතනය කිරීම ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊට චෝදනා එල්ල වී ඇත.

හමුදාවෙන් පරිබාහිරව සිටින මෙවැනි ප්‍රබල බලකායක් රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමේ මූලාශ්‍රය බවට පත් වී තිබේ.

004
ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ (ඡායාරූපයේ) සහ ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් අතර එදිරිවාදිකම් ගැටලුවේ මුලාරම්භයයි

හමුදාව පාලනය භාරව සිටින්නේ ඇයි?

මෙම සටන 2019 දී දිගු කලක් බලයේ සිටි ජනාධිපති ඕමාර් අල්-බෂීර් බලයෙන් පහකිරීමෙන් පසුව ඇති වූ ආතතියේ අලුත්ම කොටසයි.

ඔහුගේ දශක තුනකට ආසන්න පාලනය අවසන් කරන ලෙස ඉල්ලමින් දැවැන්ත විරෝධතා මාර්ග පුරා පැවති අතර ඔහුව නෙරපා හැරීමට හමුදාව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී.

එහෙත් ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව ඒකාබද්ධ හමුදා සිවිල් රජයක් පිහිටුවනු ලැබූව ද තවත් කුමන්ත්‍රණයකින් එය 2021 ඔක්තෝම්බර් මාසයේදී පෙරළා දමන ලදී.

එකල සිට ජෙනරාල් බර්හාන් සහ ජෙනරාල් ඩගාලෝ අතර එදිරිවාදිකම් වර්ධනය විය.

සිවිල් ජනතාව අතට නැවත බලය පැවරීමේ රාමුගත ගිවිසුමකට ඔවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී එකඟ වූ නමුත් එය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡා අසාර්ථක විය.

දැන් විය හැක්කේ කුමක්ද?

සටන දිගටම පැවතුණහොත් රට තවදුරටත් බෙදීගොස් දේශපාලන කැලඹීම වඩාත් නරක තත්ත්වයට පත්විය හැකිය.

සිවිල් පාලනය යළි ඉල්ලා සිටීමට උත්සාහ කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජෙනරාල්වරුන් දෙදෙනා සාකච්ඡා මාර්ගයකට ගෙන ඒමට මගක් සෙවීමේදි මංමුලා වනු ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය සුඩාන ජාතිකයින්ට සිදුවන්නේ තවත් අවිනිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ ජීවත් වීමට ය .

බීබීසී - සිංහල

නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙම භූ කම්පනයේ අගය රික්ටර් පරිමාණ 7.1 ක් ලෙස සඳහන් වෙයි

මේ වන විට භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ද නිකුත් කර ඇති බව විදෙස මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි

ජීවිත හානියක් හෝ දේපළ හානි පිළිබඳ නිවැරදි වාර්තා තවමත් සඳහන් නොවෙයි

ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් දලායි ලාමා ලෝකයෙන්ම සමාව ගනී

තමා විසින් කුඩා පිරිමි දරුවෙකු සිප ගන්නා වීඩියෝවක් ආන්දෝලනයකට තුඩු දීමත් සමග ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා නොහොත් දලායි ලාමාතුමා සමාව ඉල්ලා ඇත.

මෙයට හේතුවන්නේ, දලායි ලාමාතුමා පිරිමි ළමයෙකුගේ දෙතොල් සිප ගනිමින් ‘ඔහුගේ දිව උරා බොන්න‘ යැයි පවසන සමාජ ජාලා තුළ පැතිරී ගිය විඩියෝ පටයක් හේතුවෙනි.

මෙම දර්ශන සමාජයේ දැඩි විවේචනයකට තුඩු දී ඇති අතර, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එය අනුචිත මෙන්ම බලහත්කාරී ක්‍රියාවක් ලෙස පවසනවා.

