පුවත්
IMF සාකච්ඡාවල ඉහළ ප්‍රගතියක් !
රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළයුතුව තිබුණි.
පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල විය.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර තිබේ.
එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතී.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරයයි.
(ජනාධිපති මාධ්‍ය අංශය )
පාර්ලිමේන්තුවේ කමිටු හැටකට වඩා අහෝසි වෙයි !
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා හැටකට ආසන්න සංඛ්‍යාවක් මැතිසබය වාර අවසාන කිරීමත් සමග මුළුමනින්ම අහෝසිවී ගොස් ඇත .
එහෙත් මේ කමිටු පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු මුල් සතියේම පිහිටුවීමට කටයුතු සුදානම් කර ඇති බව එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර පැවසුවාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් අහෝසිවී නොයන කමිටුවන්නේ විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාය.
අහෝසිවී ගිය කාරක සභා නැවත පිහිටුවීමේදී අවශ්‍යනම් එහි කලින් සිටි සාමාජිකයන්ම නැවත පත් කළ හැකි වන අතර අලුත් සාමාජිකයන් පත් කිරීමටද හැකියාව පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.
මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන මස 3 වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු වියදමින් සහ ඉතාම චාම් අන්දමින් එම උත්සවය පවත්වන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අගමැති මැති ඇමති : ආරක්ෂක මාරුවක් !
ජනාධිපති , අගමැති සහ ඇමති ආරක්ෂක අංශවල අධ්යක්ෂධුරවලට නව පොලිස් ප්‍රධානීන් පත්කර ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව පොලිස් නාවික කොට්ඨාශයේ අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එස්.පී.ද සිල්වා අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇත.
මෙතෙක් අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කර තිබේ.
මෙයට අමතරව ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ මෙතෙක් ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී. ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කර ඇත.
අරගලය අස්සේ : කොඩි උස්සලා චොර වෙලා !
ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වෙනිදා කඩා වැදුණු අරගලකරුවන් අතර සිටි කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජනපති ධජ දෙකක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය අද(28) අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ වරාය ආරක්ෂක අංශයේ සේවකයෙක් වන මෙම සැකකරු කොළඹ වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද 2019 වසරේ කෙටි කලක් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි .
ඔහු වරාය අධිකාරීයේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර මේ වන විට සජබයට සම්බන්ධ වරාය වෘත්තීය සමිතියේ උප සභාපතිධූරය දරන බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.
ජනපති මන්දිරයෙන් ජනපති ධජ දෙකක් සොරාගත් මොහු ජනාධිපති ධජයක් වරායේ සේවක කාමරයකට රැගෙන ගොස් ඇඳක් මත එලා ඒ මත ඇලවී එම ධජය පුළුස්සා දමන බව පවසමින් ප්‍රකාශයක්කර එය සමාජ මාධ්‍යවෙත මුදා හැර තිබුණි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම්වන විට ඔහු නීතීඥවරයෙකු මගින් වේල්ලවීදිය පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබුණි.
ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ එක් ධජයක් පුළුස්සා දැමූ බවය. තවත් ධජයක් සිය සහෝදරියගේ මාළඹේ පිහිටි නිවසේ ඇති බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලීසිය එම ධජය සහෝදරියගේ නිවසේ අල්මාරියක් පිටුපස බෑගයක දමා සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.
මෙවැනිම ආකාරයේ තවත් ධජයක් ජනාධිපති මන්දිරයෙන් සොරාගෙන එය සරමක් ලෙස ඉනට ඇදගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් සම්බන්දයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටින පුද්ගලයෙක් වන ඔහු අලුත්ගම පදිංචිකරුවෙක් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
අමු තේ දළු මිල ඉහළට !
මේවනවිට තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මේ වන විට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවය
එහෙත් මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක මිල පැවතියේ රුපියල් 100 ත් 130 ත් අතර බවත් ඔහු පවසයි .
රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .
රුවන්ට සහ අකිලට : ජනාධිපති උපදේශක තනතුරු !
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ එජාප හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ජනාධිපති උපදේශක තනතුරු පිරිනමා ඇත.
ඊට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර ඇති අතර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත.
ලිබරල් සහෝදරත්වය සංවිධානය : ගෝල්ෆේස් ඇතුළු විරෝධතාවලින් ඉවත් වෙයි !
ගෝල්ෆේස් විරෝධතාවය ඇතුළු සෙසු විරෝධතා වලින් ඉවත්වීමට තීරණය කළ බව අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් වූ 'ලිබරල් සහෝදරත්වය' පවසයි.
ලිබරල් සහෝදරත්වය වෙනුවෙන් එහි සභාපති හේමාල් දහනායක, මහලේකම් රාජිත අබේගුණසේකර, සම කැඳවුම්කරුවන් වන සහන් වීරතුංග, ප්‍රවීනා රවිරාජ් සහ ජාතික සංවිධායක උසාමා ලියායුදීන් යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් කරල ඇත .
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
"ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය එම ඓතිහාසික අරගලය අප විශ්වාස කරන අයුරින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ධූරය හැරයාමෙන් සාක්ෂාත් විය."
"කෙසේ නමුදු මෙම සමස්ථ අරගලය අවසන් වන්නේ ලිබරල් සහෝදරත්වය වන අපද ඇතුළුව, සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් විශාල ගණනකගේ මැදිහත්වීමෙන් සැදුම් ලත් 'ගාලුමුවදොරින් ඔබ්බට' යෝජනා මාලාවේ අඩංගු සමාජීය, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් අනතුරුවය. අප විශ්වාස කරන අයුරින් මෙය සිදු කළ හැක්කේ පුළුල් දේශපාලනික, ආර්ථික සහ සමාජීය කථිකාවතක් අදාළ පාර්ශව සමඟ ඇතිකර ගැනීමෙන් විනා තවදුරටත් වීදි බැස අරගල කිරීමෙන් නොවේ."
