පුවත්
ගෝඨාගමනයේ මාසේ මාරුවෙයි : මිරිහාන ගේ වටේ ආරක්ෂාව දැඩි කෙරේ !
බරපතළ ජනතා විරෝධය මැද රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ මෙරටට යළිත් පැමිණෙන බව සඳහන් වුවත් එය සැප්තැම්බර් මාසය දක්වා කල්ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සැප්තැම්බර් දෙවැනි සතියේ පමණ හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (19) පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය ගෙන ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
කෙසේ වුවත් රාජපක්ෂ ඥාති පුත්‍රයකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසා සිටියේ අගෝස්තු 24 ගෝඨාභය රාජපක්ෂ යළිත් මෙරටට පැමිණෙන බවය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ සමීප පාර්ශව සඳහන්කර සිටියේ අගෝස්තු අවසානයේ ඔහු මෙරටට පැමිණීමේ අපේක්ෂාවක් ඇති නමුත් මෙතෙක් දිනයක් තීන්දුකර නොමැති බවය. එතෙක් ඔහු තායිලන්ත රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින බවත් ඔවුන් පැවසීය.
කෙසේ වුවත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව අවස්ථාවේ ද ප්‍රධාන කරුණු 2 අතර පළමු කරුණ වී ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යලිත් මෙරටට පැමිණීමට අවස්ථාව සැළසීම සහ ඊට අදාළ ආරක්ෂාව තහවුරු කිරීමය.
මිරිහාන නිවසේ ආරක්ෂාව දැඩි කෙරේ !
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස්දී ඇත.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙස ද වැඩිදුරටත් දැනුම්දී ඇත.
එම ප්‍රදේශයේ ඊයේ (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
තවත් සහතිකයක් ඉල්ලමින් : IMF නියෝජිතයන් ලංකාවට !
තම නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයේදී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බව වාර්තා වෙයි.
ඊට අනුව මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බව දැනුම්දී තිබේ.
දරුණු අර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
එසේම මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එළඹෙන අගෝස්තු 24 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එය තීරණාත්මක සාකච්ඡාවටයක් බවත් දැනගන්නට ඇත.
බැසිල්ගේ ඇමති ලැයිස්තුවට පොහොට්ටුව ඇතුලෙන්ම විරෝධයක් !
පොහොට්ටුව විසින් නව ඇමති ධූර සඳහා නම් කර එවූ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ රෝහිත අබේගුණවර්ධනට ඇමති ධූර ලබා දීම ගැන , ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුවෙලා.
මෙම විරෝධය දැඩිව මතු වී තියෙන්නේ පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයෙන්ම වීම විශේෂ කරුණක්.
මෙම ඇමති ධූර ලබා දීමට විරෝධය දක්වන පිරිස් කියන්නේ, ජනතා කෝපයට ලක් වී ඇති මෙම පුද්ගල චරිත, සන්තර්පනය සඳහා ලබා දෙන මෙම ඇමති ධූර, යළිත් ජනතා කෝපය අවුලුවා ව්‍යසනයක් ඇති කළ හැකියි කියලා .
පොහොට්ටුව තුළින් මතුව එන මෙම විරෝධය සමනය කර ගැනීමට, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ පොහොට්ටුවේ ප්‍රබලයින් කටයුතු කරමින් සිටින බවත් , වාර්තා වෙනවා.
ඒ වගේම පොහොට්ටු මැති ඇමතිවරුන් ජනාධිපතිටත් කිව්වලු, "අපේ පාටියෙන් එවලා තියෙන ලැයිස්තුව තරහට එවපු එකක් වගේ සර් නේද ?" කියලා .
දේශපාලන වාර්තාකරු
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් !
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
පසුගිය සාමය පුරා බිත්තර මිල අඛණ්ඩව ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගික ප්‍රජාව වෙතින් දැඩි මැසිවිල්ලක් නැගිණ. එසේම මිල ඉහළ යාම සමඟ පරිභෝජනය අඩුවීම හමුවේ දරුවන්ගේ ප්‍රෝටීන් ඌණතාවක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් අසන්නට ලැබිණ. ඒ අඩුම මිලකට ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නට හැකියාව තිබුණේ බිත්තර අනුභාවයෙන් වූ නිසාය.
තෙල් බැරලයකින් ඩොලර් 36ක මහා වංචාවක් !
මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හයක ගසා කෑමක් සිදුකර ඇති බවට හෙළිදරව්වක් සිදුකරමින් තෙල් බැරලයකින් සිදුවන ඩොලර් 20ක වංචාවට කාංචන විජේසේකර සම්බන්ධ නැත්නම් විගණකාධිපතිවරයා ලවා පාරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවදාරණය කරයි.
මන්ත්‍රීවරයා ඊයේ (19) 'ජනතාව අපා දුක් විඳිද්දී, දේශපාලන මිනී කාක්කන් සිදු කළ, මහා හොරකම පිළිබඳ විශේෂ හෙළිදරව්ව, මැයෙන් සිදුකරනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමින් මෙම හෙළිදරව්ව සිදුකරන ලදී.
එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය .
"ඊයේ අපට මාධ්‍ය වලින් වාර්තා වුණා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ පිළිබඳව රහස් පොලීසියට පැමිණිලි කරලා තියෙනවයි කියලා මේ පිළිබඳ. ඒ වගේම මේවා ප්‍රකාශයට පත් කරපු පුද්ගලයින් පිළිබඳව සොයා බලා කටයුතු කරනවා කියලා.
ඒක විවෘත ක්‍රියාදාමයක්ද? අර නැනෝ යූරියා වංචාව අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළේ මොකක්ද? තමන්ගේ නිලධාරීන් හෝ තමන් ගැන කතා කරන්නේ නැතුව මේ සම්බන්ධයෙන් මම කරපු ප්‍රකාශයෙන් රජයට එරෙහිව මහජනයා උසිගැන්වීමේ චෝදනාව මත මට පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලීසියෙන් ඉල්ලීමක් කරලා රහස් පොලිසිය ගිහිල්ලා උසාවි අවසරයකුත් ගත්තා. දැන් ඒ පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. කවුරුත් දන්නවා මේ නැනෝ යූරියා හරහා කරපු වංචාව. ඒ නිසා මේ කාංචන විජේසේකර මැතිතුමාගේ මේ මගින් සිද්ධ කරන්න යන්නේ මේවා වාර්තා කළ පුද්ගලයින් රහස් පොලිසියට ගෙන්නලා බියවැද්දීමද?
පළමුවෙන්ම කියන්න රහස් පොලීසිය කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වුණේ රටේ යුක්තිය පසිඳලන ස්ථානයක් හැටියට නෙවෙයි. දැන් ඒක දිගටම මේ නව පොලිස් ඇමතිවරයාත්, මේ ආණ්ඩුවත් යටතේ ක්‍රියාත්මක වෙන බව විටින් විට එහි රැගෙන යන පුද්ගලයින්ගෙන් පේනවා. ඒ නිසා පළවෙනි කාරණය මේ මගින් යුක්තිසහගත පරීක්ෂණයක්, විමර්ශනයක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බැහැ. දෙවෙනි කාරණය මෙවැනි තාක්ෂණික කටයුත්තක් පිළිබඳ දැනුමක් රහස් පොලිසියට ඇත්තේ නැහැ. ඒ නිසා ඒ වගේම විදුලි හා බලශක්ති ඇමතිතුමාට අපි ප්‍රකාශ කරනවා ඔබලා මේවට සම්බන්ධ නැත්නම් මේ රටේ විගණකාධිපති කෙනෙක් ඉන්නවා ඔහුට මේ පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීලා ඒ පිළිබඳව තියෙන විශේෂඥභාවය තියෙන පිරිස් ලබාදීලා අවශ්‍ය පුද්ගලයෝ කවුද කියලා විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න. ඒ අනුව මේ පිළිබඳ යුක්ති සහගත විසඳුමක් ලබා ගන්න පොලිස් ඇමති මේ සඳහා විගණකාධිපතිවරයාට විශේෂඥ සහාය ලබා දීලා කටයුතු කරන හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල, බලශක්ති ඇමතිතුමාටත් අපි ඉල්ලා හිටිනවා.
