පුවත්
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කෙරේ
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (ඔක්. 24) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව, නොවැම්බර් 06 වන දා සිට බස්නාහිර පළාත තුළ සියලු ම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ.
දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 6 වන දා සිට 13 වන දා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රිරෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වන දා වන විට සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලිසියේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිත ය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට තිබේ.
ඇමති විජේදාසට : පරණේගෙන් ප්‍රශ්නයක් ?
බොහෝ බාධක මැද්දේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහාය දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහි පැසසුම් ලැබීමටත් පෙරම තම අභිමානය කෙලෙසාගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන පවසයි.
රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ගෙන්, දේශපාලඥයන්ගෙන් මුදල් ගසා කෑ තිළිණි ප්‍රියමාලි වෙත නීතියෙන් උපරිම දඬුවම් ලබදීමට කටයුතු කරනවා වෙනුවට අධිකරණ අමාත්‍යවරයා තම චෙම්බරය හරහා තිළිණි ප්‍රියමාලිට නිදහස් වීම සඳහා නීති සහාය ලබාදීමත් එය හෙළිකරන ලද මාධ්‍යවේදියාට දඬුවම් පැමිණ වීමට කටයුතු කරමින් සිටීමත් හොළා දකින බව පරණවිතාන සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.
ඒ අනුව විජේදාස රාජපක්ෂ විසින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවුණ බව පවසා 'ද මෝර්නිං' පුවත්පතට හා මාධ්‍යවේදියාට දඬුවම් පමුණුවන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීම පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන සඳහන් කොට තිබුණේ මෙලෙසය.
"පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ. නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස ව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇති බලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බවය. මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේම මෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්රජාතන්ත්ර විරෝධී යෝජනාවට අප එක හඬින් එරෙහි විය යුතුය."
චුට්ටිත්තක් හොඳ නිසා : සජිත් 22 ට ජන්දය දීලා !
සමගි ජනබලවේගය පක්ෂය 22 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජන්දය ලබාදුන්නේ එය 20 ට වඩා චුට්ටිත්තක් හොඳ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින්ය.
එහිදී ඔහු මෙසේ පැවසීය.
"සමගි ජන බලවේගයෙන් යනවාලු ආණ්ඩුවට. මම එකක් කියන්න කැමතියි කවුරුත්නම් යන්න නැහැ. හැබැයි ගියොත් ඉතින් එයාලගේ දේශපාලන මරණසහතිය තමයි ඒ අය අත්සන් කර ගන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කව්ද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ. කව්ද සටකපට දේශපාලනයේ නිරත වෙලා සිටින්නේ. කව්ද ජනතාව බිල්ලට තියෙලා ජනතාවගේ කරපිටින් ඡන්ද ගත්ත අය වරදාන වරප්ප්‍රසාද ප්රතිලාභ ලබාගන්නට ආණ්ඩුවලට එකතුවෙන්නේ කියලා හොඳින් බලාගෙන ඉන්නවා. දැන් අපි බලන්න විපක්ෂයේ ඉඳගෙන හොඳයි කියලා හිතුනු දේකට අපි උදව් කරනවා. ඒක අංග සම්පූර්ණ විසඳුම නෙමෙයි. අපි 22 ඡන්දය දුන්නේ ඇයි 20ට වැඩිය ඩින්ගිත්තක් හොඳ නිසා.. චුට්ටිත්තක් හොඳ නිසා. එහෙම නැතිව 22 නෙමෙයි රටේ දේශපාලන ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම. ඒක අරික්කාලේ විසඳුමක්."
නවක වදයට එරෙහිව දැඩි තීන්දු ගන්න ඕන - ඇමති නිමල්
නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සිදුකරන පීඩාකාරි නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාල අචාර්යයවරුන් ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය තත්ත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්ය.
එහිදී ඔහු වැඩිදුරත් මෙසේද පැවසීය.
"විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ සමහරු නවක වධය නිසා. මම 1960 ඉදන්ම නවක වධයට එරෙහිව සටන් කළා. අපේ රජය තුළ පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. මේ දරුවන් අධෛර්මයත් කරන නවක වධය කියන්නේ මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටික අල්ලලා අපි මානසික රෝහලකට යවන්න ඕනේ. ඒ වගේම නවක වධය ගැන මීට වඩා දැඩි පියවර ගන්න ඕනේ. මම සතුටු වෙනවා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට ඇවිත් මේ ගැන කතා කරනවා. ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් බයයි. දේශපාලනඥයිනුත් බයයි."
ද්විත්ව පුරවැසිභාවය : මැතිවරණ කොමිසමත් කතා කරයි !
අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් නොමැත.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බවය.
එම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව ද කොමිසම පවසයි.
මැතිවරණයක් අවස්ථාවේ නාම යෝජනා භාරගැනීමේ දි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
මිරිස් වගාවක් මුවාවෙන් : මහා පරිමාණ වැලි ජාවාරමක් !
අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාපෙ nagar ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතී.
පසුගිය වසර පුරා සිදු වූ වැලි ජාවාරම නිසා මේ වන විට සාපි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු විශාල වළවල් හාරා වැලි ජාවාරම සිදු කර ගෙන ගිය ආකාරය දැකගැනීමට හැකි අතර රාජපක්ෂ ආණ්ඩුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව යන දෙකෙහිම උපකාර ඇතිව අද වන විටත් වැලි ජාවාරම සිදු කරගෙන යමින් පවතී.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මෙම වැලි ජාවාරම ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අතර සාපි නගර්හි හෙක්ටයාර විසිහතක් සඳහා මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත.
පරිසර හා ස්වභාදහම් අධ්‍යයන අධ්‍යන මධ්‍යස්ථානය විසින් 2021 වර්ෂයේ මේ බව අනාවරණය කළ ද හිටපු පාරිසරික ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කිසිදු නීති විරෝධී වැලි ජාවාරමක් සිදු නොවන බවත් මිරිස් වගාවක් උදෙසා අවසර ලබාදී ඇති ලබා දී ඇති බවත්ය. නමුත් මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන බව මහින්ද අමරවීර මහතා කියා සිටියත් එවැනි විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක් වත් එහි වාර්තාවක් වත් මේ වනතෙක් නොමැත. 2001 වර්ෂයේ සිට 2022 සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් google earth යොදා ගනිමින් සිතියමක් සකස් කළ අතර ඒ අනුව දැනට විශාල වශයෙන් වැලි ජාවාරම සිදු වූ ස්ථාන පහත ඡායාරූපයේ හා වගුව තුළ දැක ගැනීමට හැකිය.
සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැළිකැණම මෙවනවිට ආරමිභ කර ඇත .ඒ සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙ විට බලපත්‍ර නිති විරොධ ලෙස භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂක වරයාගේ අවශ්‍යතාවය මත නිකුත් කරතිබෙි.
එලෙස ස්භාවික ඩෙල්ටාවක මහා පරිමාණ වැලි කැණිමට අවසරදීම නිතිවිරොධි බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තීබු අතර ඒ සදහා තමන් පරික්ෂණයක් කරන බව මාධ්‍යයට පවසා තිබිණි.
නමුත් කිසිදු පරික්ෂණයකින් තොරව නිති විරොධි ලෙස නිකිත් කල IML/A/HO/N/15582 වැලි බලපත්‍රය භාවිතා කරමින් මෙි වන විට සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණිමි ආරහිභ කර ඇති අතර එ ප්‍රදේශයට කිසිවෙිකුට යාමටද ඉඩක් ලබාදෙන්නේ නැත.
භූ විද්‍යා පතල් කාර්යංශයශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නමි ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කල යුතුය.
එසේ නොමැතිව මහා පරිමාන වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නිති විරෝධි ක්රීයාවලියකි. එලෙස නිති විරොධි වැළි ගොඩ දැමිමක් නැවැත්විම සදහා පරිසර ඇමතිවරයාට බලතල ඇතත් භු විද්‍යා හා පතල් කාර්යංශය එහි අධ්‍යක්ෂක වරයාගේ දේශපාලන උවමනාවන් මත මෙහෙයවමින් ඇත. සාෆි නගර් ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශ වාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.
