Language Switcher

Ad

Ad 01

V2025

මිහින්තලේ හිමිගේ චෝදනාව සාවද්‍යයි : චන්ද්‍රිකාගේ කාර්‍යාලයෙන් නිවේදනයක් !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමි කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය කතාවක් බව හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ අනවශ්‍ය බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අනෙක් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ මට්ටමට චන්ද්‍රිකා මහත්මිය ද දමා අසත්‍ය සහ අභූත චෝදනා නැගීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ කාර්‍යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

image 998c227365

image 4718a3844b