අපේ තර්කයට පදනම වුණේ මොකක්ද? මොකක්ද මේ ප්‍රිමියම් එක කියන්නේ? ප්‍රිමියම් එක කියන්නේ ප්‍රවාහන ගාස්තු, ඒ කියන්නේ ප්‍රේට් චාර්ජ් එක, රක්ෂණ ගාස්තු එක. ඒ වගේම ප්‍රධාන සැපයුම්කරුගේ ලාභය ඒ වගේම දේශීය ඒජන්තයාගේ ලාභය. මේ කියන සියලු දෙනාගේම එකතුව තමයි මූලික වියදමට අමතර වශයෙන් බැරලයකට ප්‍රිමියම් එක කියලා කියන්නේ. ඒ අනුව විටාල් සිංගප්පූර් ආයතනය විසින් දෙදාස් විසි දෙකේ දෙවෙනි මාසේ දහඅට, දහනමය දිනවල ගෙන එන ලද ගැසොලින් අනූ දෙක, ඒ කියන්නේ පෙට්‍රල් අනූ දෙක අනූපහ සඳහා බැරලයකට ප්‍රිමියම් ඩොලර් තුනයි දශම අටයි හතක් අය කරලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ දහ අට, දහනමය ගෙනාපු ඒවාට. ඒ මොකද මේවා අපි දෙදාස් පහළව වගේ කාලේ මේවා ඩොලර් එකයි දශම පහක් වගේ තිබුනේ. නමුත් අපි වර්තමාන කාලයේ අපි දන්නවා මේ විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඒ අනුව මේක යම්කිසි සාධාරණ ගාණක්. ඒ වගේම ඩීසල් ගෙන්නලා තියෙනවා දෙදාස් විසි දෙකේ දෙවැනි මාසේ විසි හත, තුනයි දශම හතරක් හා හතරයි දශම එකක් බැරලයකට, අඩු සල්පර් වැඩි සල්පර්ප ගෙනල්ලා තියෙනවා. ඒ අනුව ඔය කියන පර්යේෂණ නිලධාරීන්ට ඒවා බලන්න පුළුවන්.
දැන් මෙහෙම ගිහිල්ලා, මාර්තු, අප්‍රේල්, මේ යනාදී වශයෙන් ගිහිල්ලා දැන් හත්වෙනි මාසේ එනකොට මොකක්ද එතකොට තත්වේ? මේ කොරල් එනර්ජි සමාගම ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් ඒ කියන්නේ. ඩීසල්, හත්වෙනි මාසේ දාහතර, පහළව තොගයක් කීයද? බැරලයට ප්‍රිමියම් එක ඩොලර් විසිපහයි. කලින් ඩොලර් තුනට, හතරට තිබිච්ච ඒවා ඩොලර් විසිපහයි. ඒ වගේම අයි ඕ සී ඉන්දියා ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් එක ඩොලර් විසි එකයි දශම හයයි හයට. ඒ දෙදාස් විසිදෙකේ දාසය, දාහත. ඒ වගේම අර කලින් ගෙනාපු එක ගෙන්නලා තියෙනවා ගැසලීන් අනූප ඒ කියන්නේ පෙට්‍රල් අනුපහ ඒකේ ප්‍රිමියම් එක ඩොලර් විසි එකයි සත හතලිස් පහයි. දෙදාස් විසි දෙකේ හත්වන මාසේ දහඅට, දහනමය ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් එකක්, ඒ කියන්නේ ඩීසල්, ඩොලර් විසිනමයයි දශම අටයි පහකට. මේ මෑතදී ගෙනාපු, ඒ කියන්නේ ගෑස් ඔයිල් හයිසල්ෆර්. කොරල් ආයතනය, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කීයද දාලා තියෙන්නේ? බැරලය එක්සත් ජනපද ඩොලර් එකසිය හතළිස් හතරයි දශම අටයි, නවයයි දෙකයි. ඒ වගේම ප්‍රිමියම් එක, ඩොලර් විසි හතරයි. එක්කහු කලහම එකසිය හැට අටයි දශම අටයි, නමයයි දෙකයි.
එතකොට මේ සම්බන්ධයෙන් මම අද ගත්තා මේ සිංගප්පූර් ප්ලැට්ස් ප්‍රයිස්. සල්ෆර් ඩීසල්. හයි සල්ෆර්, ඩීසල් කීයද? ඩොලර් එකසිය විසි නමයයි. හැබැයි මෙතන කෝට් කරලා තියෙන්නේ කීයද? ඩොලර් එකසීය හතළිස් පහකට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ප්රිම්යම් එක, ඩොලර් විසි හතරයි. මේකෙන් පේන්නේ මොකක්ද? මෙතන බැරල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා.ප්‍රිමියම් එකෙන් පමණක් ඩොලර් විස්සක් පමණ වැඩියි ඩොලර් මිලියන හයක් පමණ අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ඩොලර් එකසිය හතලිස් පහට කරපු නිසා එතනිනුත් සෑම බැරලයකටම ඩොලර් දාසයක පමණ මුදලක් ලැබෙනවා.