එමෙන්ම විසල්මා කන්සට්‍රකෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවෙිදී භාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇත.
නමුත් එම වැළි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නමි ඒ සදහා නිසි ලෙස අධ්‍යනයක් කල යතුය. ගමිමුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලස්ටික් බටයක් යටට යවා තිබෙින ප්‍රමාණය මැන ගැනීමෙිනි.
භු විද්‍යා හා පතල් කාර්්‍යංශය මෙම වැලි බලපත්‍ර නිකුත් කිරිමට පෙරද වැලි නිදියේ ඝනත්වය මැන ඇත්තේ මෙි ආකාරයටය.
මෙි වැනි මැනිමි කර ලයිසන් දිමට භූ විද්‍යා පතල් කාර්ංෂ්‍යක් අවශ්යා වන්නේ නැත. වැලි කැනිමි වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනමි පමණක් ඒ සදහා අවසර දිම විද්‍යාත්මක ක්‍රමය වෙි.
නමුත් මෙහිදි දේශපාලක බලපැමි මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැණිමි මෙි වනවිට සිදුකරමින් ඇත. 2021/57/LS අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රි කුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සමිබන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහ වැලි ගගේ ඉවුරට විශාලි හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වි ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත.
එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති බවත් සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.
මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිය
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.
ජාතික සම්බන්ධිකාරක,
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
ලිට්රෝ ගෑස් : භාණ්ඩාගාරයේ ණයත් ගෙවලා මිලත් අඩු කරයි !
ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ලිට්රෝ සමාගම පසුගිය සැප්තැම්බර් මස රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සමාගම රුපියල් කෝටි 1,400 ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියි.
සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රුපියල් කෝටි 2600 ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවය.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ලිට්රෝ ගෑස් මිල නොවැම්බර් මාසයේදී ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බවය.
ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5 වැනිදා බව පවසා ඇති ඔහු එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන් කර ඇත.
ඩයනා ලංකාවට ඩිස්නිලන්තයක් ගේන්න යයි !
දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඩිස්නිලන්ඩ් නිලධාරීන් කණ්ඩායමක් සමඟ ලබන මාසයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොටදී විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේදී ඩිස්නිලන්තයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී ඇත.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් විවෘත කිරීම සඳහා ඩිස්නිලන්තයේ නිලධාරීන් තමන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
වෝල්ට් ඩිස්නිගේ ආරාධනයකට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 18 ක ආයෝජනය සඳහා සැලසුම් සාකච්ඡා කිරීමට ඩයනා ගමගේ අමාත්‍යවරිය ළඟදීම එක්සත් ජනපදයට යෑමට නියමිත බවද වාර්තාවේ.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට හසුව සිටින ශ්‍රී ලංකාව, හම්බන්තොට ඩිස්නිලන්තය සැබවින්ම විවෘත කළහොත් එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්රබෝධයක් ලැබෙනු ඇත.
-දිනමිණ
ප්රහාරකයන්ටත් ජනාධිපති සමාව දෙන්න : CBK එකඟවෙලා !
එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව ලැබීමට නියමිත රැඳවියන් අට දෙනා අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධවූ දෙදෙනෙකුද සිටින බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ , මෙම රැඳවියන් දෙදෙනාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ජනාධිපතිනිය එකහෙළාම එය අනුමත කර ඇති බවය.
මේ ආකාරයට එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 8 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට නියමිත බව පසුගියදා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක සඳහන් කර තිබිණ.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. රැඳවියන් හතර දෙනකු සහ තවත් එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනකු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත බවත් එහිදී ඔහු පැවසීය .
එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනෙක් පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එම උපදෙස් හා නියෝග අනුව ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .
කැසිනෝ බදු ඉහළට.......
ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
කැසිනෝ ශාලාවක් සඳහා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා සියයට 150කින් ඉහළ නංවා ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
ඊට අමතරව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම නව සංශෝධන මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද සියඹලාපිටිය කීවේය.
