Language Switcher

Ad

Ad 01

V2025

සියළුම පාසල්වල ව්‍යවසායකත්ව කව පිහිටුවීමට චක්‍රලේඛයක් !

රටේ ආර්ථික වර්ධනයට දායකවන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුළින්ම ඇති කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල ව්‍යවසායකත්ව කව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම අද (22) " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවේදී සිදු කරන ලදී.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයේ දාපසුගිය 2023 වසරේ ජුනි මාසයේදී පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වන විට පාසල් 400 ක සිසු දරුවන් 16 000 ක පිරිසක් මෙම පාසල් ව්‍යවසායකත්ව කවවල ක්‍රියාකාරීව කටයුතු කරයි.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  සඳහන් කළේ ,

ලංකාවේ අධ්‍යාපනය තවමත් දැනුම මත පමණක් පදනම්ව තිබීම විශාල ගැටලුවක් වන බවත්, මේ තත්ත්වය වෙනස් කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම නවීකරණය විය යුතු බවයි. එමෙන්ම රටක කර්මාන්ත සංවර්ධනයට පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදුකළ යුතු අතර එය පාසල් වලින් පටන් ගෙන විශ්ව විද්‍යාල කරා ගමන් කළ යුතු බවවත් විශ්ව විද්‍යාල වල සිදුකෙන්න පර්යේෂණ නිෂ්පාදන බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගත ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර  අදහස් දක්වමින් සඳහන් කළේ,

ලංකාවේ ශ්‍රම බලකායෙන් 2.8% ක් වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට 10% ක් දක්වා ගෙන ඒමට ආ කර්මාන්ත අමාත්‍යංශය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී 2.8%  ක් ලෙස පැවති ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2024 වසර වන විට 3.2% ක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් බවයි. එමෙන්ම මේ තත්වය ඉදිරියට ගෙනයාමට ව්‍යවසායක සංවර්ධනය මේ වන විට පාසල් විෂය ධාරාවන්ට ඇතුළත් කර තිබෙන බවත් ලංකාවේ ඇති වෘත්තිය නිපුණතා ආයතන 12 හරහා කර්මාන්ත වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ලංකාවේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වර්ධනය වූ විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වන බවද තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවට සමගාමීව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණතා සහිත වෘත්තිකයින් බිහිකිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ අවබෝධතා ගිවිසුමට එළබීමද සිදුකරන ලදී.

" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හතරවන දිනයේ  සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා , වයඔ පලාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් W.A.P.K නිශාන්ත, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.