ලිබරල් සහෝදරත්වය සංවිධානය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .
ෆොන්සේකාට අහුවෙන්න එපා : සර්ව පාක්ෂික අරගලකරුවන් නිවේදනයක් !
සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් 'අරගලයට දින දීම' පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමක් බවත්, එය අරගලයට එරෙහි කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණක් බවත් අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් වන 'සර්වපාක්ෂික අරගලකරුවෝ' අවධාරණය කරයි.
එහෙයින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් එම සංවිධානය සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
'සර්වපාක්ෂික අරගලකරුවෝ' එම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .
පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕන !
පැතුම් කර්නර්ව අත්අඩංගුවට අරන්. චෝදනා මොනවද නම් දන්නේ නැහැ.
කොහොමත් අරගලයක් සිදුවෙච්ච සන්දර්භයක් ඇතුලේ 'චෝදනා' කියන්නේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. අරගලකරුවෙක්ට එරෙහිව 'රාජ්‍ය විරෝධී' කියල හංවඩු ගහන්න පුළුවන් නීති සහ විධිවිධාන හොයාගන්න බැරි දේවල් නෙවෙයි. මේ ලියන දේවල් උණත් අන්තිමට 'රාජ්‍ය විරෝධී' කියල කියන්න ඉතාම පහසුවෙන් පුළුවන්.
කර්නර් වමේ දේශපාලනය නියෝජනය කළ තරුණයෙක් ලෙස එළියට ආවේ නැහැ. මම හිතන්නේ ඔහු එන්නේ හරිත පක්ෂය වගේ එකකින්. හැබැයි ඔහුගේ ෆේස්බුක් එක ගත්තම (ඒක විතරක් ගත්තත්) යම් සමාජ-දේශපාලනික බලපෑමක් ඇති දේවල් ඩිජිටල් වේදිකාවේ කියල තියනවා (high impact factor). සහ ඔහු ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩින්. ඒ කියන්නේ සෑහෙන පිරිසක් ඔහුව කියවමින් තියනවා.
මම හිතන්නේ එක්තරා අවස්ථාවකට පස්සේ ඔහු අරගලයෙන් තරමක් වෙන් වෙලා උණත් දිගටම ඔහුගේ අදහස් කියමින් හිටියා. ඒ වගේම පසුගිය 9 වැනිදා ඔහු ලයිව් ආව. අරගලය එක්ක සම්බන්ද උණා. ඔහුගේ මතවාදය සහ ක්‍රියාකාරකම් එක්ක මම එකඟ නොවන තැන් ගොඩක් තියනවා. ඒ උනාට මේ මාස කිහිපය ඇතුලේ යම් විකල්ප දේශපාලන නායකත්ව විභවයක් ඔහුගෙන් දකින්නත් පුළුවන් උනා. විශේෂයෙන් යම් යම් දැනුම්වත් කිරීම් එක්ක ඔහුගෙන් යම් තීරණාත්මක කාර්යයක් සිද්ද උණා.
ඒ වගේම ඔහුගේ පෙනුම වෙනස්. හොඳට ඇඳලා කරලා තමයි ඉන්නේ. නීට් සහ කැපී පෙනෙන සුළුයි.
විශේෂයෙන් අරගලය ඇතුළෙත් ආරම්භයේ ඉඳල විශාල බලපෑමක් ඔහු විසින් කළා. යම් යම් ගණන් බැලීම් එක්ක ගත්තත් ඔහු තරමක් ඉස්සරහින් හිටියා.
සමාජයේ මුල් බැහැගත්ත දේශපාලනය කරපු ගොඩක් අයට වඩා ඔහු තරමක් ඉස්සරහින් හිටිය. ඒ නිසා වමේ සහ දකුණේ ගොඩක් අයට ඔහු අභියෝගයක් වෙන්න ඇති. නීති කඩ කළාට වැඩියෙන් ඔහු අත්අඩංගුවට ගන්න හේතුව ඔහු මේ පවතින ක්‍රමය ඇතුලේ යම් විකල්පයක් ලෙස මතුවීම. අවම වශයෙන් විකල්ප රූපයක්, විකල්ප දේශපාලන ප්‍රතිරූපයක් (alternative political image) හැටියට ඉස්මතු වෙන්න උත්සාහ කිරීම. වෙනත් පරම්පරාවකට කතා කරන්න උත්සාහ කිරීම.
මම කියන්නේ ඒ රූපයට අපි එකඟ වුණත් නැතත් පැතුම්ට අයිතියක් තියනවා එහෙම උත්සාහයක් සහ අත්හදා බැලීමක් කරන්න. ඉනුත් විශේෂයන් ලෝක ගෝලයේ අත්හදා බැලීම් අඩුවෙන් කරන කළාපයක...
ඒ නිසා පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕනි.
අද විජේ ඩයස් සහෝදරයා අප අතරින් වෙන්වෙලා.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
විමල්ගෙන් රනිල්ට පණිවිඩයක් !
වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා වන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් ලිපියක් ජනාධිපති රනිල් වික්රමදිංහ වෙත ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් යොමු කර ඇත.
අදාල ලිපිය මෙසේය.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
පවතින ආර්ථික දේශපාලන අර්බුදය යොදාගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම සඳහා !