ඒ වගේම මේ තත්වයට මේ රට පත්වෙන්න ප්‍රධාන වෙච්ච ආයතනයක් තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ කෝප් සභාවට ආපු වෙලාවේ අපි ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ ඩොලර් බිල් ගෙවන්නේ නැත්තේ කියලා. ඩොලර් බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන හතරකට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවට, මහජන බැංකුවට හිර කරලා, පහයි දශම පහ ගානේ පොළී ගෙවන්නේ ඇයි කියන එක. කවුද මේකට වගකිව යුත්තේ කියන එක. අන්න ඒකත් හොයන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා.
දෙදාස් විසි එක, විසි දෙක වසර වල බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන තරක පමණ ණයක් කැටි ගහලා ඒ ණය ලංකා බැංකුවට, මහජන බැංකුවට ලබා දීලා ඒ ආකාරයෙන් රටට ඩොලර් හිඟයක් ඇති වෙන විදියට ප්‍රධාන බැංකු දෙක බංකොලොත් වෙන තත්වයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තල්ලු කළේ කවුද කියන එක පිළිබඳව හොයන්න. මොකද රට බංකොලොත් භාවයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුවක් මේ විදිහට මේ බැංකු ක්ෂේස්ත්‍රය අඩපණ වීමට මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිල් නොගෙවා ඩොලර් අති විශාල ප්‍රමාණයක්, බිලියන හතරක පමණ ප්‍රමාණයක් හිර කර ගැනීම.
ඒ වගේම අපි කියනවා තව පරීක්ෂණයක් කරන්න. පහයි දශම පහක් පොලිය වැඩියි කියලා. සීයට තුනේ පොළියට ගේන්න පුළුවන් කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා ආයතනයකට ඩොලර් බිලියන දෙකයි දශම හයක් ගේන්න යෝජනාවක් ගෙනාවා. ඒකේ තිබුණා එකක්. ඩොලර් මිලියන එකසිය හැත්තෑ පහක එකක්. සීයට හතක එකක්. මේ එක කාටද ගියේ කියලත් හොයන්න. අන්න එතකොට මේවයේ අගමුල ඔක්කොම මහජනයාට දැනගන්න පුලුවන් වෙයි. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් විගණකාධිපතිවරයා හරහා කරන්න. ග්ලෝබල් කොන්සෙප් කියන එක බැලුවහම අන්තිමට රාජගිරිය පැත්තේ පුංචි තැනක් කියලා පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණා. ඒ නිසා ඒ ඩීල් එක කරගන්න බැරි වුණා. හැබැයි ඒ ඩීල් එක වුණා. මේ ඇමතිවරයාගේ කාලයේ නෙවෙයි, ඊට කලින් වුණා. ඒ ගැන හොයලා බලන්න කියලත් අපි බලශක්ති ඇමතිවරයාට කියනවා.
අපි කාටවත් මඩ ගහන්න යන එකක් නෙවෙයි. මේ තරුණ ඇමතිවරයා අමාරුවේ දාලා රාජ පුත්තුන්ට පාර කපන්න යන ගමනක් නෙවෙයි. ඒ වගේම මේ ආණ්ඩුව අමාරුවේ දාන්න යන ගමනක් නෙවෙයි. සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් හතළිහක්, පනහක් මේ විදිහට ගසා කනවා නම් ඒක ඉතාම වැරදියි. ඒ නිසා මේවට හේතු මොනවද? මේවා මොන ආකාරයටද සිදු වෙන්නේ කියන එක පිළිබඳව විධිමත් ආකාරයේ පර්යේෂණයක් ඔය රහස් පොලිසිය හරහා උසාවි වලට මිනිස්සු දක්වලා, බය වද්දලා නෙවෙයි. කෙළින්ම විගණකාධිපතිවරයා හරහා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. විගණකාධිපති විශේෂඥ සහය අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් මේ තෙල් ක්ෂ්ස්ත්‍රය පිළිබඳ දැනුම ඇති විශේෂඥයින්ගේ සහය ලබා ගන්න. ඒ සඳහා උදව් කරන්නත් අපි ලෑස්ති බව ප්‍රකාශ කරනවා."
