පුවත්
උසස් පෙළ සිසුන් ගැන මතුකළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් රනිල්ට තුති !
උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක , මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශේෂයෙන්ම ඉසෙඩ් ක්‍රමය අනුව ලකුණු දීමේ දී මේ ප්රශ්නය උද්ගත වන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශ වලට නොයෙක් වෙලාවට කිරීම නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බව පැවසූ ඔහු මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන තුරු වත් නතර කර ගත හැකි දැයි සලකා බලන ලෙස කීය.
මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූයේ උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ පෙරේදා (22)රාත්රියේදී සාකච්ඡා කළ බවයි.
හැකි තරම් දුරට මේ ප්රශ්නය වෙනස් කරන්නට හැකි වෙතියි සිතන බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කීය. මෙි ප්රශ්නය මතු කිරීම ගැන හිටපු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුව තෙල් නැතුව ඇවිලෙයි : තෙල් ඉල්ලන්න තානාපතිවරුන් කැඳවයි !
තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන් මාර්තු මස 15 වෙනිදා කැඳවා ඇති බවත්, දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමට එහිදී බලාපොරොත්තු වන බවත්, ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම පිළිබද ගැටලුවක් ඇති බවත් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.
අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටී.
රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේය.
”රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් නිකුත් කරනු ලැබුවේ සිමා සහිතවයි.
මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබු පෙට්ට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.
පෙබරවාරි 05 වෙනිදා ලංකා IOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.
අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුණේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොළේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්. ලෝක වෙළෙදපලේ අඛන්ඩ ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා, ඒ වගේම මාර්තු මාසය මැද වෙන විට ඩොලර් 115ක් වෙනු ඇති බවට සඳහන් වනවා.’ යැයි ඒ මහතා කීය.
මව්රට
කාදිනල් හදිසියේ කොහේද ගියේ : පාස්කු අවනඩුව අරගෙන ගියාද ?
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (22) උදැසන විශේෂ ධුත පිරිසක් සමග විදෙස්ගතව ඇති බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවත් වාර්තා වෙයි.
ඒ අවස්ථා කිහිපයකම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුනොවේ නම් ඊට ජාත්‍යන්තර සහය ගැනීමට කටයුතු කරන බවට කාදිනල් හිමි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ නිසාය.
තවද කාදිනල් හිමි වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බවත්, එම සංචාරයේදී උන්වහන්සේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණ.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ලෝක රදගුරු සමුළුවේ ප්‍රධානින් හා ජාත්‍යන්තර ගිහි සංවිධානයේ නියෝජිතයින් සමග ද විශේෂ සාකච්ජා වට කිහිපයක් ම පැවැත්වීමටසැලසුම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාව වල සඳහන් විය.
මීට අමතරව කාදිනල් හිමි අමෙරිකාවේ අගරදගුරු සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ කාදිනල් හිමි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගන්න විදෙස් ගතවූවාද යන්න තීරණාත්මක කරුණක් වන බවයි.
එසේම ඉදිරියට ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ද ලංකා ආණ්ඩුව අභියෝගයකට මුහුණදී සිටින බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.
කෙසේ වුවත් ආණ්ඩුව මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තා සියල්ල පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවත් , එය ආණ්ඩුව පාර්ශ්වය වෙනුවෙන් ධනාත්මක එළඹුමක් බවත් විචාරකයන් පවසයි.
එයින් නොනැවතී තවදුරටත් නීතිමය වශයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න මැදිහත් වීම තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ කැපවීම තහවුරු කිරීම මෙරටට අතිශය වැදගත් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.
2022 නව ජන්දදායකයන්ට අවුලක් !
ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමියන් ලියාපදිංචිය සිදු කිරීමෙන් දස දහස් ගණනකගේ ඡන්ද ලියාපදිංචිය අතහැරී ඇති බව අවධාරණය කරමින කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් විසින් මැතිවර කොමිසම වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
2022 වසර සඳහා ඡන්ද ලියාපදිංචියේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් අදාළ ලිපිය හරහා ඉල්ලා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
නිමල් පුංචිහේවා මහතා,
සභාපති, මැතිවරණ කොමිෂන් සභාව
සරණ පාර, රාජගිරිය.
ප්‍රිය සභාපතිතුමනි,
2022 නව ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙනි.
2021 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අලුතෙන් ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත. දිස්ත්‍රික්ක මට්ටමින් ශුද්ධ ඡන්ද සංඛ්‍යාවේ වැඩිවීම පැහැදිලි අපගමනයක් පෙන්වයි.
‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ය.