අදාළ සිද්ධිය සිදුවන්නේ, ඉකුත් පෙබරවාරි 28 වන දින දේපළ වෙලදාම් සමාගමක් වන M3M සමූහයේ දානපති අංශය වන M3M පදනම විසින් සංවිධානය කරන ලද නිපුණතා පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ සිසුන් 120ක් සහභාගී වූ වැඩසටහනකදී ධර්මශාලාහි දලායි ලාමාගේ විහාරස්ථානයේදීය.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ, පදනම විසින් මාර්තු මාසයේ මෙම වැඩසටහනේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමෙන් අනතුරුවය.

video-asks-boy-suck-my-tongue

ෂී ජින්පිං තෙවන වරටත් චීන ජනපති ධූරයට

ෂී ජින්පිං තෙවන වරටත් “ඓතිහාසික ලෙස” චීනයේ ජනාධිපති ධූරයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “රබර් මුද්‍රාවක් [බොහෝ දුරට බල රහිත නමුත් නිල වශයෙන් පිළිගත් ආයතනයක් හෝ පුද්ගලයෙක්] වැනි” එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව ඔහු මෙලෙස ජනාධිපති ධූරයට පත් වී ඇති බව ය.

ඔහුට ලැබුණු එම බලය ත් සමග, පරම්පරා ගණනාවකට පසු චීනයේ පහළ වූ බලවත් ම නායකයා බවට 69 හැවිරිදි ෂී ජින්පිං පත් වන බව එම වාර්තාවල දැක්වේ.

චීනයේ මහජන මහා ශාලවේ දී ජාතික මහජන කොංග්‍රස් (NPC) සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් විසින් ෂී ජින් පිංගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර ජනාධිපති ධුරය සඳහා ෂී හා තරග වැදීමට වෙනත් කිසිදු අපේක්ෂකයෙක් සිටියේ නැත.

පැයක පමණ කාලයක් ඡන්දය ප්‍රකාශ කිරීම පැවැති අතර විද්‍යුත් ඡන්ද ගණන් කිරීම විනාඩි 15කින් පමණ අවසන් විය.

ඇප ලැබුණ ට්‍රම්ප්ට ඊළඟට මොනවා වෙයිද ?

නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයේ දී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව BBC සිංහල වෙබ් අඩවියේ පළවූ ලිපියකි.

අපරාධ චෝදනා ලැබූ පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්විය. ට්‍රම්ප්ටත්, ඔහුගේ නීතිඥ කණ්ඩායමටත් ඉදිරියේ දී මුහුණ පාන්නට සිදුවනු ඇත්තේ කුමන තත්ත්වයකට ද?

ඊයේ (අප්‍රේල් 4 දා) නිව් යෝක්හි දී, 76-හැවිරිදි හිටපු ජනපතිවරයා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධ සාහසික අපරාධ (felony) වරද 34කට වරද පිළිනොගත්තේ ය.

මෙම චෝදනාවන්, හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කිරීම සඳහා 2016 ජනපතිවරණයට පෙර ඇයට මුදල් ගෙවීමේ සිදුවීමට ට්‍රම්ප්ට තිබූ සබඳතාව අළලා ඉදිරිපත්වූ ඒවා ය.

මෙම චෝදනාවන් විභාගයට ගතහොත්, එය ලොව පුරා ජනය නරඹනු ඇති නඩු විභාගයක් වනු ඇතැ යි නිසැක ය. නමුත් ඉදිරි නීතිමය ක්‍රියාවලිය සඳහා මාස කීපයක් ගතවිය හැකි අතර, නඩුව විභාගයට ගැනීම වැළකීමට ට්‍රම්ප්ගේ නීතිඥයින් හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.

අධිචෝදකයින් සාක්ෂි ඉදිරිපත් කරයි

මෑන්හැටන් දිස්ත්‍රික්ක නීතිපති කාර්යාලයය ට්‍රම්ප් හා බැඳි රහස් ගෙවීම් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් හිඳ තිබේ.

ට්‍රම්ප් චෝදනා ඉදිරිපත් කිරීම සම්පූර්ණවීමත් සමග, අධිචෝදකයින් සිය විමර්ශනයේ දී රැස්කරගත් සාක්ෂි ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායමට භාරදිය යුතුවේ - එය සම්මත ක්‍රියාවලියක් වන අතර, "ඩිස්කවරි" (අනාවරණය) ලෙස හැඳින්වේ.

නිව් යෝක් ප්‍රාන්තයේ මෑතකාලීන නීති ප්‍රතිසංස්කරණයන්ට අනුව, මෙම ක්‍රියාවලිය ඉදිරි දින 35 තුළ සම්පූර්ණ කළ යුතු ය.

එහිදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි අතරට ඩැනියෙල්ස් හා ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ මයිකල් කොහෙන් වැනි [නඩුවට] වැදගත් පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ඉදිරියේ මුහුණදුන් ප්‍රශ්න කිරීම් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද ඇතුළත් ය.

එසේම, චෝදනා වඩාත් හොඳින් අධ්‍යයනය කිරීම සඳහා මෙවසර මුල දී දිස්ත්‍රික්ක නීතිපති ඇල්වින් බ්‍රැග් කැඳවූ මහා ජූරියේ වාර්තා මෙන්ම, මෙම සිදුවීමට සම්බන්ධ අනෙකුත් සහ ට්‍රම්ප් අතර සිදුවූ සන්නිවේදනයන්හි වාර්තා ද මෙයට ඇතුළත්වනු ඇත.

ට්‍රම්ප්ගේ නීතීඥයන් නඩුව නිෂ්ප්‍රභ කිරීමේ උත්සාහයක

ට්‍රම්ප්ගේ නීතීඥයින් නිව් යෝක් නඩුව "මෝසම් සඳහා උචිතබව" තර්ක කරමින්, දින කිහිපයක් තුළ ඔහුට එරෙහි චෝදනා අභියෝගයට ලක්කරනබවට ප්‍රතිඥා දී තිබේ.

'මෝසමක්' යනු, නඩුවක විභාගය ඇරඹීමට පෙර ඊට අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස අධිකරණයෙන් සිදුකරන ඉල්ලීමකි. යම් පාර්ශ්වයක් "නිෂ්ප්‍රභ කිරීමේ මෝසමක්" ඉදිරිපත් කරන්නේ නම්, එහි අර්ථයවන්නේ නඩුවක කොටසක් හෝ පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීම යි.

සාමාන්‍යයෙන්, චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු මෝසම් ඉදිරිපත් කිරීම සඳහා විත්තියේ නීතිඥයින්ට දින 45ක් ලැබෙයි. එනමුත්, ඔවුනට අමතර සුළු කාලයක් ලබාදීමට විනිසුරු හුවාන් මර්චන්ට හැකි ය.

ඉරිදා (අප්‍රේල් 02) නීතිඥ ජෝ ටැකොපිනා CNN වෙත පැවසුවේ, ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම "අපගේ සියලුම නීතිමය විකල්පයන් ඇගයීමට ලක්කර, හැකි සෑම [විකල්පයක්ම] සාත්වික ලෙස අනුගමනය කරනු ඇති" බව යි.

"අපට අභියෝග කරන්නට හැකි සෑම, සෑම විකල්පයක්ම [නීති] කණ්ඩායම විසින් සලකා බැලෙනවා. [ඒ වගේම] අපි ඒවාට අභියෝග කරනවා," ඔහු පැවසුවේ ය. "ඒ වගේම, ඇත්තෙන්ම, මෙතනට ගැලපෙන කිසිම නීතියක් නැති නිසා, නිෂ්ප්‍රභ කිරීමේ මෝසමක් ඉදිරිපත් වේවි කියලා මම උදක්ම බලාපොරොත්තු වෙනවා."

නිෂ්ප්‍රභ කිරීමේ මෝසමකට අමතරව, ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම විසින් නඩු විභාගයේ ස්ථානය වෙනස් කිරීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද තිබේ. ඔවුනට අවශ්‍යව ඇත්තේ විභාගය මෑන්හැටන් සිට ඒ ආසන්නයේ පිහිටි ස්ටැටන් අයිලන්ඩ් වෙත මාරුකර ගැනීමට ය.

ට්‍රම්ප් සමාජ මාධ්‍යයන්හි ලියා තිබූ පරිදි, "රිපබ්ලිකන් පක්ෂයට 1%ක් පමණක් ඡන්දය ලබාදුන් ප්‍රදේශ ද සහිත" මෑන්හැටන් දිස්ත්‍රික්කය ඔහුට නඩු විභාගයකට මුහුණදීම සඳහා "ඉතා අසාධාරණ" ස්ථානයකි. නමුත් ස්ථානය වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන මෝසම් පිළිගැනෙන්නේ ඉතා කලාතුරකිනි.

