Language Switcher

Ad

Ad 01

V2025

ෆොනීට පොහොට්ටු සැලුන් දොර විවෘතයි : නාමල් කියයි !

වසර 45ක් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ප්‍රතිවාදියා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට විවෘත කළ සැලූන් දොර එකට සටන් කළ සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ද විවෘත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විධායක ජනාධිපති ධූරය සංශෝධනය කළ යුත්තේ ජනාධිපතිවරණය කල්දැමීම වෙනුවෙන් නම් තම පක්ෂය ඊට එකඟ නොවන බවත් එවැන්නක් සිදුවිය යුතුව ඇත්තේ ජන්ද ක්‍රමයද සංශෝධනය වන ආකාරයට බවත් මන්ත්‍රීවරයා පැවසීය .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර දැනට සියලු දෙනා දැනුවත් ආකාරයට නියමිත ලෙස ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවද සඳහන් කළේය .