මේ වන විට කවුරු අකමැති වුවත්, කැමති වුවත් ඔබතුමා රටේ ව්‍යවස්ථාවට අනුව ඉදිරි දෙවසරක කාලය සඳහා ජනාධිපතිවරයා ලෙස පත් වී ඇත. අපගේ දේශපාලන කියවීම අනුව ඔබතුමාට ද කැමති වුව ද අකමැති වුව ද තෝරා ගැනීමට සිදු වී ඇත්තේ විකල්ප දෙකකින් එකක් පමණි. ඉන් පළමුවැන්න මේ වනවිට උත්සන්න වෙමින් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදාගනිමින් දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ ගොදුරක් බවට පත් වී ශ්‍රී ලංකාව හයිටියක් බවට පත් කිරීමය. ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන අතර ඔබගේ දේශපාලන පැවැත්ම ද අනතුරට ලක් වනු ඇත. දෙවැන්න අවසන් පැයේදී හෝ ඓතිහාසික වැරදි නිවැරදි කිරීමට ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අර්බුදය විසඳීම සඳහා සමාජ ගිවිසුමක් ඇතිකර ගැනීමට දූරදර්ශී වීමය.
ඔබතුමා විසින් අවංකව එම දෙවන උපායමාර්ගික ප්‍රවේශය තෝරන තත්ත්වයක් තුළ පටු දේශපාලන වාදවිවාදවලින් හෝ ඓතිහාසික ගැටුම් යාවත්කාලීන කිරීමෙන් තොරව ඊට මඟ පෙන්වීම සඳහා අපි ඉදිරිපත් වෙමු. එය මේ රටේ ජාතික බලවේගවලට ඉතිහාසය විසින් පවරා ඇති වගකීමක් ලෙස අපි සලකමු. මෙම ලිපිය සහ යෝජනාවලිය මෙන්ම ඇමුණුමක් ලෙස අප විසින් ඉදිරිපත් කරන අනාගත අවම පොදු වැඩපිළිවෙළක අනිවාර්යෙන්ම අඩංගු විය යුතු බවට අප පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ඔබතුමා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විවෘත මනසකින් සහ අපගේ දීර්ඝකාලීන අත්දැකීම් මෙන්ම න්‍යායාත්මක අවබෝධය මත බව ද දන්වා සිටිමු.
මෙයට
විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022-07-28
වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාලරාමුවක් තුළ අර්බුදය සමනය කර ගැනීම සඳහා මෙන්ම දීර්ඝකාලීන විසඳුමකට මඟ සැලසීම සඳහා වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමකට අදාළ දේශපාලන පක්ෂ අතර සහ මහජනයා අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා යෝජනාවලිය
පූර්විකාව:
මේ වන විට ගතවන සෑම දිනකම උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදය සහ ඒ සමඟ බැඳුණු නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ආරම්භ වන්නේ ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම විපක්ෂය සහ මහජනයා අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම නිසාය. ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එරෙහිව දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට අවස්ථාව නිර්මාණය වන්නේ ද එම දුර්වලතාව නිසා බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට අදාළව මූල හේතුව වන පවතින ආර්ථික මොඩලයේ දුර්වලතා සහ ඒ මගින් ඇති වූ අනිසි ප්‍රතිඵල පිළිබඳව මෙන්ම ඊට අදාළව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන විසඳුම් පිළිබඳව මහජනයා දැනුවත් නොකිරීම නිසා මහජන අසහනය සහ විරෝධය ද වර්ධනය වෙමින් ඇත.
ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් තිබෙන අතර එම හේතුව මත අර්බුදය තවදුරටත් වර්ධනය වන අතර ඊට විසඳුම් සෙවීම සඳහා වන ඉඩකඩ හැකිළෙමින් තිබෙන බව ද පිළිගැනීමට සිදු වේ. එම තත්ත්වය තුළ ආරක්ෂක හමුදා සහ මහජනයා අතර ගැටුම් වර්ධනය වීමේ තත්වයක් සහ රාජ්‍ය සේවා බිඳවැටීමේ තත්ත්වයක් ද නිර්මාණය වෙමින් ඇත. එම නිසා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව තවදුරටත් අසරණ සහ අනාරක්ෂිතභාවයට පත්වේ. රාජ්‍ය සේවා, නිෂ්පාදන පද්ධතිය සහ වෙළඳපළ නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම මූලික පූර්ව කොන්දේසියකි. එසේම කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර මගින් රජයට එරෙහි විරෝධතාකරුවන් දේශපාලන වශයෙන් නිරායුද කළ නොහැකි බව ද මේ වන විට ඉතා හොඳින් ඔප්පු වී ඇත.
එම නිසා මහජන අසහනය සහ විරෝධය සමනය කරමින් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා විපක්ෂයේ සහ පොදු මහජනතාවගේ සහාය ලබාගත හැක්කේ ආණ්ඩුවේ පාර්ශව විසින් අවංක උවමනාවක් පෙන්නුවහොත් පමණි. විශේෂයෙන්ම ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ කුලීකරුවන් ලෙස කටයුතු කරන පිරිස් සහ අර්බුදය තම පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමට උත්සාහ කරන පිරිස් සැබෑ විරෝධතාකරුවන් නොමඟ යැවීම මගින් ප්රචණ්ඩත්වය වැපිරීම වැළැක්විය හැකි වන්නේ ද ඒ මගිනි. ඒ අනුව අර්බුදය විසඳීම සඳහා නිශ්චිත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීම ඉතා වැදගත් මූලික පූර්ව කොන්දේසියකි. ඒ සඳහා සියලු පාර්ශ්ව නියෝජනය වන ආකාරයට සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම සහ අදාළ එකඟතාවන්ට අනුව ඒවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ලෙස එකගතා ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලව පිහිටුවිය යුතු වේ.