සියවසේ නඩු විභාගය?

ට්‍රම්ප්ගේ විවිධ නීතිමය අභියෝගයන් අවසන්වූ පසු, 'නිව් යෝක්හි ජනතාව එදිරිව ඩොනල්ඩ් ට්‍රම්ප්' සියවසේ නඩු විභාගයබවට පත්වීමට ඉඩකඩ තිබේ.

නිව් යෝක්හි විත්තිකරුවන්ට ඊනියා "වේගවත් නඩු විභාගයක් සඳහා අයිතියක්" තිබේ. එහි අර්ථයවන්නේ, අධිචෝදකයින් සය මසක් තුළ නඩු විභාගය සඳහා සූදානම්ව සිටිය යුතුබව යි.

නමුත් ට්‍රම්ප්ගේ නීතිඥයින් ගොනුකරන සියලු මෝසම් සලකා බැලීම සඳහා කොපමණ කලක් ගතවනු ඇත්දැ යි පැවසීම අපහසුවන අතර, ඒවා විසඳීමෙන් පසු නඩු විභාගයක් පැවැත්වෙනු ඇත්ද යන්න පවා නිශ්චිත නැත.

නමුත් ඒ අතරතුරේ දී, අවම වශයෙන් තවත් නඩු දෙකකට සම්බන්ධව අපරාධ චෝදනාවන්ට මුහුණදීමට ට්‍රම්පට සිදුවනු ඇත. 2020 මැතිවරණය අවලංගු කෙරුමට ඔහු දැරූ උත්සාහය පිළිබඳව විශේෂ කවුන්සිලයක් සිදුකළ විමර්ශනය හා, ධුරයෙන් ඉවත්ව ගිය පසු රහස් තොරතුරු හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් මෙම නඩු පැවරී තිබේ.

නමුත්, චෝදනාවන්ට ලක්වූ ඇමරිකානුවෙකු ජනපතිවරණයට තරග කිරීම වැලැක්වීම සඳහා කිසිදු නීතියක් නැති අතර, රිප්ලබ්ලිකන් පාක්ෂිකයින් ඔහු තෙවන වරටත් ධවල මන්දිරයට තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ ව්‍යාපාරයක් ගොඩනගනු ඇත්තේ ය.

බීබීසී - සිංහල

සිරියා ගුවන් තොටට ඊශ්‍රායලය පහර දෙයි

සිරියාවේ ඇලෙප්පෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ අලුයම ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සිරියාවේ මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මාසයේ තුර්කියේ සිදු වූ දරුණු භූ කම්පනයේ දැඩි බලපෑමට ලක්වූ සිරියානු ජනතාවට ජාත්‍යන්තර රටවලින් සහනාධාර රැගත් ගුවන්යානා ගොඩ බැස් වීම් සිදු කළ මේ ගුවන් තොටුපොළට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයත් සමඟ වසා දැමීමට සිදු වූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මාස 6ක් ඇතුළත ඊශ්‍රායලයෙන් ඇලෙප්පෝ ගුවන් තොටුපොළට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙය බවත්, ඉන් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇති බවත් වාර්තා වේ. කෙසේ වුවද ජීවිත හානි කිසිවක් ඊයේ පස්වරුව වනතුරුම වාර්තා වී නැත.

ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසය අලුත් කරයි !

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය

ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 26 ක් මරුට

ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි එම වාර්තා සඳහන් කර ඇත.

ඇතැන්ස් හා තෙස්සලොනිකි අතර මෙම දුම්රිය දෙක ධාවනය වී තිබෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මගී දුම්රියේ අනතුර වන අවස්ථාවේ මගීන් 350 ක් පමණ ගමන් කර තිබෙයි.මේ වන විට මගීන් 250 ක් පමණ නිරුපද්‍රිතව සිටින බව ද වාර්තා වෙයි

රාහුල් ගාන්ධිට ඇප !

අන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇති බවත් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

සෑම සොරෙකුටම "මෝදි" යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණි.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත.

