ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
වැඩබලන කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, රමේෂ් පතිරණ අද (13) මේ බව සඳහන් කර ඇති අතර ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව මේ වන විටත් එම සමාගම ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශන ආයතන කිහිපයක සහය ලබාගෙන ඇති බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.