V2025

විදෙස්

සිසුවෙකු ගුරුවරියකට වෙඩි තබයි

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 06 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.

සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

නව බ්‍රිතාන්‍ය අගමැති ගැන : මේ විස්තර දන්නවාද ?

එක්සත් රාජධානියේ ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනක් ඉතිහාසගත වීමට නියමිතය.

ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති අතර ඔවුන් දෙදෙනා ම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෝ වෙති.

ආයෝජන බැංකුකරණයේ සිට එක්සත් රාජධානි රජයේ ඉහළ ම තනතුර දක්වා සුනක් පිළිබඳව ඔබ දැනගත යුතු සියල්ල මෙහි දැක්වේ.

හින්දු භක්තිකයෙකු ලෙස තමන්ගේ දේශපාලනික දිවියේ ගෞරවණීයම අවස්ථාව කොවිඩ් වසංගත සමයේදී රජයේ කාර්යාල රැසක් පිහිටි ඩවුනිං වීදියේ දීවාලි උත්සවය වෙනුවෙන් ඉටිපන්දම් දැල්වූ අවස්ථාව බව ඔහු පවසයි. ඉන් දෙවසරකට පසු එම හින්දු නිවාඩු දිනයේදීම ඔහු අග්‍රාමාත්‍ය ධූරය සඳහා තහවුරු විය.

බීබීසී - සිංහල

සිසුවෙකු ගුරුවරියකට වෙඩි තබයි

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 06 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.

සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක conservative පක්ෂය තුළද ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවීමට හේතුවුණි.

Downing වීදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.

කෙසේ නමුත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව ද අගමැතිනි ලිස් ට්‍රස් සඳහන් කළේය.

 කෙසේ නමුත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව ද අගමැතිනි ලිස් ට්‍රස් සඳහන් කළේය.

කෙසේ නමුත් විපක්ෂ කම්කරු පක්ෂය වහා මහා මැතිවරණයක් පවත්වන ලෙස conservative රජයට බල කර සිටී.

අද ඉල්ලා අස්වූ අගමැතිනී ලිස් ට්‍රස් එම ධුරය අඩුම කාලයක් දැරූ බ්‍රිතාන්‍ය නායිකාව ලෙස දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

මීට පෙර අඩුම කාලයක් එනම් දින 119ක් අගමැති ධුරය දරා තිබුණේ 1827 වසරේ සිය ධුරයේ සිටියදී මිය ගිය George Canning ය.

චීනයේ කොවිඩ් වසංගතය යළිත් දරුණු වෙයි

මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීමක තොරතුරු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය සකස් කළ වාර්තාවක මේ බව දැක්වේ.

චීනයේ ජනගහනයෙන් 18% ක් එනම් මිලියන 248 ක ජනතාවක් දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව සදහන් වේ.

මෑත කාලීනව දැඩි කොවිඩ් ප්‍රතිපත්ති සහ නීතිවලට එරෙහිව චීන ජනතාව විරෝධතා පල කිරීම්වලින් පසුව ඒවා ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කළේය.

එම නිසා කොවිඩ් වෛරසයට නිරාවරණය නොවූ ජනගහනයක් අතර අසාදනය පැතිර යාමේ අවධානමක් ඇතිව තිබේ.

දින කිහිපයකට පෙර මධ්‍යම චීනයේ දැඩිසත්කාර ඒකක කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

ශීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් රැල්ල පිළිබඳ විස්තරාත්මක සහ සත්‍ය තොරතුරු සපයන ලෙසට එම සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ආරම්භ වෙයි !

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය.

2300කට වැඩි නියෝජිත පිරිස හා විශේෂ ආරාධිතයෝ ඊට එක්ව සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂ‍ නොවන පුද්ගලයෝ ද ඊ‍ට සහභාගී වෙමින් සිටිති. අද සිට 22 වැනිදා දක්වා කොංග්‍රසය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ වාර්තාවට සවන් දෙමින් පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරීක්ෂා කර සම්මත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසම ඡන්ද විමසීමෙන් තෝරා ගැනීම මෙවර කොංග්‍රසය තුළදී සිදු කිරීමට නියමිතව තිබේ.