වෙනත් ඔට්ටු හා සූදු සඳහා වන බදු ද වැඩි කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම, පිරිවැටුම මත අය කෙරෙන සියයට 10ක බද්ද අවම වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීම, ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් ලක්ෂ 40 සිට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක් දක්වා වැඩි කිරීම, සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම ආදී සංශෝධන මේ යටතේ ගෙනඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
'ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ' - සුමන්තිරන්
''පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න'' යැයි
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැසීය. හෙතෙම මෙම අදහස් පළ කළේ 22 වැනි සංශෝධන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේ ද කීය.
''පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් බොහෝ ප්‍රමාණයක් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය ලබාදුන් පිරිසක්. එම පිරිසම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීද සිය ඡන්දය භාවිත කළා. ඒ අයම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළා. ඒ වගේම ඔවුන් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයටද ඡන්දය භාවිත කළා. ඒ අයම විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයටත් සහාය පළ කරනවා.
ඒ අය හරියට ඔරලෝසුවේ බට්ට වගේ එහාට මෙහාට වැනෙනවා. ඒගොල්ල එක්ක තැනක ඉඳන් තව තැනකට වැනෙනවා. 17, 18, 19, 20, 21 යන ව්‍යවස්ථා සංශෝධන හැම එකේදීම ඔයාලා කිව්වේ ඔයාලා වැරැද්දක් කළා. ඒ වැරැද්ද හදාගන්න ඕනේ කියලා මේක මොන විදිහේ පාර්ලිමේන්තුවක්ද? පුදුම වෙන්න දෙයක් නෑ මේ ගැන.
“අද මේ විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වෙන්නේ මේ රටේ ජනතාව නිසා ඔවුන්ට අවශ්‍ය වුණ ක්රමයේ වෙනසක්, ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ පවතින ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීමට. 17 වැනි සංශෝධන හින්දා සිද්ධ වුණේ පැලැස්තර ඇලවීමක්. ඒත් මේ පනත ව්‍යවස්ථාව ගැන හිතන්නෙවත් නෑ. එය සම්මත වුවත් සියලු බලතල එය සතුයි. මේක ඇත්තටම වංචාවක්. 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය මාස හයකින් අහෝසි කළ යුතු බව කිව්වත් තවමත් ඒ මාස 6 ඇවිත් නෑ.”
“හැම ජනාධිපතිවරණයකදීම එයට තරග කරන අපේක්ෂකයන් ජනතාව හමුවේ කියන්නේ මම විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා. මෙය පළමු පියවර බව පවසමින් ඔවුන් ජනතාව මුළාවේ දමනවා. මෙම පනත මඟින් විධායක ජනාධිපති ධුරයෙ බලතල කිසිවක් ඉවත් කරගෙන නෑ. මේ පනත සම්මත කර ගැනීමෙන් විධායක බලතල කප්පාදු කරනවා කියලා කියන එක ලොකු බොරුවක්.”
“ශ්‍රේෂ්ඨාධිකරණයත් හරියට පැද්දෙන ඔංචිල්ලාවක් වගේ. 19 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඔවුන් විවිධ වෙනස්කම්වලට අවසර දී ඇති අතර මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කිව්වා. ඒත් දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. පාර්ලිමේන්තුව පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය ද පැද්දෙන ඔංචිල්ලාවක් වගේ තමන්ගේ මතය වෙනස් කරනවා. එයාලටත් ගෙදර යන්න කියන්න. ඔවුන්ට කියවා තේරුම් ගන්න බෑ. 19 වැනි සංශෝධනයේ ස්වකීය අධිෂ්ඨානයක් තියෙනවා.''
රටේ සැබෑවටම තියෙන තත්ත්වය නෙවෙයි ඔවුන් පෙන්වන්නේ. එය සැබැවින්ම හානිදායක විය හැකියි. මොකද මිනිසුන්ට මේ පිළිබඳව තියෙන විශ්වාසය නැතිවෙලා. ඔවුන් දැන ගත්තොත් පාර්ලිමේන්තුවත් අප නොමඟ යැව්වා කියලා. ඔවුන් ඉල්ලා සිටින සමාජ ප්‍රතිසංස්කරණයන් සිදු නොවන බව ඔවුන්ට හැඟී ගියොත් ඔවුන් අන්තිමට පාරට බහින එක නියතයි.”
