අංක 08 සැහැල්ලූ ප්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (5) රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන එනු ලැබීය.
මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන වර්ථමානය වනවිට ගුවන් ආවේක්ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලැබේ.
එමෙන්ම මෙම ගුවන්යානාවලට දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට ද පියාසර කිරීමේ හැකියාව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ වයි - 12 වර්ගයේ මෙම මගි ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය චිනයේ සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට රැගෙන එනු ලැබීය.
චීනයේ සිට පැමිණි එම ගුවන් යානා පිළිගැනිමේ අවස්ථාව සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්ග්හොන්ග් ඇතුළු ගුවන් හමුදා නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.