වසර 101ක ඉතිහාසයක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂය, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවූ දා සිට මේ දක්වා වසර 73ක් චීනය පාලනය කර ඇත. එම පක්ෂයේ ජාතික කොංග්‍රසය හා ඉන් තේරී පත්වන මධ්‍යම කාරක සභාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායක යාන්ත්‍රණය යි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය වසර පහකට වරක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.
ගෙවී ගිය දශකය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම, චීන යුවාන් ට්‍රිලියන 54ක සිට 114ක් දක්වා වැඩි විය. චීන ආර්ථික ධාරිතාව ලෝක ආර්ථික ධාරිතාවෙන් ගන්නා අනුපාතය සියයට 7.2කින් වැඩි වී සියයට 18.5ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අතින් චීනය ලොව දෙවැනි ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටීම ද විශේෂත්වයකි.

චීනය 140කට වැඩි රටවල් හා ප්‍රදේශවල ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇත. වඩාත් පුළුල් පරාසයකින් යුතු, වඩාත් පුළුල් ක්ෂේත්‍රවලින් ආවරණය වන, වඩාත් ගැඹුරු විවෘතභාවයක් චීනයේ ගොඩනැගී ඇතැයි ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

නවීකරණ කර්මාන්ත පද්ධතියක් ගොඩනගමින්, සැබෑ ආර්ථිකයට ප්‍රමුඛ අවධානය යොමුකර නවීන කාර්මිකකරණය ප්‍රවර්ධනය කළ යුතුය. බලවත් නිෂ්පාදන රටක්, ඉහළ ගුණාත්මක රටක්, බලවත් අභ්‍යවකාශ රටක්, බලවත් ප්‍රවාහන රටක්, බලවත් අන්තර්ජාල රටක්, සහ බලවත් ඩිජිටල් රටක් ලෙස චීනය ගොඩනැගීම කඩිනම් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

සංවර්ධනය කිරීමේදී ජන ජීවිතය සහතික කරමින් යහපත් කිරීමෙහි ද නිරත විය යුතුය. සුන්දර ජීවිතය නිර්මාණය කිරීමට පොදුවේ උත්සාහ දරන ලෙසට ජනතාව දිරිගන්වමින්, ජනතාව එවන් සුන්දර ජීවිතය කෙරේ දරන අපේක්ෂාවන් ඉටු කිරීමට අඛණ්ඩවම වෑයම් දැරිය යුතු බව ෂී ජින්පිං මහතා පවසයි. එහිදී ජනතාව වැඩියෙන් සලකන ඍජුම, ප්‍රායෝගිකම, ඔවුන්ගේ ප්‍රතිලාභයන්ට අදාල ගැටළුවලට දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. ඒවාවලට විසඳුම් සොයා දීම සඳහා ජනතාව වෙත ගොස් උපරිමයෙන් ක්‍රියා කරමින් වඩාත් ජන ප්‍රතිලාභී පියවර ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පැවසීය

ජර්මනියේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් !

රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කළ බවට සැකපිට ජර්මානු ජාතිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට අනුව ජර්මනිය පුරා කළ මෙහෙයුමක් අතරතුර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම උග්‍ර දක්ෂිණාංශික සහ හිටපු හමුදා නිලධාරීන් පිරිසක් එරට පාර්ලිමේන්තුව වන Reichstag ගොඩනැගිල්ලට කඩා වැදී බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුම් කර තිබූ බවත් ජර්මානු මාධ්‍ය වාර්තා වල සඳහන් අතර සැලැස්මේ මහ මොළකරු ලෙස චෝදනා ලබා සිටින්නේ 71 හැවිරිදි 8 වන හෙන්රික් කුමරු නමැති සුළු වංශාධිපතියෙකුය.