එකඟතාව සඳහා යෝජනා
1. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සඳහා හදිසි නීතිය යොදා ගැනීමේදී එය දෙපැත්ත කැපෙන අවියක් බව පිළිගනිමින් හදිසි නීතිය දීර්ඝ කිරීමේදී එය යොදා ගනිමින් නීතියේ ආධිපත්‍යය පිහිටුවීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය ආවේක්ෂණය කිරීම සහ එම ක්‍රියාවලිය තුළ, නීතිමය රාමුව තුළ රාජ්‍යයට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා මහජනයා සතු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම
2. නිශ්චිත කාලරාමුවක් තුළ අර්බුදය සමනය කිරීම සහ දීර්ඝකාලීනව අර්බුදය විසඳීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම සහ එම සමුළුවට විරෝධතාකරුවන්ගේ නියෝජිතයන්ට ද ආරාධනා කිරීම.
3. එම සර්වපාක්ෂික සමුළුව මගින් මේ වන විට ජාතික සංවිධාන මෙන්ම අරගලකරුවන් සහ විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් මහජන සංවාදයට ලක්කර ඇති උපායමාර්ගික ප්රවේශයන් සහ නිශ්චිත ක්‍රියාකාරකම් සහිත ප්‍රකාශන සැලකිල්ලට ගත යුතු අතර එම ලේඛන නිල වශයෙන් සර්වපාක්ෂික සමුළුවේ සභාගත කිරීම.
4. එම පොදු එකඟතාව තුළින් ආර්ථික අර්බුදය සමනය කිරීම මගින් යහපත් දේශපාලන සංවාදයකට අවස්ථාව නිර්මාණය කිරීමෙන් පසුව පමණක් ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කරන බවට සහතික වීම මගින් නව දේශපාලන අර්බුද නිර්මාණය වීම වැළැක්වීම. එමෙන්ම ආර්ථික අර්බුදය සමනය කිරීමට සමගාමීව දේශපාලන අර්බුදය සැබෑ ලෙසම විසඳීම සඳහා නිදහස් මැතිවරණයකට ඉඩ සලසන බවට මහජනයා තුළ විශ්වාසය ජනිත කිරීම ද වැදගත් වේ. (එම මැතිවරණ ක්‍රියාවලිය තුළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සංවාදය දිරිමත් කිරීමේ හැකියාව සියලු දේශපාලන පක්ෂවලට ලැබේ.)
5. සර්වපාක්ෂික සමුළුව මගින් සම්මත කරනු ලබන වැඩපිළිවෙළ සහ මාර්ග සිතියම හෙවත් අවම පොදු එකඟතාව ජනගත කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවරම සහිත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලට ආරාධනා කිරීම මගින් එකගතා ආණ්ඩුවක් පිහිටුවීම.
6. එකගතා ආණ්ඩුව තුළ ප්‍රතිපත්තිමය සහ උපායමාර්ගික තීන්දු ගැනීමේ බලය සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ජාතික විධායක සභාවකට පැවරීම.
7. අරගලයට දායක වූ සියලු පාර්ශ්ව සහ රටේ පොදු ජනතාවගේ, විද්වතුන්ගේ හරස්කඩක් නියෝජනය වන ආකාරයට මහජන සභාවක් පිහිටුවීම සහ එම නියෝජිතයන් ඔවුන්ගේ පසුබිම සහ ඔවුන් විසින් නියෝජනය කරනු ලබන පාර්ශ්ව පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීම.
8. එම මහජන සභාව සහ ජාතික විධායක සභාව ඒකාබද්ධව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවීම මගින් අවම පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට අදාළ සමස්ත ක්‍රියාවලිය ආවේක්ෂණයට ලක් කිරීම. ඊට අනුව ඉදිරි මඟ පෙන්වීම ලබා දීම. එමෙන්ම එම කටයුතු සම්බන්ධීකරණය සහ පරිපාලනය කිරීම සඳහා මෙන්ම මහජන දායකත්වය දිරිමත් කිරීම සහ එම ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ අදාළ සියලු සාකච්ඡා ජනමාධ්‍යට නිරාවරණය කිරීම.
9. අවම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම් සඳහා ප්‍රමුඛතාව ලැබෙන ආකාරයට අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම සහ එහි සාමාජිකත්වය උපරිම වශයෙන් 30කට සීමා කිරීම මෙන්ම එම අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පමණක් ලබාදීම. එසේම එම අමාත්‍ය මණ්ඩලය අනිවාර්යයෙන්ම සතියකට දෙවතාවක් රැස්වීම.
10. අවම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ බහුපාර්ශ්වීය නියෝජනයක් අවශ්‍ය වන සුවිශේෂී කාර්යභාරයන් ඉටු කිරීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කාර්යසාධක බල ඇණි පිහිටුවීම සහ ඒවා තුළ උපදේශකයින් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස මහජන සභාව විසින් තෝරනු ලබන නියෝජිතයන්ට අවස්ථාව ලබාදීම.
11. සියලුම අමාත්‍යාංශවලට අදාළව පත් කරනු ලබන උපදේශක කාරක සභාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා ඔවුන්ගේ කැමැත්ත සහ විශේෂඥතාවන් අනුව පත්කිරීම. එසේම එම කාරක සභාවලට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මහජනයාට අවස්ථාව ලබාදීම සහ අදාළ සාකච්ඡා ජනමාධ්‍යට නිරාවරණය කිරීම.