(mawbima.lk)
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම : වාර්තාව කාංචන අතට !
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමා අතට ලැබුණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්වන්නේ අගෝස්තු මස 5වන දාය.
එම කමිටුවට සාමාජිකයන් 08 දෙනෙකු ඇතුලත් විය.
පසුගිය මාස කීපය පුරා වරින්වර රැස්වී ඔවුන් තම වාර්තා සැකසීමේ කටයුතුවල නිරතවූ අතර සැප්තැම්බර් මස 8 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගේ අදහස් ද ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි .
ඇපල් ,මසන් සහ 22 !
කියුබාවෙ ජනතාව අතර මාලු කන එක එතරම් ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. මස්වල මික වැඩිවීම නිසා ප්‍ර්‍රෝටීන් අවශ්‍යතාව වෙනුවෙන් මාලුකන එක ජනප්‍රිය කරන්න ඕනෙ උනා. පිදෙල් කලේ , මාලු පිගානක් අරන් එයා ඒක කාල දැන්වීමක් කලා
"දැන් අපි මාලු කනව" කියල
ඇපල් මසං පෙට්ටිය අතට අරන් රනිල් කිව්වෙ මේ පෙට්ටිය නෙමේ ඇතුල පේන පෙට්ටියක් හදන්න කියල, එතකොට පෙට්ටියෙ ගහල තිබින අකුරු ටික නොපෙනෙන්නෙ නෑනෙ..
ඒත් රනිල්ට ඕනෙ උනේ ඒ මනුස්සයගෙ product එක brand කරන හැටි කියන්න. දැන්වීම්කරුවෙක් විදිහට මම එතන හිටියනම් කියන්නෙ ඇපල් මසං කියල ගහන්න එපා srilankan green apple කියල ගහන්න කියල.
මොනව උනත් රනිල් 22 ගෙනෙයිද
රනිල්ට 22 ගේන්න පුලුවන්ද පොහොට්ටුව 22 පරද්දයිද වගේ දේවල් කතාරපු ජෙප්පොයි,සබයියොයි ඇපල් මසං ගැන කතා කරල ඒක නොමිලෙම brand කරල දුන්න.
ඒක මරු..
වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි
රසබර වීඩියෝ : තිළිණිගේ දුරකථනයේ !
තිළිණි ප්‍රියමාලි මේ වනවිට ද රටේ ලොකුම මාතෘකාව වී තිබේ. පාර්ලිමේන්තුවේ ද පක්ෂ විපක්ෂවලින් තොරව දැන් කොහෙන් හෝ තිළිණිගේ නම ඇදී එන තරමට ඇය රටටම ප්රශ්නයකි. මේ වනවිට පැමිණිලි 11ක් තිළිණිට විරුද්ධව ලැබී තිබුණද ඇය ගනුදෙනු කළ පිරිස ඊට වඩා ඉහළය.
එහෙත් පුදුමය නම් තවමත් කිසිවකු ඊට ඉදිරිපත් නොවීමය. ඇතැම් පුද්ගලයන් පැමිණිලි දැමීමට පැමිණෙන බව කීවද ඔවුහු පැමිණ නොසිටියහ. ඒ ලජ්ජාවටද එසේ නොමැති නම් මේවා කළු සල්ලි විය හැකි බැවින් තමන් මුදල් විශුද්ධිකරණයට අසුවෙයිද යන සැකයෙන් ද විය හැක. ඒ නිසා බොහෝ අය අද වනවිට සිටින්නේ ඇටිකෙහෙල් කෑ උන් ලෙසය.
