පුවත්
විදුලි බිලට සමගාමීව ජල බිලත් අඩු කෙරේ !
යෝජිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර අද (11) මහනුවරදී මාධ්‍ය අමතමින් ය.
ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට රජය වශයෙන් පියවර ගනිමින් සිටින බවද එහිදී සඳහන් කළ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .
"මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා."
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ 03 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරියේ කැබිනට්ටුවට !
ශ්‍රී ලංකාවේ 3 වන විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශ්වීය වැඩමුළුව කොළඹ රේණුකා හෝටලයේදී ඊයේ (10) පැවැත්විණි.
දේශපාලන අභියෝග, කොවිඩ් හා ආර්ථික අර්බූද හමුවේ 2019 වසරේ දී ඇනහිටි මෙම ක්‍රියාවලිය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය සහ සිවිල් සංවිධාන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හා සර්වෝදය එක්ව නැවත ආරම්භ කරනු ලැබීය.
“විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුල පිරීමකි.
2011 වර්ෂයේ ආරම්භ කරන ලද විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් 75ක් මෙන්ම ප්‍රාදේශීය පාලන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් සම්බන්ධ වී කටයුතු කරයි.
විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත අවස්ථාව ලබා දෙමින් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙමඟින් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත අවස්ථාව ලබා දෙනු ලැබීය.
ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලද මහජන සමීක්ෂණයෙන් රැස්කරගත් මහජන අදහස් හා යෝජනා මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහ සර්වෝදය යන ආයතන විසින් සිවිල් සංවිධාන සමඟ සිදුකරන ලද සාකච්ඡා වල දී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ද පදනම් කරගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ හර සංකල්ප වන සහභාගීත්වය සහ සම-නිර්මාණය අනුව යමින් 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත විය යුතු බැඳීම් සහ කැපවීම් හඳුනා ගැනීම මෙහිදී සිදු විය.
එහිදී ප්රමුඛ ක්ෂේත්‍ර ලෙස අල්ලස සහ දූෂණය පිටු දැකීම, මහජන සේවාවන් සැපයිම වැඩිදියුණු කිරීම, පොදු සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, ව්‍යාපෘති ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ විවිධ ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ ජාතික කේන්ද්‍රීය නිලධාරී, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කර සිටියේ මෙම වැඩමුළුවේ දී මතු වූ අදහස් වැඩිදුරටත් විශ්ලේෂණය කර නිශ්චය කිරීම සඳහා රජය සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡා මාලාවක් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව සම්පාදනය කරගන්නා විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ 3වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද චන්දිමා වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
පවත්නා ක්‍රමවේදයන්හි විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ පියවර, සාර්ව දේශපාලන හා ආර්ථික සහ තිරසරභාවය වැඩිදියුණු කිරීමේ පියවර මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන පියවර මෙම වාර්තාවට ඇතුළත් වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ ජාතික කේන්ද්‍රීය ආයතනය (National Focal point) ලෙස කටයුතු කරන ජනාධිපති කාර්යාලය ප්රමුඛ රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් 110කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
රංගේ බණ්ඩාර යළි එජාප මහ ලේකම් ධුරයට
එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂය සඳහා එජාපයේ මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර යළිත් පත්කර තිබේ.
පාලිත රංගේ බණ්ඩාර මේදිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පක්ෂ නායකයා විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය, සිරිකොත පක්ෂ මුලස්ථානයේදී, ප්‍රධාන විධායක අධ්යක්ෂ ශමල් සෙනරත් විසින් බාර ගෙන ඇත.
2023 වර්ෂය සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලය පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත්කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ නායකයාය. සෙසු අනෙකුත් සාමාජිකයින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කළ යුතුය.
මේ අතර ඉදිරි ජාතික මැතිවරණ ඉලක්කකර ගනිමින් ඒ සඳහා එජාප මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
නව පාසල් වාරය ආරම්භයට පෙර නිල ඇඳුම්
නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවත් පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟ ව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්රදානය ලබා දුන් බවත් මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් පැවසී ය.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං විසින් චීන ප්රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට අද (11) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දී ය.
මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන් ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ය.
මීට අමතර ව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය ද චීන රජය මෙරටට ප්රදානය කරන බව මෙහි දී කී අමාත්‍යවරයා, තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේ ය.
රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ ය.
එමෙන් ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින් ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.
ඈන් කුමරිය ජනපති හමු වෙයි
මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ සුහද කථා බහකට එක් විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ටයිම් අරගෙන රනිල් සටනට : සජබ 2ක් සමඟත් සාකච්ඡා !
