නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය අද (08) දිනය තුළ තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මාතර, අත්තුඩාවේ පිහිටි ගංවතුර ආරක්ෂණ ගල් බැම්මෙන් ජලය පිටාර ගැලීම මීට තවත් හේතුවක් වී ඇත.
මේ හේතුවෙන් ගඟ ආශ්රිත පහත්බිම් වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ, S. P. C. සුගිෂ්වර පැවසීය.
පවතින අවදානම් තත්ත්වය හමුවේ, ජලය පිටාර ගලන ගල්බැම්බ නැරඹීමට ඒ අශ්‍රිත ප්‍රදේශවලට ජනතාවට පැමිණීමෙන් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනු ලැබේ.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පුද්ගලයින් එක්ලක්ෂ පහලොස් දහසක පමණ පිරිසක් පීඩාවට පත්ව තිබේ.
ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, මාතර දිස්ත්‍රික්කයේ ය.
ගංවතුර හමුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,900 ක පුද්ගලයින් 6,940 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
කළුතර දිස්ත්‍රිකයේ පවුල් 1,062 පුද්ගලයින් 4,014 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පැවසීය.
මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,000කට අයත් පුද්ගලයින් 40,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
තවද, යක්කලමුල්ල, වෙළෙන්දාවත්ත ප්‍රදේශයේ කන්දක් නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 20ක පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවෙත යොමු කෙරුණි.
හපුතලේ, බෙරගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විහාරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි, පොලීසිය රියදුරන්ට දැනුම් දීමක් සිදුකරනු ලබයි.
මේ අතර පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 03 කට නිකුත් කළ නාය යෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ගාල්ල , මාතර හා කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ඒ අතරට ඇතුළත් වේ.
එමෙන්නම් බදුල්ල, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලටද, අදියර 1 සහ 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි පැය 48 තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.