1960 දශකයේ සිට වාර්ෂිකව ග්‍රාම නිලධාරීවරුන් මගින් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කිරීම තුලින් මැතිවරණ ලෝකයේ ඉහළම නිරවද්‍යතාව සහිත ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීමට අප සමත්වීමු. 2021 අංක 22 දරණ පනත මගින්, 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරනු ලැබූවේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට වහා ඡන්ද හිමිකම ලබාදීමේ අපේක්ෂා සහිතවය. ඒ සඳහා පසුගිය වසර 10 පුරා මම පුද්ගලිකවම මැදිහත්වීමි. ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබූ 2021 ඡන්ද හිමි නාම ලේඛනය මගින් එහි අපේක්ෂිත අරමුණ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත. එසේ තිබිය දී, 2022 නාම ලේඛනය ද එලෙසම සැකසීම පුදුමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්වජන ඡන්ද බලය අහිමි කිරීමකි.
යුධ තත්වයක් පැවති සමයේ දී උතුරු නැගෙනහිර හැර, සුදුසුකම් සහිත පුරවැසියන්ට ඡන්ද ලියාපදිංචිය අහිමි කර නැත. ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ අරමුදල් සපයා ගත නොහැකිව, ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය හෝ ඡන්ද පැවැත්වීම හෝ අතපසු කර නැත.
මැතිවරණ කොමිසම, ස්වදේශ කටයුතු ලේකම්, ආයතන අධ්යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එක්ව වත්මන් අර්බුදය කළමනාකරණය කළ යුතුව ඇත. නැතිනම් විකල්ප සොයා ගත යුතුව ඇත. ග්‍රාම නිලධාරිවරුන්ට සිදු කරන ගෙවීම හා ගෙවීම් අනුමත කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර ගැනීම ආයතනික වගකීමකි.
ඡන්දහිමි නාම ලේඛන සංශෝධනය ග්‍රාමනිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ අංගයකි. ඔවුන්ට මේ දක්වා ගෙවූ මුදල හෝ වෙනත් සුදුසු දීමනාවක් ගෙවීම කලමනාකරණ වගකීමකි. ග්‍රාම නිලධාරිවරුන්ගෙන් මෙම කටයුත්ත ඉටු කර ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මැතිවරණ කොමිසම අසමත් වන්නේ නම් ඒ සඳහා වෙනත් යාන්ත්‍රණයක් සකසා ගැනීම ද ආණ්ඩුවේ වගකීමකි.
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත වගකීමක් ඇත. දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ග්‍රාම නිලධාරිවරුන් කැටුව ගොස් ඡන්ද ලියාපදිංචියට සහභාගි විය හැකිය. එය මම ද ඡන්දදායකයෙකු වන බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන මහජන නියෝජිත කපිතාන් සී.පී.ජේ.සෙනෙවිරත්න මහතා ගේ යෝජනාවක ප්‍රතිඑලයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් පසුගිය වසරේ ඡන්ද ලියාපදිංචියට සක්‍රීය දායකත්වයක් සපයා නැති බව පෙනේ.
නිශ්චිත ලෙස වෙන් කොට හදුණාගන්නා සමාජ කණ්ඩායමක් (වසය 18 ට වැඩි පලමු ලියාපදිංචි ඡන්දදායකයින්) ට ඡන්ද වරම් අහිමි කිරිම ජාතික මැතිවරණයක ප්‍රතිඑලය වෙනස් කිරීමට සමත්වන තත්වයකි. මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයකට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව වෙනස් කරන (උදා. ගම්පහ) සාධකයකි.
ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට 2021 දී ගෙන ආ සංශෝධනය සිවිල් සංවිධාන විසින් දිගු කාලීන පරිශ්‍රමයකින් දිනාගත් ප්රගතිශීලි ජයග්‍රහණයකි. අවසනාවකට එය ඡන්දදායකයින් දස දහස් ගණනකට ඡන්ද බලය අහිමි කිරිමට එය මෙවලමක් බවට පත්ව ඇත. 2022 වසර සඳහා ද එම අසමත් යාන්ත්‍රණයම දැන් එලෙසම ක්‍රියාත්මක ය.
1. මැතිවරණ කොමිසම මගින් ක්‍රියාත්මක ඔන්ලයින් ක්‍රමය අසම්පූර්ණය.
2. මෙයට පෙර ඡන්දය භාවිත කළ අයෙකුගේ නම, 2020 ඡන්දහිමි නාමලේඛනයෙන් හැලී ඇති නම්, ඔහු/ඇය තමාගේ ඡන්දය අහිමිවී ඇති බව දැනගන්නේ ඊලඟ ඡන්දයට ඡන්ද කාඩ් බෙදීමේ දී හෝ ඡන්ද දිනයේ දී ය.