12. සියලුම අමාත්‍යාංශ නියෝජනය වන ආකාරයට ලේකම් මණ්ඩලයක් පත්කිරීම. එම ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් සිදු කිරීම මෙන්ම එම ලේකම් මණ්ඩලයේ නියෝජිතයන් අවශ්‍යතාව අනුව ජාතික ආවේක්ෂණ සභාවට සහ ජාතික විධායක සභාවට කැඳවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සහ එම මණ්ඩලය සතියකට එක් වතාවක් රැස්වීම.
ඇමුණුම 01
අර්බුදය විසඳීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුව විසින් සැලකිල්ලට ගතයුතු බවට ජාතික නිදහස් පෙරමුණ විසින් නිර්දේශ කරනු ලබන යෝජනා:-
1. පීඩාවට පත් වන අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා විශේෂිත අරමුදලක් පිහිටුවීම සහ කළමනාකරණ ක්‍රියාවලිය සඳහා සම්ප්‍රදායානුකූල පරිපාලන ක්‍රමවේදයෙන් බැහැරව විශේෂිත කාර්යක්ෂම යාන්ත්‍රණයක් පිහිටුවීම.
2. 2017 විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු මුදල් වෙළඳපොළ පාලනය කිරීම සහ විනිමය පාලනය විධිමත් කිරීම. (ඊට අදාළව එම පනත අහෝසි කොට 1953 මුල් පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම වඩා සුදුසු විය හැක)
3. විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා සුවිශේෂී දිරිගැන්වීම් පැකේජයක් හඳුන්වා දීම සහ එම ක්‍රියාවලිය කළමනාකරණය සඳහා මහ බැංකුව මගින් විශේෂිත යාන්ත්‍රණයක් පිහිටුවීම.
4. කර්මාන්තකරුවන් ණය අර්බුදයෙන් ගොඩගැනීම සහ සුළු නිෂ්පාදකයින් ක්ෂුද්රමූල්ය වහල්භාවයෙන් ගලවා ගැනීම මගින් නිෂ්පාදන පද්ධතියට ජවය ලබා දීම සඳහා විශේෂිත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා බහුපාර්ශ්වීය කාර්ය සාධක බලකායක් පිහිටුවීම.
5. දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් තෝරාගත් නිෂ්පාදනවලට අදාළව තරගකාරී ආනයනික නිෂ්පාදන අධෛර්යවත් කිරීම සඳහා විශේෂිත පරිභෝජන බදු පැනවීම සහ ඊට අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ලැයිස්තුව, බදු ප්‍රමාණයන් ප්‍රසිද්ධ කිරීම. එමෙන්ම එම නව බදු අඩු ආදායම්ලාභීන්ගේ සුබසාධනය සඳහා පිහිටුවනු ලබන අරමුදලට සහ නිෂ්පාදකයාට දිරිගැන්වීම් ලබාදීම සඳහා පමණක් විනිවිදභාවයෙන් යුතුව යොදා ගැනීම පිළිබඳ සහතිකයක් ලබාදීම.
6. ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කිරීමේදී බොරතෙල් නිෂ්පාදනය කරන සහ ලෝක වෙළඳපොළේ අඩුම මිලට ඒවා සපයන රුසියාව සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ආරම්භ කිරීම සහ ගිවිසුම්වලට එළැඹීම. එසේම අඩු මිලට බොරතෙල් සැපයීමේ කොන්දේසියට යටත්ව ඛනිජ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම් මගින් රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
7. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල පාලනය නැවත පැනවීම සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් විශේෂිත යාන්ත්‍රණයක් සකස් කිරීම. එසේම ස.තො.ස. ආයතනය මගින් දේශීය තොග මිලදී ගැනීම, ආනයනය කිරීම, තොග බෙදාහැරීම, ආරක්ෂණ තොග පවත්වාගෙන යාම සහ අඩු ආදායම්ලාභීන් සඳහා ආහාර සලාක බෙදාහැරීම යන කර්තව්‍යයන් ඉටුකර ගැනීම සඳහා වහාම එම ආයතනය නැවත ස්ථානගත කිරීම.
8. ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම සහ ඊට අදාළව සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන්ම බිම් මට්ටමේ නිලධාරීන්ගේ, පළාත් පාලන ආයතනවල, පාසල්, ආගමික ස්ථාන, ගොවි සංවිධාන, වෙනත් පරිසර සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආරක්ෂක හමුදාවල කාර්යභාරය නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ගේ වගකීම පිළිබඳ අධීක්ෂණය සහ පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කාර්ය සාධක බලඇණි පිහිටුවීම සහ ඒවාට අරගලයට දායක වූ පාර්ශවවල නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව සැලසීම.
9. එරෝෆ්ලොට් සිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිතව අර්බුදයට ලක් කිරීම සඳහා සිදුවී ඇතැයි විශ්වාස කරන වෙනත් සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂිත කොමිසමක් පත් කිරීම. එසේම 2015 සිට මේ දක්වා මහබැංකුව විසින් ගනු ලැබූ තීන්දු මගින් ආර්ථික අර්බුදයට දැක්වූ දායකත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම. ඊට අමතරව රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවට පවතින සමාජ මතය පිළිබඳව සත්‍ය සොයාබැලීම, අර්බුදය විසඳීමට අමතරව මහජන සහාය ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් වන බැවින් ඊට අදාළව චෝදනා ඉදිරිපත් කරන සියලු පාර්ශවවලට තම චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.