Q&A: ඔබතුමා ඇතුළු කණ්ඩායමට දැන් බරපතළ චෝදනාවක් තියෙනවා. ඔබතුමන්ලා මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්, අඩුම ගානේ පැමිණිල්ලක් දාන්නේ නෑ. මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා ඊට පස්සේ මොකක් හරි එකක් දාලා කට වහගන්නවා කියන අදහස. ඇයි එහෙම කරන්නේ? ඔබතුමන්ලා වගකීම හෙළි කරනවා වගේම ගිහිල්ලා කරන්න හැකියාවක් නැද්ද?
"කවුරුත් මාධ්‍ය වල දැක්කා අපි පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. කෝප් එකට මාව පත් කළොත් මම මේවා නගනවා. ඒ වගේම මේ පැමිණිලි මේ රටේ කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ ගල් අඟුරු වංචාව ගැන, අල්ලස් දූෂණ එකට පැමිණිල්ලක් තිබුණා. මාවත් ගෙනාවා සාක්කියට. ගෙනල්ලා මොකද කිව්වේ? මේක නම් කෙරෙන වැඩක් නෙවෙයි කියලා එතන ඉන්න නිලධාරියා මට කිව්වා. මම කියනවා. අල්ලස් දූෂණ කොමිසමට මගේ ප්‍රකාශය දෙදාස් දාසයේ සිදුවෙච්ච සිදුවීම ගැන හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම මේ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා මම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට කිව්වා. එතුමා මේ ගැන පත් කළා. උපාලි අබේරත්න මහතාගේ මූලිකත්වයෙන්. මම සාක්කියක් දුන්නා. මතක තියාගන්න ඒ ගල් අඟුරු සිද්ධිය සම්බන්ධ වාර්තාව විතරක් ඔහු නිකුත් කළේ නැහැ. අනික් ඒවා සම්බන්ධයෙන් නිකුත් කළා.
ඉතින් ඒ නිසා මෙය පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද? මේ පැමිණිලි විභාග වෙන්නේ නැත්තේ කාගේ ප්රශ්නය මතද? පැමිණිලි කරලා තියෙනවා. කිසි තේරුමක් වෙලා නැහැ. ඒ පැමිණිලිවලට කිසිම වැඩක් වෙලා නැහැ. ඒ ආයතන සියල්ලම බලවතුන්ගේ අත යට තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. මම කියනවා අල්ලස් දූෂණ කොමිසමට ඒ දෙදහස් දොළහේ සිදුවෙච්ච වංචාව පිළිබඳව පැහැදිලි වාර්තාවක් විගණකාධිපතිවරයා නිකුත් කරලා තියෙනවා ලංකා ෆෝල් සමාගම එක්ක. මහින්ද රාජපක්ෂට බය නැතුව ඒ බිල් ගෙවන්න බැහැයි කියලා තමයි අපි එළියට බැස්සේ. ඒ බිල් අපි නෑ කියලා තමයි අපි එළියට බැස්සේ. අපට එරෙහිව ඒ කාලේ ඒගොල්ලන්ගේ පුත්තු පවත්වාගෙන ගිය පත්තර වලින්, පුවත්පතෙන් එහෙම ගැහුවා. නොයෙක් දේවල් සිද්ධ වුණා. ඒ එකකින්වත් අපි සැලුනේ නැහැ. අපි ඒ පිළිබඳ මහජනයාට ඇත්ත කතා කරලා ගියා. ඒවාට යුක්තිය ඉෂ්ඨ කරගන්න ගියා. නමුත් යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. නමුත් කවුරුත් මේ රටේ අය දන්නවා. මේ රටේ රාජ්‍ය දේපළ කොහොමද අපහරණය කළේ? කොහොමද මේ අය ජීවත් වෙන්නේ කියන එක කිසිම ආදායමක් නැතුව, කිසිම ආකාරයක රැකියාවක් නොකර, කොහොමද මේගොල්ලෝ ජීවත් කියන එක මේ මුළු රටම දන්නවා. හැබැයි මම කියනවා මේ දෙදාස් දොළහේ සිද්ධියට සම්බන්ධ සමාගම වන ටෝරියන් ආයතනයේම හිටපු පුද්ගලයෝම තමයි වෙනත් නමකින් සුප්‍රිම් සැට් නමින් දැන් ඇවිත් තියෙන්නේ. අර චන්ද්‍රිකාව ගුවනට යවන පට්ටපල් වංචාව. ඒක නිසා ඒ පිළිබඳව තියෙන විගණකාධිපතිගේ වාර්තාවට පිළිතුරු දීම ගල් අගුරු සමාගමත්, බලශක් අමාත්‍යංශයෙත් වගකීමක්."