ජර්මානු ෆෙඩ්රල් නීතිඥයින් පවසන පරිදි එරට ප්‍රාන්ත 11කින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සිටින කැරලි නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේද ඔහුය.

මෙම කණ්ඩායමට කාන්තාවන් සහ පිරිමින් 50 දෙනෙකු පමණ ඇතුළත් වන බවත් සඳහන් අතර ඔවුන් Reichsbürger නමැති අන්තවාදී ව්‍යාපාරයක සාමාජිකයින් බව පැවසෙන අතර, ඔවුන් නූතන ජර්මානු රාජ්‍යය ප්‍රතික්ෂේප කරන්නන් වන බවත් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

ජර්මානු ජනරජය අහෝසි කර, 1871 වසරේ පැවති Second Reich නමැති අධිරාජ්‍යය ආකාරයේ පාලන ක්‍රමයක් ඇති කිරීමට ඔවුන් සැලසුම් කළ බවත් සඳහන් අතර ජර්මනිය පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් 130ක් සඳහා පොලිස් නිලධාරීන් 3000කට අධික පිරිසක් යොදවා තිබු බවත් වාර්තා වෙයි.

එරට අධිකරණ අමාත්‍ය මාකෝ බුෂ්මන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “ව්‍යවස්ථාමය ආයතනවලට සන්නද්ධ පහර දීමක් සැලසුම් කර” තිබූ බවත්, “ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ක්‍රියාත්මක වූ” බවත් ය.

ඉන්දුනීසියාවේ තෙරපීමකින් 130ක් මරුට

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 130 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, තරගය අවසානයේ ක්‍රීඩා පිටියට යාමට උත්සාහ කිරීමේදී සිදු වූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් එලෙස මියගොස් ඇති බවයි.

එහිදී තවත් 180 දෙනෙකුට තුවාල සිදුවිය.

චීනයේ යළිත් හිස ඔසවන කොවිඩ්................

නැඟෙනහිර චීනයේ නැංජිං නුවර ජියැංෂු ප්‍රාන්තයේ මහපරිමාණයේ පීසීආර් පරීක්ෂණ මාලාවක් ආරම්භ කිරීමට චීන රජය නියෝග කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

චීන රජය මේ පියවර ගෙන ඇත්තේ අඛණ්ඩව දෙවැනි දිනයටත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙනි.

මීට වසර දෙකකට පෙර කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු චීනයෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා 31,527ක් ලෙස වාර්තා වූ අතර, ඊයේ දිනයට ගත වූ පැය විසිහතර තුළ නව ආසාදිතයන් 33,000ක් වාර්තා වී ඇත. එය මෙතෙක් චීනයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බව එරට කොවිඩ් දත්ත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දී තිබේ.

හඳුනාගත් බොහෝ කොවිඩ් ආසාදිතයන්ට මූලික රෝග ලක්ෂණ නැති බැවින් ඉදිරියේදී ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇතැයි එරට සෞඛ්‍ය අංශ රජයට අනතුරු අඟවා තිබේ.

චීනයේ නව කොවිඩ් වසංගතය හිස ඔසවා ඇත්තේ කොවිඩ් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් චීනයේ කොවිඩි මර්දනයට එරට රජය දැඩි ක්‍රියාමාර්ග ගත් පසුබිමකදීය.

රැජිනගේ දේහය තැන්පත් කළ ස්ථානයේ පළමු ජායාරූපය මෙන්න !

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය තැන්පත් කළ ස්ථානයේ ඡායාරූපයක් පළමු වරට බකිංහැම් මාලිගය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත .

එය සොහොන් ගැබෙහි මතුපිටින් විශේෂිත වූ පාෂාණයකින් නිර්මාණය කළ කාල වර්ණයෙන් යුතු සමරු ඵලකයකි.

වින්ඩ්සර් මාළිගයේ 6 වන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේදී රැජිණගේ දේහය ඇගේ නැසී ගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා අසලින් ම තැන්පත් කර ඇත.