10. සියලුම ජාත්‍යන්තර ආයෝජන, වෙළෙඳ හෝ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සහ අදාළ සාකච්ඡා ක්‍රියාවලිය මෙන්ම ඊට සහභාගී වන පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන්ගේ නිර්දේශ එළිදරව් කිරීම. එසේම රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම් හැර සෙසු සියලුම ආයෝජන ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු කැඳවන බවට ප්‍රතිඥාවක් ලබාදීම.
ජී.එල්. පීරිස් පොහොට්ටු ප්‍රතිපත්ති මතක් කරයි !
හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් පවසයි .
එය ජිනීවාහිදී තවත් මසකින් පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමට ද හේතු විය හැකි බවත් ඔහු පවසයි .
ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් ඔහු පැවසීය .
ජනාධිපති ඩලස් වුණා නම් : ජනාධිපතිට වෙන දේ ඩලස් කියයි !
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.
තමන් ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පවතින අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගැනීම ඉතා වැදගත් බව ද ඔහු එහිදී සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් විපක්ෂයේ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .
කෙසේ වුවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම මහින්ද රාජපක්ෂ ද ජනාධිපති ධූරය ලබාගන්නට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව ලබා දුන් නමුත් ඔවුන්ගේ ධූර කාලය තුළ එවැන්නක් සිදුවූයේ නැත.
කළු තොප්පි ව්‍යාපාරය අරගල බිමෙන් ඉවත් වෙයි !
අරගලය ආරම්භයේ සිටම එහි පාර්ශවකාර සංවිධානයක් ලෙස ක්‍රියාකාරීව සිටින 'කළු තොප්පි ව්‍යාපාරය' (Black Cap Movement ) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
එසේම, අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන 'අරගලය 4.0' නමින් අලුත් මෙහෙයුමක් ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් 'කළු තොප්පි ව්‍යාපාරය' විසින් නිකුත්කර ඇති නිවේදනයක ඒ සඳහන් අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි .
ජනාධිපති පත්වීම ව්‍යවස්ථාවට අනුකූලයි : ඒත් ප්‍රහාරය වැරදියි !
පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්කර ගැනීම පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියක් හරහා සිදු වූ බව පිළිගන්න බව ප්‍රතිසංස්කරණ සඳහා සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ප්රජාතන්ත්රවාදී වටිනාකම් අනුව නීතියේ ආධිපත්‍ය ආර්ථික හා දේශපාලන නිදහස තහවුරු කිරීම සඳහා වූ ජනතා අරගලයේ විරෝධතාකරුවන්ට හමුදා පොලීසිය සහ හමුදාව විසින් පසුගිය දා රාත්‍රියේ බලහත්කාරයෙන් අමානුෂික හා ප්රචණ්ඩ ලෙස පලවා හැරීම පිළිබඳව තම ව්‍යාපාරය විරෝධය සටහන් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එසේම විපක්ෂය ඇතුළත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම කඩිනමින් සිදුකළ යුතු යෝජනා 5 ක් ද එකී නිවේදනය තුළ සඳහන් කර ඇත .
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
ජරමර පිට බරකරත්ත : කොවිඩ් ව්‍යාප්තිය ඉහළට !
ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 154ක් සහ මරණ 04ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
ඊයේ (26) වන විට මෙරට කොවිඩ් ආසාදිතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 921ක් වූ අතර වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 665,094 ක් බවත් වාර්තා වෙයි .
එමෙන්ම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,544 කි.
ඒ අනුව ගතවු සතියක පමණ කාලය සිට නැවතත් මෙරට තුල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියි.
රන්ජන් ළඟදීම නිදහස් !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.
රට බංකොලොත් කළ පිරිසට දඬුවම් නොදී තරුණ තරුණියන් හිරේ දැමීම වැරදියි !
රට බංකොලොත් කළ පිරිසට දඬුවම් නොදී අරගල බිමේ තරුණ තරුණියන් හිරගෙට යැවීමට ආණ්ඩුවට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්දැයි 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රශ්න කරයි.
රාජ්‍ය ආයතනවලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරගෙන විශ්වාසය දිනාගන්නා මට්ටමකට ආණ්ඩුව පත් කරගන්නවා විනා පක්ෂවලින් මන්ත්‍රිවරුන් හෝ ඔවුන්ගේ හිතවතුන්, නිලධාරීන් ගැනීමෙන් රටේ ප්රශ්නය විසඳිය නොහැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ ඊළඟ රාජාසන කතාවේ දී එම වැඩපිළිවෙළ, විවෘතභාවය, සහ අවංකභාවය ප්‍රකාශ නොකළහොත් රටේ ජනතාව ඔහුව ද, ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නොමැති බව රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
අද (27) පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සිදු කළ කතාව පහත දැක්වෙයි .
"අපිට ඇහෙනවා මේ හදිසි නීතිය මගින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පිටතින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක්, විදේශ කුමන්ත්‍රණයක් තිබෙනවා. එය මර්දනය කිරීම සඳහා, ආරක්ෂක අංශවලට නව බලතල අවශ්‍යයි කියන ඒ අදහස. අනිත් පැත්තෙන් මේ රටේ 55 ලක්ෂයක් පවුල් පාරට ඇද වැටිලා තියෙනවා. ඒ 55 ලක්ෂයේ දුක් වේදනාව මත ඒ මිනිස්සු හිතන ආකාරයට අනුව ඒ අය අද අරගල බිමට බැහැලා තියෙනවා. අපිට අද තෝරා ගැනීම තියෙන්නේ මෙතන.