ජාතික ලැයිස්තුවෙන් ගෝඨාභය පාර්ලිමේන්තුවට !
ධූරය අත්හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා යළිත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම මාසය අග භාගයේ හිටපු ජනාධිපතිවරයා යළිත් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එහිදී ඔහුගේ ආරක්ෂාව හා විදෙස් සංචාර සඳහා අවශ්‍ය රාජ්‍යතන්ත්‍රීක භාවය ලබාගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.
එහිදී ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්කිරීම වෙනුවෙන් වියත්මග සංවිධානය නියෝජනය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍ය සීතා අරඹේපොල ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක්, සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද මේවනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව අතර අනතුරුව ඔහු සිංගප්පුරුවට ගියේය. එහි වීසා කාලය අවසන් කල ගෝඨාභය රාජපක්ෂ මේ වන විට වෙසෙන්නේ තායිලන්තයේය.
මේ හැර ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට ගෝඨාභය වීසා අයදුම් කළ නමුත් ඒ රටවල් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
ජැක්සන්ගේ සුවදුක් බලන්න : ජනාධිපති රෝහලට !
ඉන්ධන ගෑස් ආහාර ඖෂධ ගෙනෙන්න : විදෙස් විනිමය තිබෙනවා !
රටට අවශ්‍ය ඉන්ධන ගෑස් සහ ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයිද ඔහු පවසයි.
උද්දමනය 70% කටත් වඩා වැඩි වෙතැයි උපකල්පනය කළ ද එම තත්ත්වය අඩුවී උද්දමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරයි.
රටේ අපනයන ආදායම වැඩි වෙමින් තිබෙන බවත් ආනයන පාලනයවීම නිසා ආනයන වියදම් අඩුවී ඇති බවත් පැවසු ඔහු මූලික අවශ්‍යතා ටික කළමනාකරණය කර ගැනීමට තරම් මේ වන විට අපට හැකියාවක් තිබෙන බව ද බැංකු ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමක පාලනය වී ඇතැයි ද පැවැසීය.
චීන හිතවාදී අලුත් සන්ධානයක් !
සජබ කණ්ඩායම ගියොත් : සජිත්ගේ විපක්ෂ නායක ධූරය හබක් !
සර්ව පාක්ෂික පාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් නව කැබිනට් මණ්ඩලයක් එළැඹෙන සතියේ පිහිටුවීමට නියමිත බවත් ඒ සමග විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස ගේ ධුරයත් අර්බුදයට යාමේ අවධානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් රැසක් මෙහිදී නව ආණ්ඩුවේ වගකීම් ගැනීමට නියමිත ය.
කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වය හැර එහි අනෙක් පිරිසක්ද නව ආණ්ඩුවේ තනතුරු ලබාගන්නට සූදානමින් පසුවන බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 කට ආසන්න පිරිසක් සමගි ජනබලවේගය සන්ධානයේ සිට ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවය.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .
එසේම ආණ්ඩුව සමග සම්බන්ධවීමට යෝජිත මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .
මේ ආකාරයට මන්ත්‍රී පැතිමාරුව සම්බන්ධයෙන් සජබ නායකත්වයට නිසි තක්සේරුවක් නොමැති බවත් ඒ හමුවේ විපක්ෂ නායක ධූරය අහිමි වන තත්ත්වයක් වුවත් මතුවිය හැකි බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මර්වින්ට පිං පළ දෙයි : ඇප නැතුවම නිදහස් !
ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදීමට අදාළ සිදුවීමෙන් වසර 15කට පසු නීතිපති උපදෙසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්විල් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරීම අනවශ්‍ය බවත් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් සඳහන් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
එහිදී අධිකරණය සඳහන් කර ඇත්තේ කැලණියේ හරක් මැරීම නතර කළ අදාළ සැකකරුට ඇප අවශ්‍ය නැති බව ය.
ජාතික රූපවාහිනී සංස්ථාවට 2007 වසරේදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් නඩුවිභාගයක් මේ වන විට අධිකරණයේ විභාග වන අතර මෙතෙක් කලක් ඔහුව සැකකරුවෙක් ලෙස නම්කර තිබුණේ නැත.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වසර 15කට පසු උපදෙස් දෙන්නේ එම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස මර්වින් සිල්වා නම් කරන ලෙසය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මර්වින් සිල්වා මහතාව අද උදෑසන අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මහේත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ අදාළ නඩුව ලබන 16 වෙනිදා නැවත කැදවන බවය.
ඇමති කාංචන CID සහය පතයි !
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් සිදුකර ඇත .
විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ මේ බව සඳහන් කර සිටියේය .
ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .
22 ට එරෙහිව පෙත්සම් 9ක් !
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත.
වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත .
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම් කර ඇත .
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති බවත් මෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම් කරුවන් සිය පෙත්සම් පෙත්සමෙන් පෙන්වා දී ඇත.
අහුවෙන්න එපා : ජාතිවාදීන් යළිත් කරලියේ !
බෙදුම්වාදයට අරමුදල් සහ වෙනත් ආකාරයෙන් උදව් කරනු ලබන සංවිධාන 6ක තහනම ඉවත් කරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවේ එකගතාවයක් ඇතිව බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
ඔහු මේ අදහස් පළකලේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අවස්ථාවාදී ජාතිවාදී ආගම්වාදී තුරුම්පු හැමදාමත් මෙරට ජාතික සංහිඳියාව විනාශ කළ බවත් මේ මොහොතේ ද එහිම දිගුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරන බවයි.
ජනතාව ඉතිහාසයේ දරුණු ආර්ථික අර්බුදයක ගිලීගොස් ඇති අවස්ථාවේ එයින් ජනතාව මුදා ගැනීමට සියලු පාර්ශ්ව එක්කර ගතයුතු මොහොතේ මෙකී අවස්ථාවාදී ප්රවණතාවන් සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වියයුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.
එක් පසෙකින් ජාතිවාදී ආගම්වාදී මත ප්‍රචාරය කරමින් අනෙක් පසින් අර්බුදය විසඳීමට අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ද අකුල් හෙළන මේ සුළුතරය නොතකා ඉදිරියට යාමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් පවසයි .
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් මෙසේද පවසයි .
" ජාතිවාදී ආගම්වාදී තුරුම්පු පටු දේශපාලන අවස්ථාවාදී බව හැර වෙනත් කිසිම දෙයක් ජනතාවට ලබාදී නෑ. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ජනතාවගේ හැඟීම් වලට . ඔවුන් පවතින්නේ හැඟීම් වලට ගිනි තබමින්. ඒ තුළ සමස්ත ජනතාව ලබන දෙයක් නෑ . උපරිම ප්‍රතිඵලය තමයි ලේ කඳුළු සහ දුක. ඒ වගේම කුසගින්න , දිළිදු බව සහ ගැතිකම. මේ වෙනකොටත් පාලකයන් ඔවුන්ගේ පදයට නැටීමේ ආදීනව සමස්ථ ජනතාව භුක්ති විඳීමින් ඉන්නේ . තවදුරටත් මේ වලේ වැටෙන්න නරකයි . සියලු දෙනා මේ පසුගාමී මැදිහත්වීම පරාජය කරන්න ඕන .
ජාතිවාදී ආගම්වාදී තුරුම්පු කවදාවත් ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදී නෑ . එහෙම දෙයක් තියෙනවා නම් පෙන්වන්න. ඔවුන් ඉතිහාසය, ධීරවීර යුග ගැන සුරංගනා කතා කියනවා. හැබැයි ඒකෙන් එක වේලක් ජනතාව ජීවත් කරවීමට හැකියාවක් නෑ "
ගෝඨට එන්න ඉඩක් හදලා දෙන්න : බැසිල් ජනාධිපතිගෙන් ඉල්ලයි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සලසන ලෙසත් එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිතුමා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉල්ලා ඇත.
