කොල්ලුපිටිය ආර්. ඒ ද මෙල් මාවතේ දී ශ්‍රී ලංගම බස් රථයකට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිටකොටුවේ සිට දෙණියාව බලා ධාවනය වෙමින් තිබු බස් රථයකි.
අද (06) ට උදෑසන 6.00ට පමණ සිදු වූ අනතුර හේතුවෙන් මේ වන විටත් 05 දෙනෙකු මිය ගොස් සිටින අතර තවත් බොහෝ පිරිසක් අසාධ්‍ය තත්ත්වයකින් පසුවන බව ද වැඩිදුරටත් සදහන්වේ.
අදාල සිද්ධියෙන් පසු පුද්ගලයන් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බව ද වාර්තාවේ.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පවසා ඇත්තේ ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.