ඔන්න 09 වෙනි සඳුදා ජනාධිපති කාර්යාලේ තිබුන UNP මැනේජ්මන්ට් කමිටි එකේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පැවැත්වීම ගැන තමන්ගේ ස්ථාවරය කියලා.
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසේ අගදී තියනවා කියලා , ජනධිපති එයාගේ UNP සගයින්ට කියලා . ඒ විතරක් නෙමෙයි, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී තියනවා කියලත් දන්වලා.. ඒ වගේම 2025 මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය තියන බවත් කියලා.
තමුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයකු විදියට කියලා ජනාධිපති වික්‍රමසිංහ මෙතනදී අවධාරණය කරලා.. .
මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා, පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු නිසා, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් දැනුම්දීලා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු, ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කරන්න තීන්දු කරලා.
ඒ අනුව UNP එකේ පළමු මහජන රැලිය ජනවාරි මැදදී ගාල්ලේ තියමු කියලා වජිර යෝජනා කරලා. රවී කියලා තියෙන්නේ මැද කොළඹින් පටන් ගමු කියලා . ඒ අස්සේ නුවරින් පටන්ගමු කියල නවීන් යෝජනා කරලා. කොහොම වුනත් පළමු රැස්වීම තියන්නේ කොහෙද කියලා තාම අවසන් තීරණයක් අරගෙන නෑ.
ඔන්න ඒ අස්සේ ලන්සලගේ - අනුරයාපලගේ අලුත් සන්ධානෙත් ගේමට බැහැලා . ''රනිල් යළි ජනාධිපති කරමු '' කියලා එයාලගේ පළමු මහජන රැලිය තියන්න යන්නේ.
ජනවාරි 27 වෙනිදා ජා ඇලදී ..
- දේශපාලන වාර්තාකරු
TIN අංකය උපතේදීම ලබාදිය යුත්තක් !
TIN අංකය යනු ඉපදුනු දිනයේ සිට දරුවකෙුට ලබා දිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි.චන්දන පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (09) කොළඹදී පවත්වනු ලැබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේ TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හැකි ඉක්මණින් අදාළ අයැදුම්පත් භාරදීමට ක්‍රියාකරන ලෙසත් ය.
විදුලි බිල අඩු කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට !
2024 ජනවාරි මාසයේදී විදුලි බිල අඩුකිරීම සඳහාවූ යෝජනා සම්බන්ධයෙන් වන වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබෙන අතර එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙන්න කියා මෙම වාර්තාවෙන් විශේෂයෙන් යෝජනා කර තිබෙන බවය.
ඊට අමතරව සූර්ය පැනල සඳහා ඇති වැට් බද්ද ඉවත් කිරීම, නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහන ලබාදීම, විදුලි ගාස්තු ගෙවීම සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වාදීම ආදී යෝජනා ද ඊට ඇතුළත් බවත් සඳහන් විය.
“මම ඔස්ටින්“ කෘතිය ජනපතිට !
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ස්වයං ලිඛිත චරිතාපදානයක් වන මෙම කෘතිය මඟින් රාජ්‍ය සේවයේ හා දේශපාලන ක්රියාකාරීත්වයේ කදිම විවරණයක් සිදු කර ඇත.
සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේය.
රාජ්‍ය සේවයේ ඉහළ වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාරවල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මතභේදාත්මක සිදුවීම්වල ජීවමාන සාක්ෂිකරුවකු බවටද පත්ව තිබේ.
ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්රය පිළිබඳව ජනමාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය වටහා ගැනීමට මේ කෘතිය අවස්ථාවන් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ මෙන්ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ්වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වයද, දුර්වලත්වයද, සංකීර්ණත්වයද දැකිය හැකිය.
‘මම ඔස්ටින්’ කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන්ම කාලෝචිත සමාජ කතිකාවතකි.
රට ගොඩනඟන රජයේ වැඩ පිළිවෙලට පක්ෂ භේදයෙන් තොරව සහය දෙන්න !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පැවසීය.
සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මෙසේ ද පැවසීය.
අප රට 2020 වසරේ සිට බරපතල ගැටලු දෙකකට මුහුණ දුන්නා. පළමු වැන්න කොවිඩ් වසංගතයයි. ඉන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වන විට විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඉතා කෙටි කාලයක් තුළ එවැනි අභියෝග දෙකකට අපි මුහුණ දී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ නිසා අප දැන් එම ආර්ථික අවපාතයෙන් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. නමුත් එය සම්පූර්ණ වී නැහැ. එම තත්ත්වය පරිපූර්ණ වීමට නම්, අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එම සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි.
එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේ ම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා.
වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.
ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්ණවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි.
අපේ සමාජයේ යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩනැගීමෙන් පමණයි.
සත්‍ය සහ ප්රතිසන්ධානය වෙනුවෙන් : නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසයි !
සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.
ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරේ.
නැගෙනහිර පළාත් වැඩසටහනේ පළමු අදියර ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණු අතර ත්‍රිකුණාමල පදවියේ රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය වතිනි දේවදාසන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, ආචාර්ය රාමනාත් ශ්රීඥානේශ්වරන් යන මහත්වරු ඇතුළු පළාතේ සිවිල් සමාජ ක්‍රියාකාරිහු රැසක් සහ මුතුර් සන්තෝෂපුරම් හි ආදිවාසී ජනතාව ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සමඟ එම අදහස් විමසීම සිදු කරන ලදී.
මේ අතර සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ සාමාජිකයින් මඩකලපුවේදී ද අදහස් විමසීමේ වැඩසටහනක් පැවැත්වු අතර, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ප්රභාකරන් මහතා ඇතුළු පීඨාධිපතිවරුන් සහ අධ්‍යයන සහ විධායක කාර්ය මණ්ඩල සාමාජිකයන් ද, මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජයේ සභාපති එස්. මාමංගරාජා මහතා සහ එහි සාමාජිකයින්, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ආයතන සම්මේලනයේ ලේකම් ඒ.එල්.එම්.සබීල් මහතා ඇතුළු සාමාජිකයින් සමඟ එහිදී සාකච්ඡා කළහ.
එසේම සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම කල්මුණේ ප්‍රදේශයට ගොස් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් ටී.ජේ.අතිසයරාජ් මහතා සහ සිවිල් සමාජ නියෝජිතයන් ද, අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. රමීස් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක සාමාජිකයින් සමඟ ද සාකච්ඡාවක නිරත වූහ.
සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ නැගෙනහිර පළාත් වැඩසටහන අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරයේ දී එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි නාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් විය.
පාර්ලිමේන්තු පනතක් මගින් සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර, යෝජිත කොමිෂන් සභාවට පදනම සැකසීමේදී සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය, 2024 ජනවාරි මස 2 වැනි දින ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති යෝජිත පනතේ ප්‍රධාන ලක්ෂණ සහ යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් සහ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවලදී සිදු විය.
මෙහිදී සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් 1983 සිට 2009 දක්වා කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා යෝජිත පනත් කෙටුම්පතෙහි අරමුණ පැහැදිලි කළ අතර මෙම පනත් කෙටුම්පත සමාලෝචනය කර ඔවුන්ගේ අදහස් ද මේ සඳහා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී.
අදාළ කෙටුම්පත සකස් කිරීමේදී ඔවුන් විසින් මතු කරන ලද ගැටළු සහ යෝජනා පිළිබඳ නිසි අවධානය යොමු කරන බවද සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලදී.
එමෙන්ම මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ නැගෙනහිර පළාතේ ජනතාවගේ ගැටළු සහ ඔවුන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳ අදාළ බලධාරීන්ගේ නිසි අවධානයට යොමු කරන බව ද සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම මෙහිදී දන්වා සිටියහ.
සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර් අසංග ගුණවංශ මහතා සහ එහි ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී, ආචාර්ය යුවී තංගරාජා, ජ්‍යෙෂ්ඨ විධායක (ප්‍රතිපත්ති) අසිෆ් ෆුවාඩ්, විධායක (මහජන සම්බන්ධතා) දිනුෂි ද සිල්වා, විධායක (මහජන සම්බන්ධතා) සෞම්‍යා වික්‍රමසිංහ, විධායක (තොරතුරු තාක්ෂණ) චරිත් ප්‍රනාන්දු සහ සම්බන්ධීකාරක සරත් කොතලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් සැකකරුවන් යළිත් රිමාන්ඩ් !
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනුලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ විමර්ශනවලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ සැකකරුවන් ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
චමින්ද ඉල්ලා අස්වෙන්න ලක්ෂ 900ක් අරගෙනද : හොයලා බලන්න - මහින්දානන්ද !
සමගි ජන බලවේගග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වී ඇත්තේ රුපියල් ලක්ෂ නවසීයක් ලබාගෙන බවට පළවන මාධ්‍ය වාර්තා ගැන සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා සිටියි.
චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ ප්‍රකාශ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම හෑල්ලුවට ලක්ව ඇති බවද මහින්දානන්ද මන්ත්‍රීවරයා පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද (10)මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර විජේසිරි මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු ධුරයට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටින්නේ ද්විත්ව පුරවැසික් බවද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
‘ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ , එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා.
මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා මින්ස්සු අතර ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.
හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේන් පසුව ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අරගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොද නැහැ.
ද්විත්වපුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ කරන ප්‍රකාශ හොද නැහැ. ඒගැන හොයා බලන්න කියා මම ඉල්ලා සිටිනවා.’
පාරිභෝගිකයන් රවටා අයුතු ලාභ ලැබුවොත් වැඩ වරදියි !
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.
ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළේ, මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
මෙම සම්මන්ත්‍රණය රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ ජනමාධ්‍යවේදීන් ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරිම සඳහා ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේද පැවසීය .
කුමන ආර්ථික මට්ටමක සිටියත් මේ කාලය සෑම පුද්ගලයකුට ඉතා අසීරු කාලයක් බව කිව යුතුයි. සෑම පුද්ගලයකුගේම ආදායම අඩුවී වියදම වැඩිවී ඇති නිසා දුෂ්කරතාවන් මතුව තිබෙනවා. රටම මුහුණ දී සිටින ප්රශ්නය අවබෝධ කරගෙන ඒ සඳහා රජය ගෙනයන මේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා බදු පදනම පුළුල් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටිනවා. ඒ තුළ මෙතෙක් 20% ක්ව පැවති සෘජු බදු ප්‍රතිශතය 30%ක් දක්වා ක්රමාණුකූලව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෘජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා තවදුරටත් වැඩි කිරීමට මේ වන විට රජය සැලසුම් කර තිබෙනවා. එතුළින් වක්‍ර බදු ප්‍රතිශතය ඉදිරියේදී අඩු කිරීමේ හැකියාව රජයට තිබෙනවා.
ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලැබීමේ නිරත වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා ද නීති දැඩිව ක්‍රියාත්මක කරනවා.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ බදු පිළිබඳ උපදේශිකා තනූජා පෙරේරා :
ව්‍යාපාරිකයන් විසින් සෑම මාසයකට වරක් වැට් බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි. ඒ අනුව ජනවාරි මස 01දා සිට 31 දින දක්වා අය කරන වැට් බදු ප්‍රමාණය ව්‍යාපාරිකයන් විසින් පෙබරවාරි මස 20වෙනි දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුයි.
එලෙස නියමිත පරිදි අය කර ගත් වැට් බදු එම දෙපාර්තමේන්තුවට ලබා නොදෙන්නේ නම් එවැනි අයට එරෙහිව වැට් බදු පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා.
වැට් බදු අය කිරීමට සුදුසුකම් ලබන ව්‍යාපාරික ස්ථාන හඳුනා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන බලපත්‍රය අනිවාර්යයෙන්ම වෙළෙඳ සැල්වල ප්‍රදර්ශනය කළ යුතුයි. වැට් බදු අය කර නිකුත් කරන බිල්පත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කරන ආකෘතියකට අනුව සෑම බිල්පතක්ම සකස් කොට පාරිභෝගික ජනතාවට නිකුත් කළ යුතුයි.
මීට අමතරව වැට් බදු අය කිරීමට ලියාපදිංචි නොවී පාරිභෝගිකයින්ගෙන් එම මුදල් අයකර ගෙන යටි මඩි ගසා ගන්නා කූඨ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. එවැනි වැරැදි කරන පුද්ගලයින් දඩ මුදල් සහ අයකර ගත් වැට් බදු මුදල් රජයට අය කර ගැනීමටත් ක්‍රියා කරනවා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :
අද සමාජයේ දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් බවට මෙම වැට් බදු සංශෝධනය පත්වී තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කළා. ඒ අනුව 2024 අයවැය කියන්නේ මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුනත් මේ ඉදිරිපත් කළ සාධනීය අයවැය පිළිබඳ නිසි කතිකාවක් සමාජය තුළ සිදු නොවුනහොත් ඒ තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ මහපෙළොව තුළ යතාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. වැට් බදු පිළිබඳ මෙවැනි සම්මන්ත්රණ පවත්වනු ලබන්නේ ද ඒ නිසයි.
