එක්ක ආණ්ඩුව හැදෙන අතර විපක්ෂ නායකත් එක්ක විපක්ෂය හැදෙනවා.
ඇත්තටම මේ දෙක දෙකක් වගේ පෙනුනට ආණ්ඩුකරණ ක්‍රියාවලියෙදී ආණ්ඩුව සහ විපක්ෂය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මේ දෙක එකිනෙකට සේවය කරමින් ඉස්සරහට යන්න ඕනි. එකිනෙකට සේවය කරනවා කියන්නේ ඩීල් දාන එක නෙවෙයි. ජනතා උවමනාවන් ඉෂ්ඨ කිරිම වෙනුවෙන් එකඟතාවයෙන් කටයුතු කිරීමයි. ඒ ජනතා සම්මුතිය ඇතුලේ තමයි එකඟවීම, විරැද්ධවීම, අඟැයිම හෝ විවේචනය රඳා පවතින්නේ.
හැබැයි මෙතනදී අපේ රටේ විපක්ෂය හිතන්නේ විපක්ෂයේ පරම පූජනීය වගකීම විරුද්ධ වීම විතරයි කියලා. අද තියන විපක්ෂය විතරක් නෙවෙයි අවුරුදු 75 ක් පුරාවට අපේ රටේ තිබුණ විපක්ෂ කටයුතු කළේ එහෙමයි. විරුද්ධවීමයි, විවේචනයයි විතරයි. එයාලා හිතනවා ආණ්ඩුව කරන හැම වැඩකටම විරුද්ධ වුනේ නැත්තං එයාලට ආයෙත් බලය ගන්න බැරි වෙයි කියලා. ඒක නිසා ඊළග ජන්දය එනකම්ම විපක්ෂය කරන්නේ විරුද්ධවීම සහ විවේචනය විතරයි.
විපක්ෂය තමන් වටේට ඉන්න බලවේගයත් ඒකට හුරු කරගෙන. ජවිපෙ කියන්නේ අනුර ඇවිත් රට හදනකං ඉන්න ඕනි කියලා. සජිත් ඇවිත් තමයි රට හදන්න ඕනි කියලයි සජබෙ කියන්නේ. ඉන් මෙහා කාටවත් කිසි වැඩක් කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ.
ඇත්තටම ඔය තක්කඩි දේශපාලන මතය තමයි ගොඩක් දේශපාලන නායකයන්ගේ සහ අනුගාමිකයන්ගේ ඔළුවල තියෙන්නේ. මේකට හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ අපේ රට වැටුණ තත්වය. දැන් කාටත් ඒක මතකත් නෑ.
රටේ රාළ කියන සම්පුර්ණ කතාව මෙතනින් බලන්න