එබැවින් මේ ගැටළුව විසඳා ගැනීමට පහත යෝජනා ඉදිරිපත් කරමි.
1. ග්‍රාම නිලධාරීන්ගේ සමිති සහ මැතිවරණ කොමිසම අතර ‘සම වේදිකාවක‘ දී මෙම ප්රශ්නය සාකච්ඡා කිරීම. එකිනෙකාගේ බලය පෙන්වීම වෙනුවට ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම සඳහා නම්‍යශීලිවීම
2. ග්‍රාම නිලධාරීන් වෙනුවට විකල්පයක් ලෙස, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන සහායකවරුන් මගින් පෝරම බෙදාදීම/රැස්කිරීම
3. තරුණ ප්‍රජාව ඉලක්ක කර සමාජ මාධ්‍ය මගින් මහා පරිමාණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම
3. ශබ්දවාහිනී යොදා ගනිමින් ගමින් ගමට තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුලත්වන්නේ ද යන්න පරීක්ෂා කරන ලෙස දැනුවත් කිරිම හා එසේ නොමැති පුද්ගලයින්ට පෝරම බෙදාදීම
4. විනිවිදභාවයක් සහිත යාන්ත්‍රණයක් ඇතිකර, පළාත් පාලන නියෝජිතයින් (ගමේ මන්ත්‍රීවරුන්) සහ පරාජිත අපේක්ෂකයින් මගින් පෝරම බෙදාදීම (ඡන්දහිමි නාමලේඛනයේ පිටපත් පලාත් පාලන නියෝජිතයින්ට ලබාදීම)
5. පාසල් දරුවන් මගින් නිවෙස්වලට ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කිරීම පිළිබඳ දැනුවත් භාවයක් ලබාදීම/පෝරම බෙදාදීම
6. කෝවිඩ් මර්ධනය, කාබනික කෘෂිකර්මයට යොදාගත් අයුරින්ම ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක බලකා යොදා ගැනීම
7. සිවිල් සංවිධාන, මරණාධාර සමිති, තරුණ හා ක්‍රීඩා සංගම් යොදා ගැනීම
පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම සහ දේශපාලන පක්ෂ හා දැඩිව බැඳී ඇති සීමිත පිරිසක් හැර බහුතරයක් පුරවැසියන්ට ඡන්දය සඳහා ලියාපදිංචිවීමට විශේෂ උනන්දුවක් නොමැති බව අප වටහා ගත යුතුව ඇත. ඔවුන්ට ඡන්දය වැදගත්වන්නේ ඡන්ද දිනයේ දී ය. ඒ සඳහා කාලය, මුදල්, ශ්‍රමය වැය කරන්නට බහුතරයක් පුරවැසියන් පෙළඹෙන්නේ නැත. ඡන්දහිමියන් ලියාපදිංචියට පහසුකම් සැලසීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන්නේ ඒ නිසාම ය.
ප්රජාතන්ත්රවාදයට මිලක් තිබේ. ප්රජාතන්ත්රවාදී මැතිවරණ යාන්ත්‍රණයක් සඳහා එම මුදල් සැපයීම රජයේ වගකීමකි. මුදල් සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමකි. එය සිදු නොවන්නේ නම්, ප්‍රෝඩාකාරී ඡන්දයකට මාවත එමගින් සකස්වන්නේය.
ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන් ගේ සහාය නැවන ලබා ගැනීමටත්, ඔවුන්ට සුදුසු දීමනා ලබාදීම අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.
මෙයට හිතවත්,
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර සහ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂක
පුෂ්පිකා ඇයි පොලිසියට නාවේ ?
හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසටගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට කැඳවීමක් කර තිබුණ ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිස් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවත් ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවී ඇති බවත් වාර්තා වෙයි.
අනතුරුව එම නීතිඥවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා ඇති බව ලංකාදීප පුවතක සඳහන් වෙයි.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වාට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
චන්දිමාල් ජයසිංහට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ඇය සහභාගි වන බැවින් අද දින පොලිසියට නොපැමිණෙණ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා.
ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා.
චමුදිතගේ නිවසට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 32 කින් පමණ මේ වන ට ප්‍රකාශ ලබාගෙන ඇත.
හෙට පැය 4යි විනාඩි 40ක විදුලි කප්පාදුවක්
හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ඉන්ධන හිඟය නිසා මේ විදුලිය කප්පාදුව සඳහා ඉල්ලීම් කර ඇති බව ය.