එහි මහ රැජිණගේ දෙමාපියන්ගේ සහ ඇගේ නැසී ගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ නම සහ ඔවුන්ගේ උපත සහ විපත ද කැටයම් කර තිබේ.

ඒ අනුව, ජෝර්ජ් VI 1895-1952, එලිසබෙත් 1900-2002″යනුවෙන් ද ඉන්පසුව එලිසබෙත් II 1926-2022 සහ ෆිලිප් 1921-2021 යනුවෙන් එහි සටහන් කර ඇත.

එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී 6 වන ජෝර්ජ් රජු අනුස්මරණ දෙව්මැදුර අමුත්තන් සඳහා නැවත විවෘත කෙරෙන අතර එදින පටන් ඉරිදා දිනයේ හැර අනෙකුත් දිනයන්හි දේව්මැදුර විවෘතව තැබේ.

එහිදී මහ රැජිණගේ ස්මාරකය බැලීමට මහ ජනතාවට හැකි වන අතර දේවාස්ථානයට ඇතුළු වීමේදී මහ ජනතාවගෙන් මුදල් අය කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිල ට්ට්වීටර් පණිවිඩය පහත දැක්වෙයි .

queen

ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයකින් 40 දෙනෙක් මරුට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රිච්ටර් මාපක 5.6ක් ලෙස සටහන් වී ඇති එම භූමිකම්පාව බටහිර ජාවාහි චියන්ජුර් නගරයට කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති බව ය.

මෙම කම්පනය කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි ජකර්තා අගනුවරට ද දැනී ඇති අතර ඒත් සමග උස් ගොඩනැගිලිවල සිටි පුද්ගලයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පසු කම්පන ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට : ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ !

දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳීසිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත ..

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය.

දේහයට ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස් හේතුවෙන් කිලෝ මීටර් ගණනක් දුරට පෝලිම් දකින්න ලැබේ. දස දහස් ගණනක් අව්ව වැස්ස නොතකා පෝලිම්වල සිටින බව වාර්තා වේ.

එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව සංවේදී වූ බව ද පැවැසෙයි. "එතුමිට මා ආදරෙයි. ඒක ඇත්තට සංවේදී අවස්ථාවක්' යැයි වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටවෙද්දී බෙකම් මාධ්‍ය හමුවේ පැවැසීය.

-රොයිටර්

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් 06 දෙනා නිදහස්

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි නලිනි ශ්‍රී හරන් සහ ආර්. පී. රවිචන්ද්‍රන් ඇතුළු වරදකරුවන් 06 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව අද (11) කැඳ වූ අවස්ථාවේදීයි.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, සාන්තන්, මුරුගන්, ඒ.ජී. පෙරරිවාලන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන් වසර 23කට අධික කාලයක් සිරගතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ ශ්‍රීහරන් සහ රවිචන්ද්‍රන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිසි බලධාරියා තමන් බව ත් 2018 වසරේ සැප්තැම්බර් 9 දිනැති ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ තීරණය අවසන් වන අතර එය කැබිනට් මණ්ඩලයේ ආධාර සහ උපදෙස් අනුව තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට ක්‍රියාත්මක කළ හැකි බව ත් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.

රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වන දා රාත්‍රියේ තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හිදී මැතිවරණ රැලියකදී ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් 1999 වසරේ මැයි මස නියෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය පෙරාරිවාලන්, මුරුගන්, සාන්තන් සහ ශ්‍රීහරන් යන වැරදිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම ලබා දීමට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත්, 2014 වසරේදී සාන්තන්ගේ සහ මුරුගන්ගේ පෙත්සම් තීරණය කිරීම ප්‍රමාද කිරීමේ පදනම මත පෙරාරිවාලන්ගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබුණු අතර ශ්‍රීහරන්ගේ මරණීය දණ්ඩනය 2001 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කර තිබුණේ ඇයට දියණියක සිටින බව සලකා ය.

නැන්සිගේ සංචාරයට ගේම ඉල්ලා : චීනය ගත්ත පියවර !

