Language Switcher

Ad

Ad 01

V2025

බැසිල් ගෙදර ගිහින් !

සිය පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවගොස් ඇත.

ඒ අනුව අද (07) අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර පළමුව ඩුබායි වෙතත් අනතුරුව ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.

එම සංචාරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ ද එක්ව තිබේ.

පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ අදාළ සංචාරය නිමකර යළි මේ මාසය තුළ නැවත බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමට නියමිත බවය.