Language Switcher

Ad

Ad 01

V2025

සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතියේ අගමැති අතට !

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතිය වනවිට පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලබාදෙන බව මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එම කොමිසමේ කාලය මාර්තු 31න් අවසන් වුවත් නිම නොවූ වැඩ කටයුතු හේතුවෙන් මෙලෙස අමතර දින කිහිපයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් මීට පෙර පළාත් පාලන ආයතනවල තනතුරු දැරූ 8000කට අධික සභික සංඛ්‍යාව නව සීමා නීර්ණය යටතේ 4800 දක්වා පහත හෙලා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.