සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් නැගෙනහිර පළාතේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.
ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරේ.
නැගෙනහිර පළාත් වැඩසටහනේ පළමු අදියර ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණු අතර ත්‍රිකුණාමල පදවියේ රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය වතිනි දේවදාසන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, ආචාර්ය රාමනාත් ශ්රීඥානේශ්වරන් යන මහත්වරු ඇතුළු පළාතේ සිවිල් සමාජ ක්‍රියාකාරිහු රැසක් සහ මුතුර් සන්තෝෂපුරම් හි ආදිවාසී ජනතාව ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සමඟ එම අදහස් විමසීම සිදු කරන ලදී.
මේ අතර සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ සාමාජිකයින් මඩකලපුවේදී ද අදහස් විමසීමේ වැඩසටහනක් පැවැත්වු අතර, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ප්රභාකරන් මහතා ඇතුළු පීඨාධිපතිවරුන් සහ අධ්‍යයන සහ විධායක කාර්ය මණ්ඩල සාමාජිකයන් ද, මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජයේ සභාපති එස්. මාමංගරාජා මහතා සහ එහි සාමාජිකයින්, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ආයතන සම්මේලනයේ ලේකම් ඒ.එල්.එම්.සබීල් මහතා ඇතුළු සාමාජිකයින් සමඟ එහිදී සාකච්ඡා කළහ.
එසේම සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම කල්මුණේ ප්‍රදේශයට ගොස් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් ටී.ජේ.අතිසයරාජ් මහතා සහ සිවිල් සමාජ නියෝජිතයන් ද, අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. රමීස් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක සාමාජිකයින් සමඟ ද සාකච්ඡාවක නිරත වූහ.
සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ නැගෙනහිර පළාත් වැඩසටහන අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරයේ දී එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි නාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් විය.
පාර්ලිමේන්තු පනතක් මගින් සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර, යෝජිත කොමිෂන් සභාවට පදනම සැකසීමේදී සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය, 2024 ජනවාරි මස 2 වැනි දින ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති යෝජිත පනතේ ප්‍රධාන ලක්ෂණ සහ යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් සහ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවලදී සිදු විය.
මෙහිදී සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් 1983 සිට 2009 දක්වා කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා යෝජිත පනත් කෙටුම්පතෙහි අරමුණ පැහැදිලි කළ අතර මෙම පනත් කෙටුම්පත සමාලෝචනය කර ඔවුන්ගේ අදහස් ද මේ සඳහා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී.
අදාළ කෙටුම්පත සකස් කිරීමේදී ඔවුන් විසින් මතු කරන ලද ගැටළු සහ යෝජනා පිළිබඳ නිසි අවධානය යොමු කරන බවද සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම විසින් පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලදී.
එමෙන්ම මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ නැගෙනහිර පළාතේ ජනතාවගේ ගැටළු සහ ඔවුන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳ අදාළ බලධාරීන්ගේ නිසි අවධානයට යොමු කරන බව ද සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ කණ්ඩායම මෙහිදී දන්වා සිටියහ.
සත්‍ය සහ ප්රතිසන්ධානය පිළිබද අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර් අසංග ගුණවංශ මහතා සහ එහි ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී, ආචාර්ය යුවී තංගරාජා, ජ්‍යෙෂ්ඨ විධායක (ප්‍රතිපත්ති) අසිෆ් ෆුවාඩ්, විධායක (මහජන සම්බන්ධතා) දිනුෂි ද සිල්වා, විධායක (මහජන සම්බන්ධතා) සෞම්‍යා වික්‍රමසිංහ, විධායක (තොරතුරු තාක්ෂණ) චරිත් ප්‍රනාන්දු සහ සම්බන්ධීකාරක සරත් කොතලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.