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීනයේ බරපතල විරෝධය සහ දැඩි ස්ථාවරය නොතකා චීන තායිවානයේ සංචාරය කිරීමට එරෙහිව, චීන විදේශ අමාත්‍යංශය මතු දැක්වෙන ප්‍රතිවිරෝධී පියවර නිවේදනය කරයි. 
 
එම පියවරයන් මෙසේය.
 
චීන හා ඇමරිකානු හමුදා අණදෙන නිලධාරින් අතර සංනිවේදන අවලංගු කිරීම, චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශය සහ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර කාර්ය හමුව අවලංගු කිරීම, චීන-ඇමරිකානු සමුද්‍රීය හමුදා ආරක්ෂක උපදේශන යාන්ත්‍රණ රැස්වීම අවලංගු කිරීම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධ චීන-ඇමරිකානු සහයෝගීතාව අත්හිටුවීම, චීන-ඇමරිකානු අපරාධ අධිකරණ ආධාර සහයෝගීතාව අත්හිටුවීම, අන්තර්ජාතික අපරාධ මර්දනය පිළිබඳ චීන-ඇමරිකානු සහයෝගීතාව අත්හිටුවීම, මත්ද්‍රව්‍ය තහනම සම්බන්ධ චීන-ඇමරිකානු සහයෝගිතාව අත්හිටුවීම සහ චීන-ඇමරිකානු දේශගුණික විපර්යාස සාකච්ඡා අත්හිටුවීම ද ඊට ඇතුළත්ය.
දිනූෂි ධීරසිංහ 

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

එහි අගය රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ, දකුණු සහ මධ්‍යම ටජිකිස්ථානයේ සහ උතුරු පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට භූමිකම්පාවේ බලපෑම දැනී ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

ඉන්දීය දේශපාලනය තුළ පිබිදෙන වන මල !

අන්තර්කරණය පිළිබඳව, ලෝක දේශපාලනය තුළ මෑතකාලීන ඕනෑ තරම් උදාහරණ තිබේ. ඇමරිකාවේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ දේශපාලන ආගමනය, නවසීලන්තයේ ජසින්ඩා ආඩන්ගේ ඇමති මණ්ඩලය තුළ ඇති වාර්ගික මෙන්ම ආදීවාසී ස්ත්‍රීන්ගේ සංකලනය ද අන්තර්කරණය පිළිබඳව මෑතකාලීන ලෝක ආදර්ශයන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික දේශපාලන අර්බුදය තුළ ලෝක ආදර්ශ ලබා දීමට තිබූ අවස්ථාවන් අප විසින් මේ වන විටත් මඟ හැර තිබේ. උප කථානායකවරිය ද ජනාධිපති හෝ අගමැතිවරියකු ලෙස කාන්තාවකට පත්වීමට තිබූ අවස්ථාවන් කැත දේශපාලන ගණුදෙණු නිසා ගිලීහී ගොස් ඇත.

ලංකාවේ පවතින දේශපාලන සංකීර්ණත්වය තුළ දේශපාලනය සඳහා ශක්‍යතාවයක් තිබෙන කාන්තාවකට වුවත් මෙවැනි තනතුරුවලට ලඟාවීමට පහසු නොවේ. එය අසීරු කටයුත්තකි. අප සැවොම එකතු වී එම පරිසරය අනිවාර්යෙන්ම ගොඩනැඟිය යුතුයි.

ඒ නිසා ලංකාවටම ආවේණීක, පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතිය කුණු කර ඔජස් ගලන තත්ත්වයකට අද පත් කර ඇත. ප්‍රභූ දේශපාලන දවටනය තුළ ක්‍රියාත්මක වන පාදඩ දේශපාලන ආකෘතිය විසින් සියලු සාධනීය අවස්ථා උදුරා දමා ඇත.

ලංකාවේ දේශපාලන දිශානතීය පිළිබඳ උකටලී වි සිටින මොහොතක ඉන්දියාව දෙසින් ඇසෙන අන්තර්කරණ දේශපාලනය (Inclusion Politics) පිළිබඳ සුබාරංචිය ඉවත දැමිය නොහැකිය.