ඇයි මේ රටේ 55 ලක්ෂයක් පිරිස විශේෂයෙන්ම අපේ තරුණ පරපුර පාරට බැහැලා ජනාධිපති මන්දිරයේ, අග්‍රාමාත්‍ය මන්දිරයේ, ජනාධිපති කාර්යාලය අල්ලගන්න මේ ආකාරයට දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ක්‍රියාත්මක වුණේ. දරුවන්ට කිරිපිටි නැති, වැඩිහිටියන්ට බේත් නැති, ඒ වගේම අම්මාවරුන්ට පොළට ගිහිල්ලා බඩු ටික ගන්න විදිහක් නැති, ඒ වගේම තෙල් නැති, ගෑස් නැති, විදුලි බලය නැති රටක්, බංකොලොත් රටක් ඇති වෙච්ච නිසයි. මේ අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා අපිට ඒ බංකොලොත් රට ඇති වුණා. 2020 මාර්තු 7 වෙනිදා මහ බැංකුවට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පණිවිඩයක් ලැබුණා ඔබේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් ඉතා ඉක්මනින් අමාරුවේ වැටිලා, බංකොලොත් භාවයට ලක් වෙන්න නියමිතයි කියලා. ඒක නොතකා හැරියා මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති.
අපේ රටේ තියෙනවා මොනිටරි ලෝ ඇක්ට් එක 1950 ඉඳන්. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා වගකිවයුතු ඒ මහ බැංකු අධිපතිලාට, මූල්‍ය මණ්ඩලයට කවුරුවත් නැහැ නඩු දාන්න. 2002 දි අපි සම්මත කර ගත්තා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ මගින් මේ රටේ ණය පාලනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ ලේකම්ට, මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට ලැබුණා. ඒ දීලා තිබුණු ඉලක්ක අනුව 2013 දී අපේ රටේ ණය බර වෙන්න ඕනේ දළ ජාතික ආදායමෙන්, නිෂ්පාදනයට සාපේක්ෂව 60% යි. අද කීයද? 120 යි. එතකොට ඒ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා, මුදල් ඇමතිලා, භාණ්ඩාගාර ලේකම්ලා ඉටුකරලා තියෙනවද? අද මේ ජනතාව දුක් විඳින්න එක හේතුවක් ඒක නේද? රාජපක්ෂ පවුලට අමතරව, ඒ මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය රැකවරණය ලබාදීපු අයට මූල්‍ය පනත යටතේ හෝ මූල්‍ය කළමනාකරණ පනත යටතේ හෝ දඬුවම් දෙන්නෙ නැතිව අරගල බිමේ ඉන්න තරුණ, තරුණියෝ හිරගෙට යවන්න. මොකක්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිතිය?
මම බොහොම පැහැදිලිව කියනවා, ඉදිරියේ ඉතාම බියකරු තත්වයක් තියෙන්නේ. අපි මේ බංකොලොත්භාවයේ තාමත් පසුපසින් යාමයි සිදුවෙන්නේ. පහුගිය 25 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම ගිගා වොට් පැය 38 යි. ගිගාවොට් පැය 50ක ඉල්ලුමක් තිබුණ රටක් 38 ට වැටිලා තියෙනවා. මේ විදුලි කප්පාදුව හින්දා නෙමෙයි. 20% කින් විදුලි බල ඉල්ලුම අඩු වෙලා තියෙනවා කියන්නේ, ආර්ථිකයත්, ඒ වගේම ප්‍රමාණයකින් සංකෝචනය වෙලා තියෙනවා කියන එකයි. පළවෙනි මාස 3 ඇතුලේ 1.6 ක ආර්ථික සංකෝචනයක් තිබුනේ. දැන් ඒක 20% සීමාවට ගමන් කරමින් තිබෙනවා. සැප්තැම්බර් මාසේ වෙනකොට මේ ඉන්දියානු ණය හෝ වෙනත් පැත්තකින් මේ ණය ලැබුනේ නැත්නම් මේ රට ඉතාමත්ම භයානක අඳුරු අගාධයකට යනවා විතරක් නෙවෙයි අපි දැකපු අප්‍රේල් 9, මැයි 9, ජුනි 9, ජුලි 9 සතියෙන් සතිය එන්න පුළුවන් ඉදිරි කාලයේදී. අපි ඒක මතක තබා ගත යුතුයි.
ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ. මේ ප්රජාතන්ත්රවාදී රාමුවෙන් පිටත කවුරුන් හෝ බලය ස්ථාපිත කරන්න උත්සාහ කරනවා නම්, ඒක නතර කිරීමේ වගකීම ආරක්ෂක අංශවලට තිබෙනවා. නමුත් ඒ අතරේ අපේ සානුකම්පිතභාවය තියෙන්න ඕනේ. නියම වගකිවයුත්තන් එළියේ සිටියදී මේ ගැන හඬ නගන, දුක් විඳින ජනතාව මර්දනය කිරීම සඳහා මේක යොදා ගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම.
