හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසයි.
හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බවත් ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.