ඉදිරි දින තුන තුළ ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ඒ සම්බන්ධව ගැටලුවක් මතු වී නොමැති බවයි.
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නැති බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද ඔහු පවසයි.