ද්‍රොරපති මුර්මුගේ ජනතා තේරීම සුළුවට තැකිය ද නොහැකිය. පද්ධති වෙනසක් ගැන කතා කරන ලංකාවේ දේශපලානයෙහි විවිධත්වය නියෝජනය කරන ප්‍රජාවන් අන්තර්කරණය සිදු කිරීමට නොහැකි යන මිථ්‍යාවෙන් ද බැහැරව සිතා බැලීමට අවස්ථාවක් ඉන්දීය දේශපාලන සන්සිද්ධිය මඟින් උදා වී ඇත.

ඉන්දීය අගමැති නරේද්‍ර මෝදීගේ ජාතිවාදී, පුරුෂාධීපත්‍ය දේශපාලන භාවිතය බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. ඒ කෙසේ වෙතත්, ඉන්දියාවේ ජනාධිපති තනතුරේ අධීකාරී බලයක් නොතිබුණත් ආදීවාසී නියෝජනයක් සහිත කාන්තාවක් ශ්‍රේෂ්ඨත්වයට ලඟා කර වීමට පරිසරය සකස් කිරීම පිළිබඳව ඉදිරිගාමී දේශපාලන භාවිතයන් පිළිබඳ විශ්වාස කරන ප්‍රගිතිශීලින්ට සතුටු විය හැකිය.

ඉන්දීය මාධ්‍ හුවා දක්වන ආකාරයට දේශපාලන ගේම් මෙහි කොතෙකුත් තිබිය හැකිය. ඉන්දීයාවේ ප්‍රබල පක්ෂ වන, භාරතීය ජනතා පක්ෂයත් ක්‍රොන්ග්‍රස් පක්ෂයත් ආදීවාසී අනන්‍යතා සහිත ප්‍රජාවන් අන්තර්කරණ දේශපාලනය පිළිබඳ විශාල නැමියාවක් වර්තමානයේ දක්නට තිබේ. එම තරඟය නිසා ද නිදහසින් පසු ද්‍රොරපති මුර්මු වැනි ආදීවාසී කාන්තාවකට ජාතික දේශපාලනය තුළ ජනාධිපතිවීමට අවස්ථා සැලසුණා ද විය හැකියි.

ඉන්දියාවේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ (2012-2014) ලැබුවෙකු ලෙස මා, ඉන්දියාවේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තේරුම් ගන්නේ වඩා හොඳ වගේම වඩා නරක දේවල් ද ඉන්දියාව තුළ නිරන්තරයෙන් සිදුවන භූ කලාපයක් ලෙසයි.

තවමත් අන්ත හින්දු ජාතිවාදී, අන්ත කුලවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟී තිබෙද්දීත් නව ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් තරඟකාරී ලෙස ආරෝපණය කර ගැනීමට ඇති උනන්දුවත් ඔවුන්ගේ නිදහස් ව්‍යාපරයේ සිටම දැකිය හැකිය.

එවැනි සංදර්භයක ඉන්දියාවේ වත්මන් අගමැතිගේ ජාතිවාදී මෙන්ම පුරුෂවාදී දේශපාලන නිර්ණායකයන් ද එම කතිකාවට ඔබ්බට ගොස් ඔහුගේ දේශපාලන භාවිතය ද අලුතින් කියවා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.

ලංකාවේ ජාතිකවාදී යැයි කියා ගන්නා දේශපාලඥයින් ජාතිවාදී මඩගොහුරේ ගිලී හිරිකිත බල ක්‍රීඩාවේ නිරත වන විට එවැනි මොඩලයේ කෙනෙකු වන මෝදි ගේම ගහන්නේ වෙනස් විදිහටයි.

ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෝදි අර්ථකථනය කරන්නේ සංවර්ධන ගමන ශක්තිමත් කරන විශිෂ්ට ජනාධිපතිවරියක් වනු නිසැක බව සඳහන් කරමිනි."ඇයගේ වාර්තාගත ජයග්‍රහණය අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හොඳ පෙරනිමිත්තක්" යැයි ද මෝදි ට්විටර් පණිවුඩයක් මඟින් නිකුත් කළේය.

ලංකාවේ පාදඩ ප්‍රභූ දේශපාලනයට ජනතා අපකීර්තියට පත් වී තිබිය දීත් අඩුම තරමේ ඉන්දීය දේශපාලනයෙන් ආදර්ශ ලබා ගන්න යැයි අවධාරණය කරමි. පොත් කඳු ගොඩගසා ගත් ප්‍රජාතන්ත්‍රාවදී නරුමයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අන්තර්කරණ මූලධර්ම යළි සිහිපත් කර දෙමි.

ඉන්දියාවේ 15 වැනි මෙන්ම දෙවනි කාන්තා ජනාධිපතිවරිය ලෙස ද්‍රොරපති මුර්මුගේ චාරිතානූකූලව දිව්රුම් දීම ජුලි 24 වැනි දා සිදු වනු ඇත. එම දිව්රුම් දීමෙන් විශද වන්නේ, ඇය ඒ වන විටත් හුදු ආදීවාසී කාන්තාවක් නොවන අතර සමස්ත ඉන්දීය ජනතාවගේ ජනාධිපතීනිය ලෙස හැඳින්වන බවයි. මෙවැනි ආන්තිකරණයට ලක් වූ ප්‍රජාවන්ට සිදුකළ හැකි ඉහළම ගෞරවාදරය මෙයම නොවේද?

ඇයගේ දේශපාලන ගමන් මඟ විමසන විට , 1850 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නැගිටීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඉන්දියාවේ පැරණිතම සහ විශාලතම ගෝත්‍රවලින් එකක් වන සන්තාල්හි සාමාජිකාවක් ලෙස හඳුනාගත හැකි බවයි. ඇය උපර්බෙදගේ ගම් සභාවේ සාමාජිකයෙකු වූ සහල් ගොවියෙකුට දාව උපත ලැබුවෙකි. ඇයගේ පියා මෙන්ම සීයා ද ගම්පතියන් වූහ.

කුඩා කාලයේ දුෂ්කර ජීවිතයක් ගත කරමින් පාසලට ගොස් රාත්‍රියේ භූමිතෙල් ලාම්පුවෙන් ඉගෙන ගත් තැනැත්තියක් ලෙස ද ඇය හඳුන්වයි. පසුකාලයේ කාන්තාවන්ට දේශපාලනය පිවිසීම පිළිබඳව තීබු පිළිගැනීම වැනි සාම්ප්‍රදායික අභියෝගය බිඳ දමමින් 1997 සිට භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට පිවිසි බව ද ඉන්දීය මාධ්‍යයන්හි සඳහන් වේ.

ගුරුවරියක් ලෙස ඇගේ භූමීකාව ද, මෑතක් වන තුරුම ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස ද මුර්මු මහත්මියගේ දේශපාලන කාර්යභාරය ඇගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉස්මතු වේ.

උපර්බෙඩා ග්‍රාමයේ, ඇය අයත් ප්‍රජාව තවමත් දර යොදා ගනිමින් උයන, අතින් වතුර අඳින, විදුලි බලය ලැබී නැති ගමක් බවත් ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. ඇගේ ජයග්‍රහණය සමඟම ඇගේ ප්‍රජාවගේ බලාපොරොත්තු නම් " පිරිසිදු නළ ජලය, රෝහලක් සහ අපගේ නව ජනාධිපතිවරියගෙන් දරුවන්ට වඩා හොඳ පාසලක් බලාපොරොත්තු වන බවයි.

එබැවින් ඉන්දියාවේ ජනගහනයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් වන සමාජ ආර්ථික වශයෙන් ආන්තික ජනගහනයක් වන රටේ ආදිවාසී ප්‍රජාවන්ගේ පළමුවැන්නා වීමත් ඉන්දීය දේශපාලනය තුළ වැදගත් සලකුණක් සනිටුහන් කරයි.

