2024 අයවැය යෝජනාවලියේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධනයට අදාළව වැදගත් යෝජනා රැසක් ඇතුළත් කර ඇති අතර එයින් කිහිපයක් පහත දැක් වේ.
ඒ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබේ .
එසේම,
බදු වාර්තා සහ බදු නිලධාරීන් විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා විශේෂ දණ්ඩන ප්‍රතිපාදන හඳුන්වා දීමට නියමිතය.
බදු විගණනයක දී හෝ පරිපාලන සමාලෝචනයක දී බදු නිලධාරීන් විසින් ඉල්ලා සිටින නමුත් සාධාරණ කාලයක් තුළ ඉදිරිපත් නොකළ (මුලින්ම ඉල්ලා සිටි දින සිට ලංකාව තුළ පවතින සාක්ෂි නම් මාස 6 ක් සහ අනෙකුත් සාක්ෂි සඳහා මාස 9 ක් වශයෙන්) ලේඛනගත සාක්ෂි බදු අභියාචනා කොමිෂන් සභාවේ අභියාචනා විමසීමේ දී ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙනු ඇත. 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනතේ අදාළ වන ප්‍රතිපාදන ද මේ අනුව සංශෝධනය කෙරේ.
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථා වලදී අනිවාර්ය කර ඇත.
(අ) ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම
(ආ) ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්
(ඇ) මෝටර් රථයක් ලියා පදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්
(ඈ) ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියා පදිංචි කරන විටක. ගැනුම්කරු විසින්
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ඇත
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා බදු පරිපාලන ක්‍රමවේදයක්
(අ) පාරිභෝගිකයාට මිත්‍රශීලී සහ කාර්යක්ෂම නියාමන පරිසරයක් ඇති කිරීම සඳහා මාර්ගගත බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියක් හඳුන්වා දීම
(ආ) ව්‍යාජ හෝ වංචනිකව මුද්‍රණය කළ ස්ටිකර් ඇතුළු ගැටළු වලට පිළියම් ලෙස ආරක්ෂිත විශේෂාංග සහ ආරක්ෂිත විශේෂාංග කළමනාකරණ පද්ධතිය ඇගයුමට ලක් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
(ඇ) නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා කිහිපයක් ද මෙවර අය වැයෙහි ඇතුළත්ය.
1- දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන රා සහ සියලු ආකාරයේ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වල ගුණාත්මක භාවය පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ හඳුන්වාදීම
2- බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුම ට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම
3- විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නව මත්පැන් නිෂ්පාදන සඳහා වන ආයෝජන දිරිගැන්වීම
4- තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම.
5- සුරා බදු ආදායම් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සහ පලදායීතාවය ඉහළ නැංවීමට සහ නාස්තිය සහ දූෂණ අවදානම අවම කිරීමට, 2024 ඔක්තෝම්බර් මස අවසානය වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා වන ආදායම් පරිපාලන පද්ධතිය (RASED) හඳුන්වා දීම
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
1- නවීන මෘදුකාංග විසඳුමක් යොදා ගැනීම මගින් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ හැකියාවන් සංවර්ධනය කිරීමට නියමිතය.
2- වැරදි ලෙස ඉන්වොයිස් කිරීම වැලැක්වීමට ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ ASYCUDA පද්ධතිය වැඩි දියුණු කිරීම
3- රේගු දෙපාර්තමේන්තුවේ මූලික පරිපාලන කාර්යන්ට අදාළව ප්‍රධාන පරිසාධන දර්ශක (KPI)හඳුන්වාදීම