ඒ අනුව A, B සහ C කලාප සඳහා පැය 4 කුත් විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 4 කුත් විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබෙන බවය.
මේ අතර උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබදව විශේෂ කැබිනට් හමුවක් මේ වනවිට පැවැත්වේ.
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම : සියලු වාර්තා පාර්ලිමේන්තුවට !
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබිණ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු විය.
– ජනාධිපති මාධ්‍ය අංශය
රනිල් තනියම පාර්ලිමේන්තුවේ වැඩ පෙන්වයි !
රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115 ක් දක්වා ඉහළ යාමට හැකි හෙයින් පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය , එජාප නායක රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වර්තමානයේ පැන නැගී ඇති අර්බුද ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගැන මුදල් ඇමතිවරයා විපක්ෂයේ කල්තැබීමේ විවාදයට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද පිළිබඳව කරුණු දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
"රජයේ මුදල් කාරක සභාවේ 120 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ "ඉ" යන්න යටතේ පවත්නා වර්ෂය සඳහා වන විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න.
ඊයේ රාත්‍රියේ රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115 ක් වේවි.අපට දැනටත් මුදල් ගෙවන්න නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි."
ජනතාවට මෙහෙම කරන්න එපා : IMF ලාස්ට් චාන්ස් එක ගන්න - හර්ෂ
ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ අද වනවිට රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමක් මගින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට යාම අනුවණ ක්‍රියාවක් බවයි.
නමුත්, මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන වුවමනාවන් මත කටයුතු කරමින් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට හැකියාව තිබෙන විසඳුම පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම ,“දැන් ඛනිජ තෙල් ප්රශ්නය විදුලි බල ප්‍රශ්නයක් බවටත් පත්වෙලා. මෙය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ස්ථායීතාවයට ලොකු ගැටලුවක් ඇතිකර තිබෙනවා. තෙල් සංස්ථාවට ණය දෙන්න එපා කියල, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකු අධිපතිවරයා උපදෙස් දුන්නා කියල, අද පත්තරවල තියනවා. පේනවනේද ගැටලුවේ බැරෑරුම් කම? මේ බැංකුවලට ප්‍රශ්නයක් වුණොත් අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනතාව නේද?“ යනුවෙන් ද ඔහු පැවසීය.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ වාසුදේව අමාත්‍යවරයා කියන ආකාරයට හාල්පොත් සහ තෙල් පොත් ක්‍රමයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා“,
ජනමතවිචාරණයකට යන්න : ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීමක් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොමුකරන ලද එම තීන්දුව කථානායකවරයා විසින් අද (22)පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා සදහන් කර ඇත.
රාජ්‍ය ආයතන 50ක් : බණ්ඩාරගම ක්‍රිකට් ආයතන ක්‍රීඩා පිටියේ ගැටෙයි !
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරගාවලිය (2021/22 ) මේ වන විට ආරම්භවී ඇත.
පෙබරවාරි 21 ආරම්භ වූ මෙම තරගාවලිය පෙබරවාරි 24 දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා රාජ්‍ය ආයතන 50 ක පමණ කණ්ඩායම් සහභාගි වන බවත් වාර්තා වෙයි.
මෙම තරගාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහය ලබාදෙන ලෙස සංවිධායකයන් ඉල්ලයි.
වැඩිදුර තොරතුරු සඳහා :
P. G. සමන් පීරිස් - 0714 20 32 26
R. G. P. සමන් කුමාර - 0718 04 74 23
තෙත් බිම් හරහා ඉදිවෙන අධිවේගී මඟ උසාවියෙන් අත්හිටුවයි
තෙත් බිම් ලෙස සැලකෙන තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු අදාල අතුරු නියෝගය බලාත්මක වන බවද අභියාචනාධිකරණය නියම කළේය.
මෙම අතුරු නියෝගය නිකුත් කළේ තලංගම ප්‍රදේශයේ පදිංචි කරුවකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ අද (21) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.
තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. සුහදරත්න ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු එකොලොස් දෙනකු නම් කර ඇත.
ජාතික පරිසර පනතේ 24 (04) වගන්තිය සහ ජාතික තෙත්බිම් ප්‍රතිපත්තිය පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරමින් මෙම නියෝගය ලබාදුන් බව මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර ඇගැයීම් වාර්තාව ද ලබාගෙන නොමැති බැවින් තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන බවද එම නියෝගයේ දැක්වේ .
මෙම රිට් පෙත්සම විභාග කර අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන බව ද අභියාචනාධිකරණය අදාල නියෝගයේ සඳහන් කර ඇත.
