බදු කතා සේරම සද්ද යටකරගෙන, තිළිණි ප්‍රියමාලි ගැන ඕපාදුප කතා,, නැගලම යනවා හිටු කියලා .
එයාගේ කොම්පියුටර් එකේ හැංඟුණු ඒවා,, එළියට ඇදලා ? දැන් බලාගන්නකෝ වෙන දේ..”
- රටම කැළඹූ ප්‍රියමාලිගේ පැටිකිරිය මෙන්න! වංචාව දැනට කෝටි 1000ට කිට්ටුයි! මුල් ගම කලුතර! ඉගෙනගෙන තියෙන්නේ අටේ පංතියට විතරයි! කසාද 3ක් කරගෙන! පියා වඩු කාර්මිකයෙක්! ''
බලාගෙන යනකොට ඔන්න ඕවා තමයි, මාධ්‍ය ඔස්තාර්ලා හිතන, ජනතාවගේ දැවෙන ප්‍රශ්න ...
කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ , 34 වැනි තට්ටුවේ කාර්යාලයක් පවත්වාගෙන යන, තිළිණි ප්‍රියමාලි ගේ වංචාවලට අහුවෙලා කියලා , දැනට තහවුරු කරගෙන ඉන්න පිරිස විසින්, සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල, රුපියල් කෝටි 500 ඉක්මවන බව, සමහර මාධ්‍ය කියනවා ..
ඇයගේ වංචාවට හසු වී ඇති, මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ ද මුදල් එක්ක, ඇය සිදු කර ඇති සමස්ත මූල්‍ය වංචාව, රුපියල් කෝටි 1000කට ආසන්න වේවි කියලා , තවත් මාධ්‍ය කියනවා.
අවට ගියාට නෙමෙයි ඒවා කියන්නේ , රහස් පොලිසියත් කෝට් කරලා.
තිළිණි ප්‍රියමාලි, මෙරට ජනප්‍රිය නළු නිළියන් ගායකයන් ඇතුළු, ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන් , විශාල වශයෙන් මුදල් වියදම් කරල ලු.. ඇතැම් කලාකරුවන්ගේ උපන්දින සාද පවා,, ඇය ලෝක වෙෙළඳ මධ්‍යස්ථානයේ, 34 වෙනි මහලේදී සමරලා තියනවා ලු.. ඒ උත්සව වලට, මිලියන ගණනක මුදල් වැයකරලා ලු..
ඒ විතරක් නෙමෙයි , තරු පංතියේ හෝටල්වලත්, ඇය ඇතැම් කලාකරුවන් , දේශපාලකයන් , ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් , සාද සංවිධානය කරල තියනවා ලු..
ඔය කියන විදියට, තිලිනි , සමහර කලාකරුවෝ , දේශපාලකයෝ , ආරක්ෂක අංශ ලොක්කෝ එක්ක, ඔය උත්සව වලදී ගත්තු, ෆොටෝ, වීඩියෝ එයාගේ ගනුදෙනු ප්‍රවර්ධනය කරන ප්රචාරක කටයුතුවලට යොදා ගෙන.
ඒ විදියට දැනට හඳුනාගෙන ඉන්න නළු නිළියන් ඇතුළු කලාකරුවන්ව, හෙට අනිද්දා වෙනකොට රහස් පොලිසියට ගෙනත්, ප්‍රශ්න කරන්න ලු යන්නේ..
ඔය මොන කතා කිව්වත්, තිලිනිට විරුද්ධව , රහස් පොලිසියට මෙතෙක් ලැබිලා තියන , මුල් පැමිණිලි ගාන, 08 යි. ඒ පැමිණිලි වලට අනුව, ඇය විසින් වංචාකර ඇති මුදල, රුපියල් කෝටි 251යි..
ඇයට හසුවී රුපියල් කෝටි 75ක වංචාවකට ලක්වූ වෛද්‍යවරයෙක්, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වුනත්, ඔහු ඊයේ දිනයේත්, ඒ පැමිණිල්ල ඉදිරිපත්කර නැහැ කියලා , පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියනවා.