තිළිණි ප්‍රියමාලිගේ කතාවේ හොඳම හරිය එළඹෙන්නේ පසුගිය අධිකරණ දිනයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ ඇය මුදල් ලබාගත් පුද්ගලයන් අතර දේශපාලඥයන්, නළු නිළියන් මෙන්ම ව්‍යාපාරිකයන් ද සිටින බවය. එහෙත් ඒ අය තවම පැමිණිලි ඉදිරිපත් කිරීමට නොපැමිණි බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබුණි. කෙසේ වෙතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ ඉහත කී කාරණා පමණක් නොව නම් ගම් හෙළිවූ පසුව රෙදි ඇඳගෙන සමාජයට මුහුණ දීමට හැකියාවක් නොමැති නිසා ද විය හැක.
පසුගියදා අධිකරණය හමුවේ රහස් පොලිස් නිලධාරීන් කරුණු වාර්තා කරමින් පවසා සිටියේ ඇයට විරුද්ධව ලැබුණු පළමු පැමිණිල්ල මිලියන 226ක් වංචා කිරීම සම්බන්ධව බවය. ඒ අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු හතරක් මත ඇයව රුගෙන ගොස් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල, චැතැම් වීදීයේ ස්ථානයක්, කිරුළපන ප්‍රදේශයේ ස්ථානයක් සහ වත්තල ප්‍රදේශයේ ස්ථානයක් ලෙස ස්ථාන 4ක් පරීක්ෂා කළ බවය. ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ ඇයට අයත් කාර්යාලය පරීක්ෂා කළ අවස්ථාවේ පරිගණක පහක් රහස් පොලීසිය භාරයට ගත් බවත් ඒ සියල්ලෙහිම දත්ත ගබඩා ඉවත් කර තිබූ බවත් රහස් පොලීසිය මෙහිදී කරුණු වාර්තා කළේය. පරිගණකයේ සියලු තොරතුරු ඇතුළත් හාර්ඩ් ඩිස්ක් එක ඉවත් කිරීම කෙතරම් සාක්ෂි සැඟවීමක්ද යන්න ඉදිරියේදී තිළිණිට නීතියෙන් කියා දෙනු ඇත.
හොඳම කොටස කියැවුණේ ඉන් පසුවය. එනම් ඇය විසින් තිකෝ ජෙම්ස්, තිකෝ කන්ට්‍රක්ෂන් සහ තිකෝ ෆිල්ම් යන ආයතන සමූහය පවත්වාගෙන ගිය ද ඒ සඳහා ආයෝජනය කිරීමට ඇයට ආදයම් මාර්ගයක් නොතිබුණු බව මෙහිදී රහස් පොලීසිය හෙළිදරව් කළේය. එලෙස ආදායම් මාර්ගයක් නොමැති වුවද ඇය මාසිකව සිය සේවකයන්ගේ වැටුප් සහ බිල්පත් සඳහා රුපියල් ලක්ෂ 41 වැය කොට තිබූ බවද මෙහිදී හෙළිදරව් කෙරිණි. එපමණක් නොව ලක්ෂ 350ක් වියදම් කර ඇය චිත්‍රපට මුහුරත් උළෙලක් පවත්වා ඇති බවත් සඳහන් විය. එසේම ප්‍රසංග සඳහා ලක්ෂ 55ක මුදලක් යොදවා ඇති බවත් ඒ සියල්ලටම වංචා කළ මුදල් වැය කර තිබූ බවත් මෙහිදී රහස් පොලීසිය කරුණු වාර්තා කළේය. කිසිදු ආදායමක් නොමැතිව මේ ආකාරයෙන් ලබාගත් මුදල් වියදම් කිරීමට ඇය බිය නොවුණේ ඇයිද යන්න ප්රශ්නයකි. ආදායමක් නොලැබෙන වැඩ කටයුතුවලට ඇය මෙලෙස කෝටි ගණන් යට කිරීමම ප්රශ්නයකි.
එමෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම දේශපාලනඥයන් ද මේ සඳහා මුදල් යොදවා ඇති බවට ඇය සමඟ සිදුකෙරුණු කෙටි පණිවිඩ හා වොයිස් මැසේජ් හරහා මේ වනවිට අනාවරණය වී තිබේ. එහෙත් කිසිවකු ඒ ගැන තවම පැමිණිලි කර නොමැත. එහි ප්‍රශ්නයක් ද නැත. එහෙත් එම දත්ත තොරතුරු ඔස්සේ විමර්ශනයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතුව තිබේ. මෙලෙස මුදල් ආයෝජනය සඳහා ඔවුන්ට මුදල් ලැබුණේ කෙසේදැයි අනාවරණය කරගත යුතුය. මෙවැනි සිදුවීමක් ඉන්දියාවේ සිදුවූවා නම් සැඟවී සිටින සියලු දෙනා අද සිටින්නේ පොලීසියේය. මෙම සිදුවීම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම තවමත් මන්දගාමී බව කීමට හොඳම උදාහරණයක් බව කිව යුතුය.
නීතිය මන්දගාමී වීම නිසා තවමත් තිළිණි සිටින්නේ කෙසේ හෝ හිඩැසකින් රිංගා පැනගැනීමේ අරමුණිනි. ඊට හොඳම උදාහරණය නම් ඇය බන්ධනාගාරගතව සිටින විට අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුනය. තිළිණි එම දුරකථන ඔස්සේ තම සේවකයකු අමතා දුරකථන අංක කිහිපයක් ඉල්ලාගෙන තිබූ බවත් අවස්ථා 11 කදී ඇමතුම් 22ක් ගෙන තිබූ බවත් එම පරීක්ෂණයේදී හෙළිවිය. පුදුමය නම් ඇය එම අවස්ථාවේද අමතා එක් පුද්ගලයකුගෙන් විමසා ඇත්තේ ඇයට ඇප ගැනීම සඳහා ලක්ෂ 300ක් ලබාදෙන ලෙසය. ලක්ෂ ගණනින් මිස තනි අංකයේ ගනුදෙනු තිළිණිට තිබුණේම නැත. ඒ තරමට ඇගේ ගනුදෙනු මහා පරිමාණයේ ඒවාය. රහස් පොලීසිය සඳහන් කරන ආකාරයට තිළිණිගේ ගිණුමේ මේ වසරේ ජනවාරියේ සිට ජූනි මාසය දක්වා තැන්පත් වී තිබූ මුදල මිලියන 3000 කි. එහෙත් එම මුදල් මේ වනවිට එම ගිණුමෙන් අතුරුදන් වී ඇති බවත් ඒ මුදල්වලට සිදුවුයේ කුමක්ද යන්න තවම හෙළිවී නැති බවත් රහස් පොලීසිය අධිකරණයට වාර්තා කළේය.
මේ අතර අගතියට පත් පැමිණිලිකරුවකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් දැනට ප්‍රශ්නගතව ඇති සිදුවීමක් ප්‍රශ්නයට නැගීය. ඒ ජානකී සිරිවර්ධන නැමති කාන්තාව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමිනි. ජානකී සිරිවර්ධන යනු සුප්‍රසිද්ධ ක්‍රිස් ගනුදෙනුවේ විත්තිකාරයෙකි. ඇයට මෙම සිදුවීමට චෝදනා කරන්නේ ඇතැම් පැමිණිලිකරුවන්ය. ඒ ඇය ද මෙම සිදුවීමේ සිටින බවට පවසමිනි. කෙසේ වෙතත් ඇය අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ද මේ වනවිට සමාජයේ කතිකාවක් පවතී. ඒ සඳහා පොලීසියට බලපෑම් කළ බවට ද කටකතා පැතිර තිබිණි.
දැනට ලැබී ඇති තොරතුරු සහ විමර්ශනවලට අනුව තිළිණිගේ ජංගම දුරකථනයේ තිබී ඇය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයගේ ඡායාරෑප සහ වීඩියෝ පට ද හමුවී තිබේ. ඒ අතර පොලිස් ලොක්කන් කිහිප දෙනකු ද සිටින බව සඳහන්ය.
කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිගේ කතාව මෙලෙස නවතින්නේ නැත. සක්විති, දඬුවම් මුදලාලි, කොතලාවල ලැයිස්තුවේ ඊළඟට එන එකම චරිතය වන්නේ ප්‍රියමාලිය. පුදුමය නම් තිළිණි වැනි ගැහැනියක සමීපයේ මෙතරම් මුදල් ආයෝජනය කිරීමේ රහසය. ඒ ප්රශ්නය අපට පමණක් නොවේ. තිළිණිගේ නීතිඥයන් පවා අධිකරණයේදී ඒ ගැන විමසා තිබුණි. එනම් මෙතරම් මුදල් තිළිණි සමීපයේ ආයෝජනය කළ අයට එලෙස මුදල් ආවේ කෙසේද යන්න විමර්ශනය කළ යුතු බවය. දැන් අප පමණක් නොව තිළිණිගේ නීතිඥයෝ ද කණපිට හැරී සිටිති. ඒ අනුව මුදල් ගත්ත මිනිහා නොව මුදල් දුන්න මිනිහා වරදකරුවකු වෙන දවස වැඩි ඈතක නොවේ.
I ගයාන් ගාල්ලගේ
ජනාධිපති රනිල් රාජකීය හමුවකදී : විශ්වවිද්‍යාල ගැන කතා කරලා !
අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක ප්රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සිසුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙනු ලැබීය.
මෙහිදී ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ අතර සිසුහු ජනාධිපතිතුමා දැනුවත් කර සිටියේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.
එය පිළිගත් ජනාධිපතිවරයා සදහන් කළේ ඒ පිළිබඳ වන විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයට වඩා දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ඇති වටිනාකම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත්, කුරුණෑගල සහ මඩකලපුව ඇතුළු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනම මණ්ඩපයක් බවට පත් කිරීමටත්, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල ( NSBM) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීමට ඇති අවස්ථාව පිළිබඳ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳව මෙහිදී සිසුන්ගෙන් විමසු ජනාධිපතිවරයා සඳහන් කළේ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආදී කොළඹ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වූ නමුත් නවක වදය ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවක සිටින අයුරු පෙනී යන බවයි.
එම පාසල්වලට, නවක වදය වැළැක්වීම සම්බන්ධයෙන් යුතුකමක් ඇති බවත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට පාසල් කාලයේ සිටම යම් වගකීම් සහගත කාර්යයක් ඉටුකළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර බවත්, නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව අවධාරණය කළේය.
රාජකීය විද්‍යාලයේ දියුණුව සහ විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය ඉටුකරන කාර්යභාරය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
21 නිසා ස්වාධීන කොමිෂන් සභා අහෝසියි !
දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි .
ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් සති දෙක දෙකක කාලයකදී පත් කරගැනීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ජාතික විගණන කොමිසම රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග යළි බලගැන්වෙන ආයතන වේ.
හිත හදාගන්න : තිළිණිට දුන්න කළු සල්ලි වතුරේ !
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවය.
තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති බවත් මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබු නමුත් මේ වන විට එම ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත .
තිළිණි ප්‍රියමාලි ට මෙරට දේශපාලනඥයන් පිරිසක් , මෙන්ම මාධ්‍ය නාලිකා හිමිකරුවන් සහ තවත් ප්‍රසිද්ධ පාර්ශ්ව රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කර තිබු
බැසිල්ගේ බලය ඉවරයි : JC කියයි !
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තවදුරටත් යමක් කළ නොහැකි බව විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී හොඳින් පැහැදිලි වුණු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පැවසීය.
බැසිල් රාජපක්ෂගේ කීමට පිටින් ගොස් මන්ත්‍රීවරුන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා අද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නැති බවද සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹදී අද (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජනතාවට අද ජීවත්වීමට නොහැකි අන්ත දරිද්‍ර වාතාවරණයක් රටේ ගොඩ නැගී ඇති බවත් දරුවන්ට කන්න දීමට සියලු දේ උකස්කර තවදුරටත් උකස් කිරීමට ඔවුනට දෙයක් ඉතිරිව නොමැතිව හූල්ලමින් සිටින බවය.
කෙසේ වුවත් මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් මේ වන විට පාසල් දරුවන් ප්රමුඛ රටේම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් නොදැක්වීමට ප්‍රවේසම් විය.
Page 239 of 440