රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(01) පැවසීය .
බදුල්ල වැලිගම හෝටලයේදි පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව මාධ්‍යවේදීන් අමතා ඔහු නව පක්ෂය පිළිබදව අනාවරණය කළේය .
බකොලොත් භාවයෙන් රටමුදාගැනීමට කුසලතාව මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍ය වි ඇති බවත් පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිති තැබැයි යුතු බවත් එහිදි ඔහු පැවසීය .