තලංගම තෙත්බිමේ පරිසර පද්ධතියට හානිවන අන්දමින් මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරංග විමලසේන අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කොවිඩ් මරණ 16,024ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16024ක් දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇති බවය.
ඉන්ධනත් නෑ - ජලාශත් හිඳෙයි - විදුලි කප්පාදුවට අවසර !
මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද(21) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍යය වෙත් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.
විදුලි කප්පාදුවට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ ප්‍රමාණවත් ලෙස ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිය නිෂ්පාදනයක් සිදු නොවීමය.
ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
වික්ටෝරියා පතුලට හිඳිලා !
මේ අතර මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් ඇති බවත් වාර්තා වෙයි.=
ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද වාර්තා වෙයි.
තෙලුත් නෑ !
එසේම මේ වන විට බලාගාර වෙත තෙල් සැපයීම ඇණහිට ඇති නිසා ඒවා ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් මතුව ඇත.
තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාව වෙත ණය නොදෙන ලෙස බැංකු වෙත මහ බැංකුව විසින් නියෝග කර ඇති අතර , ඛනිජ තෙල් සංස්ථාව ද පවසන්නේ මුදල් නොමැති නම් ඉදිරියට විදුලි බල මණ්ඩලය වෙත ඉන්ධන නිකුත් නොකරන බවයි.
මධ්‍යම අධිවේගයේ කෝටි 16,000ක දූෂණයක් : දූෂණ විරෝධීන් අධිකරණයට !
මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමත කරනලද කැබිනට් සංදේශයක් අනුව රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය මංකොල්ලයක් සිදුකිරීම වලක්වන ලෙස ඉල්ලා අධිකරණය වෙත යන බව 'දූෂණ විරෝධී හඬ' සංවිධානය පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන අතර කොටස ඉදිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩරය හරහා මෙම මූල්‍ය අපරාධය සිදු කිරීමට යන බව පැවසු වසන්ත සමරසිංහ, ඒ සම්බන්ධයෙන් කරුණු කාරනා රැසක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙය වලක්වා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවට යාමේ කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව ඔහු එහිදී අවධාරණය කරනු ලැබීය.
දූෂණ විරෝධී හඬ සංවිධානය පවසන්නේ, ටෙන්ඩර් කැදවීමේදී සිදුවූ වංචාව වසන් කිරීමට ආණ්ඩුව බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.
ගම්මන්පිල හිරවෙයි : ඛනිජ තෙල් සංස්ථාවට ණය නොදෙන්න නියෝගයක් !
මේ වන විට ආණ්ඩුවේ සිටින මුදල් ඇමති බැසිල් විරෝධී පාර්ශ්වය නියෝජනය කරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බරපතළ අපහසුතාවට පත්වෙන ආකාරයේ නිවේදනයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත්කර ඇත.
ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයිද පැවසේ.
මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද මහ බැංකු අධිපති රජයට වැඩිදුරටත් දැනුම්දී ඇති බවත් මාධ්‍ය වාර්තා පළවෙයි.
තවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසන බවත් එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.
" ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් උපුටා දක්වමින් ලංකාදීප පුවතක සඳහන් වෙයි.
සමාජ මාධ්‍යට මොකද වෙන්න යන්නේ ?
සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
එය අතවශ්‍ය කාර්යක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා එබව පවසා සිටියේ, ඊයේ (19) අරාධපුරයේ පැවති වැඩසටහනකදී ය.
පසුගිය සමයේ වාර්තාවූ ඇතැම් සිදුවීම් සැළකිල්ලට ගෙන සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
කෙසේවුවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් පළකර නොමැත.
පාස්කු ප්‍රහාරය : යුක්තිය පතා කාදිනල් ජිනීවා යන්න සූදානම් වෙයි !
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යාමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට තව දින කිහිපයකින් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් අතිඋතුම් පාප් වහන්සේ හමුවීමටද නියමිතය.
එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට වූ අනුමැතිය පාප් වහන්සේගෙන් ලබා ගැනීමට කාදිනල් හිමියන් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව ග්රන්ථයක් එළි දැක්වීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් කාදිනල් හිමි පවසා සිටියේ ,
වත්මන් රජය සහ නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවය.
එහිදී කාදිනල් හිමි මෙසේද පවසා ඇත.
“දැන් අවුරුදු තුනක් ඉවර වෙන්නත් යන කාලේ වෙනකොට කොයිතාක් දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවලා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා.
දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම. මේ රටේ අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නැහැ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන ඒක වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබා දීලා මේක විහිළුවක් කරලා.
කවද හරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයෝ නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒකෙ එදාට සිදු වෙනකන් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”
Page 342 of 440