ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙයි.
එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ලෙස සටහන්ව තිබෙයි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කළේ, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ය.
අද (නොවැ. 14) දහවල් 12:30ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මෙම භූ කම්පනය හටගත්ත ද ඉන් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය.