රෝහල් කිහිපයක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මෙම නිර්වින්දන බෙහෙත් ගැටලුව මතුව ඇත්තේ රෝහල් දෙකක පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එහිදී කියා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය .
“මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රයේදී සමහර අවස්ථාවල අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා. මම අධිකරණ අමාත්‍යවරයා සමඟත් ඒ ගැන කතා කළා. ඒක එක හේතුවක්. අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා. මොකද මම තීන්දු කරලා තිබෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම අපිට භාරගන්න වෙනවා. අද දවස තුළ මේ ගැන අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් සමඟ.”
රාජිත තැබූ ෆේස්බුක් සටහන !
මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , "දේශපාලනය සහ සෞඛ්‍ය' කියන්නේ, වෙනම විසඳාගතයුතු දෙකක්! " යන ශීර්ෂයෙන් යුතුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබූ අතර එය පහත දැක්වෙයි .
ජනාධිපතිවරයාට, පක්ෂයක් තිබුණත්..
ජනාධිපතිකමට,
පක්ෂයක් තිබෙන්නට බැහැ..
ඔහු ගන්නා තීරණ
රටේ (පක්ෂ/විපක්ෂ) සියලු ජනතාවට බලපානවා..
එලෙසින්ම,
සෞඛ්‍ය ඇමතිවරයෙකුට,
අසාර්ථකවන්නට හැකිවුවත්..
සෞඛ්‍ය ඇමතිකමට අසාර්ථකවීමට ඉඩක් නැහැ.
'සෞඛ්‍ය ඇමතිකම' අසාර්ථකවුවහොත්,
මුළු සෞඛ්‍ය ක්ෂේත්රයම
බිඳවැටෙනවා..
රෝගීන් තුල,
රෝහල් පද්ධතිය පිලිබඳ විශ්වාසය බිඳවැටෙනවා..
අවසානයේ, අකාලයේ
ඉතා කුඩා හේතුවලට පවා රෝගීන් මියයනවා..
එසේ මියයන්නේ,
තමන්ගේ නෑයෙකු/මිත්‍රයෙකු /හිතවතෙකු නොවන තාක්..
සංවේදී නොවෙනවා නම්,
ඒක මනුස්සකම නෙවෙයි..
වසර 50ක දේශපාලන ඉතිහාසය පුරාම,
මම විශ්වාසකරපු
එක් දෙයක් තමයි,
"සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික, විදේශ කටයුතු, වැනි ක්ෂේත්‍ර වලට නායකයන් පත්කළ යුත්තේ
දේශපාලන පක්ෂපාතීත්වය හෝ දේශපාලන පක්ෂය සලකා නෙවෙයි"..
එසේ සලකා
එම ක්ෂේත්රවලට නායකයන් පත්කිරීමේ විපාක,
අපි අත්දකිමින් සිටිනවා..
ඉතා කුඩා හේතූන් නිසා පවා,
දිනපතා අහිමිවන්නේ...
වටිනා ශ්‍රී ලාංකික ජීවිතයක්.
ඒ ජීවිතය හිමි තැනැත්තා,
දුප්පත් වුණත්/ පොහොසත් වුණත්, ඒ නැතිවෙන්නේ;
කාගේ හෝ අම්මේක්/තාත්තෙක්/ දුවෙක්/ පුතෙක්/ සහෝදරයෙක්/සහෝදරියක්/ මිතුරෙක්/ මිතුරියක්.
බුදුවදන නම්,
"තමන් උපමාකොට
අනුන්ට සලකන්න" කියායි.
මට සිතෙන්නේ..
සෑම නායකයෙකුටම,
මානුෂික නායකයෙකු වීම සඳහා
එම බුදුවදන පමණක් වුව ප්‍රමාණවත් යන්නයි!
හිටපු සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය රාජිත සේනාරත්න
මේ අතර පුවත් වෙබ් අඩවි කිහිපයක් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යළිත් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්කිරීමේ සූදානමක් ගැන තොරතුරු වාර්තා කර ඇත .