Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රීලනිප මහ ලේකම් අර්බුදය : සරත් වෙනුවට සාරතී පත්වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත පත්කර ඇති බව වාර්තා වෙයි.

එම පත්වීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (11) පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේ ය.

හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ සරත් ඒකනායක ව එම ධූරය සඳහා පත්කර තිබිණ .

නමුත් දයාසිරි ජයසේකර ගනුලැබූ අධිකරණ ක්‍රියාමාර්ගය හමුවේ සරත් ඒකනායක ට ශ්‍රීලනිප මහ ලේකම් ධූරය දැරීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කෙරිණ.