ආනයනික කිරිපිටි මිල සංශෝධනය වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා පවසන ආකාරයට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200.00 කින් අඩු කර ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බවය.
එසේම සීනි ආනයනකරුවන් සමඟ තමන් සාකච්ඡා කළ බවත් එහිදී ඇතිකරගත් එකඟතාව මත ඊට අනුව තවත් මාසයක පමණ කාලයක් ගතවන තුරු සීනි මිලෙහි වෙනසක් සිදුනොවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.