මෙම වැට් බදු සංශෝධනය පිළිබඳ බොහෝ වැරදි මත සමාජගත වී තිබෙනවා. වැට් බද්ද වැඩි වන්නේ 15% සිට 18%ක් දක්වා බව අපි සෑම කෙනෙක්ම දන්නවා. වැට් බද්ද පවතින භාණ්ඩවලට 3%කින් වැඩි වූ නමුත් 0% සිට 18%ක් දක්වා වැඩි වූ භාණ්ඩ ප්‍රමාණයකුත් මේ අතර තිබෙනවා. පැනවූ බද්ද 18%ක් වුනත් බදු ගැලපුම් නිසා ඒ ප්‍රමාණයෙන්ම නොවී ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවුණු භාණ්ඩත් මේ අතර තිබෙනවා. ඒ නිසා මේ වැට් බද්ද පිළිබඳව සාමාජය තුළ නිසි කතිකාවක් ඇති වීම වැදගත් වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි.එරන්ද :
වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව අපට නිරීක්ෂණය වි තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් ආර්ථිකයට එකතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ වනවිට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2% ක ප්‍රතිශතයක් ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමිවන බදු ප්‍රමාණය දෙවෙනි බදු කාන්දුවයි. බදු නිදහස් කිරීම් මගින්ද බදු කාන්දුවීම සිදුවෙනවා. මේ බදු කාන්දුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගත හැකියි.
2019 වසරේ මුල් භාගයේදී වැට් බද්ද පැවතුණේ 15%ක අගයකයි. 2020 දි එය 8% දක්වා අඩු කළා. එය 2020,2021හා 2022 යන වර්ෂ තුනේදීම එම අනුපාතයෙන් පැවතුණා. වැට් බද්ද 8%ක් දක්වා අඩුවූ පමණින් 2020දි බඩු මිල අඩු වුණේ නැහැ. මේ අවුරුදු තුන තුළ බිඳවැටුණු ආර්ථිකයේ නැග්මක් ඇතිකිරීම වැට් බද්ද 15% ක තබාගෙන කළ නොහැකියි. ඒනිසා 18% ක් දක්වා වැට් බද්ද වැඩිකර ආර්ථිකයේ නැග්මක් ඇති කළ යුතුයි.
මේ වන විට වැට් බදු අයකර ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික ආයතන සංඛ්‍යාව දහතුන්දහසක් පමණ වන අතර එය ඉදිරියේදී පනස් දහසක් බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.
ICC ප්‍රධානියා සහ අමාත්‍ය හරීන් අතර හමුවක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් අද පැවැත්විය.
නිවේදනයක් නිකුත් කරමින් යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි හමුවක් බවට එය පත්වූ බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩිස් ශ්‍රී ලංකාවට පැමිණියේ අද පෙරවරුවේ ය.
මේ අතර, ජෙෆ් ඇලඩිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද අද සවස සිදුවීමට නියමිත බවද අදාල නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
ඈන් කුමරිය දිවයිනට
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (10) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය .
ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබූ අතර අද පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
එතුමිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව හරිස්චන්ද්‍ර , නිවුස්ටෙඩ් බාළිකා , විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල් වල කුඩා සිසුන් පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියහ .
ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ ( Golden Book ) හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වූවාය .
එහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇගලුම් කම්හලක් නිරීක්ෂණයට ද පැමිණියාය .
පොන්නම්බලම් අරුණාචලම් ගේ “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවෙනවා !
නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.
ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි.
මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක් විය.
පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
හිටපු අමාත්‍ය ඩී. එම් ස්වාමීනාදන් මහතා සහ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සජිත් ආයෙත් මොළේ තරම පෙන්වයි !
හූති කැරලිකරුවන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.
රට බංකොලොත්වී ඇති අවස්ථාවක මෙසේ කටයුතු කිරීම වැරදි බව පවසමින් විපක්ෂ නායක මෙසේ පැවසුවේ අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින්ය .
මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් මෙහිදී ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේ පැවසීය .
අපි ලෝකයේ ත්රස්තවාදයට විරුද්ධයි. අපිට ගෝලීය වගකීම ඉෂ්ට කරන්න වෙනවා. ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියේ මිලියන 800 ක් දුප්පතුන් ඉන්න වෙලාවක. නමුත් ඒ රටේ මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. සමුද්රි ආරක්ෂාව ගැන අපි වගකියන්න ඕන. දැනටමත් අපි ගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක ගේ ජාත්‍යන්තර සම්බන්ධතා මෙන්ම ඒ තුළ මෙරට අත්පත් කරගත යුතු භූමිකාව පිළිබඳව මෙලෝ හසරක් නොමැතිව මෙවැනි ප්‍රකාශ සිදුකරන බවක් පෙන්නුම් කරන බවය.
විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ගේ භූමිකාව කොතරම් පිරිහීමකට ලක්ව ඇති බව තේරුම් ගැනීමට ඔහුගේ මේ ප්‍රකාශය පමණක් වුවත් සෑහෙන බවත් , විපක්ෂ නායකට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනප්‍රිය දේශපාලන විවේචන එල්ල කරමින් සිටීම පමණක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.
Page 92 of 440