තරුණයෙක් හැටියට මීට අවුරුදු 30කට කළින් අපිත් විශ්ව විද්‍යාලයේ හිටියා. ඒ අවස්ථාවේදී අපි දැක්කා මර්දනය කොහොමද එල්ල වුණේ කියලා. අපි පිටකොටුවට ගියහම දර පොලු වලින් අපිට ගැහුවේ. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. අද මේ හුඟක් කතා කරන ගුණරත්නම් චරිතය, රංජිතම් ගුණරත්නම්, අපට කොළඹ විශ්ව විද්‍යාලයේ පිට්ටනියට එන්න කියලා කිව්වා. අපි නැවත අත්දෙක වන වනා උද්ඝෝෂණ වලට එන්නේ නැහැ කියලා. ශිෂ්‍යයෝ මහා ආවේගයෙන් අත්පුඩි ගහලා පිළිගත්තා. මොකක්ද ඉරණම? ජයවර්ධන ජනාධිපතිතුමා නම් සාමකාමීව මිය පරලොව ගියා. නමුත් 66,000 ක් මහ පාරවල්වල ආදාහනය වුණා. මහා ඛේදවාචකයකට රට ගියා. ඒ නිසා මම මතක් කරන්න ඕනේ. වෙඩි තබලා මේ ප්රශ්නය යටපත් කරන්න හදනවා නම් උතුරේ අත්දැකීමත් ඒකයි. දකුණේ අත්දැකීමත් ඒකයි. නැවත මේ රට ලේ විලක් කරා ගෙනියන්න ඉඩ තියන්න එපා. රංජිතම් ගුණරත්නම්ලා තව දහස් ගාණක් බිහි කරන්න ඉඩ දෙන්න එපා. අපේ ජීවිත වලින් අපි ලබාගත්ත ඒ අත්දැකීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහපොළොවේ මරා දාලා, දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටෙන් පිටමන් කරලා, එක තරුණ පරපුරක්ම විනාශ කරපු ඒ ක්‍රියාවලිය නැවත ඇති වෙන්න දෙන්න එපා. මොකද අපිත් වගකිවයුත්තෝ. මේ රට මේ බංකොලොත්භාවයට ගේන්න.
ජනාධිපතිතුමා එන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නම්, එතුමාගේ විවෘත භාවය, එඩිතරභාවය, අවංකභාවය පෙන්නන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක අපි පෙන්නලා දුන්නා. ඒක තමයි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව, අනාගත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවයක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ඇතිකර ගැනීම. ඒ වගේම 224 දෙනාම මේ අමාත්‍ය මණ්ඩලවලට සම්බන්ධ වෙන විධායක කාරක සභා ක්‍රමයක් ඇතිකර ගැනීම. විශේෂයෙන්ම මේ රටේ දැවෙන ප්‍රධාන ආයතන, කඩා වැටෙන්න නියමිත බැංකු පද්ධතිය, කඩා වැටෙමින් තියෙන බලශක්ති පද්ධතිය, ඒ ආයතන වලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරලා, විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙළකට ගමන් කිරීම. එහෙම නැතුව සැලුන් දොර අරිනවා වගේ, අතනින් මෙතනින්, පක්ෂ වලින් කට්ටිය ගැනීමෙන්, එහෙම නැත්නම් ඒ අයගේ හිතවතුන් ගැනීමේ, නිලධාරීන් ගැනීමෙන් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.
අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ ඊළඟ රාජාසන කතාවේදී මේ වැඩපිළිවෙළ, විවෘතභාවය, අවංකභාවය ඔහු ප්‍රකාශ කරයි කියලා. එහෙම නොවුණොත් මේ රටේ ජනතාව එතුමාවත් මේ ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නෑ. අපි ඉන්නේ ඉතිහාසයේ, අතිශය තීරණාත්මක තැනක මතක තබා ගත යුතුයි.
ග්‍රීසිය බංකොලොත් වෙලා අවුරුදු 12 ක්, ආජන්ටිනාව බංකොලොත් වෙලා අවුරුදු 10 ක් විටින් විට නැවත නැවතත් බංකොලොත් වෙමින්, අතිශය අන්තවාදී ආණ්ඩු පිහිටවමින්, ප්රජාතන්ත්රවාදී සීමා වලින් ඔබ්බට ගමන් කරමින් තිබෙනවා. අපි වගකීමෙන් මේ මොහොතේ කටයුතු නොකලොත් අපි අවංක නොවුනොත්, එඩිතර නොවුනොත්, දූරදර්ශීභාවයකින් තොරව, එකමුතුභාවයකින් තොරව කටයුතු කලොත් මේ රට නැවතත් ලේ ගංගාවකට ගමන් කරනවා. ඒ නිසා මම නම් විරුද්ධයි මේ හදිසි නීතියට එයට එරෙහිව මම ඡන්දය පාවිච්චි කරනවා. මොකද මගේ දරු පරපුර ලේ සාගරයක ගිල්ලවන්න කිසිම ආකාරයකින් මේ රටේ මූල්‍ය වංචා කරමින්, මේ රට කොල්ලකාපු පරපුරුවලට නොහැකි නිසා."
බරණ මැරුවේ කවුද ?
නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50 කට අධික කාලයක් සැරිසැරූ "බරණ" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබ්ක වැටී මියගොස් සිටි බරණ නමැති ඇතාගේ මළ සිරුර ප්‍රදේශ්වාසීන් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට දැනුවත් කොට තිබිණි.
බරණ නැමති මෙම ඇතාගේ සොඬයේ පිලිස්සුණු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත් කිසියම් පිරිසක් මෙම ඇතා ගේ ජීවිතය විනාශ කළ බව ප්‍රදේශවාසීහු සැක පළකරති .
වනජීවී නිලධාරීන් ඇතාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය අද වන දින පැවැත්වීමට නියමිතව තිබුණි.
එම ස්ථානයට වැඩම කළ නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියන් දැඩඩිව කියා සිටියේ මෙම ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවයි ,මෙම ඇතා සමග තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසුණු බවත් පෙන්වා දෙන උන්වහන්සේ වසර ගණනාවක සිට අලි මිනිස් ගැටුම සඳහා රාජ්‍ය නිලධාරී කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවය.
lankadeepa
Page 274 of 440