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූමිකම්පාව හොකයිඩෝහි නෙමුරෝ අර්ධද්වීපයට ආසන්න මුහුදේ කිලෝමීටර් 61ක් (සැතපුම් 38) ගැඹුරින් සිදු වී ඇති බව ය.

මේ වන තෙක් තුවාල සිදුවීම් හෝ හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බව එම වාර්තාවල දැක්වේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 10:27ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ය.

මෙම භූමිකම්පාව ඊසානදිග ජපානය සහ නැගෙනහිර ජපානය ඇතුළු පුළුල් ප්‍රදේශයට දැනී ඇතැයි එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැපයුම අඩු කිරීමේ තීන්දුවක් නිසා ඉන්ධන ඉහළ යාමේ අවධානමක් !

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය

නවසීලන්තයෙත් භූ කම්පනයක්

නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබේ.

භූමි කම්පාව හේතුවෙන් වෙලිංටන් නගරයේ තත්පර කිහිපයක ශක්තිමත් සෙලවීමක් සිදුව ඇත.

පුද්ගලයන් 10000 කට අධික ප්‍රමාණයක් අවතැන් වෙමින් 4 දෙනකුට මරු කැඳවූ ගෙබ්‍රියෙල් සුළි කුණාටු නවසීලන්තයට කඩා වැදී දින කිහිපයක් ගත වෙත්ම මෙම භූමි කම්පාව හටගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් අපදා වාර්තා වී නොමැත.

(බීබීසී)

චීන විරෝධය නොතකා තායිවාන ජනාධිපති ඇමරිකානු සංචාරය අරඹයි

තායිවාන ජනාධිපති සායි ඉන් වෙන් සැළසුම් කළ පරිදි  සිය අමෙරිකානු සංචාරය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

තුර්කි-සිරියා භූ කම්පන: දිවි අහිමිවූවන් 27000 ආසන්න වෙයි

පසුගියදා  තුර්කියේ සහ සිරියාවේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවලින් දිවි ගලවා ගත් සුන්බුන් යට සිර වී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අතර මියගිය සංඛ්‍යාව මේ වන විට 24,000ට ආසන්න වී තිබේ.

දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27,300 ඉක්මවා ගොස් ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, සිරියානු රජය ජාත්‍යන්තර ආධාර සඳහා කැරලිකරුවන් විසින් පාලනයට කරනු ලබන ප්‍රදේශය වෙත යාමට අවසර දුන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මනහිමිකම් අයිතිවාසිකම් ප්‍රධානියා “අවශ්‍යතා ඇති සියල්ලන්ට” ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා වහා ම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස සිරියාවෙන් ඉල්ලීමක් ද කර ඇත.

මේ අතර, භූමිකම්පා සම්බන්ධයෙන් තුර්කි රජයේ ප්‍රතිචාරය තමා බලාපොරොත්තු වූ තරම් වේගවත් නොවූ බව ජනාධිපති රෙසේප් ටයිප් එර්ඩොගාන් පිළිගෙන තිබේ.

විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ආපදාව සඳහා නිසි ලෙස සූදානම් නොවීම සම්බන්ධයෙන් රජය විවේචනයට ලක් විය.

සඳුදා ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු තුර්කියේ මියගිය සංඛ්‍යාව 20,213 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 3,553ක් මියගොස් තිබේ.

පිලිපීනයේ ඛේදවාචකයක් !

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්..

තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.

එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය.

එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර අද (06) අලුයම තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදුවූ භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන 1500 ඉක්මවා තිබේ.

භු කම්පනයෙන් තවත් තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන අතර තුර්කි වේලාවෙන් අද (06) අලුයම 4.17ට පමණ මැග්නිට්යුඩ් ඒකක 7.8ක ප්‍රභලත්වයකින් යුතු පළමු භුමි කම්පනය ඇතිවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අනතුරුව ප්‍රබල පසු කම්පන කිහිපයක්ද ඇතිවුණු බවයි.

භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තුර්කියේ සහ සිරියාවේ තවත් ප්‍රදේශ රැසක ගොඩනැගිලි සහ ඓතිහාසික නටඹුන් වලට දැඩි හානි සිදුව තිබේ.

Page 6 of 11