ඒ පොදුජන පෙරමුණ අද ( 18) පස්වරුවේ නිල සාකච්ඡාවක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවු අවස්ථාවේ ය.
මීට පෙර අවස්ථා කිහිපයකදී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් ඇතුළු නායක ස්වාමීන්වහන්සේලා කිහිපනමක්ම මේ ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් සිදුකර තිබේ.
අද පැවති සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගිව ඇත.
ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන හා ශමල් සෙනෙවිරත්න සහභාගි වී ඇත.
ජනාධිපති කාර්යාලයේදී මේ සාකච්ඡාව පැවැත්වුණු අතර පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .
ජුලියන් බෝලිං සහ ජොනතන් මාටින්ස්ටයින් සීඅයිඩියට
ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ.
ඒ, පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
ඒ අනුව ඔවුන් අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට පෙර එම නිවාස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට මොවුන් ද සහභාගී වී ඇති බවත්, ජොනතන් මාටින්ස්ටයින් නිවාස තුලට බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සහ කර ඇති බවත් පොලිසිය පවසයි.
රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරිමට කටයුතු කළ පුද්ගලයන් අතරින් ජුලියන් බෝලි ද කෙනෙකි.
ඊට අදාළ පෙත්සම මේවනවිට විභාග වෙමින් පවතින අතර, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් පනවා ඇත.
රනිල් මාව දන්නවා - මම රනිල්ව දන්නවා : සිරිසේන U turn !
වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .
වත්මන් ජනාධිපතිට අර්බුදය විසඳීමට හැකියාව ඇතිද යන්න බැලීමට කාලයක් ලබාදිය යුතු බවත් ඔහු පවසයි .
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත .
සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් වැඩිදුරටත් සඳහන් කර ඇත .
.
සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් : කර්මාන්තයත් හිස ඔසවයි !
මෙම මාසයේ මුල් සති දෙක තුළ සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ අගෝස්තු පළමු සති දෙක තුළ සංචාරකයන් 17,000ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවය.
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කරන ආකාරයට මේ වනවිට දෛනිකව සංචාරකයන් 1,600ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණෙමින් සිටින බවය.
ඒ අනුව දිගු කළකට පසුව සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් ඇති බව ඇය සඳහන් කරයි.
ඉකුත් මැයි මාසයේදී දෛනික සංචාරකයන්ගේ පැමිණීම 650ක් දක්වා ඉතාම අවම අගයක පැවති බවත් අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත .
කොරෝනා වසංගතයට පෙර සංචාරක කර්මාන්ත හරහා මෙරටට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 4ක පමණ ආදායමක් හිමිවිය.
කොරෝනා වසංගතය පැමිණි පසු සංචාරක කර්මාන්තයෙන් එතෙක් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම අහිමි විය. ඒ අනුව 2020, 2021 හා 2022 යන අවුරුදු තුනේදී සංචාරක කර්මාන්තයෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 12ක් පමණ රටට අහිමි වී තිබේ.
ඒ අනුව යළිත් මේ තරමින් හෝ සංචාරක කර්මාන්ත හිස එසවීම වැදගත් ය. එයින් විදෙස් විනිමය අර්බුදය සමනය කරගන්නට සුවිශේෂ දායකත්වයක් ලැබෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් සහ විදුලිය , ඉන්ධන , ආහාර ප්‍රමාණවත් ලෙස ඇත්තේ නම් සංචාරක කර්මාන්තය යළි හිස එසවීම දුෂ්කර නොවන බවය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය බලය ලබාගෙන මාසයක් පමණ කාලයක් ගතවෙන අවස්ථාවේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිට ක්‍රමයෙන් එයින් මිදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට මේ හේතු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.
එසේම වැඩි වූ විදුලි ගාස්තු වලින් පවා සංචාරක කර්මාන්තයට සුවිශේෂ සහනයක් සපයා ඇති බවත්, ආර්ථිකයේ සෑම ක්ශේත්‍රයක්ම වසර දෙකක් තුළ කඩා වැටී නැත්තටම නැතිවී ඇති අති දුෂ්කර පසුබිමක මේ ආකාරයට ආර්ථිකයේ මර්මස්ථාන ක්රමික ලෙස වර්ධනය කරවමින් මෙහෙයවීම අතිශය වැදගත් බවත් ඔවුන් පවසයි .
S.L.ශ්‍යාම්
Page 267 of 440