දේශපාලනයට සම්බන්ධ, ප්‍රසිද්ධ නළුවෙක්, ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින නිළියන් දෙදෙනෙක් වගේම , හිටපු ආණ්ඩුකාරවරයෙකුත්, මේ කාන්තාවගේ වංචාවට හසුවී ඇති බව අනාවරණය වූවත්, ඒ කිසි කෙනෙක් මෙතෙක් ඒ ගැන පැමිණිලි කරල නම් නෑ ...
මොනවා වුනත්, ඇය අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ , සමාජ මාධ්‍ය ජාල ඇතුලේ ,ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ අයගේ යැයි කියන, පුද්ගල ලැයිස්තුවක් හුවමාරු වුනා. .
ඒ පුද්ගල ලැයිස්තුවේ ඉන්න අය පෙරේදා ඉඳන්, රහස් පොලිසියට ගිහින් පැමිණිලි කරන්න පටන් අරන්.. මොකද , තමන් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කෙරුවේ නෑමයි කියලා. ඒ විදියට ඊයේ වෙනකොට රහස් පොලිසියට ලැබී තිබුණු පැමිණිලි ගණන 06 ක්..
ඒ කතා මොනවා වුනත්, තිළිණිගේ වංචාවලට අහුවෙලා කියල,, රහස් පොලිසිය විසින් හඳුනාගෙන ඉන්න පිරිස් ඇවිත්,, පැමිණිලි කලොත් , වංචාවේ ප්‍රමාණය, රුපියල් කෝටි 500 පනියි කියලා , රහස් පොලිසිය කියනවා.
ඔය විදියට මෙතෙක් හෙළි නොවූ විශාල පිරිසක්, මේ කාන්තාවගේ වංචාවට හසුවී ඇති අය අතර ඉන්න පුළුවන් කියල තමයි, රහස් පොලිසිය කියන්නේ..
ඒ අය ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කිරීමට මැලිකමක් දක්වනව ලු..
මොකද , ඒ අය ඇගේ ව්‍යාපාරවල ආයෝජනයට ලබාදී ඇති මුදල්, ඒ අය නීත්‍යනුකූලව උපයා ගත් හැටි හෙළි කරන්න, බැරි නිසා වෙන්න ඇති ලු..
"එයාල පැමිණිලි නොකර සිටීම නිසාම ඉදිරියේදී අමාරුවේ වැටෙන්න පුළුවන්. තිළිණි ප්‍රියමාලි එයාට මුදල් දුන්නු අයගේ විස්තර ඇතුලු බොහෝ දේවල්, එයාගේ ජංගම දුරකතනයෙයි, පරිගණකවලයි සටහන් තියාගෙන ඉඳල තියෙන බවයි අපිට දැනගන්න ලැබිල තියෙන්නේ.
ඇගේ ජංගම දුරකතන සහ පරිගණක, දැන් තියෙන්නේ අපේ ගාව. පරිගණ වෝහාරික පරීක්ෂණාගාරයට ඒවා යොමු කරල තියෙනවා. එම අංශයේ අය එම පරිගණකවල තියෙන සැඟවුණු දත්ත ඉදිරියේදී එළියට ගනීවි. එතකොට බලා ගන්න පුළුවන් ඇයට මුදල් දුන්නේ කවුද? මුදල් නොදුන්නේ කවුද? කියල. ඒ විතරක් නෙමෙයි, ඇගේ ව්‍යාපාර නම්වලින් සහ, ඇගේ පෞද්ගලික නම්වලින් ඇති , සියලු බැංකු ගිණුම් පවා, අපි මේ වන විට පරීක්ෂාවට ලක්කරමිනුයි ඉන්නේ. කාට කොහොම ඇය වියදම් කළාද කියල , අපිට එතකොට අනාවරණය කරගන්න පුළුවන් වේවි. පැමිණිලි නොදාපු අය එතකොට තමයි අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා තාමත් ඒ අය ප්‍රමාද නැහැ" කියලා කියන්නේ , පොලිසියේ ආරංචි මාර්ග කිව්වා.
- දේශපාලන වාර්තාකරු