ඉන්දීය දේශපාලන විද්වතුන් මෙය දේශපාලන නාට්‍යයක් ලෙසද හුවා දක්වයි. හින්දු ජාතිකවාදී පක්ෂයක් වන B.J.P. ඔවුන් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන ඔඩීෂා වැනි ප්‍රාන්තවල ගෝත්‍රික ඡන්දදායකයින් සමඟ ප්‍රවේශ වීමට වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරනු ලබන බව දක්වයි.

අන්තර්කරණ දේශපාලනය මුවාවෙන් සිදුකරන දේශපාලන ක්‍රීඩාවක් ලෙස ද දක්වනු ලබයි.විශේෂයෙන් "පහත් කුල, ආන්තික හා ගෝත්‍රිකයන්ගේ පක්ෂයක් බව, ඔවුන්ට ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය අදහසක් බව" අනන්‍යතා දේශපාලනය පිළිබඳ විශේෂඥ දිල්ලියේ ජවහර් ලාල් නේරු විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන පිළිබඳ මහාචාර්ය හරීෂ් වන්ඛඩේ පවසයි.

අපේ කලාපයේ ලොකු අයියා වන ඉන්දියාව සමඟ ලාංකීය දේශපාලනය සන්සන්දනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර ආයතන වල ඇති ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ඉන්දීය පක්ෂ අතර තරඟකාරීත්වය කොතෙක් තිබුණත් එහි දේශපාලනය හඳුනාගත හැක්කේ, සුදුසු වෙලාවේ සුදුසු වෙනස්කම් සිදුකරන රාජ්‍යයක් ලෙසයි. එයට කදිම උදාහරණය ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට අබේකාර්ට අවස්ථාව ලබා දීමත් දැක්විය හැකියි.

මෝදී ඇතුළු භාරතීය ජනතා පක්ෂය ඇයව ජනාධිපතිවරණයට නිර්දේශ කිරීමත්, ඇයට එම අවස්ථාවන් උදාකර දීමත් පිළිබඳව පැහැදීමක් සැබවින්ම ඇතිවේ. තවමත් කුලය ඇතුළු නොයෙකුත් සංස්කෘතික බෙදීම් ගණනාවක් ඉන්දියාවේ පවත්වාගෙන යද්දි, මෙම සිදුවීම මඟින් අර්ථනිරූපණය කරන්නේ අන්තර්කරණය දේශපාලනය පිළිබඳ ඉදිරිගාමී ආදර්ශයක් ඉන්දියාවෙන් සනිටුහන් කරන බවයි.

විරුද්ධ පාර්ශවයන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීට එරෙහිව ප්‍රතිවිරෝධතා වල ගැබ්වී ඇති ජාතිවාදී ලේබලය යම් මට්ටමක ලිහිල් කිරීමටත් මෙම පත්කිරීම හේතු විය හැකියි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් කෙරෙහි යොමු වීම කෙරෙහි ප්‍රසංසාවකුත් ඔවුන් කෙරෙහි ගොඩනැඟීමට අවස්ථාවක් ද විවර වේ.

චන්දිමා ජයසේන

ඉම්රාන් ඛාන්ට වෙඩි !

පාකිස්තානයේ ගුජරන්වාලා නගරයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් ඇති විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී බවත් එම වාර්තා වල සඳහන් වෙයි.

ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ද්‍රෞපදී මුර්මු තේරී පත්වී තිබේ.

දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක ද වන ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක් වන අතර 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබේ.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් වන අතර ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධුරය ට පත්වීම ඉන්දීය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ගතවන සිදුවීමකි.

ඉන්දීය ජානාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදා වන අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවිය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. ද්‍රෙෘපදී මුර්මු ලබන 25 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඉන්දීය ඉතිහාසයේ ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය පැවැතියේ 2007 සිට 2012 දක්වාය.

Page 9 of 13